සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 31 August 2012

Protect Your iPhone From Hackers

Copyrights Received…!

iPhone එකක් කාගෙත් සිහිනයක්.. ඉතින් ඔයාලා දන්නවද අමරුවෙන් ගන්න මේ iPhone එකත් අද හැකර්ලාගේ ග්‍රහනයට ලක්වෙලා කියලා? හැකර්ලා කියනේ කවුද කියන එක ඔයාලා දන්නවා. අලුත්ම සමීක්ෂණ වලින් හෙලිවෙන විදියට වැඩිදියුණු කරපු ආරක්ෂක ක්‍රම හින්දා වෙබ් අඩවි හැක් කරන එක ටිකක් අපහසු බවත් පරිගනකයක් වගේම තියන iPhone එක හැක් කරන්න ගන්න උත්සාහය වැඩි බවත් පෙනී යනවා. 


අද වෙන කොට iPhone එකක් තුල පරිගනකය අඩංගු සියලුම කොටස් තියන බව ඔයාලා දන්නවා. ෆයිල් ශෙයාරින් පහසුකම, වීඩියෝ කතන පහසුකම, වයිෆයි පහසුකම වගේ බොහොමයක් දියුණු පහසුකම් මෙහෙදී බාවිතා වෙනවා. ඉතින් මේ වගේ පහසුකම් තියෙද්දි හැක් වීමේ අවදානමක් තියන බව ඔයාලට තේරෙනවා නේද? 

ගොඩක් අය iPhone එකක් බාවිතා කලත් මේ වගේ අවදානමක් තියන බව දන්නේ නැතුව ඇති. එතනදී ඔයාලා iPhone එකට සුර්ක්ශිත කරන ඔයාලගෙ පුද්ගලික දත්තයන්, iPhone එක තුල අඩංගු Contact lists ඒ වගේම text messages, emails, ඒවාට බාවිතා කරන passwords වගේ දේවල් හැමදෙයක්ම අනාරක්ශිතයි. ඊටත් වඩා iPhone එකට බාවිතා වෙන මෙහෙයුම් පද්ද්තිය පරිගනක වල බාවිතා වෙන මෙහෙයුම් පද්දතිය මෙන්ම අනාරක්ශිත තත්වයක පවතින්නේ. 

ඉතින්  iPhone එකක් තුල පවතින මේ අනතුරින් අපි මිදෙනේ කොහොමද?  iPhone එකක් බාවිතයේදී අපි සැලකිලිමත් වෙන්නෙ ඕනේ කරුනු ටික නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කලොත් අපිට මේ අවදානමෙන් ටිකක් හරි මිදෙන්න පුලුවන්. මොනවද මේ සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු? 

1. ඔයාලගේ  iPhone එක නිතරම හොද මුරපදයක් දමල පරිස්සන් කරන්න. 

මේ කරුණ තමයි මූලික ආරක්ශිත උපක්‍රමය. මොකද  iPhone එක හොරකම් කලත් එහි මුරපදයි නොදන්නවනම් බාවිතා කරන්න අපහසු වෙනවා. 

2. කිසිම විටක  iPhone එකට මුරපද මතක තියගන්න දෙන්න එපා. 

මුරපද මතකතබා ගැනීම සාමනයෙන් ඕනේම  iPhone එකක එන පොදු පහසුකමක්. එය නිතරම් ""මුරපදය ඇතුලත් කරන්න" කියන අවස්තාවේ තබන්න. ගොඩක් අය පහසුව තකා මේ පහසුකම සක්‍රීය කරගත්තත් එහි සැගවුන අනතුරක් තියන බව දන්නේ නෑ. 

3.  iPhone එක බාවිතා කර අන්තර්ජාලයට පිවිසෙන විට කිසිම විටකදී නොදන්නා ලින්කු වලට පිවිසීමෙන් වලකින්න. 

පරිගනකයක් වගේම  iPhone එකත් අන්තර්ජාල කටයුතු වලදී නිතරම වෙබ් අඩවි වලට පිවිසෙමින් යවත්කාලීන කරගැනීම් කරගන්නවා. එහ අවශයය කරුනක්. හැබැයි අපි නොදන්නා ලින්කු වලට යාම ඒ තරන් හොද දෙයක් නෙමෙයි. හොදම දේ ඔයලට යන්න ඕනේ වෙබ් අඩවියේ සම්පූර්ණ නම සටහන් කර වෙබ් අඩවියට පිවිසෙන එක. 

4. Wi-Fi සහ Bluetooth පහසුකම් නිතරම අක්‍රීය කර තබන්න.

 iPhone එක බාහිරයට සම්බන්ද වෙන මූලිකම මාර්ගයන් දෙක තමයි Wi-Fi සහ Bluetooth කියන්නෙ. මේ සේවාවන් දෙක අවශ්‍යය විටදී පමනක් ක්‍රියාත්මක කර තබන්නට උත්සාහා කරන්න. 

5. නිතරම SMS attacks පිලිබද අවදානමින් ඉන්න.

නොදන්නා අංක වලින් විශේෂයෙන් අපි දන්න අංක 10 යුත් අංක වලින් හැර කෙටි අංක වලින් එන  SMS විවෘත කිරීම පිලිබද වැඩි අවදානමක් යොමු කරන්න. ඒ වගේම විශේෂ සංකේත ඇතුලත් SMS බොහෝ විට අනතුරක් වෙන්න පුලුවන් 

6. නිතරම  iPhone මෙහෙයුම් යාවත්කාලීන කරන්න. 

 iPhone එක තුල බාවිතා වෙන මෙහෙයුම් පද්දතිය අපි නිතරම යාවත්කාලීනව තබා ගන්න ඕනේ. සිම්බියන්, ඇන්ඩ්‍රොයිඩ්, ඇපල්, බාඩා  වැනි ඕනේම මොබයිල් මෙහෙයුම් පද්දතියකට මේක පොදුයි. ඒ වගේම මෙහෙයුම් පද්ද්තිය පරිගනකය හා සම්බන්ද වෙන Apple iTunes වගේ පරිගනකයට බාවිතා වෙන මෘදුකාංග නිතරම් යාවත්කාලීන කරන්න. එම යාවත්කාල කිරීම් ඒ ඒ මෙහෙයුම් පද්ද්ති නිශ්පාදකයාගේ නිල වෙබ් අඩවියෙන් බාගතකරගන්න් පුලුවන්.

http://www.apple.com/iphone/


http://www.bada.com/


http://www.android.com/


ඉතින් ඔයාලා අමරුවෙන් ගත්ත iPhone එකට ගොඩක් ආදරෙයි නම් ඉහත දක්වපු දේවල් කරලා හැක්ර්ලගෙන් බේරෙන්න බලන්න. ඉස්සරහට අපිට පරිගනකය වගේම හුගක් පරිස්සන් කරගන්න වෙනවා අපේ iPhone එකත්. 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive