සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 21 January 2013

Get Back Windows 8 Start Menu

වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය නවීකරණයි වෙමින් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියන වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය අලුත් දේවල් ගොඩක් ලබා දුන්නා. ඇත්තටම ලබාදුන්නා වගේම ඉවත් කලා. ටයිල් මෙනු එක ලබාදෙමින් සාම්ප්‍රදායික වින්ඩෝස් ස්ටාර්ට් මෙනුව ඉවත් කිරීම එහෙම නැත්නම් ස්ටාර්ට් මෙනුවක් නැති කිරීම (මයික්‍රොසොෆ්ට් මෙහෙම කරන්න හේතුව තවම පැහැදිලි නෑ. බොහෝ විට පරණ වින්ඩෝස් අතුරු මුහුණත වෙන්ස කරන්න නම් අනිවාර්යයෙන් ස්ටාර්ට් මෙනුව ඉවත් කරන්න ඕනේ කියලා හිතන්න ඇති)   වින්ඩෝස් 8 වලදී දකින්න ලැබෙන මුලික වෙනස් කමක්.
මේ මූලික වෙනසට අනුගත වෙන්න අකමැති ඒ වගේම ඒ වෙනුවෙන් අවලාද නගන අයට සැනසීමට කරුණක් තියනවා. ඒ වින්ඩෝස් 8 වලදී නැවතත් ස්ටාර්ට් මෙනුව ලබා ගැනීමට හැකි ලෙසින් තෙවෙනි පාර්ශවීය මෘදුකාංගයක් නිර්මාණය වීමයි. බොහෝ දෙනෙක් වින්ඩෝස් 8 වලට කැමති උනත් ස්ටාර්ට් මෙනුව නැති කම බොහෝ දෙනාට හරිම ගැටලුවක් බවයි හැගෙන්නේ. ඉතින් මෙ මෘදුකාංගය හරහා අපි බලමු ස්ටාර්ට් මෙනුව ආපසු ලබාගන්නා ආකාරය. මුලින්ම මේ මෘදුකාංගයේ පිටපතක් පහල ලින්කුවෙන් බාගත කරගන්න. 


මේ මෘදුකාංගයේ මූලික අරමුණ වන්නේ ස්ටාර්ට් මෙනු එක නැවත ලබාදීමයි. ඒ නිසා මේ මෘදුකාංගය බාවිතා කිරීමෙන් වින්ඩෝස් ස්ලෝ වීමක් සිදු වන්නේ නෑ. ඇත්තටම සිදු වන්නේ වින්ඩෝස් 7 වලදී මෙන් අදාල මෘදුකාංග කෙටි මං වශයෙන් ලබාදෙමින් මෙනුවක් නිර්මාණය කිරීමයි පහල රූපය බලන්න 


මේ මෘදුකාංගය ස්තාපිත කිරීමෙන් පසුව ලැබෙන වින්ඩෝස් ස්ටාර්ට් මෙනුවෙන් පහල දේවල් කරගන්න පුලුවන්.

  • Added drag and drop support (including rearranging items in All Programs)
  • Added support for renaming items in All Programs
  • Added support for displaying pinned folder items via jumplists
  • Added support for custom locations (like linking to Dropbox)
  • Added option to open Winkey+X menu instead of classic or Modern start menus
  • Added additional start button images
  • Additional UI language support(ar, cs, de, fr, ja, pl, pt-br, tr, zh - see lang\en.lng)

ඒ වගේම වින්ඩෝස් වලින් අලුතෙන් ලබාදෙන Windows Store, apps වැනි දේවල් වලට කෙලින්ම පිවිසීමේ කෙටි මංද මේ ස්ටාර්ට් මෙනු එකට ලැබෙනවා. ඉතින් වින්ඩෝස් පැරණි ස්ටාර්ට් මෙනුව හා මේ මෘදුකාංගය හරහා ලබාගත් ස්ටාර්ට් මෙනුවේ කිසිදු වෙන්සක් දකින්න න ලැබෙන්නේ නෑ. 

මේ ලැබෙන ස්ටාර්ට් මෙනුව මත right-click කලාම Configure Start8 කියන මෙනුව ලැබෙනවා. පහල රූපය බලන්න. ඒ මගිනුත් අපිට හැකියාව තියනවා විවිද වෙනස්කම් කරගන්න. මේ හරහා ස්ටාර්ට් මෙනුවේ එක් එක් styles ලබාගන්න පුලුවන්.default style එක ලෙසින් පවතින්නේ Windows 7 වල ස්ටාර්ට් මෙනුවයි.



ඉතින් ඉදිරියේදී මයික්‍රොසොෆ්ට් මගින්ම මේ මෙනුව නැවතත්  හදුන්වා දීමට ඉඩ තියනවා. එහෙම නොවෙන්නත් පුලුවන්. ගැටලුවක් නෑ. මේ මෘදුකාංගය හරහා එය පහසුවෙන්ම ලබාගන්න පුලුවන්. ඒ වගේම කලින් ස්ටාර්ට් මෙනුව් පැවති තැන රයිට් ක්ලික් කල විටත් පහල රූපයේ ආකාරයෙන් උප මෙනුවක් දකින්න ලැබෙනවා. එයිනුත් යම් උපකාරයක් ගන්න පුලුවන්. උත්සාහා කරලා බලන්න. සුබ දවසක්...! 




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

2 comments:

Unknown said...

pashta pata pata.

Shaminda said...

මට කියන්න පුලුව්න්ද ? pear to pear network eka හරහා windows xp දාන විදිහ .mata owne mage desktop pc eka හරහා mini lap ekata windows xp dhaanna.mage lap eke usd wada karanne naha.post ekakin hari kiyala denna eka godak vatinawa

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive