සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 20 January 2013

Bypass Software Trial Period Manually

මෘදුකාංග සල්ලි දීලම අරගෙන බාවිතා කරන්නේ කීයෙන් කී දෙනාද? සල්ලි දීලා මෘදුකාංග ගන්න බැරි අපි කරන්නේ එක්කෝ මෘදුකාංගයේ කී එකක් අන්තර්ජාලයෙන් සොයාගන්නවා. එහෙම නැත්නම් මෘදුකාංගයේ .exe එක ක්‍රැක් කරපු එකක් හොයාගන්නවා. ඉතින් බොහොමයක් මෘදුකාංග ක්‍රැක් තියෙන්නේ වයිරස් සමග කියලා ඒවා බාවිතා කරපු අය දන්නවා ඇති. සල්ලි වලට නොගෙන මෘදුකාංග බාවිතා කිරීමෙන් නොදැනුවත්වම වයිරස් පරිගණකයට ආසාදනය වෙනවා කියන එකත් මතක තියාගන්න.
ඉතින් මේ ලගදී වටිනා මෘදුකාංගයක් කාලය ඉකුත් වෙනවා කියලා මගේ මිතුරෙක් කිවුවා පුලුවන් නම් මොකක් හරි කරලා දෙන්නා කියලා. ක්‍රැක් එකක් දැම්මත් ඒකේ වයිරස් කියලා ඇල්ලුවා. ඉතින් අවසානයේ වෙනත් විසදුමකට යන්න උනා. එතනදී පහලින් දක්වලා තියන සැකසුම් සකස් කිරීමෙන් අදාල මෘදුකාංගයේ කාලය ඉකුත් වීම නැවතාගන්න හැකි උනා. 

නමුත් මේ ක්‍රමය සියලු මෘදුකාංග වෙනුවෙන් සාර්තක නොවෙන්න පුලුවන්. නමුත් මෙතෙක් බාවිතා කල සියලු Trial මෘදුකාංග වල කාලය ඉකුත් වීම නවතා ගන්න හැකි උනා. මෙතනදී වෙන්නේ මෘදුකාංගයේ කාලය ඉකුත් වීමට අදාල දත්ත පරිගණකයෙන් ඉවත් කර නැවත මෘදුකාංගයේ අලුත් ස්තාපිත කිරීමක් සිදු කිරීමයි. 

මුලින්ම පරිගනකයේ රෙජිස්ට්‍රියට යන්න Start > Run > Regedit ලෙසින් සටහන් කර. ඊලගට පහල මාර්ගයේ යන්න. HK Local Machine > Software >  ඉන්පසුව Trial ඔබේ මෘදුකාංගයේ නම තෝරාගන්න. 


ඉන්පසුව අදාල කී ටික මකලා දාන්න. ඒ වගේම HK Current user කියන එකෙත් Software > වලදි කී මකන්න ඕනේ. 

ඉන්පසුව Start > Run > වලදී “%temp%” ලෙසින් සටහන් කර එන්ටර් කරන්න. එවිට වින්ඩෝස් ටෙම්පරි පෝල්ඩරය විවෘත වේවි. එතනදී දකින්න ලැබෙන සියලුම පෝල්ඩර් ගොනු මකා දමන්න. 


ඉන්පසුව C:// Users > Username > App-data වලට යන්න. මෙතනදී දකින්න් ලෙබෙනවා අපි බාවිත කරන ප්‍රොෆයිල් ආකාරයන්. ඒ කියන්නේ “Local”, “LocalLow”, “Roaming” කියන ඒවා.  App-data ෆෝල්ඩරය හිඩ්න් වෙලයි තියෙන්නේ. ඊලගට අදාල මෘදුකාංගයේ පෝල්ඩරය මකා දමන්න. 


ඉන්පසුව පරිගණකය රීස්ටාට් කර මෘදුකාංගය නැවත ස්තාපිත කරන්න. එයින් පසුව නැවත්ත අදාල Trial  කාල සීමාව නැවත බාවිතා කරන්න් පුලුවන්. කල් ඉකුත් වන හැම අවස්තාවකදීම මේ ක්‍රියාවලිය මගින් නැවත නැවත මෘදුකාංගය බාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Anonymous said...

I use "time stopper"..it works for all trial softwares easily..

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive