සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 6 January 2013

Ultimate IP Changer

ජාල බාවිතයේදී එක් එක් IP ලිපිනයන් විවිද අවස්තා වලදී බාවිතා කිරීමට සිදු  වෙනවා. IP සැකසුම් නිරන්තරයෙන් වෙනස් කිරීම කියන්නෙ ටිකක් එපා වෙන කාලය ගත වන වැඩක් කියලා අත්දැකීමෙන් දන්නවා ඇති. ඉතින් එක් එක් අවස්තාවන් වලට IP ප්‍රොෆයිල් එකක් නිර්මාණය කරගන්න පුලුවන් නම් පහසුයි නේද? නමුත් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියකදී වෙනස් වෙනස් IP ප්‍රොෆයිල් බාවිතා කිරීමේ අවස්තාවක් ලබාදෙන්නේ නෑ. නමුත් එ වෙනුවෙන් කිසියම් ස්ක්‍රිප්ට් එකක් ලියාගෙන බාවිතා කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම IP සැකසුම් වල Advanced  වලදී බාවිතා වෙන IP ලිපිනය සමගම වෙනත් ලිපිනයක් එක් කිරීමේ හැකියාවත් පවතිනවා. නමුත් මේ සියල්ලටම වඩා පහසුවෙන් කුඩා මෘදුකාංගයක් හරහා IP ප්‍රොෆයිල් වෙනස් කර ගැනීමේ හැකියාව පවතිනවා.ඉතින් මේ මෘදුකාංගය Ultimate IP Changer පහල ලින්කුවෙන් බාගත කරගන්න පුලුවන්


සරල පියවර කීපයකින් මෙ මෘදුකාංගය ස්තාපිත කරගන්න පුලුවන්. ස්තාපිත වෙන අතර තුර පහල රූපයේ ආකාරයෙන් Incredibar toolbar කියන එක පමණක් ටික් කරන්න. අනිත් ඒවාත් කැමති නම් බාවිතා කරන්න පුලුවන්. 



ඉතින් ස්තාපිත කිරීම අවසානයේ පලමු වතාවට මෘදුකාංගය විවෘත කර Profiles බටන් එක මත ක්ලික් කරන්න. එතනදි පහල රූපයේ ආකාරයෙන් Profiles configuration වින්ඩෝ එක විවෘත වෙනවා. Network Card යටතේ පරිගණකයේ පවතින network adapters ටික පෙන්නවා. උදාහරණ ලෙස Wireless Network Connection, Local Area Connection දක්වන්න පුලුවන්. ඊලගට network card එක තෝරා Add Profile බටන් එක ක්ලික් කරන්න. එතනදී Profile details panel එක විවෘත වෙනවා. ඊලගට එක් එක් IP ලිපියන Subnet Mask, Default Gateway, DNS Address (Primary and Secondary) ඒ වගේම WINS Address කියන ඒවා නිසි ආකාරයෙන් යොදලා Proxy සර්වරයක් බාවිතා වෙනවnා අම් එයත් අදාල ආකාරයෙන් යොදලා Save කරන්න.



ඉතින් මේ ආකාරයට එක් එක් ප්‍රොෆයිල් වල සැකසුම් සකස් කර ගැනීමෙන් පසුව බාවිත කරන්න ඕනේ කරන ප්‍රොෆයිල් එක් බාවිතා කරලා අන්තර්ජාල හෝ ජාල පිවිසුමක් ලබාගන්න පුලුවන්.



මේ මෘදුකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ කර කරගෙන ස්තාපිත කරගන්න් පුලුවන්. Windows XP, Windows Vista, Windows 7 සහ Windows 8 මෙහෙයුම් පද්දති වගේම මේවායේ 32-bit සහ 64-bit කියන ආකාර දෙකටම සහය දක්වනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive