සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 20 September 2013

Recovery Console

දත්ත කියන්නේ ආයතනමය වශයෙනුත් පුද්ගලමය වශයෙනුත් මේ ලෝකේ තියෙන වටිනාම දෙයක් කියලයි මට හිතෙන්නේ. දත්ත නැතිවීමේ අත්දැකීම් ඔයාලටත් ඇති. ඒකට විවිධ හේතු බලපාන්න ඇති. පෙන් එකක දත්ත වෛරස් නිසා නැතිවෙන්න ඇති. අමතක වෙලා මකල දාන්නා ඇති. මේ වගේ හේතු ගණනාවක් නිසා වටිනා දත්ත නැතිවීම කියන්නේ හරිම කරදර දෙයක්. ඉතින් මේ දත්ත සුරක්ෂිත කිරීම අරබයා එක් එක් ආකාරයේ ක්‍රමෝපායන් අද දැකගන්න පුලුවන් වගේම ඒ නැතිවුණ දත්ත නැවත ලබාගැනීමේ ක්‍රමෝපායන්ද දැකගන්න පුල්වන්. ඒ සියල්ල පොදුවේ වැටෙන්නේ Disaster Recovery කියන ගණයටයි. 

එක් එක් පරිගණක පද්ධති වලදී එක් එක් ආකාරයේ Disaster Recovery ක්‍රියාවලීන් දැකගන්න පුලුවන්. නමුත් ආයතනිකමය වශයෙන් Disaster Recovery වලදී අපි භාවිතා කරන්නේ DR Site එකක්. එහිදී සිදුවන්නේ මූලික දත්ත ඇති ස්ථානයේ පරිගණක වල තොරතුරු සියල්ල ඒ හා සමාන පරිගණක වලදී වෙනත් ස්ථානයක තැම්පත් කිරීමයි. හරියටම මේක පයිල් එකක කොපියක් තියාගන්නවා වගේ.  

ඉතින් අපි බලමු වින්ඩෝස් ස්ර්වර් මෙහෙයුම් පද්ධතියක් හරහා මේ ආකාරයේ Disaster Recovery ක්‍රියාවලියකට යන්නේ කියලා. මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත වන මුල් අවස්ථාවේදී මේ හා සම්බන්ධ සැකසුම් ස්ථාපිත වීමක් සිදුවන්නේ නෑ. ඒ නිසා ක්‍රියාත්මක වන සර්වර් මෙහෙයුම් පද්ධතියකදී අපිට පුළුවන් මෙහෙයුම් පද්ධතියට අදාළ වන CD එක් හරහා මෙම Disaster Recovery පහසුකම සක්‍රීය කරගන්න. 

එහිදී අපිට හැකියාව තිබෙනවා පහල විධානය DOS වලදී භාවිතා කරන්න.

 e:\i386\winnt32 /cmdcons 



ඉන්පසුව එම විධානය ක්‍රියාත්මක වී Disaster Recovery  පහසුමක ස්ක්‍රීය කරන්නද කියලා අහනවා. එයට Yes ලෙසින් ලබාදුන් පසු පහල රූපයේ ආකාරයෙන් ස්තාපිතවීම ඇරබෙනවා. 

 
මෙසේ ස්ථාප්තවීම අවසන් වූ පසුව අපිට හැකියාව් තියෙනවා අදාළ Recovery Console එක වෙත න්1 පරිගණකය බූට්වෙන මුල් අවස්ථාවේදීම පහල රූපයේ ආකාරයෙන් Recovery Console එක වෙත පිවිසීමේ හැකියාව ලබාදෙන මෙනුවක් දකින්න ලැබේවි. 


ඉන්පසුව අපිට Recovery Console එක හරහා විදාන භාවිතා කරමින් Recovery කිරීමක් සිදුකරන්න පුලුවන්


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers