සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 23 January 2013

System Configuration Utility

වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය තුල එක් එක් සැකසුම් සකස් කිරීම වෙනුවෙන් විශේෂයෙන්ම ලබදෙන යෙදවුම් තියනවා. උදාහරණයක් ලෙසින් වින්ඩෝස් රෙජිස්ට්‍රිය දක්වන්න පුලුවන්. ඒ හරහා සමස්ත පරිගණක පද්දතියේම විවිදාකාර වෙනස්කම් කරගන්න පුලුවන්. ඉතින් එවැනිම වටිනාකමකින් යුතු යෙදුමක් තමයි System Configuration Utility කියන්නේ. පරිගණක මෙහෙයුම් පද්දතියේ අතිශයින් වටිනා සැකසුම් සියල්ලම මේ හරහා සිදුකරගන්න පුලුවන්.
msconfig විදානය හරහා ඕනේම වින්ඩෝස් මෙහෙයුම් පද්දතියකින් මේ System Configuration Utility උපයෝගීතාවය ලබාගන්න පුලුවන්. පරිගණකය ආරම්බ කරන මුල් අවස්තාවේදී එහෙම නැතිනම් startup අවස්තාවේදී සිදුවිය යුතු විශේෂ ක්‍රියාකාරකම් එකතු කිරීම හෝ දැනට බාවිතා වන දේවල් ඉවත් කිරීම මේ මගින් පහසුවෙන් කරගන්න පුලුවන්. ඇත්තෙන්ම මෙහි වෙනස් කම් කිරීමෙන් පරිගණක මෙහෙයුම් පද්දතියේ යම් යම් වෙනස්කම් සිදුවන බැවින් අවබෝදයෙන් වෙනස්කම් කල යුතුයි.සරලවම කියනවා නම් මේ System Configuration Utility වල සිදු කරන වැරදි සකසුමකින් ඔබේ මෙහෙයුම් පද්දතියට හානි සිදු වන්න පුලුවන්.

System Configuration Utility ප්‍රදාන වශයෙන් පහල පද්දති ගොනු හා සේවාවන් සමග කෙලින්ම සම්බන්ද වෙනවා. ඒ වගේම ඒ පද්දති ගොනු වල වෙනස්කම් මේ හරහා කෙලින්ම කරන්න පුලුවන්. 

  • System.ini
  • Win.ini
  • Boot.ini
  • Services
  • Startup
System Configuration Utility වෙත යන්න "Start" > "Run" වලදී  "msconfig" ලෙසින් ටයිප් කර එන්ටර් කරන්න.



පහල රූපයේ ආකාරයෙන් System Configuration Utility සංවාද කොටුව විවෘත වේවි. මෙහි පවතින එක් එක් විශේෂතා ගැන අවධානය යොමු කරමු.

I. "GENERAL"



 "Normal Startup" මෙහෙයුම් පද්දතියෙන් ලබාදෙන නිවැරදි සකසුම් ටික තමයි මේ මගින් ලබාගන්න පුලුවන්. මෙතනදී වින්ඩෝස් මගින් දැනට ස්තාපිත කරලා තියන සියලුම drivers සහ දැනට පවතින සියලුම services බාවිතා කරනවා.

 "Diagnostic Startup" වින්ඩෝස්ම් ක්‍රියාත්මක වීමට ඕනේ කරන මූලිකම drivers සහ services ටික පමණක් බාවිතා කරමින් පරිගණකය ක්‍රියාත්මක කරනවා. බොහොමයක් සේවාවන් මෙහිදී අක්‍රීයවයි පවතින්නේ. උදාහරනය ලෙස Networking, Plug and Play, Error Reporting සේවාවන් දක්වන්න පුලුවන්. 

"Selective Startup" මේ මගින් අප යෝජන කරන සැකසුම් යටතේ මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක කරවනවා.


II. "SYSTEM.INI", "WIN.INI", සහ "BOOT.INI"

"system.ini", "win.ini", සහ  "boot.ini" කියන්නේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක වීමට ඕනේම කරන පද්දති ගොනු 3ක්. මේවා තුල පරිගණකය බූට් වීමට ඕනේ කරන මූලික සැකසුම් ඇතුලත් වෙනවා. මේවා කුඩා .ini ගොනු ලෙසින් ප්‍රදාන පද්දති පෝල්ඩරයේ හෝ c: කොටසේ සැගවී පවතිනවා. system.ini ගොනුව නෝට්පෑඩ් හරහා විවෘත කල විට පහල රූපයේ ආකාරයෙන් දකින්න පුලුවන්. 



















III. "Services"

පරිගණකයේ ක්‍රියාත්මක වන සියලුම සේවාවන් මෙහිදී දැකගන්න පුලුවන්. ඒවා ඕනේ නම් disable/enable කිරීමේ හැකියාවත් මෙහිදී පවතිනවා. 




IV. "Startup"
වින්ඩෝස් ආරම්බ වීමේදී ක්‍රියාත්මක විය යුතු සේවාවන් මෙහිදී දැකගන්න පුලුවන්. ඒ සේවාවන් වල ක්‍රියාත්මක වන ඔආත් එක පවා දැකගන්න් පුලුවන්. මෙය ඉතාමත් වැදගත් වන්නේ වයිරස් ක්‍රියාකාරීත්වයන් අදුනා ගැනීමේදී. වයිරසය ක්‍රියාත්මක වන ගොනුව  කුමද්ද යන්න නිසි ආකාරයෙන් අදුනාගන්න පුලුවන්. ඕනේම සේවාවක් disable/enable කිරීමේ හැකියාවත් පවතිනවා. 


ඉතින් වින්ඩෝස් 8 වලදී නම් මෙහි අතුරු මුහුණතේ පොඩි වෙන්සක් දකින්න ලැබෙනවා. 






















පහල රූපය බලන්න. දැනට ක්‍රියාත්මක මෙහෙයුම් පද්දතිය පෙන්නුම් කරනවා. එය වැදගත් ඩුවෙල් බූට් ආකාරයේ පද්දති වල සැකසුම් සකස් කරන්නට. ඒ වගේමෙ Safe Boot මගින් පද්දතිය බූට් වෙන්න ඕනේ මොන ආකාරයෙන්ද කියන එක සකසන්න පුලුවන්. 























ඉතින් ඉතාමත් කල්පනාකාරීව මේ සැකසුම් සකස් කරන්න ඕනේ. නිසි අවබෝදයක් නැතිනම් හොදම දේ මේ දේවල් වල වෙනස් කමක් නොකර ඉන්න එකයි. සුබ දවසක්...! 


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

3 comments:

amila said...

එතකොට අපි ඔය එක එක utility සොෆ්ට්වෙයාර් දාන්න ඕන නෑ නේද? මේ ක්‍රමයට ඒ වැඩටික කරගන්න පුළුවන් නේද?

Anonymous said...

hoda pst ekak

Anonymous said...

ගොඩක් utility සොෆ්ට්වෙයාර් වලින් කරන් දේ මේකෙන් කරගන්න පුලුවන්.

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive