සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 5 November 2012

Hack Using Default Password

මුරපදයක් කියන්නේ ඉතාමත් වටින දෙයක් කියලා මේ වෙනකොට ඔයාලා හැමෝම දන්නවා. මේ වටින මුරපදය හැක් කිරීමේ විවිද ක්‍රමෝපායන් ගැනත් ඔයාලට අවබෝධයක් ඇති. ඉතින් මේ කියන්න යන්නේ මුරපද හැක් කිරීමක් ගැන නෙමෙයි. ජාල කලමණාකරනයට බාවිත කරන රවුටර් වැනි උපකරන වල දැනට බාවිතා වන පොදු මුරපද සහ ඒවා ලබාගන්නා වෙබ් අඩවි ගැන කියලා දෙන්නයි.

ලෝකයේ නිර්මාණය කරන ඕනේම ආකාරක රවුටරයක හෝ වෙනත් ජාලකරණ උපකරණ වලට default password එකක් තියනවා. එය නිශ්පාදකයාගෙන්  නිශ්පාදකයට වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා. ඉතින් නිසි ආකාරයෙන් වින්‍යාශගත නොකල රවුටරයක නිතරම පවතින්නේ default password එකයි. ඉතින් බොහෝ ජාල පරිපාලකයින්ගේ අනුග්‍රහයෙන් මේ default password ඇතුලත් දත්ත ගබඩාවන් සහිත වෙබ් අඩවි කීපයක්ම ලෝකයේ නිර්මාණය වෙලා තියනවා. එයින් ප්‍රමුඛතම වෙබ් අඩවිය වන්නේ defaultpassword වෙබ් අඩවියයි.

1. http://www.defaultpassword.com


මෙහිදී අපේ උපකරණයේ නිශ්පාදකයාගේ නම හා උපකරනයේ නම ලබාදුන් පසුව මුරපදය ලබාගන්න පුලුවන්. ඒ වගේම දැනට දහස් ගණනක් වූ නිශ්පාදනය කර ඇති උපකරණ සියල්ලම A-Z පෙලගස්වලා තියනවා. එයිනුත් සොයාගන්න පුලුවන්.

ඒ වගේම අපිට ලැබෙන අලුත් මුරපදත් මේ වෙබ් අඩවියට එක් කිරීමේ හැකියාව පවතිනවා. එයින් වෙබ් අඩවියේ දත්ත ගබඩාව තර කිරීමට දායක වෙන්නත් හැකියාව තියනවා.


2. http://cirt.net/passwords


මේ වෙබ් අඩවිය මගිනුත් නිශ්පාදනය ලබා දුන් පසුව මුරපදය ලබාගන්න පුලුවන්. ඒ වගේම නිශ්පාදිත නාමයෙනුත් මුරපද සෙවීමේ පහසුකම තියනවා. උදාහරණයක් ලෙසින් මම 3com නිශ්පාදනයක් ගැන සෙවුමක් කලාම මෙන්න ලැබුන මුරපද හා විස්තර ටික

3. http://www.virus.org/default-password:

4. http://www.routerpasswords.com

රවුටරයේ නිවැරදි නම හරියටම දන්නවා නම් මේ අඩවියේ සෙවුමක් කර මුරපද සොයාගන්න පුලුවන්.

ඉතින් මේ වගේ වෙබ් අඩවි ගනනාවක්ම අන්තර්ජාලයේ තියනවා. ඒවා බාවිතා කරලා Default Password එක් හොයාගන්න පුලුවන්. මේ පහල තියෙන්නෙත් ee ඒවගේ වෙබ් අඩවි කීපයක්.

http://dopeman.org/default_passwords.html
http://www.default-password.info/
http://www.defaultpassword.us/
http://www.passwordsdatabase.com/
http://www.phenoelit-us.org/dpl/dpl.html
http://www.cyxla.com/passwords/passwords.html
http://defaultpasswords.in/

ඉතින් ඔයාලා ජාල කළමණාකරනය කරනවා නම් හරි එහෙම කරන්න හිතාගෙන ඉන්නවා නම් හරි ඒ ගැන ඉගෙන ගන්නවා නම් හරි මේ Default Password එක මාරු කරලා ඔයාලට ගැලපෙන හොද ශක්තිමත් මුරපදයක් බාවිත කරන්න. Default Password එකම තියනව කියන්නේ හැකර්ලාට දොරක් ඇරලා තියනවා වගේ තමයි. සුබ දවසක්...!

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive