සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Sunday 24 March 2013

RAR Password Unlocker

RAR කියන්නේ ගොනු හකුලවන හොද මෘදුකාංගයක් කියලා හැමෝම දන්නවනෙ. මේ මෘදුකාංගයේ තියනව මුරපද බාවිතා කිරීමේ හැකියාව. ඉතින් මේ ආකාරයෙන් මුරපද බාවිතා කරලා හකුලවපු ගොනුවක් ආයෙමත් RAR වලින් විවෘත කිරීමේදී ලබාදුන් මුරපදය අමතක නම් හකුලවපු ගොනුව විවෘත කරගන්න බැරි වෙනවා. ඉතින් එහෙම අමතක උන මුරපදයක් නැවත හොයාගන්න හරි වෙනස් කරගන්න හරි බාවිතා කරන්න් පුලුවන් හොද මෘදුකාංගයක් තමයි RAR Password Unlocker කියන්නේ. මෙය ටොරන්ට් හරහා පහල ලින්කුවෙන් බාගත කරගන්න පුලුවන්.






මේ මෘදුකාංගය සියලුම RAR සංස්කරණයන් වෙනුවෙන් සහය දකවනවා. නිර්මාපකයින් දක්වන ආකාරයට විනාඩියක් වැනි කුඩා කාලයකදී මුරපදය ලබාගන්න පුලුවන්. ඒ වගේම මුරපදය කැඩීම අවසානයෙ පරිගණකය shutdown වීම වැනි සැකසුම් සකසන්නත් පුලුවන්. උත්සාහා කරලා බලන්න. සුබ දවසක්...! 


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Wednesday 20 March 2013

OpenGL


පරිගණක ආශ්‍රිත එක් එක් සේවාවන් වඩාත් කාර්යක්ෂම කර ගැනීම සදහා ඒවාව උප සේවාවන් ඈදීම දකින්න පුලුවන්. ඒ කියන්නේ සහයෝගී සේවාවන්. ඉතින් මේ කතා කරන්න යන OpenGL කියන්නෙත් මෙතෙක් කල් බාවිතා උන ග්‍රැෆික් ආශ්‍රිත සේවාවන් වල සේවාව වඩා කාර්යක්ෂම කිරීම සදහා යොදා ගන්නා උප සේවාවක්. මුල් කාලීනව මේ OpenGL කතන්දරේ අනවශ්‍ය උවත් නවීන පරිගණක වලදී OpenGL බාවිතා කරන්නට යෙදෙන වාර ගනන වැඩි. අපි බලමු OpenGL ගැන ගැබුරින් 


1992 වසරේ ජනවාරි මාසයේ එනම් මීට වසර 21 කට කලින් තමයි Silicon Graphics සහ  Khronos Group කියන සමාගම් දෙක එකතු වෙලා මේ කියන OpenGL නිර්මාණයි කළේ. නමුත් මෙහි විවිධ වර්ධනීය අවස්ථාවන් පසු කරලා 2012 අගෝස්තු 6 වෙනිදා තමයි නිසි ආකාරයෙන් ලෝගෝ එකක් සහිතව OpenGL ලෝකයට හදුන්වා දුන්නේ. දැන් ඔයාල හිතයි 1992 හදලා 2006 වෙනකන් මේක එලියට දාන්න පරක්කු උනේ ඇයි  කියලා. ඇත්තටම OpenGL බාවිතා කරන්නේ ග්‍රැෆික් දෘඩාංග වෙනුවෙන්. මුල් කාලීන් පරිගණක වලත් මේ OpenGL මුල්ම සංස්කරණය අඩංගු කරලා තිබුණා. ඒ කියන්නේ OpenGL 1.1 බාවිතා කලා. නමුත් නූතන පරිගණක වල ග්‍රැෆික් ඉල්ලුම වැඩි නිසා මේ කියන OpenGL සංස්කරණමය වශයෙන් වෙනස් වුනා. ඒ වගේම එක් එක් ග්‍රැෆික් දෘඩාංග නිර්මාණය කරන සමාගම් වල අවශ්‍යතාවය අනුවත් මේ OpenGL  සංස්කරණයන් වෙනස් උනා. 

OpenGL කියන්නේ නාමිකව Open Graphics Library කියන එකයි. මේවා 2D සහ 3D කියන තාක්ෂණයන් දෙකම බාවිතා කරන පරිගණක හා ග්‍රැෆික් දෘඩාංග වෙනුවෙන් බාවිතා කරනවා. එමෙන්ම දැනට බාවිත කරන AMD/ATI,Intel,NVidia,S3 Graphics වැනි සියලුම ග්‍රැෆික් දෘඩාංග වලට මේ OpenGL සහය දක්වනවා. සාමානයෙන් දැනට බාවිතා කරන බොහොමයක් මෙහෙයුම් පද්දති සමග මේ OpenGL ස්තාපිත් කරලයි එන්නේ. නමුත් සමහර අලුත් මෘදුකාංග බාවිතා කිරීමේදී පහල රූපයේ ආකාරයෙන් දෝෂ පණිවිඩ ලබා දෙනවා. 



ඉතින් මේ දෝෂ පණිවිඩ ලබාදීම නිසා අපිට සිදු වෙනවා OpenGL පරිගණකයට ස්ථාපිත කරන්න. ඉතින් මේ OpenGL ඕනේ කරන අලුත් සංස්කරණයන් පහල වෙබ් අඩවි වලින් බාගත කරගන්න පුලුවන්. 






ඒ මගින් පහලින් දක්වාලා තියන ගොනු ස්ථාපිත වීමක් හෝ දැනට තියන ගොනු යාවත්කාල වීමක් සිදු වෙනවා.

• opengl32.lib
• glu32.lib
• gl.h
• glu.h


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

URL Shortening

URL එහෙම නැත්නම් Universal Resouse locator කියන්නේ සරලවම වෙබ් අඩවියක ලිපිනයක්. මෙය අකුරු කීපයක් වෙන්නත් පුලුවන්. අකුරු බොහෝ ගණනක දිග එකක් වෙන්නත් පුලුවන්. ඉතින් මේ URL එක කුඩා නම් අපිට මතක තියාගන්න තියන හැකියාව වැඩි. නමුත් දිග එකක් නම්? ඒක මතක තියාගන්න අමාරුයි නේද? බලන්න මේ උදාහරණ දෙක
www.ikman.lk
http://www.free-online-training-courses.com/introduction-to-name-resolution

ඉතින් පහලින් තියන ලින්ක් එකක් අපිට මතක තියාගන්න පුලුවන් ආකාරයෙන් කුඩා කරගත්තාම පහසුයි නේද?  මේකට කියන්නේ Url shortening කියලා මේකත් අන්තර්ජාලයේ එක් සේවාවක්. එම සේවාව ලබාදෙන වෙබ් අඩවි කීපයක් දැනට ක්‍රියාත්මක වෙනවා. මේ  ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන්ම සමාජීය ජාල වෙබ් අඩවි වල භාවිතා කරනවා. මේ පහලින් දක්වලා දක්වලා තියෙන්නේ නොමිලේම මේ සේවාව සපයන වෙබ් අඩවි කීපයක්. 

අපි මෙයින් එක් වෙබ් අඩවියක් ගෙන උදාහරණයක් මගින් පැහැදිලි කරගනිමු මුලින්ම Bit.ly වෙබ් අඩවියට පිවිසෙන්න. 

 එහි එක් කෙලවරක පහල රූපයේ ආකාරයෙන් දිගු URL එක ලබාදීමට ස්ථානයක් තියනවා.

 ඉන්පසුව  URL එක ලබාදී Shorten ක්ලික් කරන්න. ඉන්පසුව වෙබ් අඩවියෙන්ම අපි ලබාදුන් ලිපිනය පහල රූපයේ ආකාරයෙන් කෙටි කරලා දෙනවා.
ඉතින් ඉහලින් දක්වපු හැම වෙබ් අඩවියකින්ම මේ ආකාරයෙන් දිගු URL කෙටි කරගන්න පුලුවන්. උත්සාහා කරලා බලන්න


 About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers