සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Thursday 29 November 2012

HTTP Error Codes

අන්තර්ජාලය තුල වෙබ් අඩවි වලට පිවිසීමේදී එසේ පිවිසිය නොහැකි බව දක්වමින් එන දෝෂ පණිවිඩ වලට ඔබත් එක වතාවක් හෝ මුහුණ දී ඇති. මොනවද මේ ආකාරයෙන් එන දෝෂ පණිවිඩ හා ඒවාට බලපාන හේතු මොනවාද යන්න සොයා බලමු.


100 Continue
මේ දේෂයට හේතුව වන්නේ අදාල වෙබ් සර්වරය මගින් ඉල්ලුම් කරන්නාගේ request headers නිසි ආකාරයෙන් හදුනා නොගැනීමයි. එසේ නොමැති නම් අදාල ඉල්ලුම වෙබ් සර්වරයට දරා ගැනීමට නොහැකි ආකාරයෙන් දිගින් දිගටම ඉල්ලීම් කිරීමයි. 

101 Switching Protocols
මේ දේෂයට හේතුව වන්නේ වෙබ් සර්වරය  ඉල්ලුම් කරන ප්‍රොටෝකෝලය මාරු කරන ලෙස වෙබ් සර්වරයේ සැකසුම් සකසා තිබීමයි. 

102 Processing 
වෙබ් අඩවියේ ලිපිනය මගින් ඉල්ලුම් කරන request සහ sub-requests ප්‍රමාණය වෙබ් සර්වරයට දරා ගැනීමට නොහැකි අවස්තා වලදී මේ දෝෂ පණිවිඩය දක්වයි. නමුත් මෙහිදී වෙබ් සර්වරය නිරන්තරයෙන් ඉල්ලුම ඉටු කිරීමට උත්සාහා කරයි. උත්සහය සාර්ථක නොවූ තැන මේ දේෂ පණිවිඩය දක්වයි 

202 Accepted
වෙබ් අඩවි ඉල්ලුම වෙබ් සර්වරය මගින් පිලිගත්තද වෙබ් අඩවිය ඉල්ලුම් කරුට ලබා නොදෙන අවස්තා වලදී මේ දෝෂය දක්වයි. බොහොමයක් ඉන්ට්‍රානෙට් වලදී වෙබ් පිටුව වෙත ලැබෙන ඉල්ලුම් ප්‍රමාණය වැඩි අවස්තා වලදී මේ ආකාරයෙන් දෝෂ පණිවිඩ දක්වයි. 

203 Non-Authoritative Information 
වෙබ් සර්වරය මගින් සාර්ථකව ඉල්ලීම පිලිගන්නා නමුත් ලබාදීමට නිවැරදි දත්ත නොමැති අවස්තා වලදී මේ දෝෂ පණිවිඩය දක්වයි. 

301 Moved Permanently
ඉල්ලුම් කරන වෙබ් අඩවි ලිපිනය සම්පූර්ණයෙන්ම වෙනත් ලිපිනයකට මාරු කර ඇති අවස්තා වලදී මේ දෝෂ පණිවිඩය දක්වයි. 

305 Use Proxy
ප්‍රොක්සි ආකාරයේ වෙබ් සැමසුම් බාවිතා කරමින් අදාල වෙබ් ලිපිනයන් ඉල්ලුම් කරන අවස්තා වලදී ඒ සැමසුම් වලට අනුගත වෙමින් වෙබ් අඩවි ලබාදීම හෝ නොදීම නිසා මේ දෝෂය දක්වයි. 

307 Temporary Redirect
තාවකාලිකව ඉල්ලුම් කරන වෙබ් ලිපිනය වෙනත් ලිපිනයකට මාරු කර ඇති අවස්තාවකදී මේ දෝෂ පණිවිඩය දක්වයි. 

308 Permanent Redirect 
සම්පූර්ණයෙන්ම ඉල්ලුම් කරන වෙබ් ලිපිනය වෙනත් ලිපිනයකට මාරු කර ඇති අවස්තාවකදී මේ දෝෂ පණිවිඩය දක්වයි. 

400 Bad Request
ඉල්ලුම් කරන වෙබ් ලිපිනය නිවැරදි ආකාරයෙන් නොමැති අවස්තාවලදී මේ පණිවිඩය දක්වයි. 

401 Unauthorized
ඉල්ලුම් කරන වෙබ් ලිපිනයට පිවිසීම වෙනුවෙන් අවසර නොමැති අවස්තා වලදී මේ දෝෂය දක්වයි. ඉන්ට්‍රානෙට් වලදී පරිශීලක නාම හා මුරපද නිසි ආකාරයෙන් ලබා නොදී කරන ඉල්ලීම් වලදී මෙය දක්වයි 

403 Forbidden
ඉල්ලුම් කරන වෙබ් ලිපිනයට පිවිසීම වෙනුවෙන් අවසර නොමැති අවස්තා වලදී මේ දෝෂය දක්වයි. 

404 Not Found
ඉල්ලුම් කරන වෙබ් ලිපිනයට අදාල සර්වරය සොයා ගැනීමට නොහැකි අවස්තා වලදී මේ දෝෂය දක්වයි. 

407 Proxy Authentication Required
යම් වෙබ් අඩවියකට පිවිසීමේදී ප්‍රොක්සි ආකාරයේ වෙබ් සැකසුම් වල බලතල ඕනේ කරන අවස්තාවලදී ඒ ආකාරයෙන් බලතල නොමැති නම් මේ දෝෂ පණිවිඩය දක්වයි. 

408 Request Timeout
වෙබ් සර්වර වල පවතින සැකසුම් වලට අනුව ඉල්ලුම් කරන වෙබ් අඩවිය වෙත ලගාවීම හා ඒ වෙබ් අඩවියෙන් ප්‍රතිචාර ලැබීමේ කාලය ඉක්මවීම හේතුවෙන් මේ දෝෂය දක්වයි. 

429 Too Many Requests 
වෙබ් සර්වරයට දරාගැනීමට නොහැකි ප්‍රමාණයේ ඉල්ලුම් පවතින අවස්තා වලදී මේ පණිවිඩය දක්වයි. 

500 Internal Server Error
ඉන්ට්‍රානෙට් වලදී සර්වර්ස් වල පවතින දෝෂ හේතුවෙන් මෙය දක්වයි. 

505 HTTP Version Not Supported
අන්තර්ජාලයට පිවිසීමට බාවිතා කරන මෘදුකාංගය ඉල්ලුම් කරන වෙබ් අඩවියේ HTTP සංස්කරණයට සහය නොදක්වන අවස්තා වලදී මේ දෝෂය දක්වයි. 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Wednesday 28 November 2012

Send Fake Email

බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි මේ පෝස්ටුව ඉවත් කරන ලදී. සිදු වූ අපහසුතාවයට heliptlanka බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටී....! 



Share:

Create Run Commands

පරිගණක භාවිතයේදී කෙටි මං බාවිතා කිරීම මගින් වඩාත් පහසුවෙන් හා කාර්යක්ශමව අපගේ කාර්යයන් කර ගැනීමේ හැකියාව පවතින බව ඔයාලා කවුරුත් දන්නවා. පහසුවෙන් කාර්යයන් කර ගැනීමට නම් අපට ඕනේ කරන මෙවලම් හෝ මෘදුකාංගයන් වෙත පහසුවෙන් ලගා වීමේ හැකියාව පවතින්න ඕනේ. ඉතින් වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය නිර්මාණය කල නිර්මාපකයිනුත් මේ අවශයතාවය තේරුම් ගෙන නිර්මාණය කම මහගු යෙදුමක් වන්නේ Run Command. මොනවද මේ Run Command කියන්නේ? 


මෙහෙයුම් පද්දතීන් කොතරම් දියුණු උනත් ඒ සියල්ලේම පාදම වන්නේ ඩොස් මෙහෙයුම් පද්දතිය කියලා ඔයාලා හැමෝම දන්නවා. අපි මොන ආකාරයේ වින්ඩෝස් මෙහෙයුම් පද්දතියක් බාවිත කලත් ඩොස් නොමැතිව කර ගැනීමට නොහැකි වැඩ කොටසක් තියන බව පරිගණක බාවිතා කරන හැමෝම දන්නවා. ඉතින් Run Command කියන්නෙත් ඩොස් මත ක්‍රියාත්මක වන යෙදවුම් කීපයක්. ඉතින් අපි බලමු මේ Run Command අපිට ඕනේ ආකාරයට නිර්මාණය කරගන්න පුලුවන්ද කියලා. 

Run Command එකකදී මොකද ඇත්තටම සිදු වන්නේ? ඔයාලා දන්නවා පරිගණකයට ස්තාපිත කරන හැම මෘදුකාංගයකම හෝ යෙදවුමකම ක්‍රියාත්මක වීමේ හැකියාව පවතින එක් ගොනුවක් තියනවා කියලා. අපි ඒවා පොදුවේ .exe ගොනු ලෙසින් හදුන්වනවා. ඉතින් මේ .exe ගොනුව ඩොස් හරහා ඇමතීමයි Run Command වලදී සිදුවන්නේ. ඉතින් අපි අපිට කැමති ආකාරයට Run Command නිර්මාණය කරගන්න උත්සාහා කරමු

මුලින්ම රෙජිස්ට්‍රියට යන්න. run වලදී 'regedit' ලෙසින් සටහන් කර එන්ටර් කිරීමෙන් රෙජිස්ට්‍රියට යන්න පුලුවන්. ඉන්පසුව පහල මාර්ගයේ යන්න.

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Apps Path

ඔයාලට පහල රූපයේ ආකාරයෙන් .exe ගනනාවක් දැකගන්න පුලුවන් වෙයි.




ඊලගට Apps Path කියන පෝල්ඩරය උඩ  right click කරන්න. New යටතේ 'Key' කියන එක තෝරන්න.



ඊලගට එයට නමක් දෙන්න. කැමති නමක් දෙන්න පුලුවන්. මං උදාහරණයට දෙන්නේ hacker.exe කියලා. පහල රූපය බලන්න.

















ඉන්පසුව එම පෝල්ඩරය මත ක්ලික් කරන්න. අනික් පසින් (Default) ලෙසින් ගොනුවක් දකින්න ලැබේවි. ඒ මත Right Click කර Modify ක්ලික් කරන්න. පහල රූපය බලන්න. මෙහි Value data ලෙසින් දක්වා ඇති තැනට අපිට  Run Command එකක් ලෙසින් බාවිතා කරන්න ඕනේ .exe ගොනුව ඇති පාත් එක ලබා දෙන්න. උදාහරණයක් ලෙස C:\Program Files\Internet Explorer\IEXPLORE.EXE දක්වන්න පුලුවන්.

ඉන්පසුව පහල රූපයේ ආකාරයෙන් සුදු පාට හිස් කොටසේ Right Click කර new හරහා String Value එකක් ගන්න. එය Path ලෙසින් නම් කරන්න.

















දැන් Path මත  Right Click කර Modify ක්ලික් කරන්න. එහිදී Value Data වලට කලින් ලබා දුන් පාත් එක එහෙම නැත්නම් C:\Program Files\Internet Explorer\IEXPLORE.EXE කියන කොටස ලබා දෙන්න.



දැන් සියල්ල අවසානයි. දැන් 'Run' සංවාද කොටුව විවෘත කර එහි hacker.exe ලෙසින් සටහන් කර ඕකේ කල විට පහසුවෙන්ම අපි ලබා දුන් පාත් එකට අනුව IEXPLORE.EXE ගොනුව ක්‍රියාත්මක වී Internet Explorer විවෘත වේවි. ඉතින් අපිට විවෘත කර ගැනීමට ඕනේ කරන යෙදවුමට අනුව පාත් එක් ලබාදුන් විට එය ඉතාමත් සරලව Run Command එකක් බවට පත් වෙනවා වගේම එක් එක් මෘදුකාංග හා යෙදවුම් පරිගණකය පුරා සොයමින් යන්න වෙන්නේ නෑ. ඉතින් ඔයාලත් ඔයාලටම අනන්‍යය උන Run Command නිර්මාණය කරගන්න උත්සාහා කරන්න.  සුබ දවසක්...!

 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Tuesday 27 November 2012

Recuva


පරිගණක බාවිත කරද්දි නොදැනුවත්කමින් හෝ වැරදීමකින් සිදුවන දෙයක් තමයි ඕනේ කරන ගොනු මැකී යාම. එහෙම් නැත්නම් වැදගත් ගොනු අත්වැරදීමකින් මැකී යාම. නැත්නම් වෙන කෙනෙක් අපහසුතාවයට පත් කිරීමට දත්ත මකා දැමීම. ඉතින් මේ මොන දේ උනත් අවසාන ප්‍රතිඵලය වන්නේ අපේ වැදගත් දත්තයන් අපිට අහිමිවීම. අහිමු වූ දත්තයන් නැවත ලබා ගැනීම වෙනුවෙන් බාවිතා කල හැකි මෘදුකාංගයන් පොදුවේ රිකවරි මෘදුකාංග ලෙසින් හදුන්වනවා. ඉතින් අන්තර්ජාල සෙවුමක් කලොත් මේ ආකාරයේ රිකවරි මෘදුකාංග බොහොමයක් සොයා ගැනීමේ හැකියාව පවතිනවා.
නමුත් සාර්ථක ලෙසින් නැතිඋන ගොනු නැවත ලබා දෙන මෘදුකාංග කීපයක් පවතිනවා. ඉන් එකක් තමයි Recovery My File කියන්නේ. මේ මෘදුකාංගයේ හොද පිටපතක් කී එකත් එක්කම මේ ලින්කුවෙන් බාගත කරගන්න පුලුවන්. ඉතින් මේ කියන්න යන්නෙත් ඒ වගේම හොදින් ක්‍රියාත්මක වන රිකවරි මෘදුකාංගයක් ගැන. මේ මෘදුකාංගය බාවිතා කරලා අපිට පහලින් දක්වලා තියන දේවල් රිකවර් කරගන්න පුලුවන්. 

  • Recovery from damaged or formatted disks
  • Recover deleted emails
  • Recover deleted iPod music
  • Restore unsaved Word documents
ඒ වගේම මේ මෘදුකාංගය Portable version එකක් විදියටයි පවතින්නේ. ස්තාපිත කිරීමක් අවශය වන්නේ නෑ. ඒ වගේම දැනට බාවිතා වන සියලුම වින්ඩෝස් මෙහෙයුම් පද්දතීන් සමග කිසිදු ගැටලුවක් නැතුව බාවිතා කරන්න පුලුවන්. අනික් කරුන තමයි මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් වීම. 



භාගත කරගන්න

http://www.filehippo.com/download_recuva
Share:

Monday 19 November 2012

Find Manufacturer of Unknown Device

ගොඩ දවසකින් තමයි ලියන්න පටන් ගත්තේ. අසනීප වෙලා ගොඩක් අමාරු උනා. ඉතින් ගෙදරට වෙලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සතියක්ම උන්නා.. ඉතින් අලුත් දෙයක් කියලා දෙන්න හිතාගෙන ඔන්න අදත් බ්ලොග් එක ලියන්න පටන් ගත්තා. අසනීප වෙල ඉදලා දෙයියනේ කියලා ඇවිත් ලැප් එකට වින්ඩෝස් 8 දැම්මා. වින්ඩෝස් 8 වල පොඩි පොඩි කරදර තාම තියනවා ඉතින්. වින්ඩෝස් දාලා බලද්දි සමහර ඩ්‍රයිවර් නෑ. මේකට හේතුව මෙහෙයුම් පද්දතිය අලුත් නිසා බොහොමයක් දෘඩාංග නිර්මාපකයින් සිය දෘඩාංග වල ධාවකයන් යාවත්කාල කිරීම හෝ අලුත් ධාවකයින් ඉදිරිපත් කිරීම තවමත් සිදු කරගෙන යමින් පැවතීමයි. ඉතින් ඉදිරි කාලයේදී මේ ධාවක සම්බන්දයෙන් වින්ඩෝස් 8 වල පවතින ගැටලුව විසදේවි.

නමුත් මට ආපු ගැටලුව තමයි ධාවක නොමැති එහෙම නැත්නම් Unknown Device ආකාරයෙන් හදුනා ගන්නා දෘඩාංගයක නිශ්පාදකයා හදුනා ගන්නේ කොහොමද කියන එක. ඉතින් දෘඩාංග සම්බන්දයෙන් වැඩ කරන අයට වැදගත් වෙයි කියලා හිතුන නිසා මේ ගැන ලියන්න හිතුනා. ඉතින් අපි බලමු ධාවක නොමැති දෘඩංග හදුනා ගන්නේ කොහොමද කියලා. My Computer මත Right Click කරලා Manage තෝරන්න. ඊලගට Device Manager වලින් අපිට පුලුවන් පහල රූපයේ ආකාරයෙන් ධාවක නොමැති දෘඩාංග හදුනා ගන්න. ඒ වගේම Run සංවාද කවුලුවේ "devmgmt.msc" කියලා ටයිප් කරලත් අපිට මේ Device Manager  ලබාගන්න පුලුවන්.



ඉතින් ඉහල රූපයේ ආකාරයට කහ පැහැයෙන් අපිට ධාවක නොමැති දෘඩාංග හදුනා ගන්න පුලුවන්. ඉතින් මගේ මේ උදාහරණයේ මං ගන්නම් Ethernet Controller කියන ධාවකය. මම ඒ මත Right Click කර  Properties ගන්නවා. දැන් පහල රූපයේ ආකාරයෙන් විවෘත වන සංවාද කොටුවේ Details Tab එකට යන්න.



Details Tab එකේ ඔයාලට පේන්න තියෙවි "Property" කියන කොටස. එතන පහලට තියන මෙනුවෙන් "Hardware IDs" කියන එක තෝරාගන්න.



එය තෝරපුවාම ඊට පහල ඇති කොටුවේ විස්තර දැක්වනවා. ඒකේ තියෙන්නේ එක්තරා පෝමැට් එකක දත්ත ගොඩක්.

VEN_xxxx&DEV_yyyy.

මේහි xxxx කියන්නේ Vendor id එක. yyyy වලින් දක්වන්නේ මේ device id එක බාවිතා වන අවස්තාවන්



ඉතින් මේ අකුරු හා ඉලක්කම් බාවිතා කරලා දෘඩාංගයේ හරි නිශ්පාදිතයා සොයාගන්න අපිට වෙබ් අඩවියක සහය ලබාගන්න වෙනවා.

ඒ වෙබ් අඩවිය තමයි www.pcidatabase.com. මුලින්ම මේ අඩවියට යන්න. Vendor ID එහෙම නැත්නම් "xxxx" කියන කොටසේ පවතින අකුරු හා ඉලක්කම් ටික Vendor Search කියන තැනට ලබාදී සෙවුමක් කරන්න. එවිට නිශ්පාදිතයාගේ නම අපිට පහල රූපයේ ආකාරයෙන් බලාගන්න පුලුවන්



ඒ වගේම Device Id එහෙම නැත්නම් "yyyy" කොටස Device Search කියන ස්තානයට ලබාදුන්නාම ඊට අදාල නිවැරදිම දෘඩාංගයේ නම පෙන්නනවා



ඉතින් මේ ආකාරයට අපිට පුලුවන් නිශ්පාදකයා හා දෘඩාංගයේ හරිම නම හොයාගන්න. ඊලගට අපට හැකියාව පවතිනවා මේ තොරතුරු දෙක බාවිතා කරලා නිවැරදිම ධාවකය අන්තර්ජාලයෙන් හෝ වෙන ආකාරයකින් සොයාගන්න. ඔයාලත් උත්සාහා කරලා බලන්න. සුබ දවසක්...!


 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Friday 9 November 2012

Install Sinhala on your Android

ජංගම දුරකතනයක් කියන්නේ අද ජීවිතේ නැතුවම බැරි අංගයක් වෙලා. ඉතින් මේ ජංගම දුරකතනයත් නවීකරණය වෙලා මෙහෙයුම් පද්දතියකින් සමන්විතවයි අද දකින්න ලැබෙන්නේ. ජංගම දුරකතන වලට එක් එක් ආකාරයෙ මෙහෙයුම පද්දති බාවිතා කරනවා.. ඒවා අතරින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ද්තිය ඉදිරියෙන්ම සිටින බව නම් ඇත්තක්.
කෙසේ වෙතත් සිංහල බාවිතා කරන අපිට මේ මෙහෙයුම් පද්දතියේදී මුහුණ දෙන්න වෙන ප්‍රදාන ගැටලුවක් තමයි අන්තර්ජාල පහසුකම් වලදී සිංහල බාවිතා කිරීමට නොහැකි වීම. නමුත් එය නිවැරදිව කරගන්න ක්‍රමත් තියනවා. එකක් තමයි මෙහෙයුම් පද්දතිය රූට් කිරීමෙන්. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය රූට් කරනවා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති අය මෙතනින් ගිහින් ඒ ගැනත් කියවලා ඉන්න. ඉතින් මේ ක්‍රමය ටිකක් අමාරුයි.. අනික නොදැන කරන්න ගියොත් අමරුවේ වැටෙන වැඩක්. ඉතින් වඩා සරලව ඇන්ඩ්‍රොයිඩ් වලදී සිංහල ස්තාපිත කරගන්නා ආකාරය අපි බලමු. 

මුලින්ම ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකෙන් SETTINGS > APPLICATIONS වලට යන්න. එතන තියනවා “UNKNOWN SOURCES” කියලා එකක්. බලන්න ඒක ටික් වෙලා තියනවද කියලා. ඊලගට ඔයාලා Android Market එකට යන්න. ඒතනදි හොයලා බලන්න “fontomizer” කියලා.



පහල රූපයේ ආකාරයෙන් ඔයාලට මේ ඇප් එක හම්බෙයි. එය පෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. 



ඉන්පසුව මේ ඇප් එක විවෘත කරන්න. එහි තිබෙන font list කියන එකට යන්න. එතන ‘S’ අකුරින් සිංහල පොන්ට් යන්න හොයාගන්න පුලුවන් වෙයි.

 



දැනට පොන්ට් 2 ක් පමණයි මෙහි දක්නට ලැබෙන්නේ. එතනින් ‘WIKI ANDROID BOLT’ කියන එක් තෝරන්න 



ඉතින් මේ පොන්ට් එක තේරුවාම එය අපි ස්තාපිත් කරපු ඇප් එකට බාගත වෙනවා




ඉන්පසුව SETTINGS > DISPLAY > FONT STYLE වලට යන්න. 



අපි බාගත කරගත් WIKI_ANDROID_BOLT පොන්ට් එක තෝරන්න.





ඉතින් සැකසුම් අවසානයි. දැන් බලන්න් පේස්බුක් හෝ වෙනත් සිංහල වෙබ් අඩවියකින් හොදින් සිංහල අකුරු බලාගන්න පුලුවන්ද කියලා.



උපුටා ගැනීමකි : http://womlanka.com/
Share:

Wednesday 7 November 2012

Reset/Change BIOS Password Using CMD

බයෝස් කියන්නේ Basic Input/Output System කියන එකයි. ඒ මගින් පරිගණකයේ දෘඩාංග සියල්ල කලමණාකරණය කර මෘදුකාංග සමග සම්බන්ද වී බාවිතාවට පහසු ආකාරයට පරිගණකය සකස් කර දෙනවා. ඉතින් පරිගණක වල ආරක්ශාවට බොහොමයක් දෙනා බයෝස් වලට මුරපදයක් යොදනවා. එවිට පරිගණකය ඔන් කල මුල් අවස්තාවේදීම මුරපදයක් අහනවා. ඒ මුරපදය නිවැරදි උනොත් පමණයි මෙහෙයුම් පද්දතිය ලෝඩ් වීම ඇරබෙන්නේ. ඉතින් මේ මුරපදය වෙනස් කරගන්නේ කොහොමද?

අපිට බයෝස් වලට ගිහින්ම මේක වෙනස් කරගන්නත් පුලුවන්. ඒ වගේම ඩොස් මෙහෙයුම් පද්දතිය හරහා ලබාදෙන පහසුකමක් උපයෝගී කරගෙනත් මෙය කරන්න පුලුවන්. ඇත්තටම බයෝස් වැඩසටහන අඩංගු වන්නේ කුඩා චිප් එකක. මේ චිප් එකේ තිබෙන මෘදුකාංගයේ වෙනස් කම් කිරීම මගින් අපිට හැකියාව තියනවා බයෝස් මුරපදය වෙනස් කරන්න. මේ ක්‍රියාවලියට පොදුවේ කියන්නේ micro-controller programming කියලයි. ඉතින් අපි බලමු ඩොස් මෙහෙයුම් පද්දතිය හරහා බායෝස් චිපය ආයේමත් programme කරන්න.

(අවවාදයයි....! අපි මේ කරන්න හදන්නේ බයෝස් චිප් එක ප්‍රොගෑම් කරන්න. මේක හරියට කරගන්න බැරි උනොත් හරි විදානයන් වැරදුනොත් හරි බයෝස් චිප් එකට හානි වෙන්න පුලුවන්. පරිගණකය ආයේමත් වැඩ නොකරන්නත් පුලුවන්. ඉතින් මේක කරනවා නම් දෘඩාංග ගැන දැනීමක් තියෙන්න ඕනේ. ඒ සම්බන්දයෙන් ආධුනිකයින් මේ දේ කරන්න යොමු වෙන්න එපා)


මුලින්ම ඩොස් වලට යන්න. අපි මේක කරන්න ඕනේ c:\> ලෙසින් ඉදගෙනයි. ඒ නිසා එහෙම නැත්නම් cd\ විදානයෙන් c:\> වලට යන්න. ඊලගට debug ලෙසින් ටයිප් කරන්න. එතනදී අපිට debug කිරීමට හැකි ආකාරයෙන් ඩොස් මෙහෙයුම් පද්දතිය සැකසෙනවා. ඊලගට ඉතාමත් නිවැරදිව මෙ පහල විදානයන් ටයිප් කරන්න.
  1. A කී එක ගහලා Enter කරන්න 
  2. MOV AX,0 Enter කරන්න 
  3. MOV AX,CX Enter කරන්න 
  4. OUT 70,AL Enter කරන්න 
  5. MOV AX,0 Enter කරන්න 
  6. OUT 71,AL Enter කරන්න 
  7. INC CX Enter කරන්න 
  8. CMP CX,100 Enter කරන්න 
  9. JB 103 Enter කරන්න 
  10. INT 20 Enter කරන්න 
  11. Enter කරන්න 
  12. G Enter කරන්න 
  13. Q Enter කරන්න 

ඉතින් මීලගට පරිගනකය රීස්ටාට් කලාම බයෝස් මුරපද වෙනස් කරගන්න පුලුවන්. ඊලගට අපි බලමු බයෝස් මුරපද සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඩොස් වලට යන්න. ඊලගට debug ලෙසින් ටයිප් කරන්න. ඉන්පසුව පහල විදානයන් නිවැරදිව ටයිප් කරන්න

  1. o 70 2e press enter
  2. o 71 ff press enter
  3. q press enter

ඉතින් මේ පියවර ටික හරියට කරගත්තාම බයෝස් මුරපද කඩල හරි නැතුවම හරි පරිගණකයේ බයෝස් වලට පිවිසිලා අපිට ඕනේ දේවල් කරගන්න පුලුවන්. උත්සාහ කරලා බලන්න. 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

What is "con" Folder?

පරිගණකයේ පෝල්ඩරයක් හදාගන්න එක ඒ තරම් දෙයක් නෙමෙයි. නමුත් con නමින් පෝල්ඩරයක් හදාගන්න නම් බෑ. මං පහුගිය දවසක දැක්කා පෝස්ට් එකක් මයික්‍රොසොෆ්ට්ට බැරි උන con පෝල්ඩරය ලංකාවේ කොල්ලෙක් හදයි කියලා.. ඉතින් බොහොමයක් දෙනා වැරදි වැටහීමකින් ඉන්න බව තේරුන නිසයි මේක ලියන්න හිතුවේ.

මෙහෙයුම් පද්දතියක් නිර්මාණය කරනවා කියන එක ලේසි දෙයක් නම් නෙමෙයි. ඉතින් අපහසුවෙන් පරීක්ශණ කරලා නිර්මාණයි කරන මේ මෙහෙයුම් පද්දතිය 100% ක්ම නැතත් 99% නිවැරදියි. ඔයාලා දන්නවා මෙහෙයුම් පද්දතියට අදාල පද්දති ගොනු, පෝල්ඩරයන් ලක්ෂ ගණනක් මේ තුල අඩංගු වෙනවා. එහෙවු එකේ සුද්දට මේ con පෝල්ඩරය විතරක් හදන්න බැරි වෙයිද? අමතක වෙයිද? නෑ. මයික්‍රොසොෆ්ට් සමාගමට වැරදීමක් වෙලා නෑ. පරිගණකයේ con නමින් පෝල්ඩරයක් හදන්න බැරි හේතුවක් තියන නිසා. මොකද්ද මේ හේතුව?


Reserved name warning

con කියන්නේ ඩොස් වල බාවිතා කරන විශේෂ device එකක නමක්. reserved keywords  කියලත් කියනවා. con කියන්නේ Console කියන එක නිසයි අපිට con කියන අකුරු ටික පෝල්ඩරයක නමක් ලෙස බාවිත කරන්න නොදෙන්නේ. con විතරක් නෙමෙයි. තව නම් ගොඩක් තියනවා මේ ආකාරයෙන් බාවිතා කරන්න නොදෙන. 

  • CON
  • PRN
  • AUX
  • NUL
  • COM1
  • COM2
  • COM3
  • COM4
  • COM5
  • COM6
  • COM7
  • COM8
  • COM9
  • LPT1
  • LPT2
  • LPT3
  • LPT4
  • LPT5
  • LPT6
  • LPT7
  • LPT8
  • LPT9

මේ සියල්ලම පරිගණකයේ පෝල්ඩර වල නම් ලෙස බාවිතා කරන්න බැරි වචන. ඉතින් මේ හැම වචනෙකින්ම කුමක් හෝ විදානයක් ක්‍රියාත්මක වෙනවා. 

ඒ වගේම වැරදි දේකුත් සමහරු කියගෙන යනවා. ඒ තමයි con පෝල්ඩරයක් හදාගන්න ආකාරය. මයික්‍රොසොෆ්ට්ට බැරි උනා අපි හැදුවා කියන අය කියන්න මෙන්න මේ ක්‍රමය. ඒකට ඔවුන් බාවිතා කරන්නේ ඩොස් මෙහෙයුම් පද්දතියමයි.මුලින්ම Start -> Run වලදි cmd ලෙසින් ටයිප් කරලා ඩොස් වලට යන්න. ගිහින් පහල විදානය ටයිප් කරන්න. 

C:\> md \\.\c:\con


ඊලගට මම dir විදානය බාවිත කරලා බලද්දි c: වල con නමින් පොල්ඩරයක් හැදිලා තියනවා. ඕනේ නම් my computer ගිහින් c: ඇතුලට ගිහිනුත් මේ පෝල්ඩරය බලාගන්න පුලුවන්. නමුත් මේ අපි හැදුවේ පෝල්ඩරයක්මද? 

ඩොස් ගැන වගේම නෙට්වර් ගැනත් පොඩි අදහසක් තියනවා නම් ඕනේම් කෙනෙක් දන්නවා මේ හැදුවේ ශෙයාර් පෝල්ඩරයක් කියලා. සාමානයෙන් පෝල්ඩරයක් උනොත් ඒකට NTFS ආරක්ශිත උපක්‍රම බාවිත කරන්න පුලුවන් වෙන්න ඕනේ. නමුත් මේ හදපු පෝල්ඩරයට එහෙම NTFS බාවිතා කිරීමේ හැකියාවක් නෑ. \\ බාවිතා කරන්නේ මොනවටද කියලා ඔයාලා දන්නවනේ. අපි මේකට කියනවා Universal Naming Convention එහෙම නැත්නම් UNC පාත් එකක් කියලා. සාමානයෙන් UNC පාත් එකක් \\RemoteHost\sharedfolder\resource ලෙසින් දක්වන්න පුලුවන්. අපි බාවිතා කල විදානය මේ ඇසුරින් පැහැදිලි කරගන්න උත්සාහා කරමු

\\.\c:\con

. = RemoteHost

c: = sharedfolder

con= resource

\\RemoteHost\sharedfolder\resource

ඉතින් ඔයාලට පැහැදිලි නේද මෙ කතාව? "." එකෙන් දක්වන්නේ local server එක. සාමානයෙන් ඩොස් වලින් පෝල්ඩරයක් හදන්නේ මේ විදානය බාවිත කරලා 

C:\> md c:\abc

නමුත් අපි con පෝල්ඩරය හදද්දි නම් බාවිත කලේ වෙනත් විදානයක්. ඉතින් පැහැදිලි නේද වෙනස? 

ඉතින් ඊලගට බලන්න මේ con පෝල්ඩරය මකන්න පුලුවන්ද කියලා? බෑ.. ඒක මකන්න බෑ. එතනදී අපිට නැවතත් වෙනත් විදානයක් බාවිත කරන්න වෙනවා 

C:\> rd \\.\c:\con

දැන් පුලුවන් con පෝල්ඩරය මකන්න. ඉතින් මෙ ටික පැහැදිලි කලේ ඔයාලගේ දැනුම වර්ධනය කරන්න මිසක් කාගේවත් දැනුමට අභියෝග කරන්න වත්, කාගේවත් පෝස්ට් එකකට වැරදි කියන්නවත් නෙමෙයි. ඉගෙන ගද්දි හරි දේ ඉගෙන ගත්තොත් තමයි බය නැතුව ෆීල්ඩ් එකෙ ඉන්න පුලුවන්. ඒ නිසා කොහේ කොහොම ලියලා තිබුනත් ඒවා ක්‍රියාවට නංවලා හරියි කියලා අවබෝධ උනාට පස්සේ ඔලුවට දාගන්න. සංවාදයට විවෘතයි....! සුබ දවසක්...!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Tuesday 6 November 2012

7+8 Dual Boot

වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියේ විශේෂාංග සියල්ල අදුනාගැනීමටත් කලින් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය ඉදිරිපත් උන හින්දා බොහොමයක් දෙනා කුමක් බාවිතා  කරම්දෝ කියලා දෙගිඩියාවෙනුයි ඉන්නේ. ඉතින් අපි කාලෙක ඉදන් බාවිත කරන dual-boot සංකල්පයම මෙයටත් විසදුමක් ලෙසින් බාවිතා කරන්න පුලුවන්. ඉතින් අපි බලමු වින්ඩෝස් 7 සමග වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය dual-boot ආකාරයෙන් ස්තපිත කරන්නේ කොහොමද කියලා.


dual-boot සංකල්පයට යන්න කලින් කියන්න දේවල් ටිකක් තියනවා 
  • dual-boot කරන්න බලාපොරොත්තු වන මෙහෙයුම් පද්දති දෙකෙන් කලින් පිට උන සංස්කරණය මුලින් ස්තාපිත කරන්න ඕනේ
  • දෘඩ තැටියේ පාර්ටිශන් 2 වශයෙන් මෙහෙයුම් පද්දති 2 ස්තාපිත කරගන්න තියනවා නම් වඩා හොදයි. 
  • ස්තාපිත කිරීමට පෙර දෘඩාංග සියල්ල dual-boot වලට සහය දක්වනවද කියලා පරික්ශා කරලා බලන්න 
  • මෙහෙයුම් පද්දති 2 ට අදාල ඩිවිඩී හෝ බූටබල් පෙන් සපයා ගන්න. 
  • එක් එක් මෙහෙයුම් පද්දතිය වෙනුවෙන් වෙන් කරන ඉඩ තීරණය කරන්න. ලොකු මෘදුකාංග බාවිතා කරන්න හිතාගෙන ඉන්නවා නම් ලොකු ඉඩක් ඕනේ. 
  • මෙහෙයුම් පද්දති දෙක ස්තාපිත කරන්න පහල තියන දේවල් ඕනේ කරනවා 
Windows 7 පද්ධති අවශ්‍යතා
  1. 1 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64) processor
  2. 1 gigabyte (GB) RAM (32-bit) or 2 GB RAM (64-bit)
  3. 16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit)
  4. DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
Windows 8 පද්ධති අවශ්‍යතා
  1. Processor: 1 gigahertz (GHz) or faster with support for PAE, NX, and SSE2 
  2. RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)
  3. Hard disk space: 16 GB (32-bit) or 20 GB (64-bit)
  4. Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver
ඉතින් මේ කරුණු ටික සම්පූර්ණ කරගත්තාම අපිට හැකියාව තියනවා ස්තාපිත කිරීම ආරම්භ කරන්න අපි මුලින්ම බලමු වින්ඩෝස් 7 ස්තාපිත කරගන්න ආකාරය.  මෙතනදී බාවිතා කරන්නේ වින්ඩෝස් 7 ඩිවිඩී එකක්. මුලින්ම් අපි බයෝස් වලින් බූට් ඕඩර් එක් හදන්න ඕනේ මොකෙන්ද බූට් වෙන්න ඕනේ කියලා. බයෝස් වලට යන්නේ පරිගණකය ඔන් කරලා මුල් තප්පර කීපයේදී Dell හරි F2 හරි යතුරක් එබීමෙන්. එතනදී අපෙන් අහනවා මොකෙන්ද බූට් කරන්න ඕනේ කියලා. පහල රූපය බලන්න. 

මෙතනදී මං මේ ගැන් ලොකුවට පැහැදිලි කරන්නේ නම් නෑ. රූප බලපුවාම් ඔයාලට තේරුම් ගන්න පුලුවන් මේ දේ. 



ඉතින් ඩිවිඩී එකෙන් බූට් කලාම පහල රූපයේ ආකාරයෙන් වින්ඩෝස් 7 ස්තාපිත වීම ආරම්බ වෙනවා. 



මෙතනදී අපේ භාෂාව හා යතුරු පුවරුව තෝරන්න



Install now කියන බටන් එක උඩ ක්ලික් කරන්න



accept the license කියන ටික් එක දාල ලයිසන් එකට එකග බව දක්වන්න



ඊලග් පියවරේදී අපිට අවස්තා 2ක් දෙනවා. එකක් Upgrade අනික Custom (advanced) installation, Upgrade කියන්නෙ දැනට තියන මෙහෙයුම් පද්දතිය Upgrade කරන්න කියන එක. Custom (advanced) installation කියන්නේ අලුතින්ම මෙහෙයුම් පද්දතිය ස්තාපිත කරන්න කියන් එක. 

Custom (advanced) installation තෝරගමු. මොකද අපිට දෘඩ තැටිය කොටස් වලට කඩාගන්න ඕනේ. ඒ නිසා මේ හරහා යන එක ලේසියි. 

මෙතනදී අපිට අපේ දෘඩ තැටිය පෙන්නුම් කරනවා. එය තෝරා පහලින් ඇති Drive Options වලට යන්න.



පහල රූපයේ ආකාරයට දෘඩ තැටිය කොටස් දෙකකට කඩා ගන්න 
එහිදී ඉහලින් දක්වපු පද්දති අවශ්‍යතාවයට අනුව ඉඩ ප්‍රමාණය තෝරාගන්න 






ඊලගට වින්ඩෝස් 7 ස්තාපිත කිරීමට සුදානම් වන පාර්ටිශන් එක තෝරා Next  කරන්න 

ඉන්පසුව් වින්ඩෝස් 7 ස්තාපිත වීම ආරම්භ වෙනවා.



ඉතින් ඔයාලගේ පරිගණකයේ කාර්යක්ශමතාවය මත මේ වෙනුවෙන් ගතවන කාලය තීරණය වෙනවා.



ඉතින් අවසාන වශයෙන් ඔන්න වින්ඩෝස් 7 ස්තාපිත වීම අවසන් වෙනවා.




ඊලගට අපි බලමු වින්ඩෝස් 8 ස්තාපිත කරන්නේ කොහොමද කියලා. වින්ඩෝස් 8 64 හා 32 වශයෙන් අපිට බාගත කරගන්න පුලුවන්. ඉතින් අපිට ලැබෙන ISO ගොනුව DVD එකකට ලියාගන්න ඊලගට ඒ DVD එක පරිගනකයට දාලා අපිට පුලුවන් Installation එක පටන් ගන්න. DVD එකෙන් බූට් කරන්න..



මෙතනදි අපි බාවිතා කරන Language එක වගේම වෙලාව වගේ දේවල් ඔයාලා කැමති ආකාරයට තෝරන්න පුලුවන්. ඒ තේරීම් කලාට පස්සෙ Next කරන්න..




මෙතනදි අපිට අවස්තා දෙකක් දෙනවා. පලවෙන එක දැනට තියන මෙහෙයුම් පද්දතියේ සැකසුම් වල වෙනසක් නොකර වින්ඩෝස් 8 ස්තාපිත කිරීම, දෙවෙනි එක අලුතින්ම වින්ඩෝස් 8 ස්තාපිත කිරීම ඉතින් මේ අවස්තා දෙකෙන් ඔයාලා කැමති අවස්තාවක් තෝරාගෙන ඉදිරියට යන්න පුලුවන්. මම බාවිත කරන්නේ අලුතින්ම වින්ඩෝස් 8 ස්තාපිත කිරීම කියන දෙවෙනි මාර්ගය. මෙහිදී අපිට පුලුවන් හාර්ඩ් ඩිස්ක් එකේ මොන කොටසටද වින්ඩෝස් 8 ස්තාපනය වෙන්නෙ ඕනේ කියන එක තෝරන්න. අපිට අපගේ දත්ත පරිස්සන් කරගන්නත් හොද අවස්තාවක් මේක. ඉතින් වින්ඩෝස් 7 වලදී අපි බෙදලා අයින් කරපු පාර්ටිශන් එක මෙතනදී බාවිතයට ගන්න පුලුවන්.


ඊලගට අදාලා හාර්ඩ් ඩිස්ක් එකේ මොන කොටස තෝරලා Next කරන්න..





මෙතනදි පද්දති ගොනු කොපි වීමක් හා පද්දතිය ස්තාපනය වීමක් සිදු වෙනවා.  ඒකට  සුලු කාලයක් ගතවෙනවා. එය ඔයාලගේ පරිගනකයේ වේගය මත රදාපවතින්නක්.




ඊලගට අපිට ලැබෙනවා පරිගනකයට නමක් දෙන්න. පසුව වෙනස් කරගන්නත් පුලුවන් මේක.



මෙතනදි අපිට පුලුවන් අපේ ඊමේල් ගිනුමක් පරිගනකයට ස්තාපිත කරගන්න. ඒ කියන්නේ පරිගනකයේ දත්ත හා ඊ මේල් ගිනුමේ දත්ත හුවමරු කරගන්න. අපි ඒකට කියන්නෙ Synchronization කියලා.



ඉන්පසු අපිට ලැබෙනවා වින්ඩෝස් 8 වල අතුරු මුහුනත. මේක අනික් මෙහෙයුම් පද්දති වලට වඩ හාත්පසින්ම වෙනස්. 

ඉතින් මේ ආකාරයට වින්ඩෝස් 7 සහ 8 ස්තාපිත කිරීම අවසන් උනාම පහල රූපයේ ආකාරයෙන් බූට් මෙනු එක පෙන්නුම් කරයි. 


ඉතින් ඔන්න Dual Boot කිරීම අවසන් වෙනවා. දැන් අපිට ඕනේ කරන මෙහෙයුම් පද්දතිය බාවිත කරලා පරිගණකය බාවිතා කරන්න පුලුවන්.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive