සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 4 December 2013

Windows 8.1 Update Key

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන වින්ඩෝස් 8 හි යාවත්කාල වීමක් මේ දිනවල ලබාදීලා තියෙනවා කියලා ඔයාලා දන්නවා ඇති. වින්ඩෝස් 8 ස්ථාපිත කරලා තියෙන පරිගණක වලදී මේ ආකාරයෙන් යාවත්කාල වීමක් ඇති බවත් එය භාගත කරගන්නා ලෙසත් දැක්වෙන පණ්විඩ දකින්න ලැබෙනවා. ඉතින් මේ යාවත්කාල වීම වින්ඩෝස් 8.1 ලෙසින් සදහන් කර ඇති අතර එයට වින්ඩෝස් බ්ලූ ලෙසින් කේත නාමයක් ලබාදී තිබෙනවා.

එසේම වින්ඩෝස් 8 ස්ථාපිත කර ඇති පරිගණකයකදී වින්ඩෝස් 8.1 ස්ථාපිත කිරීම සදහා කී එකක් අවශ්‍ය වන්නේ නෑ, එහිදී සිදුවන්නේ වින්ඩෝස් අප්ඩේට් වීමක් පමණයි. අවශ්‍ය නම් පරිගණකයේ ඇති පෞද්ගලික ගොනු සියල්ලම ඒ ආකාරයෙන්ම තබාගෙන වුනත් මේ අප්ඩේට් කිරීම සිදුකරගන්න පුලුවන්.



නමුත් අලුතින්ම වින්ඩෝස් ස්ථාපිත කරන්නේ නම් වින්ඩෝස් 8.1 වලට අදාළ කී එකක් භාවිතා කරන්න වෙනවා. මයික්‍රොස්ප්ට් මගින්ම ඒ සදහා වූ කී දෙකක් හදුන්ව දී තිබෙනවා.

Windows 8 (core): 334NH-RXG76-64THK-C7CKG-D3VPT
Windows 8 PRO: XHQ8N-C3MCJ-RQXB6-WCHYG-C9WKB

ඉතින් මේ කී දෙක භාවිතා කර වින්ඩෝස් 8.1 අප්ඩේට් එක හෝ 8.1 නව ස්ථාපිත කිරීම සම්පූර්ණ කරගන්න පුලුවන්. පහත රූපවලින් අදාළ පියවරයන් දක්වා තිබෙනවා.







වින්ඩෝස් වලදී කී එක පහත පියවර අනුව සරලව වෙනස් කරගන්න පුළුවන්. මුලින්ම PC Setting වලට යන්න.  Change product Key තෝරන්න. ඉන්පසුව ඉහතින් ලබාදුන් කී වලින් අදාළ කී එක ලබාදෙන්න.









About the author
Eranda Dayawansa Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Nirushi said...

Good article.. Thanks

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers