සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Tuesday 11 August 2015

Kali Linux 2.0 Released — Download Most Powerful Penetration Testing Platform

පරිගණක, පරිගණක දත්ත ආරක්ෂාව සහ හැකින් වගේම වෙබ් අඩවි පරීක්ෂා කරන සර්වර්ස් පරීක්ෂාවන් සිදුකරන ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකරන අයගේ ප්‍රියතම සහ වඩාත් වැදගත් මෙහෙයුම් පද්ධතිය තමයි මේ කාලි ලිනක්ස් කියන්නේ. විශේෂයෙන් පෙනිට්‍රේෂන් ටෙස්ට් කරන්න අවශ්‍යම වන ටුල්ස් විශාල ප්‍රමාණයක් මෙහි අඩංගු වීම නිසා හැකින් කරන් අයට දෙවියෝ දුන්නා තෑග්ගක් වගේ තමයි කාලි මෙහෙයුම් පද්ධතිය.

ඉතින් ඔන්න කාලෙකට පස්සේ මේ කියන කාලි මෙහෙයුම් පද්ධතිය සිය නවතම සංස්කරණය ඊයෙ එළිදැක්වූවා. ඒ කාලි ලිනක්ස් 2.0 එහෙම නැතිනම්  "කාලි සනා". Debian-based Linux  මෙහෙයුම් පද්ධතියක් වන මෙය විවෘත කේත මෙහෙයුම් පද්ධතියක් නිසා කැමති ආකාරයෙන් වෙනස් කරගෙන වුවත් භාවිතා කරන්න පුළුවන්.

බොහොමයක් නව පහසුකම් සහිතව ඉදිරිපත් කරලා තියෙන මේ මෙහෙයුම් පද්ධතියේ පහත දේවල් අලුතින් එකතුවෙලා තියෙන බවයි කියනෙනෙ.


Kali Linux 2.0 Features:

  • Runs on Linux kernel 4.0, 
  • use full Gnome 3 Desktop instead of gnome-fallback, 
  • improved hardware and wireless driver coverage, 
  • support for a variety of Desktop Environments, 
  • updated desktop environment and tools, 
  • Featuring new cutting-edge wireless penetration tools, 
  • Kali Linux now added desktop notifications, so that you do not miss anything, 
  • Support Ruby 2.0, which will make Metasploit will load much faster, 
  • Kali 2.0 added inbuilt screencasting tool so that you can record desktop.

නමුත් පොඩි කණගාටුවකට තියෙන්නේ ඉතමාත් වැදගත් හැකින් ටූල් එකක් වුණ  Metasploit කාලි සනා සංස්කරණයේදී ඉවත් කරල තිබීමයි. නමුත් Metasploit-framework එක ඕනෑම වෙලාවක ස්ථාපිත කරගන්න පුළුවන්. 

කලින් කාලි ලිනක්ස් 1.x බාවිතා කරපු ඕනෑම කෙනෙකුට  Kali 2.0 වලට තමන්ගේ මෙහෙයුම් පද්ධතිය අප්ඩේට් කරගන්න පුළුවන්. ඒකට අදාළ කෝඩ් ටික පහතින් තියෙනවා. 

cat << EOF > /etc/apt/sources.list
deb http://http.kali.org/kali sana main non-free contrib
deb http://security.kali.org/kali-security/ sana/updates main contrib non-free
EOF

apt-get update
apt-get dist-upgrade # get a coffee, or 10.
reboot


ඒ වගේම ඔබට ඕනෑනම් අලුතුන්ම කාලි සනා ඩවුන්ලෝඩ් කරගන්න මේ පහතින් තියන ලින්ක් එකෙන් ඒක් කරගන්න පුලුවන්. 


එහිදී ඔබට පහතින් දක්වා ඇති ආකාරයෙන් කාලි සනා ලබාගන්න පුලුවන්. 


  • Kali Linux 64 bit
  • Kali Linux 32 bit
  • Kali Linux VMWare or VirtualBox images
  • Kali 2.0 for ARM architecture


About the author
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology. 
Share:

Thursday 6 August 2015

Global Internet Authority — ICANN Hacked Again!

ICANN එහෙම නැතිනම් ජාත්‍යන්තර අන්තර්ජාල නාමකරණ ඒජංසිය (Internet Corporation for Assigned Names and Numbers) නැවත වතාවක් හැකින් ප්‍රහාරයකට අද ලක් වුණා. මේ ආයතනය මගිනුයි අන්තර්ජාලයට අදාළ වෙබ් අඩවි වලට නාමකරණය සහ අයිපී ලිපිනයන් ආරක්ෂිත මුරපද ලබාදීම වැනි ඉතාමත් වැදගත් කාර්යයක් සිදුකරන්නේ. 

ඇමෙරිකානු ලාබ නොලබන ආයතනයක් වන මෙය මීට කලින් සිය සතියේදී හැකින් ප්‍රහාරයකට ලක්වුණා. නමුත් ඔවුන් එයින් ඉක්මනින් යථා තත්ත්වයට පත්වුණත් නැවතත් සතියක් ගතවීමට මත්තෙන් අනවසර ඇතුළුවීමක් සාර්ථක වී එම ආයතනය සතු ඊමේල් ලිපිනයන් මුරපද පරිශීලක නාම තොගයක්ම සොරාගෙන ඇති බව අද ඔවුන් පිළිගත්තා. 

මින් පෙර ඔවුන් පිෂින් ආකාරයේ හැකින් ප්‍රහාරයට ලක් වුණා. නමුත් අද සිදුවී ඇත්තේ මෑන් ඉන් ද් මිඩ්ල් ආකාරයේ හැක් කිරීමක්. ඉන් අනතුරුව පාස්වර්ඩ් හෑෂ් කිරීමක් සිදුවී තිබෙනවා.  කෙසේ නමුත් මෙයින් ඔවුන්ගේ Centralized Zone Data System (CZDS) සහ domain registration Whois portal එක සම්බන්ධයෙන් විවිධ ගැටලු මතුවෙමින් පවතිනවා 

කෙසේ නමුත් වෙබ් අඩවි සම්බන්ධයින් ක්‍රියාකරන්නන් හට ඔවුන් අනතුරු ඇගවීම් කරන අතර තමන්ගේ සීපැනල් එකේ මුරපද මාරු කරගන්නා ලෙසත් කිසිම අවස්ථාවක එකම මුරපදය වෙබ් අඩවි ගණනාවකට භාවිතා නොකරන ලෙසත් අවවාද කරනවා. 



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Google patching millions of Android devices against Stagefright exploit

ලෝකයේ මිලියන ගණනක් භාවිතා කරන අන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන ජංගම දුරකථන පසුගිය සතියේදී ඉතාමත් අනතුරු දායක තත්වයකට ලක්වුණා. ඒ ඇන්ඩ්‍රොයිඩ් වල ඇති Stagefright  නම් වූ වල්නරබිලිටිය නැතිනම් දුර්වලතාවය සොය ගැනීමත් සමගයි. ඒ හරහා ජංගම් දුරකථන වල දත්තයන් සොරා ගැනීමට හැකිවීම හේතුවෙන් සහ මෙයි වේගයෙන් පැතිරෙනනට වූ නිසා පරිගණක සහ ජංගම දුරකථන ලෝකයේ තැතිගැන්මක් ඇති වුණා. 

ඒ කෙසේ නමුත් මේ දුර්වලතාවයට සාර්ථක විසදුමක් එසේ නැතිනම් පැච් එකක් ගූගල් සමාගම විසින් නිදහස් කර තිබෙනවා. එයින් Stagefright  වල්නරබිලිටිය ආවරණය වෙනවා.

කෙසේ නමුත් මේ පැච් එක ගූගල් නිර්මාණය කළත් එය ඔබගේ ජංගම දුරකථන නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට එය ලබාදීමේදී යම් යම් වෙනස්කම් ඇති විය හැකියි. යම් දුරකථන වර්ගයකට මෙම පැච් එක ලබා නොදීමටද පුළුවන. එය තීරණය වන්නේ ඔබගේ ජංගම දුරකථනයේ නිර්මාපකයන් මගිනි.


එහිදී සියලුම Nexus devices ,Samsung, Motorola, HTC, LG, Sony, Android One වැනි උපාංග වලට මුලින්ම මේ පැච් ලබාදීම සිදුවේවි.

ඉතින් ඔබේ ජංගම දුරකථනයේ හෝ ටැබ් එකේ අප්ඩේට් එකක් ඇති බව පවසනවා නම් එය ලබා නොගෙන ඉන්න එපා.  එය අද හෙටම ඔබටත් ලැබෙනු ඇති. 




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Wednesday 5 August 2015

Thunderstrike 2: World's First Firmware Worm That Infects Mac Computers

ඔබ සිතනවාද තවමත් ඇපල් මැක් පරිගණක හෝ ඇපල් උපාංග පරිගණක ලෝකයේ ආරක්ෂිතම උපාංග කියා? එසේ සිතා සිටියා නම් එය අද සිට නිවැරදි නොවේ. ලොව පළමු පර්ම්වෙයාර් මැල්වෙයා එක තන්ඩර්ස්ට්‍රික් 2 ලෙසින් නම් කරමින් ලෝකය පුරා පැතිරෙමින් පවතිනවා. ගෙවුණු සති කීපය පුරාම ඇපල් මෙහෙයුම් පද්ධතින් මූලික කරගමිනින් එක් එක් ආකාරයෙ හැකින් ප්‍රහාරයන් සිදුවී ඇති අතර මේ එහි නවතම අවස්ථාවයි. එහෙයින් ඇපල් උවද දැන් අනාරක්ෂිතය.

පරිගණක ආරක්ෂණ ඉංජිනේරුවෙකු වන තාමෙල් හුඩ්සන් විසින් මෙම මැල්වෙයාර් එක නිර්මාණය කර ඇති අතර ඒ හරහා Apple Extensible Firmware Interface (EFI) වෙත හැකින් ප්‍රහාරයන් එල්ල කිරීමේ හැකියාව පවතිනවා. 

මෙය නිර්මාණය වන්නේ මින් පෙර නිර්මාණය වූ තන්ඩර්ස්ට්‍රික් මැල්වෙයාර් එකෙහිම වර්ධනීය අවස්ථාවක් ලෙසයි. නමුත් තන්ඩර්ස්ට්‍රික් පැතිරීමට නම් අදාළ පරිගණකය භාවිතා කරන්නාගේ සුළු හෝ සහායක් අවශ්‍ය වූ නමුත් මේ කියන්නාවූ තන්ඩර්ස්ට්‍රික් 2 මැල්වෙයාර් එක පැතිරෙන්නේ ඉබේමයි. එය ඊමේල් හරහා යූඑස්බී හරහා පරිගණක ජාලයෙන් ජාලයට පැතිරේ. '

අවසානයේ ඇපල් හරහ හුවමාරුවන ඇපල් උපාංග වල ඇති ඔබගේ දත්තයන් හැකර්වරුන් වෙත ඉබේම යැවේ. ඇත්තටම මෙය රිමෝට් ඇඩ්මිනිස්ට්‍රේෂන් ටූල් එකක් වගේ. ඈත ඉදන් ඔබේ ඇපල් උපාංගය වෙන කෙනෙක් පාලනය කරනවා. හරිම භයානකයි..! 



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Tuesday 4 August 2015

Hackers Sending Fake Windows 10 Upgrade Ransomware Email, Encrypts Every File

වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය නිකුත් වී දින කීපයක් ගතවීමටත් මත්තෙන් ඒ හරහා හැකින් ප්‍රහාරයන් එල්ලවීමේ අවධානම එන්න එන්නම වැඩිවෙමින් පවතිනවා. ලෝකයේ අලුත්ම හැකින් තාක්ෂණයන්ගෙන් එකක් වන Ransomware හරහායි මේ හැක් කිරීම සිදු වන්නේ. Ransomware  හරහා සිදුවන්නේ ඔබගේ පරිගණකයේ ඇති ෆයිල් සියල්ලම හෝ කීපයක් එන්ක්‍රිෆ්ට් කිරීමයි. එවිට අදාළ ෆයිල් එක විවෘත කර ගැනීමට නම් එන්ක්‍රිෆ්ෂන් කී එක ලබාදිය යුතු වන අතර එම කී එක පවතින්නේ ඒ වනවිට අදාළ හැකර්කරුවා අතයි. ඔහු කරන්නේ එම කී එක ලබාදීමට නම් මුදල් දිය යුතු බව පැවසීමයි. අවසානයේ අපේම ෆයිල් ලබාගැනීමට මුදල් ගෙවීමට සිදුවන තැනට මේ Ransomware  වැඩකටයුතු සලස්වයි. 

කෙසේ නමුත් නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10 මයික්‍රොසොෆ්ට් ආයතනය ඉදිරිපත් කලේ අප්ඩේට් එකක් ලෙසිනි. වින්ඩෝස් 7 සහ වින්ඩෝස් 8.1 භාවිතා කරන්නන් හට වින්ඩෝස් 10 නොමිලේ අප්ඩේට් කරගැනීමට ලබාදීම මෙහිදී සිදුවෙනවා. 

කෙසේ නමුත් ඉහතින් සදහන් කළ ආකාරයට වින්ඩෝස් අප්ඩේට් කරගන්නා ලෙස පවසමින් මයික්‍රෝසොෆ්ට් ආයතනය එවනා ආකරයට ඊමේල් ලිපියක් ඔබට ලැබේ. එහි ඇත්තේ TOX නම් Ransomware  එක වන අතර ඊමේල් ලිපිය විවෘත කිරීමෙන් අදාළ Ransomware  එක පරිගණකයේ ස්ථාපිත වී ඔබගේ ෆයිල් එන්ක්‍රිෆ්ට් කිරීම අරබයි. 

පහතින් දැක්වෙන්නේ එවැනි ඊමේල් ලිපියකි. 

Microsoft Windows 10 Upgrade Spoofed Email Message
Email sent by hackers | Image Source: Cisco
හොදින් බලන්න. මෙහි ඊමේල් ලිපිය එවන්නේ update@microsoft.com ලෙසින් වන ඊමේල් ලිපිනයකිනි. නමුත් මේ ඊමේල් එක රිවර්ස් කළ බැලුවහොත් එසේ නැතිනම් මෙහි හෙඩර් ඩීටේල්ස් බැලුවහොත් එය එවා ඇති Internet Protocol (IP) address අයත් වන්නේ තායිලන්තයේ ඇති පරිගණක ජාලයකටයි. (මේ ආකාරයෙන් ඊමේල් එකක් රිවර්ස් කරන අයුරු පැහැදිලි කිරීමට මේ අවස්ථාව නොවේ. නමුත් ඕනෑම ඊමේල් එකක් අපිට හරියටම ලැබෙන්නේ කොතැනින් දැයි බලාගැනීමේ හැකියාව පවතී) 

hackers-built-windows-10-ransomware-for-impatient-users-encrypts-every-file
Image Source: Cisco

මෙවැනි ඊමේල් එකක් එසේ නැතිනම් පිෂින් ආකාරයේ ඊමේල් එකක් හදුනා ගැනීම තරමක් අපහසුය. එය බොහෝ විට ඔරිජිනල් ආකාරයෙන් පවතී. නමුත් මේ එවන්නාවූ ඊමේල් එක ඉතාමත් කල්පනාකාරීව කියවන්නේ නම් ඔබට පහත රූපයේ රතු පැහැයෙන් දක්වා ඇති වැරදි සියාගත හැකි වේ. ලෝක ප්‍රසිද්ධ ආයතනයක් සිය අප්ඩේට් ලබාගන්නැයි දක්වමින් අකුරු වැරදි ඊමේල් එකක් එවාවිදැයි ඔබට සැකයක් ඇතිවිය යුතුය.

hackers-built-windows-10-ransomware-for-impatient-users-encrypts-every-file-2
Image Source: Cisco
එසේම මෙ ඊමේල් එක අවසානයට අපිට කාටත් හුරු පුරුදු “This message has been scanned for viruses and dangerous content by MailScanner, and is believed to be clean.” වැනි විශ්වාසය වඩවන වදන් ද ඇතුළත් කරයි. ඇත්තටම මෙහි ඇති Ransomware  එක මැල්වෙයා එකක් ලෙසින් තවමත් හදුනා නොගනී. එය ප්‍රයෝජනයට ගන්නා හැකර්වරුන් මේ ආකාරයෙන් ඊමේල් එවීම ආරම්භ කරයි. 

ඔබ මේ අප්ඩේට් ලබාගන්නට උත්සාහා කිරීමේදී ඔබ නොදැනීම අදාල Ransomware  එක ඔබේ පරිගණකයේ ස්ථාපිත වී ඉතාමත් සුළු මොහොතකින් ඔබගෙ පරිගණකයේ පහත ආකාරයේ පණිවිඩයක් දිස් වේවි. 

CTB-Locker Ransomware Message
Image Source: Cisco

දැන් ඔබ හැක් වී ඇත. දැන් හැකර්ට අනුව ඔබගේ ෆයිල් ආපසු ලබා ගැනීමට මුදල් ගෙවීමට සිදුවේ. ඔබට ඇත්තේ පැය 96ක කාලයකි. ඉන් පසු ඔබ මුදල් නොගෙවන්නෙ නම් ඔබේ ෆයිල් සියල්ල ආපසු නොලෙබෙනු ඇත.

එනිසා කිසිම ආකාරයකින් අප්ඩේට් ලබාගන්නැයි එන ඊමේල් වලට ප්‍රතිචාර දක්වන්න එපා. ඔබට වින්ඩෝස් 7 හෝ 8.1 වින්ඩෝස් 10 aඅලට අප්ඩේට් කරගැනීමට ඕනේ නම් මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියෙන් හෝ වින්ඩෝස් අප්ඩේට් පහසුකම හරහා පමණක් සිදු කරන්න.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Monday 3 August 2015

Despite Issues, 6 Reasons Why Windows 10 is Best Windows Ever

වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය පසුගියදා එළිදක්වනු ලැබුවා. එළිදැක්වීමෙන් දින කීපයක් ගතවීමටත් මත්තෙන් එහි ඇති දුර්වලතාවන් ගණනාවක්ම සොයා ගැනීම නිසා පරිගණක ලෝකයෙ යම් කැලබීමක් පැවතුනත් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය සමග ලැබෙන නව පහසුකම් විශාල ප්‍රමාණයක් පවතිනවා.

වින්ඩෝස් 7 සහ වින්ඩෝස් 8.1 භාවිතා කරන සියලු දෙනාටම වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය නොමිලේ යාවත්කාල කිරීමක් ලෙසින් මයික්‍රොසොෆ්ට් සමාගම ලබාදුන්නා. ඒ අනුව අද වන විට ලෝකයෙ මිලියන 65 ක් පමණ වන ප්‍රමාණයක් සිය පරිගණක වින්ඩෝස් 10 සදහා අප්ඩේට් කරනු ලැබ තිබෙනවා.

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම මෙහෙයුම් පද්ධතිය හදුන්වාදෙන්නේ “Windows as a service” ලෙසිනුයි. ඒ නිසා වින්ඩෝස් 0 මෙහෙයුම් පද්ධතිය නොමිලේම ලබාදීමටයි තීරණය කර ඇත්තේ. 

මේ වන විට සොයාගෙන ඇති ප්‍රයිවසි වල පවතින ගැටළුව සහ වයිෆයි සම්බන්ධතා වලදී ඇතිවන ගැටලුවත් වින්ඩෝස් 10 මගින් ඔබගේ අන්තර්ජාල වේගය වෙනත් අය සමග බෙදා ගැනීමක් සිදුකිරීම වැනි බග්ස් ඇති නමුත් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ පහතින් දැන්වෙන විශේෂතා දැකගන්න පුළුවන්.

1. One Operating System for All Devices: Windows 10


වර්තමානයේ භාවිතා කරන ජංගම දුරකථන ටැබ් ලැප්ටොප් පරිගණක සුපර් පරිගණක මෙන්ම රූපවාහිනී වැනි උපකරණ වලටද එකසේ ගැලපෙන එකම ප්ලැට්ෆෝම් එකක් සහිත මෙහෙයුම් පද්ධතියක් ලෙසින් මෙම වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය එළිදැක්වේ.

මෘදුකාංග නිර්මාණකරුවන්ට මෙය ඉතාමත් පහසු තත්ත්වයක් වන අතර වින්ඩෝස් 10 භාවිතා කරන ඕනෑම ඩිජිටල් උපාංගයකට සරිලන ලෙසින් එක වැඩසටහනක් ලිවීමෙන් සිය කාලය ශ්‍රමය ඉතිරි කර ගැනීමේ හැකියාව පවතිනවා.  ඒ වගේම ටැබ් එක්ක භාවිත කළ සැකසුම් ඒ ආකාරයෙන් ලැප් එකකට ගැනීම එසෙ නැති නම් සින්ක් පහසුකම ඉතාමත් ඉහලින් මෙහි දැකගන්න පුළුවන්.


2. Cortana — Most Intelligent Digital Assistant

ඔබට බොහොමයක් දේවල් අමතක වෙනවද? මෙතන් සිට එය ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබ වින්ඩෝස් 10 භාවිතා කරනවා නම් අමතක වන සියල්ල මතක් කර දීමට "කෝටානා" සූදානම්. කෝටාන යනුවෙන් හැදින්වෙන පරිගණක වැඩසටහන හරහා ඔබගේ අවශ්‍යතාවයන් සියල්ල ඉටුකර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ අතර ඔබට අමතක වෙන දේවල් මතක් කර දිම මෙන්ම ඔබගේ පෞද්ගලික තොරතුරු ලිපිගොනු සොයා ගැනීම සහ කළමණාකරණයට උපකාර කිරීම වැනි දේ සිදුකරනවා.  


ගූගල් සමාගමේ "Google Now" නම් වූ වැඩසටහන විසින් ලබාදෙන පහසුකම් වලටත් වඩා වැඩි පහසුකමින් යුක්තව  මයික්‍රොසොෆ්ට් කෝටානා ක්‍රියාත්මක වෙනව. ඉදිරියේදී කෝටානා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට සහ ඇපල් මෙහෙයුම් පද්ධති වලට ගැලපෙන පරිදි  නිර්මාණය වන බවයි ආරංචිය. 

නමුත් මේ කෝටානා පහසුකම දැනට සක්‍රීය වන්නේ රටවල් කීපයකට පමණයි. ඒ රටවල් අතර United States, United Kingdom, France, Spain, Germany, Italy, and China; in languages supporting Chinese (Simplified), English (U.K.), English (U.S.), French, Italian, German සහ Spanish ඇතුළත් වෙනවා. 


3. Virtual desktops & Split View for Multitasking

Multitasking කියන්නේ බොහෝම වැදගත් පහසුකමක්. අතීතයේදී අපිට වැඩ කිරීම සදහ ලබාදුන්නේ එක් අතුරු මුහුණතක් නැතිනම් ඩෙක්ස්ටොප් එකක් වුවත් නවීන මෙහෙයුම් පද්ධති වලදී එක මෙහෙයුම් පද්ධතියක් මත ඩෙක්ස්ටොප් ගණනාවක් නිර්මාණය කරගෙන වැඩ කිරීමේ හැකියාව පවතිනවා. අයිනුත් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේදී Aero Snap පහසුකම හදුන්වාදෙමින් ඩෙක්ස්ටොප් 10කට වඩා වැඩිගණනක් සෑදීමේ හැකියාව ලබාදෙනවා. 


4. DirectX 12: Gamers Will Love Windows 10
'පරිගණක ක්‍රීඩා කරන්නන්ට සුභදායක ආරංචියක් තමයි මේ. වින්ඩොස් 10 මෙහෙයුම් පද්ධතිය සමග පරිගණක ක්‍රීඩාවේදී නැතිවම බැරි  DirectX යෙදුමේ 12 වැනි සංස්කරණය වඩාත් උසස් අන්දමින් ලබාදෙනු ලබනවා. ඒම සංස්කරණය  මේතාක් සාර්ථකව සහය නොදැක්වූ AMD වර්ගයේ graphics card සදහාද සහය දෙන ආකාරයෙන් අප්ඩේට් කරලා තිබෙනවා. 



5. Microsoft Edge — Single Web Browser

අපි දන්නා ඉතිහාසයේ මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය සමග අපට ලැබුනේ ඉන්ටර්නෙට් එක්ස්ෆ්ලෝරා බ්‍රවුසරයයි. නමුත් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය සමග ලැබෙන්නේ නවතම බ්‍රවුසරයක් වන Microsoft Edge බ්‍රවුසරයයි. මේ බ්‍රවුසරය හරහා කෝටානා වැනි නවීන පහසුකම් කිසිදු අපහසුවකින් තොරව ක්‍රියාත්මක වෙනවා. 

ගූගල් ක්‍රෝම් සහ මොසිලා පයර්ෆොක්ස් වලදී ලැබෙන වේගවත් බව සහ ආරක්ෂාව එකොට නිර්මාණය කර ඇති මෙහි නව rendering engine එකක් ද ඇතුළත් කර තිබෙනවා. 


6. Windows Hello — Supports Two-factor and Biometric authentication
පරිගණක සහ දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන අයට වින්ඩෝස් 10 හරහා විශේෂ පහසුකමක් ලබාදෙනවා. ඒ තමයි Windows Hello කියන්නේ. මෙහිදී සිදුවන්නෙ Two-factor සහ  Biometric authentication ආකාරයේ ආරක්ෂිත උපක්‍රම භාවිතාවට අවස්ථාව ලබාදීම. අපි සාමාන්‍ය පරිගණක වලදී භාවිතා කරන්නේ මුරපදයක් පමණයි. නමුත් මේ Two-factor ආරක්ෂිත ක්‍රමවේදයේදී මුරපදයක් සමග ඇගිලි සලකුණු වැනි යමක් භාවිතා කිරීමේ හැකියාව ලබාදෙනවා. 

ඉතින් මෙවන් නවීන පහසුකම් ගණනාවකින් සමන්විත වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ සම්පූර්ණ ස්ථාපිත කිරීමක් පහත දිගුවෙන් බාගත කරගන්න පුළුවන්. 






About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Hacked Mobitel.lk by Nofawkx-al

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සහ දුරකථන සේවා සපයන ආයතනයක් වන ප්‍රසිද්ධ මොබිටෙල් (www.mobitel.lk) ආයතනය පසුගිය සති අන්තයේදී හැකින් ප්‍රහාරයකට ලක්වුණා. හැකින් ප්‍රහාරයෙන් පැයකදී පමණ තත්ත්වය යථාතත්වයට පත් කර ගැනීමට මොබිටෙල් සමාගමට හැකි වුණත් ඔවුන්ගේ වෙබ් අඩවිය තවමත් ඇත්තේ අක්‍රීය තත්වයේ.

හැක් කිරීම සිදුකරන ලද්දේ Nofawkx-al ලෙසින් හදුන්වාගත් හැකර් කණ්ඩායමක් විසිනි. ඔවුන් විසින් මොබිටෙල් වෙබ් අඩවියට ජායාරූපයක්ද එක් කර ඇත.



ඔවුන් එක් කර ඇති සටහනේ වැඩිදුරටත් මෙසේද සදහන් වේ.

his Goes Out To All Governments
We are tired of all of you who call yourself leaders of the people. We are tired of the dictatorships,
media censorship, torture, force imprisonment, wars and the instabilities. We are tired of being refugees and prisioners of their corrupt governments.
The peoples are tired of your corrupt practices. Your corruption has reached beyond extensive with your stealing of humanity.
We demand an end to the official corruption. Remember that you can fool some of the people all the time,
and all the people some of the time but you cannot fool all the people all the time.
විස්තර ලබගත්තේ http://www.infosecfeeder.com/mobitel-hacked-and-defaced/


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive