සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 1 January 2013

Quick Response Code

QR code එහෙම නැත්නම් Quick Response Code අද වෙනකොට ලෝකයේ අලුත් තාක්ශණික යෙදුමක් වෙලා තියනව. අද වෙනකොට ලෝකයේ බොහෝ රටවල දුම්රිය ස්තානවල පවා ඒවාගේ කාලසටහන් QR code බවට හරවා තියෙනවා. මේවා මුලින්ම බාවිතා කලේ ජපනයේ matrix barcode නමිනුයි. මේ වෙනකොට ලෝකය පුරාම වේගයෙන් පැතිරිලා යන දෙයක් තමයි මේ QR code කියන්නේ. ඉතින් මෙ කියන්න යන්නෙ අන්තර්ජාලය හරහා එහෙම නැත්නම් ඔන්ලයින් ආකාරයට QR code එකක් හදාගන්නෙ කොහොමද කියලා. එ වෙනුවෙන් එක් එක් වෙබ් අඩවි බොහොමයක් දකින්න ලැබෙනවා. එයින් ඉතාමත් සරලව QR code එකක් හදාගන්න නම් පහල ලින්කුවට පිවිසෙන්න

ඉන්පසුව පහල රූපයේ ආකාරයෙන් අපිට ඕනේ කරන දෙය Your text කියන ස්තානයේ ටයිප් කරන්න. එවිට ඔයාලට අනික් පසින් පෙනේවි ටයිප් කරන දේට අනුව QR code  එක aසැකසෙන අකාරය.


මේ ආකාරයෙන් QR code නිර්මාණය වෙනවා. ඉතින් මේ නිර්මාණය වෙන QR code  එක අපිට, 

  1. පේස්බුක් ගිණුමට 
  2. බිස්නස් කාඩ් එකට 
  3. වෙබ් බ්ලොග් පිටුවේ හැදින්වීම් වලට 
වගේ බොහෝ දේවල් වලට බාවිතා කරන්න පුලුවන්. මීට අමතරව අනෙත් ඕනේම දෙයකදී මේ QR code  බාවිතා කරන්න පුලුවන්. උදාහරනයක් ලෙසින් අපි හිතමු අලුත් කෑමක් අදුන්වලා දෙන්න යනවා කියලා. ඉතින් මේ අලුත් කෑම ගැන සියලුම විස්තර QR code  එකක් ලෙසින් හදලා ඕනේ නම් මේල් කරන්න, බැනර් වලට බාවිතා කරන්න පුලුවන්. 



මෙහි සැකසුම් සදා ගන්න ඕනේ නම් Options වලට යන්න. පහල රූපයේ ආකාරයෙන් මේ සැකසුම් ඕනේ ආකාරයට හදාගන්න පුලුවන්. 



ඉතින් මේ සියලුම QR code  කියවන්න ඔබේ ස්මාට් පෝන් එකෙන්  හැකියාව තියනවා. එක් එක් මොබයිම් මෙහෙයුම් පද්දතියට අනුව මෙ වෙනුවෙන් බාවිතා කරන්න් ඕනේ කුඩා මෘදුකාංග අන්තර්ජාලයෙන් සොයාගන්න පුලුවන්. පහල තියෙන්නේ ඒ ආකාරයෙන් කුඩා මෘදුකාංග බාගත කරගන්න පුලුවන් වෙබ් අඩවි. 

Android
  1. Barcode Scanner (QR Code with Google Play link)
  2. i-nigma (QR Code with Google Play link)
  3. RedLaser (QR Code with Google Play link)
iOS
  1. i-nigma (QR Code with App Store link)
  2. RedLaser (QR Code with App Store link)
Other mobile systems
  1. i-nigma (Hint: visit www.i-nigma.mobi on your mobile device)

ඉතින් අද වෙනකොට  බොහොමයක් පොත් පත්තර QR code  බවට හරවමින් තිබෙනවා.වඩා වැඩි අකුරු ප්‍රමාණයක් අඩංගු QR code  එකක් හරියට මේ වගේ

ඉතින් ඔයාලත් මේ අත්දැකීම අරගන්න. ඉදිරියට ලංකාවේත් මේ QR code  දකින්න ලැබේවි පාරක් පාරක් ගානේ. සුබ දවසක්......! 


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive