සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 27 January 2013

Goodbye Windows Live Messenger - Migrating to Skype

MSN Messenger එහෙම නැතිනම් Windows Live Messenger කියන්නේ කාලයක් ජනප්‍රියත්වයේ ඉහලටම නැගලා ඉන්පසුව ක්‍රමයෙන් සිය ජනප්‍රියත්වය අඩු කරගත් මෘදුකාංගයක්. එයට හේතු කීපයක්ම තිබුනා. මයික්‍රොසොෆ්ට් සමාගම MSN Messenger ඉදිරිපත් කර කාලයක් ගත වන විට, ඒ කියන්නේ පරිශීලකයින් එහි ප්‍රයෝජන ලබාගැනීම අරබන විටම වගේ MSN Messenger වලට සමාන ඊටත් වඩා පහසුකම් සපිරි Skype වැනි මෘදුකාංග ලෝකයට ඉදිරිපත් උනා. ඉතින් අවසාන ප්‍රතිඵලය උනේ MSN Messenger නිර්මාපයින් වන මයික්‍රොසොෆ්ට් සමාගම සිය තාක්ශණික සහයන් එලබෙන මාර්තු 15 පසුව MSN Messenger වෙනුවෙන් ලබා නොදීමට තීරණය කිරීමයි.
ඒ වගේම දැනට MSN Messenger බාවිතා කරන ලෝකයේ වැඩි පිරිසක් අතරමං වීම වලකා ගැනීම වෙනුවෙන් මයික්‍රොසොෆ්ට්, Skype සමග අත්වැල් බැදගනිමින් Windows Live ID සියල්ලම එහෙම නැතිනම් අපි පොදුවේ හදුන්වන Microsoft accounts සියල්ලම Skype වෙත හරවා යවනවා. ඉතින් ඔබත් Windows Live Messenger පරිශීලකයෙක් නම් වෙනස් වීමට කාලය එලබෙමින් පවතින බව දන්වන්න කැමතියි. ඉතින් පැරණි Windows Live Messenger මෘදුකාංගය ඉදිරි දිනකදී ක්‍රියාත්මකවීම නවතිනවා ඇති. 

Goodbye Windows Live Messenger 

ඉතින් මාර්තු 15 පසුව MSN Messenger පරිශීලකයින් සියල්ල Skype මෘදුකාංගය හරහා සිය පහසුකම් ලබාගත යුතු වෙනවා. ඉතින් Skype වෙනුවෙන් එක් වර මිලියන ගනනක පරිශීලකයින් එක් වන්නයි යන්නේ.  ඉතින් මින් පෙර Skype  බාවිතා නොකල අයටත් මේ වෙනුවෙන් හුරු වෙන්න සිදු වෙනවා වගේම අලුත් මෘදුකාංගයත් තම පරිගණක වලට ස්තාපිත කරගන්න වෙනවා. දැනට බාවිතා වන Windows 8, Mac OS X, Linux, iOS, Android, Windows Phone, වගේම Skype for Linux සහ Skype for Android කියන සෑම ආකාරයෙනම් Skype මෘදුකාංගය ලබාගන්න පුලුවන්. 


ඊලගට අපි බලමු Migrating to Skype එහෙම නැතිනම් MSN Messenger  වල සිට Skype වලට මාරු වෙන්නේ කොහොමද කියලා. ඇත්තෙන්ම පැරණි  MSN Messenger  වල සියලු සැකසුම්, මිතුරන් පිලිබද තොරතුරු සියල්ල ඒ ආකාරයෙන්ම Skype වලදී ලබාගන්න නම් Migrate කියන ක්‍රියාවලියට යන්න වෙනවා. අලුත් Skype මෘදුකාංගයේ මේ වෙනුවෙන් සැකසුම් පවතිනවා වගේම දැනට බාවිතා කරන මෘදුකාංගය යාවත්කාල කලාමත් මේ පහසුකම ලබාගන්න පුලුවන්. අලුත් Skype මුහුණත පහල රූපයේ ආකාරයෙන් දකින්න ලැබේවි. 



Microsoft account එකක් එහෙම නැති නම් Windows Live ID එක හරහා sign in වෙන්න. දැනටමත් Skype ගිණුමකුත් තියනවා නම් ඒ හරහා ලොග් වෙනවා. නැති නම් new Skype account හරහා අලුත් ගිණුමක් සකසා ගන්නත් පුලුවන්. I have a Skype account කියන එක් හරහා ගියාම දැනට Windows Live ID බාවිතා කරන ඔබට ඔබගේ Windows Live ID ගිණුම සමග Migrate වෙනවා. 



එහිදි ඔබගේ කලින් බාවිතා කල Windows Live Contacts list එක Skype Contacts list එක තුලම දකින්න ලැබේවි. ඉතින් Skype හරහා කරන audio සහ video chats වලට අමතරව text chatting පහසුකමත් එකසේම .  Windows Live සදහාත් බාවිතා කරන්න පුලුවන්. 




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive