සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 4 December 2013

Torch Web Browser

වීඩියෝ බාගත කරගැනීම් සිදුකරගැනීමට බොහෝදෙනා භාවිතා කරන්නේ IDM මෘදුකාංගයි. ඒ හරහා ටොරන්ට් ෆයිල් භාගත කරගැනීමත් කරගන්න පුලුවන්. එසේම එක් එක් වෙබ් බ්‍රව්සරයන් හරහා වීඩියෝ හා ටොරන්ට් ෆයිල් භාගත කරගන්න ෆ්ලගින්ස් ලබාදීමක් සිදු කරනවා. නමුත් මේ සියල්ල එක් කළ වෙබ් බ්‍රව්සරයක් නිර්මාණය කර තිබෙනවා. ඒ Torch වෙබ් බ්‍රව්සරයයි. එය පහත ලිංකුවෙන් බාගත කරගන්න පුලුවන්.



http://www.torchbrowser.com/


ඒ හරහා බාගත කරගන්න ගොනුව සරල පියවර කීපයකින් පරිගණකයට ස්ථාපිත කරගන්න පුලුවන්.


එසේම ඔබ ටොරන්ට් මෘදුකාංගයක් බාවිතා කරනවා නම්, ඒ කියන්නේ Bit-torrent  වගේ මෘදුකාංගයක් ස්ථාපිත කරල තියෙනවා නම් ඒ මෘදුකාංගයේ සහයක් නොලබාම වෙබ් බ්‍රව්සරය හරහා අදාළ ටොරන්ට් භාගත කරගැනීමට නම් පහත රූපයේ දක්වා ඇති ආකාරයෙන් සැකසුම් සකස් කරගන්න.


අවසානයේ පහත රූපයේ ආකාරයෙන් Torch වෙබ් අඩවිය විවෘත වෙනවා. වෙබ් අඩවියෙන් අදාල සේවාවන් බොහොමයක් නිවෙස් පිටුවෙන්ම සලසන බව පහල රූපයෙන්ම දැකගන්න පුළුවන්.


ඉන්පසුව යම් වෙබ් අඩවියකට පිවිසුනු පසුව එහි වීඩියෝඔ ගොනුවක් ඇති නම් බ්‍රව්සරයේ ඉහළ කෙලවර දක්නට ඇති අයිකනයන් මගින් අදාළ බාගත කරගැනීම් කරගන්න් පුලුවන්.


ඉතින් ටොරන්ට් ගොනුවක් වේවා ඕනෑම පෝමැට් එකක වීඩියෝවක් වේවා වෙනත් මෘදුකාංගයක් නොමැතිව සරළවම පරිගණකයට භාගත කරගැනීමේ හැකියාව මේ බ්‍රව්සරයෙන් පවතිනවා.
 

ඒ වගේම මෙම වෙබ් බ්‍රව්සරය පාදක කරගෙන තියෙන්නේ Google Chrome වෙබ් බ්‍රව්සරයේ කේත සටහන් නිසා Chrome වල පවතින සැකසුම් සේම Chrome වලදී ලැබෙන වේගයට වඩා වැඩි වේගයක් මේ මගින් ලබාගන්න පුලුවන්.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers