සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 2 January 2013

Android 4.1 Jelly Bean Skin Pack

වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය බාවිතා කිරීමේදී ඒ වෙනුවෙන් ලබාදී ඇති සැකසුම් වලට අමතරව වෙනත් සැකසුම් බාවිතා කිරීමට අපි හැමෝම උත්සාහා කරනවා. පරිගනකයේ වෙනසක් කරගන්න ඩෙක්ස්ටොප් එක ලස්සනට තියාගන්න මේවගේ නොයෙක් දේවල් වලට අපි පෙලබෙනවා. ඉතින් පරිගණකයේ ඩෙක්ස්ටොප් එකේ පෙනුම වෙනස් කරගන්න බාවිත කරන්න පුලුවන් එක් උපක්‍රමයක් තමයි දැනට බාවිතා වන තීම් එක වෙනස් කිරීම. එක් එක් කාලයට විවිද තීම් අන්තර්ජාලයි හරහා බාගත කරගන්න අවස්තාව ලැබෙනවා. මේ කියන්න යන්නේ Android මොබයිල් මෙහයුම් පද්දතියේ 4.1 සංස්කරණය එහෙම නැත්නම්  Jelly Bean සංස්කරණයේ Skin Pack එක වින්ඩෝස් වෙනුවෙන් යොදාගන්නා ආකාරයයි.මේ ස්කින් පැක් එක බාවිතා කරමින් පරිගණකයේ ඩෙක්ස්ටොප් බැක්ග්‍රවුන්ඩ් එක වෙන්ස කරගන්න පුලුවන්. මුලින්ම පහල ලින්කුවෙන මේ කුඩා ගොනුව බාගත කරගන්න.


පරිගණකයේ මෙහෙයුම් පද්දතියට අදාලව ඒ කියන්නේ 64 ද 32 ද කියන එක බලලම බාගත කරගන්න. ඊලගට පහල රූපයේ ආකාරයෙන් Jelly Bean Skin Pack එක විවෘත කරගන්න පුලුවන්. මෙතනදි Babylon toolbar එක් ස්තාපිත කරන්නද  කියලා අහනවා. මගේ පුද්ගලික අත්දැකීම නම් මේ ටූල් බාර් හරිම වදයක්. ඉතින් කැමති නම් ඒ ටික් දාල අකමැති නම් ඒවා නොදා Next කරන්න. 



ස්තාපිත කර ගැනීම් ඉතාමත් පහසුයි. ඊලගට UXTheme Patch, Files සහ Extras කියන සියල්ලම් ටික් වෙලාද බලල Install කරගන්න 



අවසානයෙ පරිගණකය රිබූට් කිරීමෙන් පසුව පහල රූපයේ ආකාරයෙන් වින්ඩෝස් බූට් ස්ක්‍රීන් එක ඇන්ඩ්‍රොයිඩ් බූට් ස්ක්‍රීන් එකක් බවට පත් වෙනවා.



ලොගින් ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන්ම  Android Jelly Bean මෙහෙයුම් පද්දතියේ ආකාරයෙන්ම වෙනස් වෙනවා



ඩෙක්ස්ටොප් එකට පිවිසි පසුවත් සියල්ල වෙනස් වී ඇති ආකාරය පහල රූපයෙන් බලාගන්න පුලුවන්. අමතර වශයෙන් Analog Clock widget, Digital Clock සහ  Weather, Weather Forecast, Volume changer, කියන ඩෙක්ස්ටොප් ගැජට් වගේම Google search bar සහ සියලුම shortcuts taskbar එක මත පහල රූපයේ ආකාරයෙන් දකින්න ලැබේවි.



ඉතින් අලංකාර ස්කින් පැක් එකකින් පරිගණකය සරසා ගත්තා වගේම මේක එපා නම් කොන්ට්‍රෝල් පැනල් එකෙන් මේ පැක් එක ඉවත් කරගන්නත් පුලුවන්. සුබ දවසක්....!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive