සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 5 November 2012

How to Use Computer

ඕනේම දෙයක් ආවාට ගියාට බාවිතා කිරීමෙන් අහිතකර ඵල විපාක විදින්න වෙන බව ඔයාලා අත්දැකීමෙන් දන්නවා ඇති. ඉතින් මේ වෙන කොට ජීවිතේ කොටසක් වෙලා තියන පරිගණකයත් ආවාට ගියාට පරිහරණයෙන් දීර්ඝකාලීන ආබාධ ඇති වෙන්න පුලුවන් බව පරීක්ශණ මගින් සොයාගෙන තියනවා. ඉතින් මෙ ගැන අන්තර්ජාල සෙවුමක්දී හොද විස්තර ටිකක් හම්බුනා. ඔයාලගේ දැනගැනීම වෙනුවෙන් ඒ ගැන විස්තර කරන්නම්. 


මේ ක්‍රියාවලිය එහෙම නැත්නම් පරිගණකයක් නිසි ආකාරයෙන් බාවිතා කරන්නේ කොහොමද කියන ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම පොදුවේ හදුන්වන්නේ HUMAN ENGINEERING/ERGONOMICS කියන නමින්. එහිදී පරිශීලකයාගේ පරිගණක බාවිතය, ඒ වෙන්වෙන් වැය කරන කාලය, බාවිත කරන උපකරණ, වැඩ කරන පරිසරය වගේ කරුණු සැලකිල්ලට ගන්නවා 

ඉතින් මෙහිදී යතුරු පුවරුවේ පිහිටීම, මොනිටරයේ පිහිටීම හා පරිශීලකයාගේ ඉදගැනීමේ පිලිවෙල කියන කරුණු ටික ගැබුරින් විශ්ලේෂණය කරනවා පහල රූපය බලන්න. මුලින්ම් ඔයාලා වැඩ කරන ස්තානයේ හෝ නිවසේ පරිගණකය ඇති තැන ගැන සිතේ තබාගන්න. දැන මේ රූපයේ රතු පැහැයෙන් කතිර වලින් දක්වලා තියන දේවල් වලට අවදානය යොමු කරන්න. 


මොකද හිතෙන්නේ? අඩුම තරමින් මේ රතු කතිර වලින් කීපයක් හරි ඇති නේද? මේ හැම එකකින්ම වෙන්නේ අපිට හානියක් මිසක් වාසියක් නෙමෙයි. අපහසුවෙන් වැඩ කිරීම කියන්නේ දීර්ඝ කාලීන ආබධ වලට අත වැනීමක් කියලා ඔයාලට මේ රූපය දැක්කාම තේරෙනවා ඇතිනේ. ඉතින් මේ කතිර ටිකත් හිතේ තියාගෙනම අපි ඉදිරියට යමු.. 

පරිගණකයක ප්‍රදාන කොටසක් තමයි පරිගණක තිරය එහෙම නැත්නම් මොනිටරය කියන්නේ. ඉතින් මේ මොනිටරය බාවිතයට අපහසු ආකාරයෙන් තියනවා නම් එය ශරීරයේ කොටස් කීපයකට අබාධ ඇති කරනවා. ප්‍රධාන වශයෙන් අපේ කොදු නාරටියේ ආරම්බයට එහි බලපෑමක් තියනවා. පහල රූපය බලන්න. 


ඉතින් ඔයාලගේ පරිගණක මොනිටරයත් මේ ආකාරයෙන් තියනවා නම්, 
  • ඔයාලගේ අත දික් කල විට මොනිටරයේ හරි මැදට තියෙන ආකාරයෙන් 
  • පිටුපසින් බැලූ විට හිස දෙපසින් සමානව මොනිටරය පෙනෙන ආකාරයෙන් 
  • ඇසේ ඉහල කෙලවරින් හා පහල කෙලවරින් නිසි ආකාරයෙන් මුලු මොනිටරයම් පෙනෙන ආකාරයට 
සදා ගන්න. ලස්සන ඇස් දෙක නිකරුනේ විනාශ කරගන්න් එපා. පහල රූපය බලන්න. බලන්න් කොල පාර රවුමෙන් දක්වලා තියන ස්තානයන්. කොදුඇට පෙල ආරම්බයට ඉන් හානියක් නොවන බව ඔයාලට පැහැදිලියි නේද? 


පරිගණක බාවිතයේදී අපි එක් එක් ඉරියවු තෝරාගන්නවා. ඉදගෙන නිදාගෙන හෝ ලැප්ටොප් එකක් නම් උකුල මත තබාගෙන යනාදී වශයෙන්. ඉතින් නිවැරදි ආකාරයෙන් ඉදගන්න පුරුදු වෙන්න.නිසි ආකාරයෙන් වාඩි නොවීම  කොදුඇට පෙලේ ආබාධයන් වලට හේතු වෙනවා. පහල රූපය බලන්න. කොදුඇට පෙලේ මැදට වන්න තමයි මේ ආබාධ තත්වය ඇති වන්නේ. ඒ වගේම කකුල් වලට එක් එක් දේවල් තබාගෙන වාඩි වෙන්න එපා. 


මේ ආකාරයේ ආබාධ වලින් මිදීමට, 
  • නිසි ආකාරයෙන් වාඩි වන්න 
  • සීට් එක් කුෂන් කරලා නම් වඩා හොදයි 
  • ඒ වගේම පුටු ඇන්ද එහෙ මෙහෙ කල හැකි ආකාරයෙන් පවතිනවා නම් ඉතාමත් හොදයි 


මේ පහල රූපය බලන්න. නිසි ආකාරයෙන් වාඩි උනාම මේ රූපයේ වගේ තියෙන්න ඕනේ. බලන්න් කලින් වේදනා දුන්න කොදු ඇට පෙල දැන් නිසි ආකාරයෙන් පවතින හැටි. 


උස් පුටු බාවිතා කරන්න එපා. නිතරම පුටුවේ වාඩි උනාම අපේ යටිපතුල් බිම වදින්න ඕනේ. ඇගිලි වලින් ඉන්නව නම්  ඒක වැරදි. 


ඔබේ යතුරු පුවරුව පහල රූපයේ ආකාරයෙන්ද තියෙන්නේ? අත් වකුටු කරගෙනද ටයිප් කරන්නේ? එහෙනම් ඉක්මනින්ම වැලමිටේ ආබාධ එන්න පුලුවන්. අනික මං ගොඩක් දැකලා තියනවා ටයිපින් පුරුදුවන මුල් කාලෙත් තනි අතින් කොට කොට පුරුදු  වන අය. එහෙම කරන්න එපා. සිංහල හරි ඉංග්‍රීසි හරි පුරුදුවෙනවා නම් නිසි ආකාරයෙන් අත් දෙකම තියාගෙන පුරුදු වෙන්න. 


  • යතුරු පුවරුව තමන්ගේ උකුලට මදක් උඩින් තියාගන්න. 
  • පුටුවේ උස් පහත් කිරීම් කරගන්න 
  • නිතරම අත් දිග හැර ටයිප් කිරීමට හැකි ආකාරයෙන් පුටුව තබ ගන්න 



පහල රූපය බලන්න. මේ වගේ වැඩ අපි උනත් හදිස්සියට කරනවා නේද? නමුත් පුරුදක් ලෙසින් කෙහෙම කරන්න එපා. 




මේ හැම දෙයක් වගේම පහල කරුණුත් වැදගත්, 
  • ඔයාලා පරිගණක බාවිත කරන ස්තානයේ උශ්ණත්වය 
  • උණුසුම පිට කරන වෙනත් උපකරණ තියනවාද  යන වග 
වායුසමීකරණ බාවිතා නොකරනවා නම් හොද පෑන් එකක් බාවිතා කරන්න. ඒත බැරි නම් හොදින් වාතය ලැබෙන්න කවුලු ඇරලා තියන්න. ඒ වගේම වතුර පිරුන බදුනක් තබාගන්න පුලුවන් නම් හොදයි මොකද ඉන් වාතයේ ආර්ද්‍රතාවය රැකෙනවා. 


ඒ වගේම වෙනත් පරාවර්තනයන් ඔබගෙ මුහුණට හෝ මොනිටරයට වැටෙනවා නම් ඉන්න කෝනය වෙනස් කරන්න. පහල රූපය බලන්න. ඉර එලිට මොනිටරයට වැටෙනවා නම් මොනිටරේ හරියට පේන්නේ නෑ වගේම මොනිටරයෙන් පරාවර්තනය වන හිරු එලියේ අඩංගු අහිතකර කිරන වලින් ඇස් ආබාධ  ඇති වෙන්න පුලුවන් 

ඒ වගේම පරිගණක මූලිකාංග වලට අමතරව බාවිතා කරන වෙනත් උපකරන නිසි ආකාරයට තබාගන්න. ටෙලිපෝන් වැනි දේවල් උදාහරණ ලෙසින් ගන්න පුලුවන්. 


ඉතින් දවසේ වැඩි කාලයක් ඔයාලා ඉන්නේ පරිගණකය එක්ක නම්, 

  • විනාඩි 15 - 20 වතාවක් වත් පුටුවෙන් නැගිටින්න 
  • පරිගණකයට එක් දිගට බාවිතා කර එක් වරම දීප්තිමත් දේවල් දිහා බලන්න එපා. 
  • කොල පැහැති පසුබිමක් දිහා බලන්න. නැත්නම් කොල පැහැති ඩෙක්ස්ටොප් ඉමේජ් එකක් දාගන්න 
  • පහල රූපයේ දක්වා ඇති ආකාරයට කෙටි වියායාමයන් කරන්න 



ඉතින් අවසාන වශයෙන් ඔයාලා මේ උපදෙස් පිලිපදිනවා නම් මුලින් තිබුන සියලුම රතු කතිර ඉවත් වී මේ  පහල රූපයේ ආකාරයෙන් කොල පැහැති වෙලා තියෙන්න් ඕනේ. 


පරිගණක බාවිතයත් ආවට ගියට කරන්න බැ නේද? නොදැනුවත් කමින් හරි නොසැලකිල්ල් නිසා හරි මේවා කලා නම් ටික ටික හරි මේ වැරදි වලින් මිදෙන්න උත්සාහා කරන්න. සුබ දවසක්...! 

මූලාශ්‍රය - අන්තර්ජාලය 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

3 comments:

Anonymous said...

niyamai bn fattai a..digatama karagena yanna(y) max a.:)

prabath gamage said...

wadagath Deawal mewa kisima kenak mewa gana etharam danuwathwa innawada hitiyath a vidiyata kriya karanawada kiyana ekanam mata sahimakata path wenna ba.mewage dewal apata kiya denawata obata Pin wagema Dirga ayusha prarthana karanawa.Budusaranai!!

Anonymous said...

දන්න දේ ටිකක් හරි කියලා දෙන්නයි මගේ උත්සාහය.. ඔයාලා බලලා මොනව හරි ඉගෙන ගන්නවා නම් මගේ උත්සාහය සාර්ථකයි.. බොහොම ස්තුතියි ප්‍රභාත ගමගේ සහ Anonymous

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive