සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Saturday 22 February 2014

Ban Facebook???

ඔයාලා දන්නවා ෆේස්බුක් මහා භයානක වචනයක් වෙන ගානට වැටිලා දැන් ලංකාවේ සිද්දවෙන දේවල් නිසා. ලෝකයේ සමාජීය ජාල වෙබ් අඩවි වලින් ඉතාමත් ජනප්‍රිය ෆේස්බුක් නිසා වලින් අනිසි ප්‍රයෝජන ගැනීම නිසා නිරපරාදේ ජීවිත ගණනාවක් අහිමි වුණා. කෙසේ නමුත් මගේ මේ පෝස්ටුව වෙන් වෙන්න්නේ ෆේස්බුක් වල ප්‍රයෝජන ගැන් කතා කරන්න නම් නෙමෙයි. ඒ ගැන් මං කලින් පෝස්ට් ගණනාවකම දාලා තියෙනවා. මේ කතා කරන්න යන්නේ හදිස්සියේවත් මේ තියන තත්ත්වය අනුව ආණ්ඩුව ෆේස්බුක් තහනම් කලහොත්...? මොකද කරන්නේ?

විශේෂ තාක්ෂණික ප්‍රයෝග භාවිතා කරමින් ෆේස්බුක් වලට පිවිසීම අවහිර කරන්න හැකියාව තියෙනවා කියන එක නිවැරදි කරුණක්. නමුත් ලෝකයෙන්ම විරෝධතාවක් ආවොත් මිස කිසිම හේතුවක් මත ෆේස්බුක් නතර වීමක් සිදුවීයැයි සිතන්න බැහැ. ඉතින් කෙසේ වෙතත් හදිසියේවත් ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ තහනම් කළහොත්?

තහනම් කළ වෙබ් අඩවි වලට පිවිසීම සදහා භාවිතා වන් ප්‍රොක්සි ආකාරයේ වෙබ් සේවාවන් බොහොමයක් තිබුණත් ඒවාත් නිසි තාක්ෂණික ක්‍රමවේදයක් අනුගමනය කළහොත් ශ්‍රී ලංකාව තුලදී භාවිතය නතර කළ හැකියි. ඒ නිසා ෆේස්බුක් තහනම් කළහොත් ප්‍රොක්සි අඩවි වලින් ලබාගත හැකි සේවාව අවම වෙන්න පුළුවන්.  ඒ නිසා වෙනත් ක්‍රමයක් සොයන්නම වෙනවා. අන්තර්ජාලයේ සෙවීමකදී දැනට සාර්ථකවම ක්‍රියාතමක වන tor ජාලය භාවිතා කිරීම මේ සදහා ඉතාමත් සාර්ථක ක්‍රමයක් බව දැනගන්නට ලැබුණා.

මුලින්ම පහල ලිංකුවෙන් tor වෙබ් අඩවියට පිවිසෙන්න

https://www.torproject.org/



අපි මුලින්ම බලමු Tor ජාලය යනු කුමක්ද සහ එහි ක්‍රියාකාරීත්වය සිදුවන්නේ කොහොමද කියලා? Tor ජාලය කියන්නේ ලෝකයේ දැනට සාර්ථකවම භාවිතා වන පරීශීලකයන්ට සිය පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් සහ අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් කරා කිසිඳු බාධාවකින් තොරව ඇතුලු වීමට ඉඩ සලසා දෙන පරිගණක ජාලයකි. https://www.torproject.org/ වලට පිවිස එහිදී ලබාදෙන Tor සේවාව පරිගණකයට ස්ථාපිත කරගැනීම සරළව කරගන්න පුළුවන්. Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී ඔබගේ සේවා සපයන්නා හරහා ඔබ ප්‍රථමයෙන්ම පිවිසෙන්නේ Tor ජාලය වෙතය. පසුව Tor ජාලය විසින් ඔබව ලොව පුරා විසිර ඇති Tor ජාලයට අයත් කිහිපයක් පරිගණක හරහා ඔබව ෆේස්බුක් වෙබ් අඩවිය වෙත යොමු කරයි. මෙහිදී සත්‍ය වශයෙන්ම ඔබගේ සේවා සපයන්නා හට පෙනෙන්නේ ඔබ Tor ජාලය වෙත පමණක් සම්බන්ධ වනවා යැයි කියාය. එනිසා සේවා සපයන්නා විසින් කර ඇති කිසිඳු අන්දමේ තහනම් කිරීමකින් ඔබට බාධාවක් ඇති නොවේ. එනිසා ෆේස්බුක් පමණක් නොව සේවා සපයන්නා තාක්ෂණික වශයෙන් අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් වෙත මෙම Tor ජාලය හරහා පිවිසිය හැක.

ඉතින් කෙලින්ම ෆේස්බුක් නොයා වටෙන් යන නිසා මදක් මංදගාමී වෙන්න්න පුළුවන්. ඒ කෙසේ වෙතත් රජය විසින් ෆේස්බුක් තහනම් කළත් ඔන්න දැන් මංදගාමීව හරි ෆේස්බුක් යන්න ස්ථිර ක්‍රමයක් තියෙනවා. ඊළග ප්‍රශ්ණය වෙන්නේ රජයට මේ කියන Tor ජාලයට පිවිසීමත් අවහිර කල හැකිද? ඇත්තටම Tor ජාලය විසින් භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේදයන් නිසා Tor ජාලය කිසිවෙකුට සම්පූර්ණයෙන් තහනම් කිරීම සිදු කල නොහැක. මේ බව ඔවුනගේ වෙබ් අඩවියේ පැහැදිලව දැක්වේ.

ඉතින් මෙ කියන Tor අඩවිය හරහා පහළින් දක්වලා තියෙන සේවාවනුත් ලබාගැනීමේ හැකියාව පවතිනවා.




 About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers