සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 18 September 2013

Software Update Services (SUS)

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නන් හට වැදගත් වෙන යෙදුමක් ලෙසින් Software Update Services (SUS) සේවාව හදුන්වන්න පුළුවන්. මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය හරහා ක්‍රියාත්මක වෙන මෘදුකාංග වෙනුවෙන් යාවත්කාල කිරීම ලබාදීම මේ හරහා සිදු වෙනවා. මෙම Software Update සේවාව ක්‍රියාත්මක වන පරිඝණකය අදාළ පරිගණක ජාලයේ  Update Server එකක් ලෙසින් ක්‍රියාත්මක වෙනවා වගේම එයින් අනෙක් පරිඝණක වලට අදාළ යාවත්කාල වීම් ලබාගැනීමෙ හැකියාව පවතිනවා.

අදාළ යාවත්කාලවීම් ඉබේම Update Server එක වෙත භාගත වී ඉන් පසුව අනෙක් පරිඝණක වෙත බෙදා හැරීමක් සිදු වෙනවා. ඒ වගේම Update Server එක ලෙසින් භාවිතා කරන පරිඝණකයේ යාවත්කාලවීම් ස්ථාපිත කිරීම හෝ නොකර ඉවත් කිරීමේ හැකියාව අදාළ පරිඝණකයේ administrator හට ලැබෙනවා. සරළවම කියනවා නම් මෘදුකාංග යාවත්කාල වීම ලබාගැනීම හෝ නොගැනිම පරිඝණකයේ ඇඩිමින් හට තීරණය කරන්න පුලුවන්. 

Software Update Services (SUS) සේවාව බොහොමයක් මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධති වලදී සහය දක්වනවා. පහතින් දක්වලා තියෙන්නේ එම මෙහෙයුම් පද්ධති හා සහය දැක්වීමේ ප්‍රවණතාවයයි.



Software Update Services (SUS) සේවාවක් ක්‍රියත්මක නොවන පරිගණක ජාලයකදී නම් අදාළ යාවත්කාලවීම් එක් එක් පරිශීලකයා විසින් තනි තනිව භාගත කරගන්න ඕනේ. ඒක සමහර අවස්ථාවලදී පරිගණක ජාලයේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරන්න පුලුවන්. අපි බලමු කොහොමද මේ Software Update Services (SUS) පරිගණකයකට ස්ථාපිත කරගන්නේ කියලා. 

මුලින්ම මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියේ Software Update Services (SUS) බාගත කිරීම් වලට අදාළ කොටසට පිවිසෙන්න. 





ඉන්පසුව බාගත වන ගොනුව පරිගණකයට ස්ථාපිත කරගන්න. 


සරළ පියවර කීපයකින් මෙය ස්ථාපිත කරගන්න පුලුවන්. අතරමගදී Custom ලෙසින් තෝරා ගන්න. 


එතනදී අපිට ඕනේ කරන්නේ අදාළ මෘදුකාංග යාවත්කාල වීම භාගත වෙන්න ඕනේ කොහෙටද කියන එක තෝරාගන්නයි. 


ඉන් පසුව භාගත කරගැනීමට ඕනේ කරන භාෂාව තොරාගන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව එක් එක් මෘදුකාංග වල යාවත්කාලවීම් එක් එක් භාෂාවන් වෙනුවෙන් එළිදක්වන අවස්ථාද තිබෙන නිසයි.


ඉන් පසුව අපිට Next ක්ලික් කිරීමෙන් ඉදිරි පියවර වලට යොමු වෙන්න පුලුවන්. 


ඊළග පියවරේදී අපිට හැකියාව ලැබෙනවා අපි භාගත කරගන්නා වූ යාවත්කාල වීම් තෝරාගැනීමට. ඒ සදහා ඉහත රූපයේ ආකාරයෙන් "I will Manually approve... "  යන සැකසුම තෝරාගන්න. 


අවසානයේ Install ක්ලික් කිරීම මගින් මෙම සේවාව පරිගණකයට ස්ථාපිත කරගන්න පුලුවන්. මීළගට අපි බලමු කොහොමද මෙම සේවාවේ ඉතිරි සැකසුම් සකස් කරගන්නේ කියලා 

පරිගණකයේ IIS සැකසුම් සකසා තියෙනවා නම් අපිට පුලුවන් internet explore වල http://localhost/susadmin/ ලෙසින් සටහන් කර පහත රූපයේ ආකාරයෙන් සැකසුම් පිටුව වෙත පිවිසෙන්න. 





Set Option යටතේ ප්‍රොක්සි සර්වර් එකක් බාවිතා වෙනවා නම් ඊට අදාළ වන සැකසුම් සකස් කිරීම මෙහිදී සිදුකරගන්න පුළුවන්. 


Synchronize server යටතේදී ප්‍රධාන සර්වරය හා දත්ත හුවමාරු කරගන්නා ආකාර දෙකක් ලබාදී තිබෙනවා. එය මේ මොහොතේම සිදු කරගන්නට හෝ පසුව සිදුකරගන්නට පුළුවන්. 

  
Synchronize Now තේරුවොත් ඒ මොහොතෙම දත්ත බාගතවීම ආරම්භ වෙනවා ඉහළ රූපයේ ආකාරයෙන්. අවසානයේ පහත රූපයේ ආකාරයෙන් අප සැකසුම් සකස් කළ පරිගණකය වින්ඩෝස් අප්ඩේට් සර්වරයත් සමග සමාන ආකාරයෙන්ම යාවත්කාල වී ඇති බව දන්වමින් මෙම පණිවිඩය ලබා දෙනවා. 


ඉතින් අපිට් ඊලගට බලන්න පුලුවන් මොනවද අපිට අලුතින් ලැබිලා තියෙන් යාවත්කාල වීම් කියලා. ඒකට අපිට පුළුවන් Approve Update කියන ලින්කුවෙන් විස්තර බලාගන්න. 


ඉතින් මේ බාගත කිරීම් ඕනේම එකක් ඉන් පසුව පරිගණක ජාලයේ ඇති ඕනෑම පරිගණකයකට ලබාගැනීමේ හැකියාව පවතිනවා. මෙම පරිගණකයේ ඇඩ්මින්ට ඒව පාලනය කිරීමේ හැකියාව පවතිනවා 




About the author
Eranda Dayawansa -MBCS
is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers