සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 20 March 2013

OpenGL


පරිගණක ආශ්‍රිත එක් එක් සේවාවන් වඩාත් කාර්යක්ෂම කර ගැනීම සදහා ඒවාව උප සේවාවන් ඈදීම දකින්න පුලුවන්. ඒ කියන්නේ සහයෝගී සේවාවන්. ඉතින් මේ කතා කරන්න යන OpenGL කියන්නෙත් මෙතෙක් කල් බාවිතා උන ග්‍රැෆික් ආශ්‍රිත සේවාවන් වල සේවාව වඩා කාර්යක්ෂම කිරීම සදහා යොදා ගන්නා උප සේවාවක්. මුල් කාලීනව මේ OpenGL කතන්දරේ අනවශ්‍ය උවත් නවීන පරිගණක වලදී OpenGL බාවිතා කරන්නට යෙදෙන වාර ගනන වැඩි. අපි බලමු OpenGL ගැන ගැබුරින් 


1992 වසරේ ජනවාරි මාසයේ එනම් මීට වසර 21 කට කලින් තමයි Silicon Graphics සහ  Khronos Group කියන සමාගම් දෙක එකතු වෙලා මේ කියන OpenGL නිර්මාණයි කළේ. නමුත් මෙහි විවිධ වර්ධනීය අවස්ථාවන් පසු කරලා 2012 අගෝස්තු 6 වෙනිදා තමයි නිසි ආකාරයෙන් ලෝගෝ එකක් සහිතව OpenGL ලෝකයට හදුන්වා දුන්නේ. දැන් ඔයාල හිතයි 1992 හදලා 2006 වෙනකන් මේක එලියට දාන්න පරක්කු උනේ ඇයි  කියලා. ඇත්තටම OpenGL බාවිතා කරන්නේ ග්‍රැෆික් දෘඩාංග වෙනුවෙන්. මුල් කාලීන් පරිගණක වලත් මේ OpenGL මුල්ම සංස්කරණය අඩංගු කරලා තිබුණා. ඒ කියන්නේ OpenGL 1.1 බාවිතා කලා. නමුත් නූතන පරිගණක වල ග්‍රැෆික් ඉල්ලුම වැඩි නිසා මේ කියන OpenGL සංස්කරණමය වශයෙන් වෙනස් වුනා. ඒ වගේම එක් එක් ග්‍රැෆික් දෘඩාංග නිර්මාණය කරන සමාගම් වල අවශ්‍යතාවය අනුවත් මේ OpenGL  සංස්කරණයන් වෙනස් උනා. 

OpenGL කියන්නේ නාමිකව Open Graphics Library කියන එකයි. මේවා 2D සහ 3D කියන තාක්ෂණයන් දෙකම බාවිතා කරන පරිගණක හා ග්‍රැෆික් දෘඩාංග වෙනුවෙන් බාවිතා කරනවා. එමෙන්ම දැනට බාවිත කරන AMD/ATI,Intel,NVidia,S3 Graphics වැනි සියලුම ග්‍රැෆික් දෘඩාංග වලට මේ OpenGL සහය දක්වනවා. සාමානයෙන් දැනට බාවිතා කරන බොහොමයක් මෙහෙයුම් පද්දති සමග මේ OpenGL ස්තාපිත් කරලයි එන්නේ. නමුත් සමහර අලුත් මෘදුකාංග බාවිතා කිරීමේදී පහල රූපයේ ආකාරයෙන් දෝෂ පණිවිඩ ලබා දෙනවා. 



ඉතින් මේ දෝෂ පණිවිඩ ලබාදීම නිසා අපිට සිදු වෙනවා OpenGL පරිගණකයට ස්ථාපිත කරන්න. ඉතින් මේ OpenGL ඕනේ කරන අලුත් සංස්කරණයන් පහල වෙබ් අඩවි වලින් බාගත කරගන්න පුලුවන්. 






ඒ මගින් පහලින් දක්වාලා තියන ගොනු ස්ථාපිත වීමක් හෝ දැනට තියන ගොනු යාවත්කාල වීමක් සිදු වෙනවා.

• opengl32.lib
• glu32.lib
• gl.h
• glu.h


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Anonymous said...

ӏ assսmed fօr tthe topic matter youг blog would read lіke a ցuide, howeνer, in actual fact you've
producfed it easy ffor the noгmal individual
to understand. It's reаlly ѵery intriguing!
Тhanks for your work.

Visit my weblog ... E-liquid for Electronic cigarettes

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers