සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 20 March 2013

URL Shortening

URL එහෙම නැත්නම් Universal Resouse locator කියන්නේ සරලවම වෙබ් අඩවියක ලිපිනයක්. මෙය අකුරු කීපයක් වෙන්නත් පුලුවන්. අකුරු බොහෝ ගණනක දිග එකක් වෙන්නත් පුලුවන්. ඉතින් මේ URL එක කුඩා නම් අපිට මතක තියාගන්න තියන හැකියාව වැඩි. නමුත් දිග එකක් නම්? ඒක මතක තියාගන්න අමාරුයි නේද? බලන්න මේ උදාහරණ දෙක
www.ikman.lk
http://www.free-online-training-courses.com/introduction-to-name-resolution

ඉතින් පහලින් තියන ලින්ක් එකක් අපිට මතක තියාගන්න පුලුවන් ආකාරයෙන් කුඩා කරගත්තාම පහසුයි නේද?  මේකට කියන්නේ Url shortening කියලා මේකත් අන්තර්ජාලයේ එක් සේවාවක්. එම සේවාව ලබාදෙන වෙබ් අඩවි කීපයක් දැනට ක්‍රියාත්මක වෙනවා. මේ  ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන්ම සමාජීය ජාල වෙබ් අඩවි වල භාවිතා කරනවා. මේ පහලින් දක්වලා දක්වලා තියෙන්නේ නොමිලේම මේ සේවාව සපයන වෙබ් අඩවි කීපයක්. 

අපි මෙයින් එක් වෙබ් අඩවියක් ගෙන උදාහරණයක් මගින් පැහැදිලි කරගනිමු මුලින්ම Bit.ly වෙබ් අඩවියට පිවිසෙන්න. 

 එහි එක් කෙලවරක පහල රූපයේ ආකාරයෙන් දිගු URL එක ලබාදීමට ස්ථානයක් තියනවා.

 ඉන්පසුව  URL එක ලබාදී Shorten ක්ලික් කරන්න. ඉන්පසුව වෙබ් අඩවියෙන්ම අපි ලබාදුන් ලිපිනය පහල රූපයේ ආකාරයෙන් කෙටි කරලා දෙනවා.
ඉතින් ඉහලින් දක්වපු හැම වෙබ් අඩවියකින්ම මේ ආකාරයෙන් දිගු URL කෙටි කරගන්න පුලුවන්. උත්සාහා කරලා බලන්න


 About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers