සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Friday 6 December 2013

Happy Retirement XP

2001 ඔක්තෝම්බර මස 1 දින සාමාන්‍ය පරිශීලකයන්ගේ භාවිතයට ඉදිරිපත් කළ වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතිය අද වන විටත් ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය වී ඇත්තේ වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතිය පරිශීලකයාට සුහදශීලී සේවාවක් සැපයීම නිසා බව නොරහසක්.  ඒ කෙසේ වෙතත් වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතියට සපයන තාක්ෂණික සහය පවා නවතා දැමීමට මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම් වන බව පසුකාලයේ දැනගන්නට ලැබුනා. 
එයට හේතු සාධක ගණනාවක් තිබුණත් ප්‍රධානම සාධකය වුණේ නවීකරණය වන අනෙකුත් විරුත කේත මෙහෙයුම් පද්ධති සමග තරග කිරීමට හැකි සහ නිර්මාණය වන නව දෘඩාංගයන් වලට ගැලපෙන ආකාරයෙන් තම මෙහෙයුම් පද්ධතිය යාවත්කාල කිරීමට සිදුවීමයි. 

ඒ කෙසේ නමුත් වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතියෙන් හිස්වන ස්ථානය ලබාදීමට සූදානම් වන්නේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියටයි. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය සාර්ථක මෙහෙයුම් පද්ධතියක් ලෙසින් ඉදිරියට යන ආකාරයක් දැකගන්න ලැබෙන බව ලෝක මට්ටමේ සංගණනවලින් දැකගන්න පුලුවන්. 

ඒ අතරින් සංඛ්‍යාත්මක ලෙසින් ගත් කළ 
  • මිලියන 100 ක බලපත්‍ර ප්‍රමාණයක් මේ වන විට අලෙවි කර තිබීම 
  • වින්ඩෝස් 8 හරහා ලබාදෙන Sky Drive සේවාව මේ වන විට මිලියන 250 දෙනා භාවිතයට ගැනීම 
  • පසුගිය මාස 6 තුළ වින්ඩෝස් ඇප් ස්ටෝර් මගින් මිලියන 250 ඇප්ස් භාගත කරගෙන තිබීම 

වැනි දේ දක්වන්න පුළුවන්. පහතින් දැක්වෙන්නේ අන්තර්ජාලයේ සැරිසරද්දි ඒ සම්බන්ධයෙන් දක්නට ලැබුණු ඉමේජයක්. 




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Wednesday 4 December 2013

Windows 8.1 Update Key

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන වින්ඩෝස් 8 හි යාවත්කාල වීමක් මේ දිනවල ලබාදීලා තියෙනවා කියලා ඔයාලා දන්නවා ඇති. වින්ඩෝස් 8 ස්ථාපිත කරලා තියෙන පරිගණක වලදී මේ ආකාරයෙන් යාවත්කාල වීමක් ඇති බවත් එය භාගත කරගන්නා ලෙසත් දැක්වෙන පණ්විඩ දකින්න ලැබෙනවා. ඉතින් මේ යාවත්කාල වීම වින්ඩෝස් 8.1 ලෙසින් සදහන් කර ඇති අතර එයට වින්ඩෝස් බ්ලූ ලෙසින් කේත නාමයක් ලබාදී තිබෙනවා.

එසේම වින්ඩෝස් 8 ස්ථාපිත කර ඇති පරිගණකයකදී වින්ඩෝස් 8.1 ස්ථාපිත කිරීම සදහා කී එකක් අවශ්‍ය වන්නේ නෑ, එහිදී සිදුවන්නේ වින්ඩෝස් අප්ඩේට් වීමක් පමණයි. අවශ්‍ය නම් පරිගණකයේ ඇති පෞද්ගලික ගොනු සියල්ලම ඒ ආකාරයෙන්ම තබාගෙන වුනත් මේ අප්ඩේට් කිරීම සිදුකරගන්න පුලුවන්.



නමුත් අලුතින්ම වින්ඩෝස් ස්ථාපිත කරන්නේ නම් වින්ඩෝස් 8.1 වලට අදාළ කී එකක් භාවිතා කරන්න වෙනවා. මයික්‍රොස්ප්ට් මගින්ම ඒ සදහා වූ කී දෙකක් හදුන්ව දී තිබෙනවා.

Windows 8 (core): 334NH-RXG76-64THK-C7CKG-D3VPT
Windows 8 PRO: XHQ8N-C3MCJ-RQXB6-WCHYG-C9WKB

ඉතින් මේ කී දෙක භාවිතා කර වින්ඩෝස් 8.1 අප්ඩේට් එක හෝ 8.1 නව ස්ථාපිත කිරීම සම්පූර්ණ කරගන්න පුලුවන්. පහත රූපවලින් අදාළ පියවරයන් දක්වා තිබෙනවා.







වින්ඩෝස් වලදී කී එක පහත පියවර අනුව සරලව වෙනස් කරගන්න පුළුවන්. මුලින්ම PC Setting වලට යන්න.  Change product Key තෝරන්න. ඉන්පසුව ඉහතින් ලබාදුන් කී වලින් අදාළ කී එක ලබාදෙන්න.









About the author
Eranda Dayawansa Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Torch Web Browser

වීඩියෝ බාගත කරගැනීම් සිදුකරගැනීමට බොහෝදෙනා භාවිතා කරන්නේ IDM මෘදුකාංගයි. ඒ හරහා ටොරන්ට් ෆයිල් භාගත කරගැනීමත් කරගන්න පුලුවන්. එසේම එක් එක් වෙබ් බ්‍රව්සරයන් හරහා වීඩියෝ හා ටොරන්ට් ෆයිල් භාගත කරගන්න ෆ්ලගින්ස් ලබාදීමක් සිදු කරනවා. නමුත් මේ සියල්ල එක් කළ වෙබ් බ්‍රව්සරයක් නිර්මාණය කර තිබෙනවා. ඒ Torch වෙබ් බ්‍රව්සරයයි. එය පහත ලිංකුවෙන් බාගත කරගන්න පුලුවන්.



http://www.torchbrowser.com/


ඒ හරහා බාගත කරගන්න ගොනුව සරල පියවර කීපයකින් පරිගණකයට ස්ථාපිත කරගන්න පුලුවන්.


එසේම ඔබ ටොරන්ට් මෘදුකාංගයක් බාවිතා කරනවා නම්, ඒ කියන්නේ Bit-torrent  වගේ මෘදුකාංගයක් ස්ථාපිත කරල තියෙනවා නම් ඒ මෘදුකාංගයේ සහයක් නොලබාම වෙබ් බ්‍රව්සරය හරහා අදාළ ටොරන්ට් භාගත කරගැනීමට නම් පහත රූපයේ දක්වා ඇති ආකාරයෙන් සැකසුම් සකස් කරගන්න.


අවසානයේ පහත රූපයේ ආකාරයෙන් Torch වෙබ් අඩවිය විවෘත වෙනවා. වෙබ් අඩවියෙන් අදාල සේවාවන් බොහොමයක් නිවෙස් පිටුවෙන්ම සලසන බව පහල රූපයෙන්ම දැකගන්න පුළුවන්.


ඉන්පසුව යම් වෙබ් අඩවියකට පිවිසුනු පසුව එහි වීඩියෝඔ ගොනුවක් ඇති නම් බ්‍රව්සරයේ ඉහළ කෙලවර දක්නට ඇති අයිකනයන් මගින් අදාළ බාගත කරගැනීම් කරගන්න් පුලුවන්.


ඉතින් ටොරන්ට් ගොනුවක් වේවා ඕනෑම පෝමැට් එකක වීඩියෝවක් වේවා වෙනත් මෘදුකාංගයක් නොමැතිව සරළවම පරිගණකයට භාගත කරගැනීමේ හැකියාව මේ බ්‍රව්සරයෙන් පවතිනවා.
 

ඒ වගේම මෙම වෙබ් බ්‍රව්සරය පාදක කරගෙන තියෙන්නේ Google Chrome වෙබ් බ්‍රව්සරයේ කේත සටහන් නිසා Chrome වල පවතින සැකසුම් සේම Chrome වලදී ලැබෙන වේගයට වඩා වැඩි වේගයක් මේ මගින් ලබාගන්න පුලුවන්.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Friday 20 September 2013

Recovery Console

දත්ත කියන්නේ ආයතනමය වශයෙනුත් පුද්ගලමය වශයෙනුත් මේ ලෝකේ තියෙන වටිනාම දෙයක් කියලයි මට හිතෙන්නේ. දත්ත නැතිවීමේ අත්දැකීම් ඔයාලටත් ඇති. ඒකට විවිධ හේතු බලපාන්න ඇති. පෙන් එකක දත්ත වෛරස් නිසා නැතිවෙන්න ඇති. අමතක වෙලා මකල දාන්නා ඇති. මේ වගේ හේතු ගණනාවක් නිසා වටිනා දත්ත නැතිවීම කියන්නේ හරිම කරදර දෙයක්. ඉතින් මේ දත්ත සුරක්ෂිත කිරීම අරබයා එක් එක් ආකාරයේ ක්‍රමෝපායන් අද දැකගන්න පුලුවන් වගේම ඒ නැතිවුණ දත්ත නැවත ලබාගැනීමේ ක්‍රමෝපායන්ද දැකගන්න පුල්වන්. ඒ සියල්ල පොදුවේ වැටෙන්නේ Disaster Recovery කියන ගණයටයි. 

එක් එක් පරිගණක පද්ධති වලදී එක් එක් ආකාරයේ Disaster Recovery ක්‍රියාවලීන් දැකගන්න පුලුවන්. නමුත් ආයතනිකමය වශයෙන් Disaster Recovery වලදී අපි භාවිතා කරන්නේ DR Site එකක්. එහිදී සිදුවන්නේ මූලික දත්ත ඇති ස්ථානයේ පරිගණක වල තොරතුරු සියල්ල ඒ හා සමාන පරිගණක වලදී වෙනත් ස්ථානයක තැම්පත් කිරීමයි. හරියටම මේක පයිල් එකක කොපියක් තියාගන්නවා වගේ.  

ඉතින් අපි බලමු වින්ඩෝස් ස්ර්වර් මෙහෙයුම් පද්ධතියක් හරහා මේ ආකාරයේ Disaster Recovery ක්‍රියාවලියකට යන්නේ කියලා. මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත වන මුල් අවස්ථාවේදී මේ හා සම්බන්ධ සැකසුම් ස්ථාපිත වීමක් සිදුවන්නේ නෑ. ඒ නිසා ක්‍රියාත්මක වන සර්වර් මෙහෙයුම් පද්ධතියකදී අපිට පුළුවන් මෙහෙයුම් පද්ධතියට අදාළ වන CD එක් හරහා මෙම Disaster Recovery පහසුකම සක්‍රීය කරගන්න. 

එහිදී අපිට හැකියාව තිබෙනවා පහල විධානය DOS වලදී භාවිතා කරන්න.

 e:\i386\winnt32 /cmdcons 



ඉන්පසුව එම විධානය ක්‍රියාත්මක වී Disaster Recovery  පහසුමක ස්ක්‍රීය කරන්නද කියලා අහනවා. එයට Yes ලෙසින් ලබාදුන් පසු පහල රූපයේ ආකාරයෙන් ස්තාපිතවීම ඇරබෙනවා. 

 
මෙසේ ස්ථාප්තවීම අවසන් වූ පසුව අපිට හැකියාව් තියෙනවා අදාළ Recovery Console එක වෙත න්1 පරිගණකය බූට්වෙන මුල් අවස්ථාවේදීම පහල රූපයේ ආකාරයෙන් Recovery Console එක වෙත පිවිසීමේ හැකියාව ලබාදෙන මෙනුවක් දකින්න ලැබේවි. 


ඉන්පසුව අපිට Recovery Console එක හරහා විදාන භාවිතා කරමින් Recovery කිරීමක් සිදුකරන්න පුලුවන්


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Wednesday 18 September 2013

Software Update Services (SUS)

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නන් හට වැදගත් වෙන යෙදුමක් ලෙසින් Software Update Services (SUS) සේවාව හදුන්වන්න පුළුවන්. මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය හරහා ක්‍රියාත්මක වෙන මෘදුකාංග වෙනුවෙන් යාවත්කාල කිරීම ලබාදීම මේ හරහා සිදු වෙනවා. මෙම Software Update සේවාව ක්‍රියාත්මක වන පරිඝණකය අදාළ පරිගණක ජාලයේ  Update Server එකක් ලෙසින් ක්‍රියාත්මක වෙනවා වගේම එයින් අනෙක් පරිඝණක වලට අදාළ යාවත්කාල වීම් ලබාගැනීමෙ හැකියාව පවතිනවා.

අදාළ යාවත්කාලවීම් ඉබේම Update Server එක වෙත භාගත වී ඉන් පසුව අනෙක් පරිඝණක වෙත බෙදා හැරීමක් සිදු වෙනවා. ඒ වගේම Update Server එක ලෙසින් භාවිතා කරන පරිඝණකයේ යාවත්කාලවීම් ස්ථාපිත කිරීම හෝ නොකර ඉවත් කිරීමේ හැකියාව අදාළ පරිඝණකයේ administrator හට ලැබෙනවා. සරළවම කියනවා නම් මෘදුකාංග යාවත්කාල වීම ලබාගැනීම හෝ නොගැනිම පරිඝණකයේ ඇඩිමින් හට තීරණය කරන්න පුලුවන්. 

Software Update Services (SUS) සේවාව බොහොමයක් මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධති වලදී සහය දක්වනවා. පහතින් දක්වලා තියෙන්නේ එම මෙහෙයුම් පද්ධති හා සහය දැක්වීමේ ප්‍රවණතාවයයි.



Software Update Services (SUS) සේවාවක් ක්‍රියත්මක නොවන පරිගණක ජාලයකදී නම් අදාළ යාවත්කාලවීම් එක් එක් පරිශීලකයා විසින් තනි තනිව භාගත කරගන්න ඕනේ. ඒක සමහර අවස්ථාවලදී පරිගණක ජාලයේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරන්න පුලුවන්. අපි බලමු කොහොමද මේ Software Update Services (SUS) පරිගණකයකට ස්ථාපිත කරගන්නේ කියලා. 

මුලින්ම මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියේ Software Update Services (SUS) බාගත කිරීම් වලට අදාළ කොටසට පිවිසෙන්න. 





ඉන්පසුව බාගත වන ගොනුව පරිගණකයට ස්ථාපිත කරගන්න. 


සරළ පියවර කීපයකින් මෙය ස්ථාපිත කරගන්න පුලුවන්. අතරමගදී Custom ලෙසින් තෝරා ගන්න. 


එතනදී අපිට ඕනේ කරන්නේ අදාළ මෘදුකාංග යාවත්කාල වීම භාගත වෙන්න ඕනේ කොහෙටද කියන එක තෝරාගන්නයි. 


ඉන් පසුව භාගත කරගැනීමට ඕනේ කරන භාෂාව තොරාගන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව එක් එක් මෘදුකාංග වල යාවත්කාලවීම් එක් එක් භාෂාවන් වෙනුවෙන් එළිදක්වන අවස්ථාද තිබෙන නිසයි.


ඉන් පසුව අපිට Next ක්ලික් කිරීමෙන් ඉදිරි පියවර වලට යොමු වෙන්න පුලුවන්. 


ඊළග පියවරේදී අපිට හැකියාව ලැබෙනවා අපි භාගත කරගන්නා වූ යාවත්කාල වීම් තෝරාගැනීමට. ඒ සදහා ඉහත රූපයේ ආකාරයෙන් "I will Manually approve... "  යන සැකසුම තෝරාගන්න. 


අවසානයේ Install ක්ලික් කිරීම මගින් මෙම සේවාව පරිගණකයට ස්ථාපිත කරගන්න පුලුවන්. මීළගට අපි බලමු කොහොමද මෙම සේවාවේ ඉතිරි සැකසුම් සකස් කරගන්නේ කියලා 

පරිගණකයේ IIS සැකසුම් සකසා තියෙනවා නම් අපිට පුලුවන් internet explore වල http://localhost/susadmin/ ලෙසින් සටහන් කර පහත රූපයේ ආකාරයෙන් සැකසුම් පිටුව වෙත පිවිසෙන්න. 





Set Option යටතේ ප්‍රොක්සි සර්වර් එකක් බාවිතා වෙනවා නම් ඊට අදාළ වන සැකසුම් සකස් කිරීම මෙහිදී සිදුකරගන්න පුළුවන්. 


Synchronize server යටතේදී ප්‍රධාන සර්වරය හා දත්ත හුවමාරු කරගන්නා ආකාර දෙකක් ලබාදී තිබෙනවා. එය මේ මොහොතේම සිදු කරගන්නට හෝ පසුව සිදුකරගන්නට පුළුවන්. 

  
Synchronize Now තේරුවොත් ඒ මොහොතෙම දත්ත බාගතවීම ආරම්භ වෙනවා ඉහළ රූපයේ ආකාරයෙන්. අවසානයේ පහත රූපයේ ආකාරයෙන් අප සැකසුම් සකස් කළ පරිගණකය වින්ඩෝස් අප්ඩේට් සර්වරයත් සමග සමාන ආකාරයෙන්ම යාවත්කාල වී ඇති බව දන්වමින් මෙම පණිවිඩය ලබා දෙනවා. 


ඉතින් අපිට් ඊලගට බලන්න පුලුවන් මොනවද අපිට අලුතින් ලැබිලා තියෙන් යාවත්කාල වීම් කියලා. ඒකට අපිට පුළුවන් Approve Update කියන ලින්කුවෙන් විස්තර බලාගන්න. 


ඉතින් මේ බාගත කිරීම් ඕනේම එකක් ඉන් පසුව පරිගණක ජාලයේ ඇති ඕනෑම පරිගණකයකට ලබාගැනීමේ හැකියාව පවතිනවා. මෙම පරිගණකයේ ඇඩ්මින්ට ඒව පාලනය කිරීමේ හැකියාව පවතිනවා 




About the author
Eranda Dayawansa -MBCS
is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Tuesday 10 September 2013

GPS - Global Positioning System

GPS එහෙම නැතිනම් Global Positioning System කියන එක මේ වෙනකොට මිනිසුන්ට ඉතාමත් වැදගත් දෙයක් වෙලා තියෙනවා. අද එනකොට GPS නැති ජංගම දුරකථනයක් TAB එකක් හොයාගන්නත් අපහසු තත්ත්වයට මේ GPS කියන දේ පැතිරිලා ගිහින්. ඉතින් මටත් උවමනාවක් වෙලා GPS  බාවිතා කරන්න ගත්තාම නිකමට වගේ හිතුනා ඒ ගැන විස්තර ටිකක් හොයන්න. අපි ඉතාමත් පහසුවෙන් GPS  භාවිතා කළත් එහි ක්‍රියාකාරීත්වය නම් භාවිතාවේ පහසුව තරම් සරළ වන්නේ නෑ

සියලුම GPS උපකරණ ක්‍රියාත්මක වන්නේ space-based satellite navigation පද්ධතියක් හරහායි. එහෙම නැතිනම් සරලවම කියනවා නම් ඉහලින් රදවලා තියෙන සැටලයිට් කීපයක් හරහායි මේ GPS ක්‍රියාත්මක වෙන්නේ. මුලින්ම මෙහෙම් පද්ධතියක් නිර්මාණය කරන්න ඕනේ කියලා හිතලා ඒ ගැන අධ්‍යයනය කරන්න පටන් අරන් තියෙන්නේ 1973 දී තරම් ඈත කාලෙදි. නමුත් 2005 දී තමයි පළමු GPS සැටලයිට් එක යවන්න පුලුවන් වුණේ. ඉතින් 2005 න් පස්සේ මේ තාක්ෂණය වේගයෙන් දියුණු වුණා. මේ ආකාරයේ ජාලයක් නිර්මාණය වන බව ශේෂ්ඨ විද්‍යා ගවේශකයෙක් වූ ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහත්තයත් GPS හැදෙන්න කාලෙකට ඉස්සර කිවුවා එකිනෙකට සමාන දුරකින් පිහිටි චන්ද්‍රිකා 3 ක් හරහා වෘත්තාකාර වූ මුලු පෘතුවියම ආවරණය වන ජාලයක් නිර්මාණය කිරීම තමයි GPS වල මුලික අරමුණ වුණේ

ඉතින් අපි බලමු කොහොමද මේ GPS වැඩකරන්නේ කියලා 



කැරකෙන පෘතුවිය වටා නිශ්චිත දුරකින් ස්ථානගත කරලා තියෙන චන්ද්‍රිකා ගණනාවක් (මුලින්ම 27 තිබුණා. නමුත් දැන් වැඩ කරන්නේ 24යි) නිරන්තරයෙන්ම පෘතුවිය වටා බ්‍රමණය වෙමින් පවතිනවා. කිසියම් ලක්ෂයක් ගත්විට පෘතුවියේ අනාතියත් සමග ඉහළ රූපයේ දැක්වෙන ආකාරයෙන් සෑම මොහොතකදීම දැනට ස්ථාපිත කර ඇති චන්ද්‍රිකා වලින් අවම වශයෙන් 5 ක සන්නිවේදනයන් ග්‍රහණය කරගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් GPS තාක්ෂණයේදී කිසිම වේලාවක සබදතා බිදවැටීමක් දක්නට නොලැබෙන්නේ මේ නිසයි. 

අවසානයේදී වෙන්නේ අපි තෝරගත් ලක්ෂයක අක්සාංශ සහ දේශාංස ඉතාමත් නිවැරදිව අදාළ චන්ද්‍රිකාවේ සුරක්ෂිත වීමයි. ඉන්පසුව අන්තර්ජාලය හරහා හෝ වෙනත් උපකරණයක් හරහා හෝ GPS මගින් අදාල ස්ථානය ගැන විස්තර ගවේශණයේදී ලබාදෙන්නේ අර චන්දිකා වල සුරක්ෂිත වුණ දත්තයන් 

ඉතින් දැන් මෙහි වටිනාකම ඔයාලට පේනවා ඇති. අපි නොදන්නා වූ ඕනේම තැනක් අපිට බලාගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් මාර්ග වල සිතියම් බලාගැනීමේදී, ස්ථාන දෙකක් අතර දුර බලාගැනීමේදී වැනි දේවල් වලට මේ GPS සමග එම මැප් එක බාවිතා වෙනවා.  මැප් එක බාවිතා කරන එක වඩාත් ජනප්‍රිය වුණේ Google Earth කරළියට ආවට පස්සෙයි ඒහිදිත් මූලිකවම භාවිතා කලේ මෙම GPS තාක්ෂණයයි 

ඉන් පසුව ඒ තාක්ෂණය Navigation පද්ධති සදහා බාවිතා කරන්න වුණා. ඒ හරහා තමන් ඉන්නා තැන කොතැනද යන්න නිවැරදිව හදුනාගැනීමේ හැකියාව හා ආසන්නව පවතින අක්සාංශ හා දේශාංශ 40 ක දත්ත ඉතාමත් නිවැරදිව කියවීමේ හැකියාව පැවතිණා. 

මේ ආකාරයෙන් අදවන විට විශාල පරාසයක විහිදුන දත්ත සමුදායකින් යුතු GPS පද්ධතිය දැනට ලෝකයේ පවතින විශාලතම දත්ත එකතු වලින් එකක් ලෙසිනුයි සලකන්නේ, ලෝකයේ ඕනෑම රටක මාර්ගයක් විශේෂ ස්ථානයක් භූ පිහිටීමක් මේ මගින් ඉතාමත් සාර්ථක සොයාගැනීමේ හැකියාව පවතිනවා. 

ඉතින් මුල් කාලීනව තිබුණ හැමදේම දියුණු වෙලා අද වෙනකොට GPS සේවාවන් ජංගම දුරකථන වෙත ලබාදෙන ලෝකයේ ප්‍රමුක අන්තර්ජාල සේවාවන් පවතිනවා. එයිනුත් පහතින් දක්වලා තිබෙන GPS සර්වර් වල සැකසුම් ඔබගේ ජංගම දුරකතනයෙන් භාවිතා කිරීමෙන් වඩා වේගවත් හා නිවැරදි වූ දත්ත ලබාගැනීමේ හැකියාව පවතිනවා

Google Server
ServerIP =74.125.77.192
ServerURL = supl.google.com හෝ = mobile-agps.l.google.com

Nokia Server
ServerIP = 83.150.75.211
ServerURL = Supl.Nokia.com හෝ = default.nokia.supl.geodns.fi

Sony Ericsson Server
ServerIP = 212.209.45.84
ServerURL = Supl.sonyericsson.com

HTC Server
ServerIP = 194.51.71.14
ServerURL = geoloc2.sfr.fr 

ඉතින් මේ වගේ සැකසුම් යොදා ගැනීමේන් සාර්ථක GPS බාවිතා කිරීමේ හැකියාවක් ලැබෙනවා සේම හොද අත්දැකීමක් ලබාගන්නත් පුලුවන් වෙනවා. සුභ දවසක්....! 


About the author
Eranda Dayawansa -MBCS
is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Wednesday 10 July 2013

CCNA® 10 - Main Router Command

දැන් ඔයාලට රවුටරයේ CLI එක හරහා විදාන ලබාදෙමින් එක් එක් වෙනස්කම් කරන්න පුලුවන් ඇති කියලා හිතනවා. ඉතින් ඉදිරි වැඩ සදහා ඕනේ කරන තවත් විදාන කීපයක් ගැන ඉගෙන ගෙනම ඊලග පාඩම් වලට ගියොත් හොදයි කියලා හිතුන නිසයි අතරමගදී මේ ආකාරයෙන් ආයෙමත් විදාන ගැනම ලියන්න හිතුනේ. මොකද මේ හැම විදානයක්ම අපිට රවුටරයක් වින්‍යාසගත කිරීමේදී අතරගමදී බාවිතා කරන්න විදු වෙන නිසා දැන් දැන්ම දැනගෙන ඉන්න එක තමයි හොද.



show version 

කලින් පාඩමකදී අපි කතා කලා show version කියන විදානය ගැන. ඒ හරහා දැනට රවුටරයේ බාවිතා වන Configuration Register value, IOS image එකේ තොරතුරු රවුටරයේ දෘඩාංග වල විස්තර වැනි දේ දීර්ඝව බලාගන්න පුලුවන්. 

Router>show version
Cisco IOS Software, 2800 Software (C2800NM-ADVIPSERVICESK9-M), Version 12.4(15)T1, RELEASE SOFTWARE (fc2)
Technical Support: http://www.cisco.com/techsupport
Copyright (c) 1986-2007 by Cisco Systems, Inc.
Compiled Wed 18-Jul-07 06:21 by pt_rel_team
cisco 2811 (MPC860) processor (revision 0x200) with 60416K/5120K bytes of memory
Processor board ID JAD05190MTZ (4292891495)
M860 processor: part number 0, mask 49
2 FastEthernet/IEEE 802.3 interface(s)
239K bytes of NVRAM.
62720K bytes of processor board System flash (Read/Write)

Configuration register is 0x2102


show history

මේ විදානය හරහා කලින් අපි රවුටරය එක්ක් ගණුදෙනු කරන්න භාවිත කළ විදාන සියල්ලම බලාගන්න පුලුවන්. ඒ කියන්නේ විදාන වල ඉතිහාසය. හදිසියේවත් රවුටරයේ වෙනස්කමක් වෙලා හරි වෙනත් කෙනෙක් ලොග් වෙලා වෙනස් කමක් කරලා හරි තියෙනවා කියලා හිතෙනවා නම් මේ විදානය හරහා ඒ සියලුම විදාන බලාගන්න පුලුවන්.

Router#show history
show history
show clock
copy running-config startup-config
erase write
erase startup-config
show history
Router#

show run

මේ විදානය බාවිතා කිරීමෙන් අපිට පුලුවන් Running Configuration එක ගැන විස්තර බලාගන්න. 

Router#show run
Building configuration...

Current configuration : 450 bytes
!
version 12.4
no service timestamps log datetime msec
no service timestamps debug datetime msec
no service password-encryption
!
hostname Router


hostname

පරිගණක් ජාලයක රවුටර් බොහෝ ගණනක් පවතින අවස්ථාවකදී ඒ එක් එක් රවුටරය අදුනාගන්න නම් එක් එක් නමින් රවුටර් නම් කරන්න ඕනේ. කොහොමද අපි ඒ වැඩේ කරගන්නෙ? ඒ වෙනුවෙනුත් විදානයක් තියෙනවා. මේ විදනය බාවිතා කරන්න ඕනේ Gable Configuration Mode එකේ ඉදගෙනයි.hostname විදානයට පස්සේ රවුටරයට ලබාදෙන්න ඕනේ නම ටයිප් කරන්න. 

Router#configure terminal
Enter configuration commands, one per line.  End with CNTL/Z.
Router(config)#hostname helpitlanka
helpitlanka(config)#


banner motd #

රවුටරයට ලොග් වන අවසථාවලදී දකින්න ලැබෙන ආකාරයෙන් බැනර් එකක් දාගන්න ඕනේ නම් මෙ විදානය හරහා ඒ දේ කරගන්න පුලුවන්. මේ විදනය බාවිතා කරන්න ඕනේ Gable Configuration Mode එකේ ඉදගෙනයි.

helpitlanka>enable
helpitlanka#configure terminal
Enter configuration commands, one per line.  End with CNTL/Z.
helpitlanka(config)#banner motd # HelpITLanka Eranda Keerthi Dayawansa #
helpitlanka(config)#^Z
helpitlanka#
%SYS-5-CONFIG_I: Configured from console by console
helpitlanka#copy run start
Destination filename [startup-config]? 
Building configuration...
[OK]
helpitlanka#reload
Proceed with reload? [confirm]


මේ විදානය බාවිතා කරන්නේ Gable Configuration Mode එකේ ඉදාලා නිසා අපි ඒ සැකසුම NVRAM වල සුරක්ෂිත කරන්න ඕනේ. ඒ සදහා copy run start විදානය හෝ එහෙම නැතිනම් write විදානය බාවිතා කර රවුටරය රීලෝඩ් වීම සදහා reload විදානයත් බාවිතා කරන්න ඕනේ. විදානය අවසානයේ රීලෝඩ් උනාට පස්සේ පහල රූපයේ ආකාරයෙන් අපි දාපු බැනර් එක බලාගන්න පුලුවන් 




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers