සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Wednesday 30 January 2013

Clear CMOS to Reset BIOS Settings

පරිගණකයේ මූලික සැකසුම් එහෙම නැතිනම් low-level settings ඒ කියන්නේ පරිගණකයේ වෙලාව, මුරපද වගේ දේවල් සුරක්ශිත වන්නේ CMOS තුලයි. මේ සැකසුම් මූලිකවම පාලනය වන්නේ  BIOS setup menu එක හරහායි. ඒ කියන්නේ BIOS හරහා CMOS සැකසුම් වෙනස් කරගන්න පුලුවන්.

CMOS සැකසුම් Clear කිරීම මගින් පරිගණකයේ BIOS සැකසුම් වල නිශ්පාදිත තත්වය, එහෙම නැතිනම්  factory default තත්වයට ගන්න පුලුවන්. බොහොමයක් දෘඩාංග දේෂ මේ factory default  තත්වය තුලදී විසදාගන්න පුලුවන්. අපි බලමු BIOS හරහා CMOS සැකසුම් Clear  කරගන්නා ආකාරය.

මේ තමයි CMOS සැකසුම් Clear කිරීමේ පහසුම ආකාරය. පරිගණකයේ BIOS වෙත පිවිසෙන්න. ඒ වෙනුවෙන් පරිගණකය ක්‍රියාත්මක කර මුල් තප්පර කීපයේදී පරිගණක තිරයේ මවුපුවරුවේ ලෝඩ් වීම සිදු වෙනවා. එහිදී තිරයේ යටින්  BIOS  වලට පිවිසීමට අහවල් යතුර ඔබන්න කියා පහල රූපයේ ආකාරයෙන් දක්වාවි. බොහෝ විට  Delete හෝ  F2 මගින් BIOS වෙත පිවිසෙන්න හැකී වේවි.

කුමන කී එකක් ඔබන්න් ඕනේද කියන එක දකින්න නොලැබුනොත් ඔබගේ මවුපුවරුවට දාල මැනුවල් එක බලලා ඒ ගැන තොරතුරක් ගන්න හැකි වේවි.



බයෝස් වලට පිවිසුන පසුව බොහෝ විට Reset to default, Load factory defaults, Clear BIOS settings, Load setup defaults හෝ මීට සමාන අදහසක් සහිතව සැකසුම් දකින්න ලැබේවි. පහල රූපයේ ආකාරයෙන් දක්නට ලැබේවි. arrow keys මගින් ඕනේ කරන දේ තෝරා Enter කී එක ඔබන්න. එතනදී මේක කරන්නද කියලා අහනවා. එය confirm කරන්න. දැන් මවුපුවරුවට අදාල BIOS සැකසුම් default settings තත්වයට පත් වෙනවා.



ඉහත ක්‍රමය හැරුනු විට මවුපුවරුව මත් පිහිටි CMOS ජම්පරය මගිනුත් මේ දේ කරගන්න පුලුවන්. මේ ක්‍රමය බාවිත කරන්න වන්නේ බොහෝ අවස්තා වලදි BIOS වලට මුරපදයක් යොදා ඇත්නම් පමනයි. එහිදී කෙලින්ම BIOS වෙත පිවිසීමේ හැකියාවක් නොමැති නිස මේ ක්‍රමය බාවිතා කරන්න් පුලුවන්.

බොහොමයක් මවුපුවරු වල CMOS සැකසුම් Clear කරන්නට ජම්පරයක් තිබෙනවා. පරිගනකයේ case එක ඉවත් කල පසුව මේ ජප්මරය සොයාගන්න පුලුවන්. එක් එක් මවුපුවරු නිශ්පාදකයාට අනුව එය පිහිටන තැන වෙනස් උනත් ඒ අසලින් කුඩාවට CLEAR CMOS, CLEAR, CLR CMOS, PASSWORD හෝ CLR PWD ලෙසින් දක්වලා තිබේවි.මවුපුවරුවට හානි නොවන ආකාරයෙන් ජම්පරය ගලවා ඉවත් කරගන්න. ඉවත් කල පසුව power on කර නැවත  off කරන්න. ඉන්පසුව ජම්පරය නිවැරදි ආකාරයෙන් නැවත පරිගණකය පණ ගන්වන්න. 



එසේ නොමැති නම් මවුපුවරුවට හානි නොවන ආකාරයෙන් CMOS battery එක ගලවා ඉවත් කරගන්නත් පුලුවන්. බැටරිය ගලවා ඉවත් කල පසුව power on කර නැවත  off කරන්න. ඉන්පසුව බැටරිය නිවැරදි ආකාරයෙන් නැවත පරිගණකය පණ ගන්වන්න. CMOS බැටරිය මගිනුයි BIOS සැකසුම් රදවා ගැනීමට බලය ලබාදෙන්නේ. එම බල සැපයුම බිද වැටුන විට  BIOS සැකසුම් ඉවත් වෙනවා. මේ ක්‍රියාකාරකම් කරන විට static electricity වලින් මවුපුවරුව බේරා ගැනීමට අදාල පියවරන අනුමගනය කරන්න



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

What is svchost.exe?


ක්‍රියාකාරී පරිගණකයක ආරම්භක අවස්තාවේ සිටම ක්‍රියාත්මක වන මෙහෙයුම් වලට අදාල පද්දති ගොනු සේවාවන් හැරුනු විට විවෘත කර ඇති මෘදුකාංග වල සේවාවන් හා පද්දති ගොනු ක්‍රියාත්මක වන බව අපිට ටාක්ස් මැනේජරය මගින් බලාගන්න පුලුවන්. එයිනුත් සමහර සේවාවන් හා .exe ගොනු හදුනා ගන්න හැකි උනත් සමහර සේවාවන් කුමක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවාද යන්න සොයා ගැනීම හා ඒ ක්‍රියාකාරම් තේරුම් ගැනීම ගැටලු සහගතයි. මේ හැම සේවාවකටම හා .exe ගොනුවක් ක්‍රියාත්මක වීමට් පරිගණක මතකයෙන් යම් කොටසක් වැය වන බව ටාක්ස් මැනේජරය මගින් බලාගන්න පුලුවන්. ඉතින් ටාක්ස් මැනේජරය තුලදී වැඩි වශයෙන් දකින්න් ලැබෙන svchost.exe ගොනුව යනු කුමද්ද එහි සේවාව කුමද්ද යන්න සොයා බලමු.

මයික්‍රොසොෆ්ට්  svchost.exe යනු "a generic host process name for services that run from dynamic-link libraries” ලෙසින් අර්ථ දක්වනවා. මයික්‍රොසොෆ්ට් කර්නලයේ ක්‍රියාකාරීත්වය ගැන වැටහීමක් ඇතොත් වින්ඩෝස් NT වල සිට වින්ඩෝස් XP වලට මාරු වීමේදී සියලුම අභ්‍යන්තර වින්ඩෝස් පද්දති සේවාවන් සියල්ලම පාහේ .dll ගොනු වල සිට .exe ආකාරයේ ගොනු බවට පත් කලා. එයට හේතු උනේ .dll වලට වඩා  .exe ගොනු විශ්වාසවන්ත වීමයි. ඒවගේම කිසිම දිනක .dll ගොනුවක් කෙලින්ම ක්‍රියාත්මක කරන්න executable (.exe) ගොනුවක් වගේ ක්‍රියාත්මක කරන්න නොහැකි වීම. අන්න ඒ නිසයි පොදුවේ සියලුම .dll ගොනු වෙනුවෙන් svchost.exe කියන .exe ගොනුව නිර්මාණය උනේ.

කෙසේ නමුත් ටාක්ස් මැනේජරය බැලූ විට svchost.exe එකකට වඩා වැඩි ගණනක් (නිසැකවම 5ක් 6ක්) ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනේවි. එයට හේතුව කුමද්ද? කලින් පැහැදිලි කලා ඇයි මේ ආකාරයේ svchost.exe  එකක් නිර්මාණය උනේ කියලා. .dll ආකාරයේ ගොනු, සේවාවන් සියල්ලම දැන් ක්‍රියාත්මක වන්නේ svchost.exe  හරහායි. ඉතින් සාම්ප්‍රදායික .dll ගොනු සියල්ලේම කාර්යයන් කිරීම වෙනුවෙන් එක් එක් svchost.exe  ගොනු ක්‍රියාත්මක වෙනවා. එසේම වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය මගින් සිය ක්‍රියාවලීන් වෙනුවෙන් එක් එක් සේවාවන් ක්‍රියාත්මක කරගන්නවා. ඒව අපිට control panel එකේ services වලදී බලාගන්න පුලුවන්. ඉතින් එකිනෙකට සමාන සේවාවන් ගෘපයක් වෙමින් එය එක් svchost.exe එකක් හරහා ක්‍රියාත්මක වෙනවා. ඉතින් එක් svchost.exe බිදවැටුනොත් අනිවාර්යයෙන්ම වින්ඩෝස් බිද වැටෙනවා. උදාහරණයක් ලෙස එක් svchost.exe එකක් මගින්  firewall එකට අදාල ඒවාවන් 3 ක්‍රියාත්මක කරවනවා. ඒ වෙනුවෙන් පරිගණක මතකයෙන් වැය වෙන කොටස වැඩි වෙන්න වැඩි වෙන්න පරිගණකය ස්ලෝ වෙනවා.

ඉතින් අදාල නොමැති සේවාවන් නවතා දැමීමෙන් අමතර svchost.exe ක්‍රියාත්මක වීම පාලනය කරගන්න පුලුවන්. කොහොම උනත් ලොකුම ප්‍රශ්ණය තමයි මොන සේවාවද නවත්වන්නේ කියන එක. ටාක්ස් වි විවෘත කරගෙන “Show processes from all users” යොදන්න. එවිට සියලුම සේවාවන් දැකගන්න ලැබේවි. දැන් බලන්න svchost.exe කීයක් තියනවාද කියලා.



මේ සියල්ල ඩොස් හරහා බලන්නේ කොහොමද? අපිට පුලුවන් ඒ වෙනුවෙන් tasklist විදානය සමග /SVC  උප විදාන කොටස බාවිතා කරන්න.පහල රූපය බලන්න

tasklist /SVC



මෙතනදී අපිට මොන සේවාවද බාවිත කරන්නේ කියන එක පැහැදිලිව දැකගන්න පුලුවන්. ඉතින් මොන සේවාවද svchost.exe මගින් බාවිතා කරන්නේ කියන එක සොයන්නේ කොහොමද කියලා බලමු.  මුලින්ම svchost.exe එකක් උඩ රයිට් ක්ලික් කරලා “Go to Service” වලට යන්න. පහල රූපයේ ආකාරයෙන්.



එතනදි ඔන්න අදාල සේවාවන් ටික හයිලයිට් වෙලා පෙන්නවා.



Description යටතේ අදාල සේවාව ගැන සියලුම විස්තර දැකගන්න පුලුවන් වේවි. ඉතින් ඒ අනුව අපිට තීරණය කරන්න පුලුවන් ඒ සේවාව ඕනේද නැද්ද කියලා. ඒ වගේම තෙවන පාර්ශවීය මෘදුකාංගයක් බාවිත කරමින් උනත් මේ දේ කරගන්න පුලුවන්. Process Explorer කියන්නේ ඒ ආකරයේ මෘදුකාංගයක්. මේ මෘදුකාංගයේදී ටාක්ස් මැනේජරය මගින් පෙන්වන දත්තයන්ට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් දැකගන්න පුලුවන්. පහල රූපය බලන්න.



අදාල svchost.exe එක මත ඩබල් ක්ලික් කල විට විවෘත වන මෙනුවෙන් Services ටැබ් එක තෝරන්න. එතනදී අදාල සේවාව stop කිරීම වැනි දේවල් කරගන්න පුලුවන්.



සේවාවක් Disable කිරීම මගිනුත් මේ svchost.exe ක්‍රියාකාරකම් පාලනය කරගන්න පුලුවන්.Control Panel වලින් administrative tools වල service මගින් හෝ run වල services.msc ලෙසින් සටහන් කර එන්ටර් කිරීමෙන් හෝ service වලට යන්න. disable කිරීමට අදාල සේවාව සොයා ඒ මත ඩබල් ක්ලික් කිරිමෙන් හෝ රයිට් ක්ලික් කර Properties ගන්න.



Startup එකෙන් Disabled තෝරාගන්න. පහල රූපය බලන්න.



ඒ වගේම ඩොස් හරහාත් මේ දේ කරගන්න පුලුවන්. ඉහල උදාහරණයේ සේවාවේ නම වන්නේ  “trkwks” අපි බලමු මේ සේවාව ඩොස් හරහා නතර කරන්නේ කොහොමද කියලා.

sc config trkwks start= disabled

ඉහල විදානය බාවිතා කිරීමෙන් එය පහසුවෙන් කරගන්න පුලුවන්. මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලය වන්නේ පරිගණකයේ ක්‍රියාත්මක වන svchost.exe ප්‍රමාණය අඩු වී පරිගණකය ස්ලෝ වීම අවම වීමයි.



 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Tuesday 29 January 2013

The Evolution of Your Workplace

පරිගණකයක් යනු දෙනලද දත්තයන් දී ඇති උපදෙස් මත ක්‍රියාකරණ යන්ත්‍රයකි. ජැකාර්ඩ් රෙදි වියනය (Jacquard loom) මුල්ම ක්‍රමලේඛ කළ හැකි උපකරණ අතරින් එකකි. පළමු පරිගණක ලෙස එක් උපකරණයක් නම් කිරීම අපහසුය. මන්දයත් ‘පරිගණකය’ යන වදන කාලාන්තරයක් තිස්සේ විවිධ අර්ථ කථනවලට හේතු පාදක වී ඇත. මුලින්ම පරිගණකය ලෙස හැඳින්වූ යේ ගණිතමය ගණනය කිරීම සිදු කළ පුද්ගලයන්ය. (මිනිස් පරිගණක - යාන්ත්‍රික ගණක උපකරණවල උදව් ඇතිව) නූතන පරිගණකයේ ඉතිහාසය ආරම්භ වන්නේ එකිනෙකින් වෙන්වූ තාක්ෂණික ක්‍රම දෙකකිනි - ස්වයංක්‍රීය ගණනය කිරීම හා ක්‍රමලේඛනයේ හැකියාව.


මුල් කාලීන යාන්ත්‍රික ගණන උපකරණවලට උදාහරණ ලෙස ඇබකසය , සර්පණ රූල, තාර්කික තරු මාලිමාව හා ඇන්ටි කයිතේර (Antikythera) යාන්ත්‍රණය (150- 100 BC කාලයේ) දැක්විය හැකිය. මධ්‍යම යුගවල අවසානයේදී යුරෝපීය ගණිතයේ හා ඉංජිනේරු ශිල්පයේ යළි පිබිදීමක් ඇතිවිය. විල්හෙල්ම් ශිකර්ඩ්ගේ (Wilhelm Schikard) 1623 උපකරණය යුරෝපීය ඉංජිනේරුවන් විසින් නිපද වූ ප්‍රථම යාන්ත්‍රික ගණන යන්ත්‍රය විය. නමුත් මෙම උපකරණ කිසිවක් පරිගණකයේ නූතන අර්ථ දැක්වීමට නොගැළපේ. මන්ද යත් මේවා ක්‍රමලේඛගත කිරීමට නොහැකි බැවිනි.

ස්වයංක්‍රීය ගණනයේ හා ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ එකතුවීමේ ප්‍රථම පරිගණකය නිර්මාණයට හේතු විය. 1837 දී පූර්ණ ලෙස ක්‍රමලේඛගත කළ හැකි යාන්ත්‍රික පරිගණකයක් සංකල්පනය කිරීමේ හා සැලසුම් කිරීමේ පළමු වැනියා වීමට චාල්ස් බැබේජ්ට (Charles Babbage) හැකිවිය. ඔහු එය විශ්ලේෂණික එන්ජිම (Analytical Engine) ලෙස හැඳින්විය. සීමාසහිත මූල්‍යමය වත්කම් නිසාත් , නිර්මාණය අළුත්වැඩියා කිරීම් වළක්වා ගැනීමට නොහැකි නිසාත් බැබේජ් ඇත්ත වශයෙන්ම කිසිමදාක ඔහුගේ විශේලේෂණික එන්ජිම නිර්මාණය නොකරන ලදී.ඇලෙක්සැන්ඩ්‍රියාවේ වීරයා (Hero of Alexandriya) (c.10 – 70AD) යාන්ත්‍රික රංග ශාලාවක් තැනූ අතර එහි මිනිත්තු 10ක නාට්‍යයක් ප්‍රදර්ශනය කරන ලදී. එය ක්‍රියාත්මක වූයේ කඹ හා බෙරවලින් යුක්ත වූ සංකීර්ණ පද්ධතියකිනි. යාන්ත්‍රණය කුමන කොටස කුමන වේලාවකදී කුමන ක්‍රියාව සිදුකරයි ද යන්න එමගින් තීරණය විය. මෙය ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ මූලාරම්භය වේ. 1801 දි ජෝසප් මේරි ජෙකාර්ඩ් (Joseph Marie jacquard) ඔහුගේ රෙදි පිළි වියනය වැඩි දියුණු කරන ලදී. එහි සංකීර්ණ රටා ස්වයංක්‍රීයව විවීම සඳහා සිදුරු සහිත කඩදාසි පත්‍රිකා භාවිතා කළ අතර මෙය පරිගණකවල දියුණුවේ වැදගත් පියවරක් වේ. මන්ද යත් වියන රටා නිර්ණය කිරීමට සිදුරු සහිත කාඩ්පත් භාවිතය මුල් කාලීන එහෙත් සීමා සහිත ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ ස්වරූපයකි.

1890 දී පැවැත්වූ එක්සත් ජනපද සංගණනයේ දී හර්මන් හොලේරිත් (Herman Hollerith) සැලසුම් කරන ලද පරිගණනය කිරීමේ ලැයිස්තුගත කිරීමේ හා ලේඛන ගත කිරිමේ සමාගම මගින් නිෂ්පාදනය කරන ලද විශාල පරිමාණ ස්වයංක්‍රීය සිදුරුපත් දත්ත සැකසුම් යන්ත්‍ර භාවිතා කරන ලදී. පසුව IBM බවට පත්වූයේ මෙයයි. 19 වන සියවස අවසානයේදි ප්‍රායෝගික පරිගණක යථාර්තයක් කර ගැනීමට අවශ්‍ය බවට පසුව ඔප්පු වූ තාක්ෂණ ක්‍රම ගණනාවක් මතුවීමට පටන් ගැණුනි. සිදුරු පත් , බූලියන් වීජ ගණිතය , රික්ත නළය හා ‍ටෙලි මුද්‍රකය ( Tele Printer) ඒ අතර වේ.

20 වන සියවස මුල් භාගයේදී බොහොමයක් විද්‍යාත්මක පරිගණක අවශ්‍යතා සපුරා ගත්තේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වූ ප්‍රතිසම පරිගණක (Analog Computers) මගින් වූ අතර ගණනය කිරීම් මත පදනම් වූ යාන්ත්‍රික හෝ විද්‍යුත් මොඩල භාවිතා විය. කෙසේ වුවත් මේවා ක්‍රමලේඛ කළ නොහැකි අතර නවතම ඩිජිටල් පරිගණක මෙන් නොව නිපුණත්වයෙන් හා නිරවද්‍යතාවයෙන් අඩු විය.

සාමාන්‍ය භාවිත පරිගණකයක් ප්‍රධාන කොටස් 4 කින් යුක්ත වේ. එනම්, ගණිතමය හා තාර්කික ඒකක (ALU) , පාලක ඒකකය (CU), මතකය (Memory) සහ ආදාන හා ප්‍රතිදාන උපාංග (එක්කොට I/O ලෙස හඳුන්වන) මෙම කොටස් වයර කාණ්ඩ වලින් බොහෝ විට සෑදී ඇති, “Bus” නමින් හඳුන්වන දත්ත හුවමාරු මාර්ග මගින් අන්තර්ව සම්බන්ධ වී අභ්‍යන්තරව සබැඳී ඇත.

පාලන ඒකකය (CU), ALU, රෙජිස්ටර් හා මූලික I/O (හා මේවා සමග සමීපව සම්බන්ධ කර ඇති අනෙකුත් දෘඩාංග) සමූහයක් ලෙස මධ්‍යම සැකසුම් ඒකකය (CPU) හඳුන්වනු ලැබේ. මුල්කාලීන මධ්‍යම සැකසුම් ඒකක (CPU) එකිනෙකට වෙන්වූ කොටස් කිහිපයකින් යුක්ත වන මුත් 1970 මැද භාගයේ සිට සාමාන්‍යයෙන් මේවා (microprocessor) ලෙස හඳුන්වන තනි සංගෘහිත පරිපථයක් ලෙස දැකිය හැක.

(Source - http://si.wikipedia.org/wiki/පරිගණකය)


පරිගණක ක්‍රියාකරවන්නෙකු 1995 වසරේ දකින්න ලැබුන ආකාරයත් ඉදිරියේදී දකින්න ලැබෙන ආකාරයත් කාටූන් නිර්මාණ ශිල්පියෙකුගේ ඇසින්.






About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.



Share:

What Gmail’s shva=1

ඊමේල බාවිතා කිරීම කියන්නේ දැන් කාලයේ ඉතාමත් සරලම දෙයක්. හැමදෙනාම බාවිතා කරන දෙයක්. මේ ඊ මේල් ආරක්ශිතව බාවිතා කරන ආකාරය ගැන මේ ලිපියෙන් කියවන්න. ඉතින් මේ කියන්න යන්නේ ජීමේල් බාවිතා කිරීමේදී දකින්න ලැබෙන කුඩා වචනයක් ගැනයි. බොහෝ දෙනා නොදැක්කත් අවදානයෙන් බලන විට ජීමේල් ගිනුමේ URL එක දකින්න ලැබෙන්නේ පහල ආකාරයෙන්.
https://mail.google.com/mail/u/0/?shva=1#inbox


ඕනේම ගිනුමකදී මෙය දකින්න ලැබෙනවා. මෙහි shva=1 ලෙසින් දක්වන්නේ කුමද්ද? 

shva = “Should Have Valid Authentication”

එක් වරක් ජීමේල් වෙත ලොග් උන පසුව ජීමේල් සර්වර් වලින් එ ගැන තොරතුරු රදවා ගන්නවා. එම් පරිගණකයෙන්ම නැවත ලොග් වීමේදී shva පැරාමීටරය මගින් කලින් මේ පරිගණකයෙනම් ලොග් වී ඇති බව Gmail web application එකට දන්වනවා. එතනදී  shva=1 නම් ජීමේල් මගින් authentication නැවත බැලීමක් කරන්නේ නෑ.

ඉන්පසුව #inbox පැරාමීටරය හරහා ඊමේල් බොක්ස් එක විවර කරලා දෙනවා.ඕනේ නම් පොඩි දෙයක් කරලා බලන්න පුලුවන්. #inbox වෙනුවට #drafts ලෙසින් දමා එන්ටර් කරන්න. එතනදී ඔබට පෙනීවී අදාල් පේජ් එක රීලෝඩ් නොවී ඉල්ලූ ෆෝල්ඩරය වෙත ක්ශණිකව මාරු වෙන බව.
























About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Sunday 27 January 2013

Goodbye Windows Live Messenger - Migrating to Skype

MSN Messenger එහෙම නැතිනම් Windows Live Messenger කියන්නේ කාලයක් ජනප්‍රියත්වයේ ඉහලටම නැගලා ඉන්පසුව ක්‍රමයෙන් සිය ජනප්‍රියත්වය අඩු කරගත් මෘදුකාංගයක්. එයට හේතු කීපයක්ම තිබුනා. මයික්‍රොසොෆ්ට් සමාගම MSN Messenger ඉදිරිපත් කර කාලයක් ගත වන විට, ඒ කියන්නේ පරිශීලකයින් එහි ප්‍රයෝජන ලබාගැනීම අරබන විටම වගේ MSN Messenger වලට සමාන ඊටත් වඩා පහසුකම් සපිරි Skype වැනි මෘදුකාංග ලෝකයට ඉදිරිපත් උනා. ඉතින් අවසාන ප්‍රතිඵලය උනේ MSN Messenger නිර්මාපයින් වන මයික්‍රොසොෆ්ට් සමාගම සිය තාක්ශණික සහයන් එලබෙන මාර්තු 15 පසුව MSN Messenger වෙනුවෙන් ලබා නොදීමට තීරණය කිරීමයි.
ඒ වගේම දැනට MSN Messenger බාවිතා කරන ලෝකයේ වැඩි පිරිසක් අතරමං වීම වලකා ගැනීම වෙනුවෙන් මයික්‍රොසොෆ්ට්, Skype සමග අත්වැල් බැදගනිමින් Windows Live ID සියල්ලම එහෙම නැතිනම් අපි පොදුවේ හදුන්වන Microsoft accounts සියල්ලම Skype වෙත හරවා යවනවා. ඉතින් ඔබත් Windows Live Messenger පරිශීලකයෙක් නම් වෙනස් වීමට කාලය එලබෙමින් පවතින බව දන්වන්න කැමතියි. ඉතින් පැරණි Windows Live Messenger මෘදුකාංගය ඉදිරි දිනකදී ක්‍රියාත්මකවීම නවතිනවා ඇති. 

Goodbye Windows Live Messenger 

ඉතින් මාර්තු 15 පසුව MSN Messenger පරිශීලකයින් සියල්ල Skype මෘදුකාංගය හරහා සිය පහසුකම් ලබාගත යුතු වෙනවා. ඉතින් Skype වෙනුවෙන් එක් වර මිලියන ගනනක පරිශීලකයින් එක් වන්නයි යන්නේ.  ඉතින් මින් පෙර Skype  බාවිතා නොකල අයටත් මේ වෙනුවෙන් හුරු වෙන්න සිදු වෙනවා වගේම අලුත් මෘදුකාංගයත් තම පරිගණක වලට ස්තාපිත කරගන්න වෙනවා. දැනට බාවිතා වන Windows 8, Mac OS X, Linux, iOS, Android, Windows Phone, වගේම Skype for Linux සහ Skype for Android කියන සෑම ආකාරයෙනම් Skype මෘදුකාංගය ලබාගන්න පුලුවන්. 


ඊලගට අපි බලමු Migrating to Skype එහෙම නැතිනම් MSN Messenger  වල සිට Skype වලට මාරු වෙන්නේ කොහොමද කියලා. ඇත්තෙන්ම පැරණි  MSN Messenger  වල සියලු සැකසුම්, මිතුරන් පිලිබද තොරතුරු සියල්ල ඒ ආකාරයෙන්ම Skype වලදී ලබාගන්න නම් Migrate කියන ක්‍රියාවලියට යන්න වෙනවා. අලුත් Skype මෘදුකාංගයේ මේ වෙනුවෙන් සැකසුම් පවතිනවා වගේම දැනට බාවිතා කරන මෘදුකාංගය යාවත්කාල කලාමත් මේ පහසුකම ලබාගන්න පුලුවන්. අලුත් Skype මුහුණත පහල රූපයේ ආකාරයෙන් දකින්න ලැබේවි. 



Microsoft account එකක් එහෙම නැති නම් Windows Live ID එක හරහා sign in වෙන්න. දැනටමත් Skype ගිණුමකුත් තියනවා නම් ඒ හරහා ලොග් වෙනවා. නැති නම් new Skype account හරහා අලුත් ගිණුමක් සකසා ගන්නත් පුලුවන්. I have a Skype account කියන එක් හරහා ගියාම දැනට Windows Live ID බාවිතා කරන ඔබට ඔබගේ Windows Live ID ගිණුම සමග Migrate වෙනවා. 



එහිදි ඔබගේ කලින් බාවිතා කල Windows Live Contacts list එක Skype Contacts list එක තුලම දකින්න ලැබේවි. ඉතින් Skype හරහා කරන audio සහ video chats වලට අමතරව text chatting පහසුකමත් එකසේම .  Windows Live සදහාත් බාවිතා කරන්න පුලුවන්. 




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Customize the Lock Screen on Windows 8

Windows 8 මෙහෙයුම් පද්දතිය ස්තාපිත කරලා ලොගින් වෙන මුල් අවස්තාවේ සිටම දකින්න ලැබෙන්නේ ඉහලා රූපයේ ආකාරයෙන්  වූ ලොගින් ස්කීන් එකක්. ඉතින් වින්ඩෝස් 8 වලට අලුත් දෙයක් උන මේ ලොගින් ස්කීන් එක සාම්ප්‍රදායික ලොගින් ස්කීන් එකට කලින් ලබාදෙන එකක්. ඒ කියන්නේ මේ ස්ක්‍රීන් එකෙන් පසුවයි අපට හුරුපුරුදු ලොගින් ලබාදෙන ස්ක්‍රීන් එක පවතින්නේ. ඉතින් මෙය ඇත්තටම රූපයක් පමණක් නොවෙයි. පරිගණකයේ යම් යම් දත්ත මෙහි සටහන් කරනවා වගේම ඒවා යාවත්කාල වෙනවා. ඒවා අතර වෙලාව, දවස, දිනය, මාසය, බැටරි ආයු කාලය වගේම ජාල සබදතා පවතිනවාද යන්නත් මෙයින් බලාගන්න පුලුවන්.
ඉතින් මේ ආකාරයේ ලොගින් ස්ක්‍රීන් එකකට අකමැති නම් එය Disable කරලා දාන්නත් පුලුවන්. මුලින්ම regedit ලෙසින් search වල ටයිප් කර වින්ඩෝස් රෙජිස්ට්‍රියට යන්න.



ඉන්පසුව පහල මාර්ගයේ යන්න.

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Policies\Microsoft\Windows\Personalization

Windows වලදී  Personalization ලෙසින් ෆෝල්ඩරයක් දකින්න නොමැති නම් Windows මත රයිට් ක්ලික් කර New ලබාගන්න. එය Personalization ලෙසින් නම් කරන්න. 



ඉන්පසුව Personalization වලට පිවිස ඒ මත රයිට් ක්ලික් කර new DWORD එකක් ලබාගන්න. එය NoLockScreen ලෙසින් නිවැරදිව සටහන් කරන්න. 



NoLockScreen මත ඩබල් ක්ලික් කරන්න. එහි value කියන ස්තානයට  1 ලබාදෙන්න.



ඉන්පසුව රෙජිස්ට්‍රිය ඉවත් කර පරිගණකය restart කරන්න. ඉතින් ආයෙමත් දිනකදී ලොක් ස්ක්‍රීන් එක ඕනේ උනොත් NoLockScreen කියන ෆෝල්ඩරය මකලා දමා පරිගණකය රීස්ටාට් කරන්න. එහෙම නැතිනම් value එක 0 කලත් හරි. 

ඉතින් මේ සැකසුම් වලින් ලොගින් ස්ක්‍රීන් එක එවත් කලා නම් වින්ඩෝස් බූට් වීමෙන් පසුව කෙලින්ම  එන්නේ පහල රූපයේ ආකාරයට මුරපදය ලබාදෙන කොටසයි. 


අපි බලමු මේ ලොක් ස්ක්‍රීන් එකට ඉමේජ් එකක් ලබාදෙන ආකාරය. 

මේ වෙනුවෙන් අදාල සැකසුම් පවතින්නේ PC setting මතයි. වින්ඩෝස් 8 වලදී Windows Key + I  එකට එබීම මගින් විවෘත වන මෙනුවෙන් Change PC settings තෝරන්න.



Personalize කාණඩය යටතේ Lock screen කියන එක් මත ක්ලික් කරන්න. පහල රූපය බලන්න. මෙතනදී දැනට බාවිතා කල හැකි ඉමේජයන් කීපයක් පෙන්නනවා වගේම ඕනේ නම්  Browse මගින් වෙනත් තැනක තියන ඉමේජයක් උවත් මෙයට ලබාදෙන්න් පුලුවන්.



ලොක් ස්ක්‍රීන් එකේ දකින්න ලැබෙන ඇප්ලිකේශන් වල සැකසුම් මෙතනින්ම සාදා ගන්නත් පුලුවන්.



ඉතින් වෙනස්කම් කල පසුව ලොගින් ස්ක්‍රීන් එක පහල රූපයේ ආකාරයෙන් දැකගන්න පුලුවන්. ඉතින් ඉහල සැකසුමේදී ඇප්ලිකේශන් තේරීමේදී අපි හිතමු කාලගුණය ගැන තෝරුවා නම් ඔන්න ලොගින් ස්ක්‍රීන් එකේදී අදාල කාලගුණ දත්තයන් දැකගන්න පුලුවන්.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Thursday 24 January 2013

Dangerous Way To Fix Failed Hard Disks

දෘඩ තැටියක් කියන්නේ පරිගණකයක වටිනා කොටසක් වගේම පරිගණක දත්ත අයිතිකරුට අතිශයින්ම වටිනා දෙයක්. ඉතින් වැදගත් දත්ත නැතිවීමේ අවදානම විවිදාකාර හේතු නිසා ඇතිවෙනවා. බොහොමයක් වයිරසයන් නිසා දත්ත අහිමි වෙනවා. නොදැනුවත් කමින් දත්ත මකාගන්නවා. ඒ වගේම දෘඩ තැටියේ ඇතිවන් දේෂ නිසාත් දත්ත අහිමි වෙනවා. ඉතින් මේ කියන්න් යන්නේ අක්‍රීය දෘඩ තැටියකින් දත්ත ලබාගැනීමක කල හැකි දේවල් කීපයක්.
අක්‍රීය ගණයට වැටෙන්නේ එක්කෝ මෙහෙයුම් පද්දතිය මගින් අදුනා නොගන්නා දෘඩ තැටි, එක්කෝ දෘඩතැටියේ පරිපථය පිලිස්සිම නිසා අදුනා නොගන්නා දෘඩ තැටි. අපි මේ ආකාරයන් දෙක පොදුවේ fails normally සහ fails permanently කියලා හදුන්වනවා. මෙහෙයුම් පද්දතිය මගින් අදුනා නොගන්නා දෘඩ තැටි වල mbr එක නිසි ආකාරයෙන් කියවීමට නොහැකි වෙන්න පුලුවන්. ඒ නිසයි අදුනා ගන්න බැරි බව දක්වන්නේ. එවිට වෙනත් පරිගණකයට සම්බන්ද කර chkdsk වැනි ඩොස් විදානයන් බාවිත කිරීමෙන් එය නිවැරදි කරගන්න පුලුවන්. කීප දෙනෙක් පමණක් සිය දත්ත වල උපස්තයක් එහෙම නැතිනම් බැකප් එකක් තියාගත්තත් 98% දෙනා එහෙම කරන්නේ නෑ. අවසානයේ දෘඩ තැටිය පිලිස්සුන විට සියලුම දත්ත නැතිවෙලා යනවා. 

වර්ෂ 1954 දී  IBM වෙනුවෙන් මුල්ම දෘඩ තැටිය Rey Johnson ප්‍රමුඛ කණ්ඩයම විසින් නිර්මාණයි කලා. ඒ තුල ඉතාමත් තුනී platter දකින්න ලැබෙනවා. මිනිත්තුවට වට 7,200 වැනි වේගයකින් මේවා භමණය වෙනවා. එය Revolutions Per Minute (RPM) කියලයි අදුන්වන්නේ. දැනට බාවිතයේ තියන දෘඩ තැටි වල මේ අගය 15,000 RPM වගේ වෙනවා. 













Freezer එකක් බාවිතා කරමින් අක්‍රීය දෘඩ තැටියක දේෂ නිරාකරණයට උත්සාහ කිරීම. 

මේ කතාව අහලා පිස්සුද කියලත් හිතෙන්න පුලුවන්. ඇත්තටම අක්‍රීය දෘඩ තැටියක් Freezer  එකක දැමීමෙන් යතා තත්වයට පත්කරගන්න පුලුවන්. අපි අවදානය යොමු කරන්න ඕනේ කරුණු කීපයක් තියනවා Freeze කරන්න කලින්. 



මුලින්ම අක්‍රීය දෘඩ තැටිය ඉහල රූපයේ ආකාරයෙන් ඉටි කවරක් තුල බහාලන්න ඕනේ. එතනදී වායු ප්‍රතිරෝදී වෙනවා නම් ඉතාමත් වටිනවා. හැමෝටම වායු ප්‍රතිරෝදී කරන්න බැරි නිසා වතුර කාන්දු නොවන මට්ටමට දෘඩ තැටිය හොදින් ඔතන්න. ඉතාමත් කුඩා හිදැසකින් පවා ඇතුලට යන වතුර බිංදුවකින් දෘඩ තැටිය සම්පූර්ණයෙන් අක්‍රීය වෙන්න පුලුවන්. 












rubber band එකක් යොදා හොදින් තදින් වෙලා ගන්න. ඉටි බෑග් දෙකක දමන්න පුලුවන් නම් එයත් හොද උපක්‍රමයක්. දැන් Freezer එකට දමන්න. පැය 4 පමණ තැබිය යුතුයි. පැය 4 අවසානයේ ඉටිකොල සියල්ල ගලවා දෘඩ තැටිය ඉවතට ගන්න. 

දැන් පරිගණකයට සම්බන්ද කර පරිගණකය ඔන් කරන්න. දෘඩ තැටිය ක්‍රියාත්මක වේවි. දත්ත කොපි කරගන්න අවස්තාව ලැබෙන නිසා දත්ත කොපි කරගන්න. සමහර දෘඩ තැටි විනාඩි කීපයකින් ආයේමත් අක්‍රීය වෙන්න පුලුවන්. එවිට ඉහල පියවර නැවත අනුගමනය කරන්න. කොපමන වරක් Freeze කලත් දෘඩ තැටියට හානි වෙන්නේ නෑ. අත්වැරදීම වලින් සිදුවන හානි වලට වගකියනු නොලැබේ


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Wednesday 23 January 2013

Repair Startup Errors

වින්ඩෝස් බූට් වෙන පිලිවෙල එහෙම නැතිනම් පවර් දුන්න මුල් මොහොතේ සිට බාවිතා කරන ගොනු පිලිබද කලින් වතාවකදී පැහැදිලි කලා. ඒ ගැන දැනගන්න් ඕනේ අය මේ ලින්කුවෙන් එය බලන්න. ඉතින් මේ කියන යන්නේ බූට් වීමේදී දෝෂ දෙන පද්දති ගොනු හා ඒවා යතා තත්වයට පත්කරගන්නා ආකාරයයි. වින්ඩෝස් xp වල මේ ක්‍රියාකාරමක වෙන්සකම් සහිතයි. නමුත් වින්ඩෝස් 7 හා විස්ටා වලදී මෙය සාර්තකව ක්‍රියාත්කම වෙනවා. මෙහිදී ප්‍රදාන වශයෙන් බාවිතා කරන්නේ bootrec.exe පද්දති ගොනුවයි. ඒ හරහා

  • master boot record (MBR)
  • boot sector
  • Boot Configuration Data (BCD)
කියන ස්තාන වල පවතින දෝෂයන් නිරාකරණය කරගන්න පුලුවන්. දෝෂ නිරාකරණය වෙනුවෙන් අවතීරණය වීමට නම් වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය සහිත බූටබල් ඩිවිඩී එකක් තියෙන්න ඕනේ. ඒ වගේම පරිගනකයේ බූට් ඕඩර් එකේ අංක එකට ඩිවිඩී එක තෝරලා තියෙන්නත් ඕනේ.bootrec.exe  පද්දති ගොනුව ක්‍රියාත්මක වන්නේ Windows Recovery අවස්තාවේදී පමණයි. අපි බලමු Windows Recovery වෙත පිවිසෙන්නෙ කොහොමද් කියලා. පහල පියවර අනුගමනය කරන්න. 

වින්ඩෝස් බූටබල් ඩිවිඩී එක පරිගණකය වෙත ඇතුල් කරන්න. ඉන්පසුව මෙහෙයුම් පද්දතිය ස්තාපිත කිරීමට Press a key කියන අවස්තාව පැමිනේවි. ඉන්පසුව කැමති කී එකක් ඔබා ස්තාපිත කිරීමට පිවිසෙන්න.   language එක time එක වගේ දේවල් තෝරලා අවසන් උනාම Next කරන්න. ඊලගට Repair your computer කියන එක තෝරන්න. එතනදී repair කල යුතු මෙහෙයුම් පද්දතිය තෝරන්න. (ඩුවෙල් බූට් ආකාරයෙන් මෙහෙයුම් පද්දති 2ක් පරිගණකයට ස්තාපිත කරලා තියනවා නම් පමණක මේ ආකාරයෙන් තේරීම කරන්න වෙනවා)  ඊලගට Next කරන්න.System Recovery Options සංවාද කොටුවේ Command Prompt කියන එක තෝරන්න. ඊලගට ඩොස් වල සිට bootrec.exe ලෙසින් ටයිප් කර enter කරන්න. 

ඊලගට bootrec.exe ක්‍රියාත්මක වේවි. අපි බලමු මේ ගොනුව බාවිතා කර Startup Errors නිවැරදි කරගන්නේ කොහොමද කියලා. 

මූලිකවම bootrec.exe ගොනුව බාවිතා කරන්නේ “Bootmgr Is Missing” කියන දෝෂ පනිවිඩය ලැබුන විටයි. එතනදී සිදුවන්නේ Boot Configuration Data නිසි ආකාරයෙන් කියවා ගැනීමට නොහැකි වීමයි. bootrec.exe මගින් mbr එකට අදාල් කොටස් නැවත ලිවීමක් කරනවා. 

පහලින් දක්වලා තියෙන්නේ අදාල විදානයන් ටිකයි. bootrec.exe එකට පිවිසීමෙන් පසු එකින් එක ඩොස් වලදී බාවිතා කරන්න. 
  1. bcdedit /export C:bcd_Backup
  2. c:
  3. cd boot
  4. attrib bcd -s -h -r
  5. ren c:bootbcd bcd.old
  6. bootrec /rebuildbcd
  7. /fixmbr

අවසානයේ ලබාදෙන,

/fixmbr විදානයෙන් වින්ඩෝස් 7 හෝ විස්ටා වලට සහය දක්වන MBR එකක් පද්දති ගොනු පාර්ටිශන් එක මත ලියවනවා. මේ මගින් කලින් පැවති partition table එක නැවත් ලියවීමක් කරන්නවා. 

 /fixmbr  වෙනුවට /fixboot විදාන කොටස ලබාදෙන්නත් පුලුවන්. boot sector එක දෝෂ සහිත අවස්තා වලදී මෙ විදාන කොටස බාවිතා කරන්න පුලුවන්. පැරණි වින්ඩෝස් මෙහෙයුම් පද්දති වලදී Bootmgr.exe වෙනුවෙන් ක්‍රියාත්මක උනේ Windows NT Loader එහෙම නැතිනම් NTLDR ගොනුවයි.

/scanos විදාන කොටස බාවිතා කිරීමෙන් සියලුම හාඩ් ඩික්ස් කොටස් ස්කෑන් කරනවා. ඒ කියන්නේ වයිරස් ස්කෑන් එකෙන් නෙමෙයි. පද්දති ගොනු නිසි ආකාරයෙන් ස්තාපිතද කියන එකයි එතනදී බලන්නේ.
ඉතින් මේ ඉහත දක්වපු ක්‍රියාකාරකම මගින් අදාල දෝෂය සමනය වෙන්නේ නැති නම් පමණක් පහලින් දක්වලා තියන දේත් කරලා බලන්න් කියලා යෝජනා කරන්න පුලුවන්. 

1. බූටබල් ඩිවිඩී එකක් බාවිතා කර වින්ඩෝස් බූට් කරන්න. ඊලගට ස්තාපිත කිරීමේදී repair තෝරා Next කරන්න.
System Recovery Options මෙනුව ලැබේවි. එහි ඇති Startup Repair තෝරන්න.

මේ මගින් Boot Sector එක රිකවර් කරගන්නත් පුලුවන්. 
පරිශීලනය http://support.microsoft.com/kb/927392


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Deal With the Windows Blue Screen Error

නිල් තිර දෝෂ පණිවිඩ එහෙම නැතිනම් Blue Screen Error වලට මුහුණ දුන් අය ඇති කටුක බව හා විසදා ගැනීමේදී දැරිය යුතු වෙහෙස පිලිබද හොදින් දන්නවා. මින් පෙර නිල් තිර දෝෂ පණිවිඩ ලැබෙන්නේ ඇයි කියන එක හේතු සහිතව පැහැදිලි කලා. ඒ ගැන දැනගන්න ඕනේ අයට මේ ලින්කුවෙන් එය බලන්න පුලුවන්. ඉතින් අපි බලමු නිල් තිර දෝෂ පණිවිඩයක් ලැබෙන්න පෙර දෝෂය යතා තත්වයට පත්කර ගැනීමට පොදුවේ කරන්න පුලුවන් දේවල් මොනවද කියලා.

නිල් එහෙම නැතිනම් “Blue” කියන්නේ බොහෝ දෙනා ආසා කරන ලස්සන පාටක්. නමුත් පරිගණක දෘඩාංග සම්බ්න්ද වැඩ කරන අයට නම් නිල් කියන්නේ එපා කරපු පාටක්. මොකද “blue screen error” එහෙම නැතිනම් “blue screen error of death (BSOD)” ස්ක්‍රීනය එන්නෙම නිල් පාටින්. බොහොමයක් නිල් තිර දෝෂ පණිවිඩ වලදී පරිගණකය දිගින් දිගටම රීස්ටාට් වීමක් දකින්න ලැබෙනවා. ඉතින් පරිගණකය දිගින් දිගටම රීස්ටාට් වීම නවතාලන්න සැකසුම් සකස් කල හැකියි. මුලින්ම “computer” හෝ  “my computer” රයිට් ක්ලික් කර “properties” ගන්න. ඉන්පසුව “advanced system settings” තෝරන්න. සමහර විටදී මෙයට ඇතුලු වෙන්න අවසර ඉල්ලයි. “yes” දෙන්න. ඉන්පසුව්ව “advanced” වලදී “settings” තෝරන්න. එහිදී  “startup and recovery option” කියන එක විවෘත වේවි පහල රූපයේ ආකාරයෙන්.



“automatically restart” කියන එක් ටික් වෙලා තියනවා නම් එය ඉවත් කරන්න. ඊලගට  OK කරන්න. මේ ක්‍රියාකාරකමෙන් පසුව නිල් තිර දෝෂ පණිවිඩ  ලැබීම සිදු උවත් පරිගණකය දිගින් දිගටම රීස්ටාට් වීම් නවතිනවා. මින් පසුවත් දිගින් දිගටම රීස්ටාට් වේ නම් නිල් තිර දෝෂ පණිවිඩය පැමිණ පරිගණකය අක්‍රීය වූ පසුව පරිගණකය රීස්ටාට් කරමින්  “F8” කී එක ඔබා safe mode ලොග් වෙන්න. ඉන් පසුව “automatically restart” ටික් එක ඉවත් කරන්න.ඒ වගේම පහල පියවරත් අනුගමනයි කරන්න.
 “control panel” එකෙට යන්න. එහි  “systems and security” යටතේ “find and fix problems” තෝරගන්න. එහිදී “systems and security” වල පස්වෙනි තේරුම “check for performance” තෝරන්න. මේ ක්‍රියාවලිය කෙරෙන අතර තුර මෙහෙයුම් පද්දතිය මගින් විවිද සැකසුම් යෝජන කරාවි මේ වගේ  “a list of programs that you should stop running at startup”. එවැන්නක් දැක්වුවහොත එය තෝරා systems recommendation වලට යන්න. 

නිල් තිර දෝෂ පණිවිඩ එන්න ප්‍රදාන හේතුව තමයි පරිගණක පද්දතියෙන් යොදන සීමාවන්. මේ සීමාවන් අතික්‍රමණය කරන්න කිරියම් වැඩසටහනක් හෝ දෘඩාංගයක සැකසුම් උත්සාහා කරනවා නම් ඒ අවස්තාවේදී නිල් තිර දෝෂ පණිවිඩ ලැබෙනවා. එමෙන්ම මේ පද්දති සීමාවන් වයිරස් මගිනුත් පනවනවා. කලින් හොදින් ක්‍රියාත්මක උන දෘඩාංගයක් වයිරස් අසාදනයෙන් පසුව අක්‍රීය වෙමින් නිල් තිර දෝෂ පණිවිඩ දෙන්නේ මේ නිසයි. 

ඉහලින් දැක්වුන සැකසුම් වලට අමතරව, 

  • එකිනෙකට වෙනස් USB උපාංග බොහොමයක් එක වර බාවිතා කිරීමෙන් වලකින්න. එවිට  USB උපාංග උපාංග අතර ගැටිම් ඇති නොවේවි. ගැටීම් ඇති නොවන තාක් නිල් තිර දෝෂ පණිවිඩ නොලැබීමේ ප්‍රවණතාවය වැඩියි. 
  • programs විශාල ප්‍රමාණයක් startup වලදී ක්‍රියාත්මක වන්නට සැකසුම් සකසන්න එපා. ඇත්තෙන්ම වයිරස් ගාඩ් වැනි මෘදුකාංග නම් startup වලදීම ක්‍රියාත්මක වීම අනිවර්යයෙන්ම සිදු වෙන්න ඕනේ. අඩු මෘදුකාංග ප්‍රමාණයක් startup වලදී ක්‍රියාත්මක වෙනවා කියන්නේ මෙහෙයුම් පද්දතියට බරක් නැතිවම ක්‍රියාත්මක වෙන්න හැකියාව තියනවා කියන එක. startup වලදී මෘදුකාංග ක්‍රියාත්මක වීම වැඩි වෙන්න වැඩි වෙන්න මෙහෙයුම් පද්දතිය මගින් වැඩි බරක් ඒවා වෙනුවෙන් දරනවා. වැඩි රැම් මතකයක් ඒවාට යොදවනවා. එහි අවසන් ප්‍රතිඵලය මෙහෙයුම් පද්දතිය බූට් වීම ප්‍රමාද වීමයි. 

ඉතින් නිල් තිර දෝෂ පණිවිඩ නිසි ආකාරයෙන් අදුනා ගැනීමට නම් අදාල දෝෂය ගැන නිසි පෙලගැස්මක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දෝෂය ගැන මූලක තොරතුරු තියෙන්න ඕනේ. ඉතින් වින්ඩෝස් මෙහෙයුම් පද්ද්තිය මගින්ම මේ එනුවෙන් Event Manager නම් ඉතාමත් වටිනා යෙදවුම ලබාදෙනවා. අපි බලමු මේ හරහා නිල් තිර දෝෂ පණිවිඩයක විස්තර ලබාගන්නේ කොහොමද කියලා. 

start menu එකේ and “eventvwr” ලෙසින් ටයිප් කරන්න. ඉන්පසුව එන්ටර් කරන්න. පහල රූපයේ ආකාරයට.

පහල රූපයේ ආකාරයෙන් එය විවෘත වේවි. මේ මගින් දෝෂයක් අදුනා ගැනීම, එයට හේතුව සවිස්තරව පැහැදිලි කිරීම, වින්ඩෝස් මගින් උදවු ලබාදීම, මයික්‍රොසොෆ්ට් මගින් උදවු ලබාදීම කියන කරුනු ගැන සලකා බලනවා. 

විවිදාකාර වූ events මෙහිදී බලාගන්න පුලුවන්. ඒවා එක් එක් නම් වලින් කාණ්ඩගත කරනවා. blue screen error එකක් වැටෙන්නේ system error කාණඩයට.system events වලට යන්න. ඉහල රූපයට අනුව පනස්නම දහසකට අධික system events දැනටමත් තියන බව පෙනේවි. ඒ මත ක්ලික් කල විට පහල රූපයේ ආකාරයෙන් ඒවා දර්ශණය කරාවි. දේෂයට අදාල දිනය වේලාව තප්පරයටම මේ තුල වාර්තා වෙනවා. 

බොහොමයක් නිල් තිර දෝෂ පණිවිඩ ලබාදෙන්න ප්‍රතම ඒ වෙනුවෙන් Warning ලබාදීමක් සිදු වෙනවා. ඒ  කියන්නේ දෝෂයක මුල් බීජය හදුනා ගත් පසුව මේ ආකාරයේ දෝෂයක් එන්න ඉඩ තියනවා කියලා අවවාද කරනවා. එය මත ක්ලික් කල විට වැඩි විස්තර බලාගන්න පුලුවන්. පහල රූපය බලන්න. 

මේහිදී දෝෂය ගැන සියලුම විස්තර දක්වනවා. ඉතින් පරිගණක ගැන දැනුම අල්ප නම් මයික්‍රොසොෆ්ට් සමාගමේ තොර්තුරු තාක්ශණ නිලධාරීන්ට මේ දෝෂය ගැන දන්වා remote login හරහා අදාල සහය බලාගන්න පුලුවන්. ඇත්තෙන්ම එය අමුතුම අත්දැකීමක්. මයික්‍රොසොෆ්ට් එකෙන් ලොග් වෙලා අපේ පරිගනකය හදනවා කියන එක. ඒ වෙනුවෙන් පහල වෙබ් අඩවිය ලබාදීලා තියනවා. 



ඉතින් මෙ ක්‍රියාකාරකම් හ උපදෙස් මගින් නිල් තිර දෝෂ  වලින් මගහැර සිටීමට හැකියාව ලැබේවි. උත්සාහ කරලා බලන්න. සුබ දවසක්...!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive