සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 24 January 2013

Dangerous Way To Fix Failed Hard Disks

දෘඩ තැටියක් කියන්නේ පරිගණකයක වටිනා කොටසක් වගේම පරිගණක දත්ත අයිතිකරුට අතිශයින්ම වටිනා දෙයක්. ඉතින් වැදගත් දත්ත නැතිවීමේ අවදානම විවිදාකාර හේතු නිසා ඇතිවෙනවා. බොහොමයක් වයිරසයන් නිසා දත්ත අහිමි වෙනවා. නොදැනුවත් කමින් දත්ත මකාගන්නවා. ඒ වගේම දෘඩ තැටියේ ඇතිවන් දේෂ නිසාත් දත්ත අහිමි වෙනවා. ඉතින් මේ කියන්න් යන්නේ අක්‍රීය දෘඩ තැටියකින් දත්ත ලබාගැනීමක කල හැකි දේවල් කීපයක්.
අක්‍රීය ගණයට වැටෙන්නේ එක්කෝ මෙහෙයුම් පද්දතිය මගින් අදුනා නොගන්නා දෘඩ තැටි, එක්කෝ දෘඩතැටියේ පරිපථය පිලිස්සිම නිසා අදුනා නොගන්නා දෘඩ තැටි. අපි මේ ආකාරයන් දෙක පොදුවේ fails normally සහ fails permanently කියලා හදුන්වනවා. මෙහෙයුම් පද්දතිය මගින් අදුනා නොගන්නා දෘඩ තැටි වල mbr එක නිසි ආකාරයෙන් කියවීමට නොහැකි වෙන්න පුලුවන්. ඒ නිසයි අදුනා ගන්න බැරි බව දක්වන්නේ. එවිට වෙනත් පරිගණකයට සම්බන්ද කර chkdsk වැනි ඩොස් විදානයන් බාවිත කිරීමෙන් එය නිවැරදි කරගන්න පුලුවන්. කීප දෙනෙක් පමණක් සිය දත්ත වල උපස්තයක් එහෙම නැතිනම් බැකප් එකක් තියාගත්තත් 98% දෙනා එහෙම කරන්නේ නෑ. අවසානයේ දෘඩ තැටිය පිලිස්සුන විට සියලුම දත්ත නැතිවෙලා යනවා. 

වර්ෂ 1954 දී  IBM වෙනුවෙන් මුල්ම දෘඩ තැටිය Rey Johnson ප්‍රමුඛ කණ්ඩයම විසින් නිර්මාණයි කලා. ඒ තුල ඉතාමත් තුනී platter දකින්න ලැබෙනවා. මිනිත්තුවට වට 7,200 වැනි වේගයකින් මේවා භමණය වෙනවා. එය Revolutions Per Minute (RPM) කියලයි අදුන්වන්නේ. දැනට බාවිතයේ තියන දෘඩ තැටි වල මේ අගය 15,000 RPM වගේ වෙනවා. 













Freezer එකක් බාවිතා කරමින් අක්‍රීය දෘඩ තැටියක දේෂ නිරාකරණයට උත්සාහ කිරීම. 

මේ කතාව අහලා පිස්සුද කියලත් හිතෙන්න පුලුවන්. ඇත්තටම අක්‍රීය දෘඩ තැටියක් Freezer  එකක දැමීමෙන් යතා තත්වයට පත්කරගන්න පුලුවන්. අපි අවදානය යොමු කරන්න ඕනේ කරුණු කීපයක් තියනවා Freeze කරන්න කලින්. 



මුලින්ම අක්‍රීය දෘඩ තැටිය ඉහල රූපයේ ආකාරයෙන් ඉටි කවරක් තුල බහාලන්න ඕනේ. එතනදී වායු ප්‍රතිරෝදී වෙනවා නම් ඉතාමත් වටිනවා. හැමෝටම වායු ප්‍රතිරෝදී කරන්න බැරි නිසා වතුර කාන්දු නොවන මට්ටමට දෘඩ තැටිය හොදින් ඔතන්න. ඉතාමත් කුඩා හිදැසකින් පවා ඇතුලට යන වතුර බිංදුවකින් දෘඩ තැටිය සම්පූර්ණයෙන් අක්‍රීය වෙන්න පුලුවන්. 












rubber band එකක් යොදා හොදින් තදින් වෙලා ගන්න. ඉටි බෑග් දෙකක දමන්න පුලුවන් නම් එයත් හොද උපක්‍රමයක්. දැන් Freezer එකට දමන්න. පැය 4 පමණ තැබිය යුතුයි. පැය 4 අවසානයේ ඉටිකොල සියල්ල ගලවා දෘඩ තැටිය ඉවතට ගන්න. 

දැන් පරිගණකයට සම්බන්ද කර පරිගණකය ඔන් කරන්න. දෘඩ තැටිය ක්‍රියාත්මක වේවි. දත්ත කොපි කරගන්න අවස්තාව ලැබෙන නිසා දත්ත කොපි කරගන්න. සමහර දෘඩ තැටි විනාඩි කීපයකින් ආයේමත් අක්‍රීය වෙන්න පුලුවන්. එවිට ඉහල පියවර නැවත අනුගමනය කරන්න. කොපමන වරක් Freeze කලත් දෘඩ තැටියට හානි වෙන්නේ නෑ. අත්වැරදීම වලින් සිදුවන හානි වලට වගකියනු නොලැබේ


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

3 comments:

LAhiru said...

thanks machan, mageth 400gb HDD akak thiyenawa, but board akee problam akak , me widiyata wada karai daa

Unknown said...

ගොඩක් වැදගත් ලිපියක්.
දිගටම ලියන්න සහෝ.

Vishwajith said...

මේකෙදි වෙන සීන් කෝන් එක මොකක්ද?

මනේ මන්දා.නිකන් පිස්සු වැඩක් වගේ.

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive