සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 23 January 2013

Deal With the Windows Blue Screen Error

නිල් තිර දෝෂ පණිවිඩ එහෙම නැතිනම් Blue Screen Error වලට මුහුණ දුන් අය ඇති කටුක බව හා විසදා ගැනීමේදී දැරිය යුතු වෙහෙස පිලිබද හොදින් දන්නවා. මින් පෙර නිල් තිර දෝෂ පණිවිඩ ලැබෙන්නේ ඇයි කියන එක හේතු සහිතව පැහැදිලි කලා. ඒ ගැන දැනගන්න ඕනේ අයට මේ ලින්කුවෙන් එය බලන්න පුලුවන්. ඉතින් අපි බලමු නිල් තිර දෝෂ පණිවිඩයක් ලැබෙන්න පෙර දෝෂය යතා තත්වයට පත්කර ගැනීමට පොදුවේ කරන්න පුලුවන් දේවල් මොනවද කියලා.

නිල් එහෙම නැතිනම් “Blue” කියන්නේ බොහෝ දෙනා ආසා කරන ලස්සන පාටක්. නමුත් පරිගණක දෘඩාංග සම්බ්න්ද වැඩ කරන අයට නම් නිල් කියන්නේ එපා කරපු පාටක්. මොකද “blue screen error” එහෙම නැතිනම් “blue screen error of death (BSOD)” ස්ක්‍රීනය එන්නෙම නිල් පාටින්. බොහොමයක් නිල් තිර දෝෂ පණිවිඩ වලදී පරිගණකය දිගින් දිගටම රීස්ටාට් වීමක් දකින්න ලැබෙනවා. ඉතින් පරිගණකය දිගින් දිගටම රීස්ටාට් වීම නවතාලන්න සැකසුම් සකස් කල හැකියි. මුලින්ම “computer” හෝ  “my computer” රයිට් ක්ලික් කර “properties” ගන්න. ඉන්පසුව “advanced system settings” තෝරන්න. සමහර විටදී මෙයට ඇතුලු වෙන්න අවසර ඉල්ලයි. “yes” දෙන්න. ඉන්පසුව්ව “advanced” වලදී “settings” තෝරන්න. එහිදී  “startup and recovery option” කියන එක විවෘත වේවි පහල රූපයේ ආකාරයෙන්.



“automatically restart” කියන එක් ටික් වෙලා තියනවා නම් එය ඉවත් කරන්න. ඊලගට  OK කරන්න. මේ ක්‍රියාකාරකමෙන් පසුව නිල් තිර දෝෂ පණිවිඩ  ලැබීම සිදු උවත් පරිගණකය දිගින් දිගටම රීස්ටාට් වීම් නවතිනවා. මින් පසුවත් දිගින් දිගටම රීස්ටාට් වේ නම් නිල් තිර දෝෂ පණිවිඩය පැමිණ පරිගණකය අක්‍රීය වූ පසුව පරිගණකය රීස්ටාට් කරමින්  “F8” කී එක ඔබා safe mode ලොග් වෙන්න. ඉන් පසුව “automatically restart” ටික් එක ඉවත් කරන්න.ඒ වගේම පහල පියවරත් අනුගමනයි කරන්න.
 “control panel” එකෙට යන්න. එහි  “systems and security” යටතේ “find and fix problems” තෝරගන්න. එහිදී “systems and security” වල පස්වෙනි තේරුම “check for performance” තෝරන්න. මේ ක්‍රියාවලිය කෙරෙන අතර තුර මෙහෙයුම් පද්දතිය මගින් විවිද සැකසුම් යෝජන කරාවි මේ වගේ  “a list of programs that you should stop running at startup”. එවැන්නක් දැක්වුවහොත එය තෝරා systems recommendation වලට යන්න. 

නිල් තිර දෝෂ පණිවිඩ එන්න ප්‍රදාන හේතුව තමයි පරිගණක පද්දතියෙන් යොදන සීමාවන්. මේ සීමාවන් අතික්‍රමණය කරන්න කිරියම් වැඩසටහනක් හෝ දෘඩාංගයක සැකසුම් උත්සාහා කරනවා නම් ඒ අවස්තාවේදී නිල් තිර දෝෂ පණිවිඩ ලැබෙනවා. එමෙන්ම මේ පද්දති සීමාවන් වයිරස් මගිනුත් පනවනවා. කලින් හොදින් ක්‍රියාත්මක උන දෘඩාංගයක් වයිරස් අසාදනයෙන් පසුව අක්‍රීය වෙමින් නිල් තිර දෝෂ පණිවිඩ දෙන්නේ මේ නිසයි. 

ඉහලින් දැක්වුන සැකසුම් වලට අමතරව, 

  • එකිනෙකට වෙනස් USB උපාංග බොහොමයක් එක වර බාවිතා කිරීමෙන් වලකින්න. එවිට  USB උපාංග උපාංග අතර ගැටිම් ඇති නොවේවි. ගැටීම් ඇති නොවන තාක් නිල් තිර දෝෂ පණිවිඩ නොලැබීමේ ප්‍රවණතාවය වැඩියි. 
  • programs විශාල ප්‍රමාණයක් startup වලදී ක්‍රියාත්මක වන්නට සැකසුම් සකසන්න එපා. ඇත්තෙන්ම වයිරස් ගාඩ් වැනි මෘදුකාංග නම් startup වලදීම ක්‍රියාත්මක වීම අනිවර්යයෙන්ම සිදු වෙන්න ඕනේ. අඩු මෘදුකාංග ප්‍රමාණයක් startup වලදී ක්‍රියාත්මක වෙනවා කියන්නේ මෙහෙයුම් පද්දතියට බරක් නැතිවම ක්‍රියාත්මක වෙන්න හැකියාව තියනවා කියන එක. startup වලදී මෘදුකාංග ක්‍රියාත්මක වීම වැඩි වෙන්න වැඩි වෙන්න මෙහෙයුම් පද්දතිය මගින් වැඩි බරක් ඒවා වෙනුවෙන් දරනවා. වැඩි රැම් මතකයක් ඒවාට යොදවනවා. එහි අවසන් ප්‍රතිඵලය මෙහෙයුම් පද්දතිය බූට් වීම ප්‍රමාද වීමයි. 

ඉතින් නිල් තිර දෝෂ පණිවිඩ නිසි ආකාරයෙන් අදුනා ගැනීමට නම් අදාල දෝෂය ගැන නිසි පෙලගැස්මක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දෝෂය ගැන මූලක තොරතුරු තියෙන්න ඕනේ. ඉතින් වින්ඩෝස් මෙහෙයුම් පද්ද්තිය මගින්ම මේ එනුවෙන් Event Manager නම් ඉතාමත් වටිනා යෙදවුම ලබාදෙනවා. අපි බලමු මේ හරහා නිල් තිර දෝෂ පණිවිඩයක විස්තර ලබාගන්නේ කොහොමද කියලා. 

start menu එකේ and “eventvwr” ලෙසින් ටයිප් කරන්න. ඉන්පසුව එන්ටර් කරන්න. පහල රූපයේ ආකාරයට.

පහල රූපයේ ආකාරයෙන් එය විවෘත වේවි. මේ මගින් දෝෂයක් අදුනා ගැනීම, එයට හේතුව සවිස්තරව පැහැදිලි කිරීම, වින්ඩෝස් මගින් උදවු ලබාදීම, මයික්‍රොසොෆ්ට් මගින් උදවු ලබාදීම කියන කරුනු ගැන සලකා බලනවා. 

විවිදාකාර වූ events මෙහිදී බලාගන්න පුලුවන්. ඒවා එක් එක් නම් වලින් කාණ්ඩගත කරනවා. blue screen error එකක් වැටෙන්නේ system error කාණඩයට.system events වලට යන්න. ඉහල රූපයට අනුව පනස්නම දහසකට අධික system events දැනටමත් තියන බව පෙනේවි. ඒ මත ක්ලික් කල විට පහල රූපයේ ආකාරයෙන් ඒවා දර්ශණය කරාවි. දේෂයට අදාල දිනය වේලාව තප්පරයටම මේ තුල වාර්තා වෙනවා. 

බොහොමයක් නිල් තිර දෝෂ පණිවිඩ ලබාදෙන්න ප්‍රතම ඒ වෙනුවෙන් Warning ලබාදීමක් සිදු වෙනවා. ඒ  කියන්නේ දෝෂයක මුල් බීජය හදුනා ගත් පසුව මේ ආකාරයේ දෝෂයක් එන්න ඉඩ තියනවා කියලා අවවාද කරනවා. එය මත ක්ලික් කල විට වැඩි විස්තර බලාගන්න පුලුවන්. පහල රූපය බලන්න. 

මේහිදී දෝෂය ගැන සියලුම විස්තර දක්වනවා. ඉතින් පරිගණක ගැන දැනුම අල්ප නම් මයික්‍රොසොෆ්ට් සමාගමේ තොර්තුරු තාක්ශණ නිලධාරීන්ට මේ දෝෂය ගැන දන්වා remote login හරහා අදාල සහය බලාගන්න පුලුවන්. ඇත්තෙන්ම එය අමුතුම අත්දැකීමක්. මයික්‍රොසොෆ්ට් එකෙන් ලොග් වෙලා අපේ පරිගනකය හදනවා කියන එක. ඒ වෙනුවෙන් පහල වෙබ් අඩවිය ලබාදීලා තියනවා. 



ඉතින් මෙ ක්‍රියාකාරකම් හ උපදෙස් මගින් නිල් තිර දෝෂ  වලින් මගහැර සිටීමට හැකියාව ලැබේවි. උත්සාහ කරලා බලන්න. සුබ දවසක්...!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive