සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Monday 4 February 2019

Card Skimmers in Sri Lanka. How can you be safe at an ATM?

Card Skimmer ගැන අවස්ථා ගනනාවකදීම ඔයාලව දැනුවත් කළා. නමුත් ප්‍රායෝගිකව ලංකාව වගේ රටකට ඉන් ලොකු බලපෑමක් එල්ල වුණේ නෑ. නමුත් ගෙවුණ සතියේ ලංකාව තුළ Card Skimmers හැකිං ප්‍රහාරයන් ගණනාවක් වාර්ථා වුණා.
Card Skimmer කියන්නේ කුමක්දැයි නැවත පැහැදිලි කරගනිමු. ස්වයංක්රීය ටෙලර් යන්ත්‍ර එසේ නැතිනම් ATM යන්ත්‍ර හරහායි අපි අපගේ ගණුදෙනු වැඩිහරියක් කරගන්නේ. එය පහසුයි මෙන්ම කාලය ඉතුරු වෙන ක්‍රියාවලියක්. එසේම ලංකාව පුරාම පවතින බැංකු ජාල වලින් වඩාත් ව්‍යාප්ත ලෙසින් ස්වයංක්රීය ටෙලර් යන්ත්‍ර සේවාවන් ලබාදෙනවා.
එසේ ක්‍රියාත්මක වන මෙම සේවාව හරහා දිනකට මිලියන් ගණනක මුදලක් ලංකාව පුරා සංසරණය වෙනවා. එසේම ජාත්‍යන්තර ගණුදෙනු වලට ලංකාවේ ටෙලර් යන්ත්‍රයන් විවෘත වීම හේතුවෙන් ලංකාවේ සංචාරය කරන විදේශිකයන්ද විශාල වශයෙන් මෙම යන්ත්‍ර හරහා සිය ගණුදෙනු කටයුතු සිදුකරගන්නවා වර්ථමානයේ දැකගත හැකියි.
Card Skimmer හැකිං ප්‍රහාරයකදී සිදුවන්නේ මෙම ස්වයංක්රීය ටෙලර් යන්ත්‍ර වල ඇති කීබෝඩ් එක හරහා ඔබගේ ඔබ විසින් ඇතුළත් කරන ඔබගේ PIN අංකය රහසිගතව ලබාගැනීමයි.
එහිදී ඒ වෙනුවෙන්ම නිර්මාණය කළ සුවිශේෂී දෘඩාංගමය කොටස් හැකර්වරුන් විසින් භාවිතා කරන බව පෙනී යනවා. විශේෂයෙන්ම පිටතට නොපෙනෙන ලෙසින් මෙම දෘඩාංග කොටස් කීබෝඩ් එක මත අලවා තිබෙන්න පුලුවන්. ඒ තරමටම තාක්ෂණය අද දියුණුයි. මෙම හැකිං ප්‍රහාරයන්ගෙන් ලබාගන්නේ PIN අංකයම පමණක් නොවේ. කාඩ්පතේ ඇති සියළුම තොරතුරු ලබාගත හැකි ආකාරයෙන් සිදු කරන Card Skimmer හැකිං ප්‍රහාරයන් දැකිය හැකියි.
එසේම ඔබ ඔබගේ කාඩ්පත ඇතුළත් කරන ස්ථානයේ හෝ ඒ ආසන්නයේ ඔබගේ කාඩ්පතින් තොරතුරු ලබාගත හැකි මට්ටමට දියුණු කළ රහසිගත දෘඩාංග කොටස් අලවා හෝ ඇතුළත් කර තිබිය හැකියි. ඒ හරහා කාඩ්පත් වල සියළු විස්තර හැකර්වරුන් විසින් ලබාගන්නවා.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ පහත සදහන් බැංකු ජාල වලින් මෙම Card Skimmer ආකාරයේ හැකිං ප්‍රහාරයන් වලින් මුදල් සොරාගෙන් තිබෙන බවට LankaClear පෙන්වා දෙනවා. එනමුත් මේ සම්බන්ධයෙන් විවෘත මාධ්‍ය ප්‍රකාශ තවමත් නිකුත් වී නැතත් LankaPay හරහා අවවාද නිකුත් කර තිබෙනවා.
Commercial Bank
Nations Trust Bank (NTB)
Nations Development Bank (NDB)
Amana Bank
Sampath Bank
මෙම බැංකු වලින් Commercial Bank සහ Amana Bank, තමන්ගේ ATM ජාලය හරහා මුදල් සොරාගෙන තිබෙන බවට පිළිගෙන තිබෙන අතර Nations Trust Bank (NTB) බැංකු ජාලය සිය ATM යන්ත්‍ර සමහරක් අක්‍රීය කොට මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව වාර්ථා වෙනවා.
දැන් ඔබ කාඩ්පත් භාවිතා කිරීම සම්බන්ධයෙන් බියෙන් පසුවෙනවද? එසේ නම් හොදම ක්‍රමය කාඩ්පත් අක්‍රීය කර නැවත බැංකු හරහා මුදල් මගින් ගණුදෙනු කිරීමයි.  එසේම mobile banking alerts දැන් සෑම බැංකුවකින්ම ලබාදෙන නිසා එය active කරගැනීම වැදගත්. මොකද මුදල් ලබාගැනීමකදී ක්ෂණිකව එය SMS හරහා ඔබට දැනුවත් වන නිසා.
එසේම මෙම හැකර්වරුන් විසින් ඇතුළත් කරන ව්‍යාජ කීබෝඩ් හදුනාගත හැකියි. ඒ නිසා වෙනදා නොමැති වෙනසක් ATM යන්ත්‍රයේ පවතී නම් ඒ බව එහි නිලධාරීන්ට දැනුවත් කිරීම වැදගත්.
බැංකු වල පමණක් නොව අපගේ කාඩ්පත භාවිතා කරන වෙන ඕනෑම ස්ථානයකදී අපිව මේ ආකාරයේ Card Skimmer හැකිං ප්‍රහාරයන් වලට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන් සුපිරි වෙළදසැල් වලදී මෙන්ම සුපිරි ආපනශාලා අවන්හල් වලදීද මෙය සිදුවිය හැකියි.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers