සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 7 January 2013

Ringtone Maker

ජංගම දුරකතන බාවිත කරන හැම දෙනාම කැමතියි තමන්ගේ දුරකතනයෙන් ලස්සන රිංගින් ටෝන් එකක් ඇහෙනවා නම්. ඉතින් ලස්සන සින්දුවක් ඇහුනාම ඒක තමන්ගේ ජංගම දුරකතනයට රිංගින් ටෝන් එක ලෙසින් දාගන්න ඔයාලත් උත්සාහා කරලා ඇති නේද? නමුත් සිංහල ගීතයකනම් මුලින් යන්නේ සංගීත කොටස. ඊලගට කටහඩ.. රිංග් වෙලා ඉවර වෙන්න කිට්ටුව තමයි කටහඩ ඇහෙන්නේ. නමුත් මේ ආකරයේ කැමති ඕනේම සිංදුවක කැමති කොටසක තමගේ ජංගම දුරකතනයේ රිංගින් ටෝන් එක ලෙසින්  බාවිතා කිරීමට අවස්තාව දෙන කුඩා මෘදුකාංගයක් තියනවා. ඒ හරහා දැනට් බාවිතා වෙන  iPhone, Android, Blackberry, Symbian වගේම වෙනත් ඕනෑම ජංගම දුරකතනයකට බාවිතා කරන්න පුලුවන්.


ඉතින් මේ කුඩා මෘදුකාංගය පහල ලින්කුවෙන් බාගත කරගන්න. 


පහල රූපයේ ආකාරයෙන් මෘදුකාංගය විවෘත කරගන්න පුලුවන්. රිංගින් ටෝන් එක් ලෙසින් බාවිතා කරන්න බලාපොරොත්තු වෙන ගීතය මේ මෘදුකාංගය වෙත drag කර Next කරන්න.



දැවෙනි පියවරේදී අපිට රිංගින් ටෝන් එක ලෙසින් තෝරගන්න ඕනේ කොටස තොරාගන්න. එය මෘදුකාගය මගින් තප්පර  30 කාල පරාස වලට බෙදා දක්වනවා. ඕනේ කොටස තෝරා Next කරන්න.



ඊලගට ඔයාලගේ ජංගම දුරකතන ආකාරය තෝරන්න ඕනේ. පහල රූපයේ බලන්න. මොකද එක් එක් ජංගම දුරකතන වල බාවිතා වන ෆයිල් එක්ටෙන්ශන් එක වෙනස් නිසා. iPhone වල බාවිතා වන්නේ  M4R කියන පෝමැට් එක. ජංගම දුරකතන වර්ගය තෝරා Next කරන්න.



ඊලගට අදාල් කොටස සුරක්ශිත කරගන්න ඕනේ තැන තෝරගන්න. ඉන්පසුව Create Your Ringtone කියන එක තෝරන්න.



මේ ක්‍රියාවලිය සිදුවෙන්න සුලු කාලයක් ගත වෙනවා. 



අවසානයේ අදාල ගොනුව තෝරපු ස්තානයට සුරක්ශිත වෙනවා. ඉන්පසුව පහසුවෙන් එය ඔබේ ජංගම දුරකතනයට එක් කරගන්න පුලුවන් කරලම බලන්න. සුබ දවසක්....!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive