සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 6 November 2012

POP3/SMTP Mail Server Settings

අපි එක එක ආකාරයේ ඊමේල සේවාවන් සපයන වෙබ් අඩවි වලින් සේවාවන් ලබාගන්නවා. ප්‍රායෝගික ලෝකයේ එක්කෙනෙක්ට අනිවාර්යයෙන්ම ඊ මේල් ගිණුම් 2ක් 3ක් තියනවාමයි. ඉතින් මේ තියන ඔක්කොම ඊමේල් ගිණුම් අදාල වෙබ් අඩවියටම ලොග් වෙලා බලන්න ගියොත් අපේ කාලය නිකන් නාස්ටි වීමක් සිදු වන්නේ. ඉතින් මේ ඊමේල් ගිණුම් සියල්ලම එකම තැනකට ගන්න සැකසුම් සකස් කරගත්තොත් ඒක් අපිට ලේසි නේද?


මේ ආකාරයෙන් ඔක්කොම් ඊමේල් සේවාවන් එකම තැනකින් ලබාදෙන අන්තර්ජාල සේවාවනුත් තියනවා. නමුත් අපි බලමු මෘදුකාංගයක් බාවිතා කරලා මේක කරගන්නේ කොහොමද කියලා. මං මේකට බවිත කරන්නේ මයික්‍රොසොෆ්ට් අවුට්ලුක් මෘදුකාංගයයි. මේ මෘදුකාංගය මත අපිට ඕනේ තරම් ඊමේල් ගිණුම් වල සැකසුම් හදාගන්න පුලුවන් වගේම බාවිතයත් පහසුයි. අනික අපේ ඊමේල් ගිණුම් වල බැකප් එකක් ඕනේ වෙලාවක ඉතාමත් පහසුවෙන් මේ හරහා ගන්න පුලුවන්. 

ඉතින් අපි බලමු කොහොමද මේ දෙ කරගන්නේ කියලා මයික්‍රොසොෆ්ට් අවුට්ලුක් මෘදුකාංගය විවෘත කරගෙන මුලින්ම් අලුත් ගිණුමක් හදන්න පටන් ගන්න 

ඊලගට එන සංවාද කොටුවෙන Manually Configure Server settings කියන කොටස තෝරන්න 


Internet Email කියන් කොටස තෝරන්න 


ඉන්පසුව එන සංවාද කොටුවේ අපි අපේ ඊමේල් ගිණුමේ විස්තර දෙන්න් ඕනෙ 

Your Name ඔබේ නම 
Email Address ඔබේ ඊමේල් ලිපිනය 
Account Type - POP3
Incoming Mail Server ඔබේ ඊමේල් සර්වරයේ සැකසුම් 
Outgoing Mail server ඔබේ ඊමේල් සර්වරයේ සැකසුම් 
User Name ඔබේ පරිශීලක නාමය 
Password මුරපදය 


ඊලගට More Settings වලට යන්න. 

Incoming Mail Server ඔබේ ඊමේල් සර්වරයේ පෝට් අගයේ සැකසුම් 
Outgoing Mail server ඔබේ ඊමේල් සර්වරයේ පෝට් අගයේ සැකසුම් 



ඉතින් මේ සැකසුම් ටික හරියටම හදාගත්තාම වැඩේ හරි. මෙතන තියනවා අපේ ඊමේල් දින් 14කින් ප්‍රධාන සර්වරයෙන් ඉවත් කරන්න කියන එක. මෙ දින 14 අපිට ඕනේ ආකාරයට වෙනස් කරගන්න් පුලුවන්. 

ඉතින් මේ ආකාරයටයි ගිණුමක් සකසා ගන්නේ. අපි ඊලගට බලමු එක් එක් ඊමේල් සේවාවන් වල සර්වර් සැකසුම් මොනවද කියලා. 

Gmail Settings

Incoming Mail (POP3) Server -: pop.gmail.com Port: 995
Outgoing Mail (SMTP) Server -: smtp.gmail.com Port 587 / SSL: 465

Hotmail Settings

Incoming Mail Server (POP3) - pop3.live.com port: 995
Hotmail Outgoing Mail Server (SMTP) - smtp.live.com port 587

Yahoo! Mail Settings

Incoming Mail Server (POP3) - pop.mail.yahoo.com (SSL enabled, port 465)
Yahoo Outgoing Mail Server (SMTP) - smtp.mail.yahoo.com (SSL enabled, port 995)

MSN Mail Settings

Incoming Mail Server (POP3) - pop3.email.msn.com (port 110, using Secure Password Authentication - SPA)
MSN Outgoing Mail Server - smtp.email.msn.com ("My outgoing server requires authentication" කියන කොටස තෝරන්න ඕනේ)

Lycos Mail Settings

Incoming Mail Server (POP3) - pop.mail.lycos.com (port 110)
Outgoing Mail Server - smtp.mail.lycos.com

AOL Mail Settings

Incoming Mail Server (IMAP) - imap.aol.com (port 143)
Outgoing Mail Server - smtp.aol.com

Mail.com Mail Settings

Mail Incoming Mail Server (POP3) - pop1.mail.com (port 110)
Outgoing Mail Server - use your local ISP SMTP mail server

Netscape Internet Service Mail Settings

Incoming Mail Server (POP3) - pop.3.isp.netscape.com (port 110)
Outgoing Mail Server - smtp.isp.netscape.com (port 25, using a secure SSL connection)

Tiscali Mail Settings

Incoming Mail Server (POP3) - pop.tiscali.com (port 110)
Outgoing Mail Server - use your local ISP SMTP mail server

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive