සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 27 January 2013

Customize the Lock Screen on Windows 8

Windows 8 මෙහෙයුම් පද්දතිය ස්තාපිත කරලා ලොගින් වෙන මුල් අවස්තාවේ සිටම දකින්න ලැබෙන්නේ ඉහලා රූපයේ ආකාරයෙන්  වූ ලොගින් ස්කීන් එකක්. ඉතින් වින්ඩෝස් 8 වලට අලුත් දෙයක් උන මේ ලොගින් ස්කීන් එක සාම්ප්‍රදායික ලොගින් ස්කීන් එකට කලින් ලබාදෙන එකක්. ඒ කියන්නේ මේ ස්ක්‍රීන් එකෙන් පසුවයි අපට හුරුපුරුදු ලොගින් ලබාදෙන ස්ක්‍රීන් එක පවතින්නේ. ඉතින් මෙය ඇත්තටම රූපයක් පමණක් නොවෙයි. පරිගණකයේ යම් යම් දත්ත මෙහි සටහන් කරනවා වගේම ඒවා යාවත්කාල වෙනවා. ඒවා අතර වෙලාව, දවස, දිනය, මාසය, බැටරි ආයු කාලය වගේම ජාල සබදතා පවතිනවාද යන්නත් මෙයින් බලාගන්න පුලුවන්.
ඉතින් මේ ආකාරයේ ලොගින් ස්ක්‍රීන් එකකට අකමැති නම් එය Disable කරලා දාන්නත් පුලුවන්. මුලින්ම regedit ලෙසින් search වල ටයිප් කර වින්ඩෝස් රෙජිස්ට්‍රියට යන්න.



ඉන්පසුව පහල මාර්ගයේ යන්න.

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Policies\Microsoft\Windows\Personalization

Windows වලදී  Personalization ලෙසින් ෆෝල්ඩරයක් දකින්න නොමැති නම් Windows මත රයිට් ක්ලික් කර New ලබාගන්න. එය Personalization ලෙසින් නම් කරන්න. 



ඉන්පසුව Personalization වලට පිවිස ඒ මත රයිට් ක්ලික් කර new DWORD එකක් ලබාගන්න. එය NoLockScreen ලෙසින් නිවැරදිව සටහන් කරන්න. 



NoLockScreen මත ඩබල් ක්ලික් කරන්න. එහි value කියන ස්තානයට  1 ලබාදෙන්න.



ඉන්පසුව රෙජිස්ට්‍රිය ඉවත් කර පරිගණකය restart කරන්න. ඉතින් ආයෙමත් දිනකදී ලොක් ස්ක්‍රීන් එක ඕනේ උනොත් NoLockScreen කියන ෆෝල්ඩරය මකලා දමා පරිගණකය රීස්ටාට් කරන්න. එහෙම නැතිනම් value එක 0 කලත් හරි. 

ඉතින් මේ සැකසුම් වලින් ලොගින් ස්ක්‍රීන් එක එවත් කලා නම් වින්ඩෝස් බූට් වීමෙන් පසුව කෙලින්ම  එන්නේ පහල රූපයේ ආකාරයට මුරපදය ලබාදෙන කොටසයි. 


අපි බලමු මේ ලොක් ස්ක්‍රීන් එකට ඉමේජ් එකක් ලබාදෙන ආකාරය. 

මේ වෙනුවෙන් අදාල සැකසුම් පවතින්නේ PC setting මතයි. වින්ඩෝස් 8 වලදී Windows Key + I  එකට එබීම මගින් විවෘත වන මෙනුවෙන් Change PC settings තෝරන්න.



Personalize කාණඩය යටතේ Lock screen කියන එක් මත ක්ලික් කරන්න. පහල රූපය බලන්න. මෙතනදී දැනට බාවිතා කල හැකි ඉමේජයන් කීපයක් පෙන්නනවා වගේම ඕනේ නම්  Browse මගින් වෙනත් තැනක තියන ඉමේජයක් උවත් මෙයට ලබාදෙන්න් පුලුවන්.



ලොක් ස්ක්‍රීන් එකේ දකින්න ලැබෙන ඇප්ලිකේශන් වල සැකසුම් මෙතනින්ම සාදා ගන්නත් පුලුවන්.



ඉතින් වෙනස්කම් කල පසුව ලොගින් ස්ක්‍රීන් එක පහල රූපයේ ආකාරයෙන් දැකගන්න පුලුවන්. ඉතින් ඉහල සැකසුමේදී ඇප්ලිකේශන් තේරීමේදී අපි හිතමු කාලගුණය ගැන තෝරුවා නම් ඔන්න ලොගින් ස්ක්‍රීන් එකේදී අදාල කාලගුණ දත්තයන් දැකගන්න පුලුවන්.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive