සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 23 January 2013

Repair Startup Errors

වින්ඩෝස් බූට් වෙන පිලිවෙල එහෙම නැතිනම් පවර් දුන්න මුල් මොහොතේ සිට බාවිතා කරන ගොනු පිලිබද කලින් වතාවකදී පැහැදිලි කලා. ඒ ගැන දැනගන්න් ඕනේ අය මේ ලින්කුවෙන් එය බලන්න. ඉතින් මේ කියන යන්නේ බූට් වීමේදී දෝෂ දෙන පද්දති ගොනු හා ඒවා යතා තත්වයට පත්කරගන්නා ආකාරයයි. වින්ඩෝස් xp වල මේ ක්‍රියාකාරමක වෙන්සකම් සහිතයි. නමුත් වින්ඩෝස් 7 හා විස්ටා වලදී මෙය සාර්තකව ක්‍රියාත්කම වෙනවා. මෙහිදී ප්‍රදාන වශයෙන් බාවිතා කරන්නේ bootrec.exe පද්දති ගොනුවයි. ඒ හරහා

  • master boot record (MBR)
  • boot sector
  • Boot Configuration Data (BCD)
කියන ස්තාන වල පවතින දෝෂයන් නිරාකරණය කරගන්න පුලුවන්. දෝෂ නිරාකරණය වෙනුවෙන් අවතීරණය වීමට නම් වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය සහිත බූටබල් ඩිවිඩී එකක් තියෙන්න ඕනේ. ඒ වගේම පරිගනකයේ බූට් ඕඩර් එකේ අංක එකට ඩිවිඩී එක තෝරලා තියෙන්නත් ඕනේ.bootrec.exe  පද්දති ගොනුව ක්‍රියාත්මක වන්නේ Windows Recovery අවස්තාවේදී පමණයි. අපි බලමු Windows Recovery වෙත පිවිසෙන්නෙ කොහොමද් කියලා. පහල පියවර අනුගමනය කරන්න. 

වින්ඩෝස් බූටබල් ඩිවිඩී එක පරිගණකය වෙත ඇතුල් කරන්න. ඉන්පසුව මෙහෙයුම් පද්දතිය ස්තාපිත කිරීමට Press a key කියන අවස්තාව පැමිනේවි. ඉන්පසුව කැමති කී එකක් ඔබා ස්තාපිත කිරීමට පිවිසෙන්න.   language එක time එක වගේ දේවල් තෝරලා අවසන් උනාම Next කරන්න. ඊලගට Repair your computer කියන එක තෝරන්න. එතනදී repair කල යුතු මෙහෙයුම් පද්දතිය තෝරන්න. (ඩුවෙල් බූට් ආකාරයෙන් මෙහෙයුම් පද්දති 2ක් පරිගණකයට ස්තාපිත කරලා තියනවා නම් පමණක මේ ආකාරයෙන් තේරීම කරන්න වෙනවා)  ඊලගට Next කරන්න.System Recovery Options සංවාද කොටුවේ Command Prompt කියන එක තෝරන්න. ඊලගට ඩොස් වල සිට bootrec.exe ලෙසින් ටයිප් කර enter කරන්න. 

ඊලගට bootrec.exe ක්‍රියාත්මක වේවි. අපි බලමු මේ ගොනුව බාවිතා කර Startup Errors නිවැරදි කරගන්නේ කොහොමද කියලා. 

මූලිකවම bootrec.exe ගොනුව බාවිතා කරන්නේ “Bootmgr Is Missing” කියන දෝෂ පනිවිඩය ලැබුන විටයි. එතනදී සිදුවන්නේ Boot Configuration Data නිසි ආකාරයෙන් කියවා ගැනීමට නොහැකි වීමයි. bootrec.exe මගින් mbr එකට අදාල් කොටස් නැවත ලිවීමක් කරනවා. 

පහලින් දක්වලා තියෙන්නේ අදාල විදානයන් ටිකයි. bootrec.exe එකට පිවිසීමෙන් පසු එකින් එක ඩොස් වලදී බාවිතා කරන්න. 
  1. bcdedit /export C:bcd_Backup
  2. c:
  3. cd boot
  4. attrib bcd -s -h -r
  5. ren c:bootbcd bcd.old
  6. bootrec /rebuildbcd
  7. /fixmbr

අවසානයේ ලබාදෙන,

/fixmbr විදානයෙන් වින්ඩෝස් 7 හෝ විස්ටා වලට සහය දක්වන MBR එකක් පද්දති ගොනු පාර්ටිශන් එක මත ලියවනවා. මේ මගින් කලින් පැවති partition table එක නැවත් ලියවීමක් කරන්නවා. 

 /fixmbr  වෙනුවට /fixboot විදාන කොටස ලබාදෙන්නත් පුලුවන්. boot sector එක දෝෂ සහිත අවස්තා වලදී මෙ විදාන කොටස බාවිතා කරන්න පුලුවන්. පැරණි වින්ඩෝස් මෙහෙයුම් පද්දති වලදී Bootmgr.exe වෙනුවෙන් ක්‍රියාත්මක උනේ Windows NT Loader එහෙම නැතිනම් NTLDR ගොනුවයි.

/scanos විදාන කොටස බාවිතා කිරීමෙන් සියලුම හාඩ් ඩික්ස් කොටස් ස්කෑන් කරනවා. ඒ කියන්නේ වයිරස් ස්කෑන් එකෙන් නෙමෙයි. පද්දති ගොනු නිසි ආකාරයෙන් ස්තාපිතද කියන එකයි එතනදී බලන්නේ.
ඉතින් මේ ඉහත දක්වපු ක්‍රියාකාරකම මගින් අදාල දෝෂය සමනය වෙන්නේ නැති නම් පමණක් පහලින් දක්වලා තියන දේත් කරලා බලන්න් කියලා යෝජනා කරන්න පුලුවන්. 

1. බූටබල් ඩිවිඩී එකක් බාවිතා කර වින්ඩෝස් බූට් කරන්න. ඊලගට ස්තාපිත කිරීමේදී repair තෝරා Next කරන්න.
System Recovery Options මෙනුව ලැබේවි. එහි ඇති Startup Repair තෝරන්න.

මේ මගින් Boot Sector එක රිකවර් කරගන්නත් පුලුවන්. 
පරිශීලනය http://support.microsoft.com/kb/927392


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive