පරිගනක ජාලකරනයේදී බාවිතාවෙන එක එක කොටස් අතරින් වඩාත්ම වැදගත් කොටසක් තමයි router එක් කියන්නෙ. මෙකෙන් තමයි අන්තර්ජාල බාවිතය හා මූලික ජාලකරන තලමිතීන් වල සැකසුම් හදන්නේ. ඉතින් අපි බලමු router එකක සැකසුම් හදන්නේ කොහොමද කියලා . සමානයයෙන් router එකක සැකසුම් හදන විදි 2ක් තියනව.
1. router එකට අදාල CD එක බාවිතා කරලා
2. router එකට වෙබ් බේස් සම්බන්ද වෙලා
ඉතින් CD එක බාවිතා කරලා කරගන්න එක පහසුයි. අපි බලමු කොහොමද වෙබ් බේස් සම්බන්ද වෙලා router එකේ සැකසුම් හදන්නේ කියලා . ඉස්සරලාම අපි router එකට ලොග් වෙන්න ඕනේ. ඒ සදහා සම්මත නෙට්වර්ක් කේබල් එකක් ඕනේ. පරිගනකයක් ඕනේ.
මුලින්ම router එකේ ඊතනෙට් පෝට් එක හා පරිගනකයේ නෙට්වර්ක් පෝට් එක නෙට්වර්ක් කේබල් එක භාවිතයෙන් සම්බන්ද කරගන්න.
ඊලගට router එක ඔන් කරන්න. සමානයයෙන් router එකෙ වර්ගය අනුව බූට් ටයිම් එකවෙනස් වෙන්න පුලුවන් ඊලගට අපි router එකට ලොග් වෙන්න බලමු. මුලින්ම පරිගනකයේ Network Connection Settings වලදි IP Setting 192.168.1.2 ආකාරයට හදගන්න. Default Gateway කිසිවක් ඕනේ වෙන්නෙ නෑ
හරි, පරිගනකයේ මේ සැකසුම් හැදුවට පස්සෙ Internet Explorer විවෘත කරගන්න. ඊලගට පහත ආකාරයට IP එක ලබා දෙන්න.
http://192.168.1.1
192.168.1.1 කියන්නේ router එකෙ default IP address එක. ඒක අපිට router එක එන පෙට්ටියෙන් බලාගන්න පුලුවන්. http://myrouter.local කියලා ගැහුවත් අපිට් මේ වැඩේ කරගන්න පුලුවන්.
ඊලගට අපිට එනවා මුරපද හා පරිශීලක නාමය ලබාදෙන්න. මොනවද ඉතින් මේ පරිශීලක නාමය හා මුරපද?
ඉතින් Router එකක default password එක නම් "admin" . පරිශීලක නාමය ත් "admin" කියලා ලබාදුන්නත් කමක්නෑ නැත්නම් හිස්ව තිබ්බත් කමක්නෑ. අපිට මේ දෙකම් පස්සෙ වෙනස් කරගන්න් පුලුවන්. හරි මේ දෙක නිවැරදිව දීලා Ok කරන්න. ඊලගට අපිව අපේ router එකෙ Home Page එකට අරන් යනවා. මේ Home Page එක router එකෙන් router එකට පොඩි වෙන්සකම් වෙන්න් පුලුවන්. හැබැයි අන්තර්ගතයි නම් එකයි
හරි, අපි බලමු ඊලගට router එකක සැකසුම් හදන්නේ කොහොමද කියලා . router එකකින් අන්තර්ජාල පහසුකම් ලබාගන්න විදි 2ක් තියනවා.
ii. For Automatic Configuration – DHCP setting
මේ තේරීම කලාම අපෙන් අහනවා මුරපද හා පරිශීලක නාමය ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඔයාලා කැමති මුරපද ක් හා පරිශීලක නාමය ක් ලබාදෙන්න පුලුවන්. ඉදිරි සැකසුම් වලදි මේවා ඕනේ කරන හින්දා හොදට මතක තියගන්න
ඉන් පසු Save Settings වලින් සුරක්ශත කරන්න ඊලගට Status tab එකට යන්න.
Disconnected කියන එක ලග තියන Connect කියන එක් ක්ලික් කරන්න. ඉතින් Internet IP address එකක් ඔයාට් නැත්නම් මේ සැකසුම් හදලා router එක Restart කරන්න. එතකොට අදාල Internet IP address ලැබිලා තියෙයි. ඒ සකසුම් අපිට හදාගන්න පුලුවන් For Automatic Configuration – DHCP setting කියන මාර්ගයේ ගියොත්. හරි අපි බලමු එහෙම කරන්නෙ කොහොමද කියල.
Setup tab එකේ Internet Connection Type එක විදියට Automatic Configuration – DHCP කියන එක තෝරන්න.
ඊලගට අපිට් පුලුවන් IP Address වෙනුවට් රූපයේ පරිදි IP Address එකක් දාගන්න. මේ අංකයන්ම වෙන්න් ඕනේ නෑ. ඉන් පසු Save Settings වලින් සුරක්ශත කරන්න ඔන්න ඉතින් අපේ router එක අදාල මූලිකම සකසුම් හැදුවා. ඊලගට අපිට පුලුවන් අන්තර්ජල සම්බන්දතාවයක් ලබගන්න පහල රූපයේ ආකරයෙන්
1 comments:
මචං ඔයා මේ කරන දේ ගොඩක් වැදගත්.. හරිම වටිනවා.. ගොඩක් අය තමන් දන්න දේ කියලා දෙන්නේ නැහැ.. ඒත් ඔයාගෙ හොඳකමට කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව ඔයා ඒ දැනුම බෙදලා දෙනවා.. ඉස්සරහටත් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.. බුදු සරණයි..
පුළුවන් නම් අපිට මේවා PDF විදියට බාගන්න සලස්සන්න.. එතකොට අපිට ගෙදරදිත් බලන්න පුළුවන්!
ජය වේවා!
Post a Comment