සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 6 December 2013

Happy Retirement XP

2001 ඔක්තෝම්බර මස 1 දින සාමාන්‍ය පරිශීලකයන්ගේ භාවිතයට ඉදිරිපත් කළ වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතිය අද වන විටත් ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය වී ඇත්තේ වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතිය පරිශීලකයාට සුහදශීලී සේවාවක් සැපයීම නිසා බව නොරහසක්.  ඒ කෙසේ වෙතත් වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතියට සපයන තාක්ෂණික සහය පවා නවතා දැමීමට මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම් වන බව පසුකාලයේ දැනගන්නට ලැබුනා. 
එයට හේතු සාධක ගණනාවක් තිබුණත් ප්‍රධානම සාධකය වුණේ නවීකරණය වන අනෙකුත් විරුත කේත මෙහෙයුම් පද්ධති සමග තරග කිරීමට හැකි සහ නිර්මාණය වන නව දෘඩාංගයන් වලට ගැලපෙන ආකාරයෙන් තම මෙහෙයුම් පද්ධතිය යාවත්කාල කිරීමට සිදුවීමයි. 

ඒ කෙසේ නමුත් වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතියෙන් හිස්වන ස්ථානය ලබාදීමට සූදානම් වන්නේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියටයි. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය සාර්ථක මෙහෙයුම් පද්ධතියක් ලෙසින් ඉදිරියට යන ආකාරයක් දැකගන්න ලැබෙන බව ලෝක මට්ටමේ සංගණනවලින් දැකගන්න පුලුවන්. 

ඒ අතරින් සංඛ්‍යාත්මක ලෙසින් ගත් කළ 
  • මිලියන 100 ක බලපත්‍ර ප්‍රමාණයක් මේ වන විට අලෙවි කර තිබීම 
  • වින්ඩෝස් 8 හරහා ලබාදෙන Sky Drive සේවාව මේ වන විට මිලියන 250 දෙනා භාවිතයට ගැනීම 
  • පසුගිය මාස 6 තුළ වින්ඩෝස් ඇප් ස්ටෝර් මගින් මිලියන 250 ඇප්ස් භාගත කරගෙන තිබීම 

වැනි දේ දක්වන්න පුළුවන්. පහතින් දැක්වෙන්නේ අන්තර්ජාලයේ සැරිසරද්දි ඒ සම්බන්ධයෙන් දක්නට ලැබුණු ඉමේජයක්. 




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers