සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Monday 31 December 2012

Windows 8 Unattended Setup ISO

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය ස්තාපිත කිරීම මහා පරිමානයෙන්  සිදු කරද්දි ඒ කියන්නේ උදාහරණයක් ලෙසින් පරිගණක 100 කට විතර ස්තාපිත කරන අවස්තාවකදී අපිට කාලය ඉතුරු කර ගැනීමට බාවිතා කරන්න පුලුවන් ඉතමත් වටිනා යෙදුමක් තමයි Unattended installation කියන්නේ. මේ Unattended installation  කියන පහසුකම මුලින්ම අදුන්වා දුන්නේ වින්ඩෝස් 2000 මෙහෙයුම් පද්දතියත් සමගයි. ඉන්පසුව පැමිණි සියලුම මෙහෙයුම් පද්දති වල මේ Unattended installation  පහසුමක තිබුනා. නමුත් සාමානයය පරිශීලකයින්ට මේ මේ පහසුකම බාවිතා කිරීමට අවස්තාවක් නොලැබෙන නිස මේ යෙදුම පරිගනක ජාල පාලකයින් හා  ජාල කලමණාකරුවන් අතර පමනක් බාවිතා උනා. මයික්‍රොසොෆ්ට් මගින් පවත්වනු ලබන MCP 70-270 විභාගය වෙනුවෙනුත් මේ Unattended installation  ගැන ප්‍රශ්ණ ඉදිරිපත් වී තිබුනා. ඉතින් වින්ඩෝස් 8 සමග මේ පහසුකම බාවිතා කරන ආකාරය අපි බලමු.


Unattended installation  මගින් සිදු කරන්නේ අපි පියවරින් පියවර වින්ඩෝස් ස්තාපිත කරන ආකාරයට වින්ඩෝස් ස්තාපිත කර අනෙකුත් සියලුම යෙදවුම් ද ස්තාපිත කර සැකසුම් සාදා ඒ සියල්ල ISO ආකාරයෙන් ඩිවිඩී එකක් ලෙසින් සකසා දීමයි. ඉන් පසුව මේ ඩිවිඩී එක බාවිතයෙන් පරිගනකයටක වින්ඩෝස් ස්තාපිත කිරීමේදී පියවරින් පිවර සැකසුම් සැකසීමක් කරන්න ඕනේ නෑ. උදාහරනයක් ලෙසින් අපි වින්ඩෝස් කී එකෙ හැක ස්තාපිත කිරීමකදීම ලබාදෙන්න ඕනේ උනාට Unattended installation  ආකාරයෙන් ස්තාපිත කිරීමක් කරන විට එක් වරක් පමණක් කී එක ලබදී ඩිවිඩී එක සකසා ගත් පසුව නැවත කී එක ලබාදෙන්න් ඕනේ නෑ. හරියටම ඉමේජයක් හදනවා වගේමයි. 

ඉතින් මේ Unattended installation  පහසුකම සක්‍රීය කරගන්න WinReducer 8 නම් කුඩා මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. එය පහල ලිනුවෙන බාගත කරගන්න පුලුවන්. 



මේ මෘදුකාංගය 32-bit සහ 64-bit කියන සංස්කරන දෙකින්ම බාගත කරගන්න පුලුවන්. 



බාවිතා කරන්න බලාපොරොත්තු වන මෙහෙයුම් පද්දතියට අනුව මෘදුකාංගය ස්තාපිත කරගන්න. මෘදුකාංගය ස්තාපිත වීමේදී පහල රූපයaේ අකාරයෙන් ‘Open’ සහ ‘Change Mount Folder’ ලෙසින් බටන් දෙකක් දකින්න ලැබේවි. 

මොන ආකාරයේ වින්ඩෝස් මෙහෙයුම් පද්දතියක්ද ස්තාපිත කරන්නේ කියන එක තෝරලා ඊලගට වින්ඩෝස් 8 ISO ගොනුව Mount කිරීමෙන් ලබාදෙන්න.






ඉන්පසුව අපිට අවස්තාව ලැබෙනවා අපිට අනවශ්‍ය දේවල් තියනවා නම් අයින් කරන්න. ඒ කියන්නේ Accessories, Drivers, Fonts, Languages, Themes, Services වගේ දේවල්. පහල රූපය බලන්න.



ඉන්පසුව මෘදුකාංගයේ Customization ටැබ් එකට යන්න. මෙතනදී මෙහෙයුම් පද්දතියේ සැකසුම් සකසා ගන්න පුලුවන්. උදාහරණයක් ලෙසින් hide desktop icons, remove files and settings from Windows Explorer, clean unneeded files වගේ දේවල් දක්වන්න පුලුවන්. ඒ වගේම default Lockscreen එක, Wallpaper, එක පවා මෙතනින් හදාගන්න පුලුවන්. ඔබ විසින්ම නිර්මාණය කල එකම වෝල්පේපර් එක හැම පරිගණකයකම බාවිතා කරන්න ඕනේ නම් මේ අවස්තාවේදී එය තෝරා දෙන්න පුලුවන්.



ඉන්පසුව Unattended කියන ස්තානයේදී අදාල වින්ඩෝස්ම් කී එක ලබාදෙන්න පුලුවන්.



ඉතින් මේ සැකසුම් සියල්ල සකසා අවසන් උන් පසුව පහල රූපයේ ආකාරයෙන් ඉමේජය නිර්මාණය වෙනවා.



අවසන් උන පසුව ‘Save in WIM file and create a new ISO’ කියන කොටස තෝරන්න. ඒ වගේම අපිට මේ ගොනුව කෙලින්ම ඩිවිඩී එකකකට මේ අවස්තාවේදීම ලියවාගන්න බැරි නිසා අපි මේ ගොනුව මුලින්ම පරිගනකයේ රදවා ගන්න ඕනේ. ඒ වෙනුවෙන් destination folder එක තෝරා ISO name එක හා ISO label වෙනුවෙන් කැමති නම් ලබා දෙන්න. 



ඉතින් අවසානයෙ ලැබෙන ISO ගොනුව ඩිවිඩී එකකට ලියවා ගන්න. ඉන්පසුව එම ඩිවිඩී එක බාවිත කර වෙනත් පරිගණකයකට ඉක්මනින් වින්ඩෝස් ස්තාපිත් කරගන්න පුලුවන්. සුබ දවසක්.......!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Sunday 30 December 2012

Bitdefender Free Of Cost For Home Users

වයිරස් කියන්නෙ ඉතාමත් කරදරකාරී නමුත් මුහුණු දිය යුතු ගැටලුවක්. පරිගණක බාවිතා කරන 99% ක්ම තම ජීවිතකාලයෙන් එක් වතාවකදී හෝ පරිගණක වයිරස් ප්‍රහාරයක ගොදුරක් වෙලා තියනවා. ඉතින් මෙය ලියන මටත් කියවන ඔබටත් මේ ගැන අඩු වැඩි වශයෙන් අත්දැකීම් තියන බව නම් නොඅනුමානයි.


ඉතින් කෙසේ වෙතත් මේ වයිරස් වලින් බේරීමට බාවිතා කරන ප්‍රති වයිර්ස් මෘදුකාංග එක් එක් ආකාරයෙන් බාවිතා කිරීමේ හැකියාව පවතිනවා. උදාහරණයක් ලෙසින් අන්තර්ජාලයෙන් බාගත කරගෙන බාවිත කරන්න පුලුවන් වගේම සල්ලි දීල අරගෙනත් බාවිතා කරන්න පුලුවන්. ඉතින් ලෝකයෙ හොදම ප්‍රති වයිරස් මෘදුකාංගය ලෙසින් බොහෝ වෙබ් අඩවි වල දක්වලා තියන ඒ වගේම එක් එක් සංගණන වලින් තහවුරු කරපු Bitdefender මෘදුකාංගයේ නොමිලේ සංස්කරණයක් ආයෙමත් එලි දක්වලා තියනවා.  ඉතින් නොමිලේ දුන්නත් මිලදීගෙන බාවිත කරන්න තියන සංස්කරණයේ ඇති පහසුකම් වලින් එකක්වත් ඉවත් කිරීමක් සිදු කරලා නම් නෑ. ඒ වගේම Real-time තත්වයේ ආරක්ශාවත් එලෙසින්ම පවතිනවා. 


මුලින්ම පහල ලින්කුවෙන් නොමිලේ දෙන සංස්කරණය බාගත කරගන්න. 




ඉන්පසුව සරල පියවර කීපයකින් එය පරිගණකයට ස්තාපිත කරගන්න පුලුවන්. සාර්තකව ස්තාපිතවීම අවසන් උනට පසුව පහල රූපයේ ආකාරයෙන් ටාක්ස්බාර් එකේ Bitdefender අයිකනය දකින්න ලැබේවි ඉන්පසුව ඒ අයිකනය මත ක්ලික් කරන්න. 



ඉන්පසුව නොමිලේ මේ මෘදුකාංගය බාවිතා කිරීමට නම් Facebook හෝ Google එකවුන්ට් එකක් හරහා ලොග් වෙන්න් ඕනේ.



ඉතින් මේ මෘදුකාංගයේ ඉතාමත් වැදගත් කොටස වන්නේ අන්තර්ජාල සබදතා ඇති සෑම අවස්තාවකදීම නිරන්තර යාවත්කාල වීම් සිදුවීම වගේම ඒ යාවත්කාල වීම මගින් පරිගණකයේ වේගයට බලපෑමක් නොවීමයි. ඒ වගේම On Demand scan පහසුමකත් සක්‍රීය වෙනවා. පහල රූපයේ බලන්න.පෝල්ඩරයක් මත හෝ ගොනුවක් මත රයිට් ක්ලික් කල විට ‘Scan with Bitdefender’ කියන මොනුව දකින්න ලැබේවි.






ඉතින් මේ සංස්කරණය වින්ඩෝස් 8 සමග සාර්ථකව ක්‍රියාත්මක වෙනවා වගේම අනික් සියලුම වින්ඩෝස් සංස්කරණ සමගත් ක්‍රියත්මක වෙනවා. ඔයාලත් සල්ලි දීල ප්‍රතිවයිරස් මෘදුකාංග අරගෙන වද වෙන්නෙ නැතුව මේ වගේ නොමිලේ දෙන හොද මෘදුකාංගයක් බාවිතා කරලා බලන්න. සුබ දවසක්....!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Windows 8 File Sharing


වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය මේ වෙනකොට බොහොමයක් දෙනා බාවිතා කරනවා. ඉතින් මෙහෙයුම් පද්දතිය අලුත් නිසා මෙහි පවතින සමහර පහසුකම් බොහොමයක් දෙනා බාවිත කරන්නේ නෑ. නමුත් ඉතාමත් සරලව බාවිතා කරන්න පුලුවන් වැදගත් යෙදුම් බොහොමයක් වින්ඩෝස් 8 සමග පවතිනවා. ඉතින් වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය සමග මුල් කාලයේ සිටන්ම පවතින යෙදුමක් තමයි ගොනු හුවමාරුව එහෙම නැත්නම් File Sharing  කියන්නේ.  ගොනු හුවමරුව ඉතාමත් වැදගත් වන්නේ පරිගණක ජාලයක ඉන්නා සාමාජිකයින්ටයි. ඉතින් අපි බලමු වින්ඩෝස් 8 හරහා File Sharing  කරන්නේ කොහොමද කියලා 


ඔයාලා දන්නවා වින්ඩොස් බාවිත කරලා ගෘප් නිර්මානය කරනවා කියලා. උදාහරණ ලෙස Homegroup සහ Workgroups දක්වන්න පුලුවන්. ඉතින් මේ ගෘප් හරහා ඕනේම ගොනුවක් ආරක්ශිතව හුවමාරු කරගන්න බාවිතා කල හැකි සාර්තක ක්‍රමය තමයි File Sharing  කියන්නේ. ඒ වගේම වෙනස් වෙනස් වින්ඩෝස් මෙහෙයුම් පද්දති අතර ගොනු හුවමාරු කරන්නත් මෙ පහසුමක බාවිතා කරන්න පුලුවන්. ඒ වගේම පරිශීලකයින් අතර ගොනු හුවමාරුවේදී එකිනෙකාට වෙනස් පහසුකම් ලබාදීමටත් මේ හරහා හැකියාව පවතිනව. 

ඉතින් File Sharing  කරන්න කලින් පරිගණකයේ ඇඩ්මින් ලෙසින් ලොග් වෙලා ඉන්න ඕනේ. ඒ වගේම ලෝකල් නෙට්වර්ක් එකට පරිගsණකය සම්බන්ද කරලා තියෙන්න ඕනේ. වින්ඩෝස් 7 වලට වඩා වින්ඩෝස් 8 වලදී පොඩි වෙනස්කම් තිබුනත් සරලව මේ දේ කරගන්න පුලුවන්. මුලින්ම පරිගණකයේ Computer Properties වලට යන්න. ඊලගට බලන්න workgroup කියන ස්තානයේ කිසියම් workgroup එකකට ඇඩ් කරලා තියනවාද කියලා. 

ඉතින් ඉහල රූපයේ ආකාරයෙන් workgroup  කියන නම් ඕනේ නම් වෙනස් කරගන්න පුලුවන් ඒකට System Properties වලදී Change වලට ගිහින්  workgroup එකට කැමති නමක් දෙන්න. හැබැයි මේ ආකාරයට මේ workgroup එකට එකතු කරන හැම පරිගනකයකම වෙනස්කම් කරන්න ඕනේ. 


ඊලගට අපි බලමු කොහොමද පෝල්ඩරයක් Sharing  වලට යොමු කරන්නේ කියලා. අදාල පෝල්ඩරයේ රයිට් ක්ලික් කර Properties ගන්න.එතනදී එන මෙනුවෙන් Sharing තෝරගන්න. 


ඊලගට Share වලට යන්න.

එතන්දී අපිට එක් එක් ආකාරයේ Permission තත්වයන් යටතේ මේ පෝල්ඩරය ශෙයාර් කරන්න පුලුවන්. Every one ආකාරයෙන් ශෙයාර් කිරීමෙන් පරිගණක ජාලයේ ඕනේම කෙනෙකුට මේ ගොනුව බාවිතා කරන්න පුලුවන්. Everyone  තෝරා Add ක්ලික් කරන්න.

ඊලග පියවර වන්නේ මේ ගොනුවේ කියවීමේ හා ලිවීමේ පහසුකම සක්‍රීය කිරීම. පහල රූපය බලන්න. 



Read මගින් කියවීම පමණක්මද read and write මගින් කියවීම හා ලිවීම යන පහසුමක් දෙකමද ලබාදෙන්න පුලුවන්.


ඉන්පසුව මේ පෝල්ඩරය File Sharing  තත්වයට පත් වෙනවා. දැන් බලමු මේ පෝල්ඩරය වෙනත් පරිගණකයකින් බාවිතාවට ගන්නේ කොහොමද කියලා.ඊට් පලමුව පොඩි සැකසුම් කීපයක් කරගන්න තියනවා. මුලින්ම නෙට්වර්ක් අයිකනය උඩ රයිට් ක්ලික් කර Open Network and Sharing Center වලට යන්න. පහල රූපය බලන්න.



ඉහල රූපයේ රතු පැහැයෙන් දක්වලා තියන HomeGroup  ස්තානයේ ක්ලික් කරන්න. 


ඉන්පසුව Join now ක්ලික් කරන්න. පහල රූපයේ ආකාරයෙන්.


ඉතින් මුරපදයක් ලබාදී මේ පෝල්ඩරය සුර්ක්ශිත කරන්නත් පුලුවන්. වෙනත් පරිගනකයකින් මේ පෝල්ඩරය වෙත පිවිසීමේදී මේ මුරපදය ලබාදෙන්න ඕනේ. 

ඉතින් මේ ආකාරයෙන්  Homegroup එකට සම්බන්ද වන පරිශීලකයින්ට තමන්ට කැමති ආකාරයේ ගොනු මේ හරහා හුවමාරු කරගන්න පුලුවන්. 


ඉතින් වෙනත් පරිගණකයකින් මේ පෝල්ඩරය වෙත පිවිසෙන්න හැකියාව නොමැති නම් ‘Windows cannot access the <shared folder name>’’ කියන දෝෂ පනිවිඩය එනවා. එවිට දාල පරිගණකයේ Network Discovery සහ File Sharing පහසුකම් ස්ක්‍රීයද බලන්න ඕනේ. එය Advanced Sharing වලදී පහල් රූපයේ ආකාරයෙන් සදා ගන්න පුලුවන්
සුබ දවසක්....!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Friday 28 December 2012

Troubleshooting Internet Connection Problems

පරිගණක ජාලයක් නිසි ආකාරයෙන් ගොඩනගනවා කියන කරුණ ජාල කරණයේ මූලික දෙයක්. නිසි අකාරයෙන් වින්‍යාශගත නොකරගත්ත පරිගණක ජාලයක් පාලනය කිරීම වගේම එවැනි ජාලයක වැඩ කිරීමත් හරිම ගැටලු සහගතයි. ඉතින් මීට කලින් ගොඩක් පෝස්ට් වල මං පරිගණක ජාලකරණය ගැන කිවුවා. අද කියන්න යන්නේ පරිගණක ජාලයක ජාලකරණ ගැටලුවක් විසදීමේදී අවධානය යොමු කරන්න ඕනේ මූලික් කරුණු ගැනයි.



මෙතනදී මං උදාහරණයට ගන්නේ අන්තර්ජාල පහසුමක සහිත පරිගණක ජාලයක්. අපි බලමු අන්තර්ජාල පහසුකම් නෑ කියලා පරිගණක බාවිතා කරන්නා විසින් අපිට දන්වන අවස්තාවකදී පොදුවේ අනුගමනය කරන්න පුලුවන් කරුණු මොනවාද කියලා. 

1. නිසි ආකාරයේ ක්‍රියාත්මක වන IP ලිපිනයක් පවතිනවාද යන්න. 
2. ඒ ලිපිනයට අදාල සැකසුම් නිවැරදිද යන්න. 
3. රවුටරයට හා ලෝකල් නෙට්වාර්ක් සබදතා පවතිනවාද යන්න. 
4. අන්තර්ජාල පිවිසීමට බාවිත කරන බ්‍රවුසරයේ සැකසුම් නිවැරදිද යන්න. 

ඉතින් මේ කරුණු සියල්ල අපි සොයා බලන්න ඕනේ. කරුණු එකින් එක අපි දීර්ඝව සලකා බලමු. 

1. නිසි ආකාරයේ ක්‍රියාත්මක වන IP ලිපින

මේ කරුණේදී මුලින්ම ජාල කලමණාකරුවෙක් හෝ වේවා ජාල පරිපාලකයෙක් හෝ වේවා ඔහුට හෝ ඇයට තමන්ගේ ජාලයේ පවතින IP කොටස් එහෙම නැතිනම් LAN කඩා ඇති ආකාරය, ඒ ඒ LAN වලට IP ලබාදී ඇති ආකාරය, VLAN කැඩීම් කර තිබෙනවාද වැනි කරුණු පිලිබද පූර්ණ සර්ව සම්පූර්ණ අදහසක් පැවතිය යුතුය. ඉතින් මේ කරුණු ගැන අවදානයෙන් අදාල පරිශීලකයාගේ IP සැකසුම් වලට යොමු වන්න. 

එතනදී පරිශීලකයාගේ 

IP Address
Subnet Mask
Default Gateway
DNS Servers

කියන සැකසුම්  නිසි ආකාරයෙන් පවතිනවාද යන්න සොයා බලන්න ඕනේ. වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේදී එක් එක් ආකාරයෙන් මේ ගැන සොයා බලන්න පුලුවන්. පහලින් ඒ සැකසුම් වෙත යන ආකාරය කෙටියෙන් දක්වලා තියනවා. 

Windows XP TCP/IP settings


Network Connections >  local area connection > Internet Protocol (TCP/IP) > Properties.

Windows 7 TCP/IP settings


Start button  > Control Panel > Network and Sharing Center > View network connections > Right-click the connection that you want to change > Properties.

Click the Networking tab. Under This connection uses the following items, click either Internet Protocol Version 4 (TCP/IPv4) or Internet Protocol Version 6 (TCP/IPv6), and then click Properties.

Windows 8 TCP/IP settings

Network and SharingCenter




change adapter settings






properties > Internet Protocol Version 4(TCP/IPv4) > properties



ඉතින් මේ මෙහෙයුම් පද්දති 3ට අමතරවත්  අනෙක් මෙහෙයුම් පද්දති වලත් මේ ආකාරයටම IP සැකසුම් සකසා ගන්න පුලුවන්. මේ කරුණයි මූලික වෙනවා වගේම අපි බලමු දැනට ක්‍රියාත්මව වන ලිපිනය ඩොස් හරහා බලන්නෙ කොහොමද කියලා.

2. ඒ ලිපිනයට අදාල සැකසුම් 


මුලින්ම් ඩොස් වල්ට යන්න. එක් එක් මෙහෙයුම් පද්දති වල ඩොස් වලට යන ආකාරය මෙහෙමයි.

Win9x - Start > Run > command
Windows2000/XP/Vista - Start > Run > cmd
Windows7 - Start > CMD

ඊලගට මේ ඩොස් මෙහෙයුම් පද්දතියේ සිට IPCONFIG /ALL කියන විදානය ලබාදෙන්න. පහල රූපයේ ආකාරයට බලගන්න් පුලුවන්. . 


IP Address

ජාලයේ ක්‍රියාත්මක වන IP ලිපිනයක්. ඔයාල දන්නවා IP ලිපින ආකාරයන් 5ක් තියනවා කියලා. එහෙම නැත්නම් පන්ති 5ක් තියනවා කියලා. ඒතමයි ClassA, ClassB, ClassC, ClassD, ClassE ඉතින් මේ පන්ති වලින් මොන පන්තියේ ලිපිනයක් බාවිතා කරනවද කියන එක ඔයාලට අවබෝදයක් තියෙන්නෙ ඕනේ. 
මේ පහල තියෙන්නේ එක් එක් පන්තිය අනුව ලිපිනයක් ආරම්බ වන හා අවසාන වන ආකාරය. උදාහරණයක් ලෙස 192.168.20.46 කියන්නේ C පන්තියට අයිති IP ලිපිනයක්. තේරුණා නේද? 

A1 – 126*
B128 – 191
C192 – 223
D224 – 239
E240 – 254


Subnet Mask:

IP ලිපින පන්තියට අදාලව නිවැරදි Subnet Mask ලබාදෙන්න ඕනේ. 

A10.0.0.0255.0.0.010.0.0.0 - 10.255.255.255
B172.16.0.0 - 172.31.0.0255.240.0.0172.16.0.0 - 172.31.255.255
C192.168.0.0255.255.0.0


Default Gateway:
පරිගණක ජාලයේ රවුටරයක් බාවිතා වෙනවා නම් එහි ලිපිනය තමයි Default Gateway එක ලෙසින් බාවිතා වන්නේ. 

3. රවුටරයට හා ලෝකල් නෙට්වාර්ක් සබදතා 


අදාල පරිගණකයේ සිට වෙනත් පරිගණකයකට සබදතා පවතිනවාද යන්න සොයා බලන්න ඕනේ. ඒ වෙනුවෙනුත් බාවිතා කරන්න වන්නේ ඩොස් මෙහෙයුම් පද්දතියයි 

ping 192.168.1.1

ඉතින් මේ අවස්තාවේදීම අපිට හැකියාව තියනවා වෙනත් වෙබ් අඩවියකට සම්බන්දතා පවතිනවාද කියලා මේ විදායෙන්ම බලාගන්න. 

ping www.yahoo.com

පහල රූපයේ මේ විදානයන් දෙක ක්‍රියාත්මක කරන ආකාරය දක්වලා තියනවා 


ඉතින් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන ජාලයකදී Reply From ලෙසින් සාර්ථක පිලිතුරක් ලැබෙන්න ඕනේ. මේ සැකසුම් නිසි ආකාරයෙන් පවතිනවාද යන්න සොයා බැලීමෙන් පසුව තවමත් දෝෂ සහගත නම් පරිගණකයේ පවතින ජාලකරණ දෘඩාංග ගැන අවදානය යොමු කරන්න. ඒ කියන්නේ නෙට්වර්ක් කාඩ් එක ගැන. දෘඩාංග වල දෝෂ සමනය කරන ආකාරය වෙනත් පෝස්ටුවකින් ලියන්නම්. සුබ දවසක්....!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Wednesday 26 December 2012

IDM Full Activation For LIfe Time

අන්තර්ජාල බාගත කිරීම් වෙනුවෙන් බාවිත කරන ඉතාමත් ජනප්‍රිය මෘදුකාංගයක් තමයි IDM කියන්නේ. ඉතින් බොහොමයක් IDM මෘදුකාංගය බාවිතා කරන අය මුහුණ දෙන ප්‍රදාන ගැටලුවක් තමයි කාලයක් යද්දි රෙජිස්ටර් කරන්න කියලා එන පණිවිඩය. මේ ගැටලුවට විසදුම වන්නේ එක්කො IDM වල ලයිසන් එකක් ගන්න ඕනේ. නැත්නම් අන්තර්ජාලයෙන් සීරියල් කී එකක් හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් ක්‍රැක් වර්ශන් එකක් බාවිතා කරන්න ඕනේ. ඉතින් මේ ක්‍රම වලිනුත් විසදුම වලිනුත් IDM  නිසි ආකාරයෙන් ඇක්ටිවු උනේ නැත්නම් ආයේමත් පරණ ගැටලුවටම මුහුණ දෙන්න වෙනවා. මටත් මේ ගැටලුවටම මුහුණ දෙන්න් උන නිසා මටත් සිදු උනා IDM ජීවිත කාලයටම රෙජිස්ට්‍රර් කරලා තියාගන්න විදියක් හොයාගන්න. මෙ ගැන හොයනකොට හම්බුනා ඇක්ටිවේටර් එකක්. මේ ඇක්ටිවෙටරය හරහා කිසිම කී එකක් පැච් ගොනුවක් බාවිතා නොකරම IDM ඇක්ටිවු කරගන්න හැකියාව තියනවා.
මුලින්ම IDM මෘදුකාංගය බාගත කරගන්න පහල ලින්කුවෙන්. බාගත කරගන්න කියන්නේ මොකද දැනට බාවිතා කරන IDM මෘදුකාංගය සමග මේ ඇක්ටිවේටරය ක්‍රියාත්මක නොවෙන්න පුලුවන්. ඒ නිසා මේ පහල ලින්කුවේ ඇති මෘදුකාංගයම බාගත කරගන්න. ලොකු ධාරිතාවක් වෙන්නෙත් නෑ. 4.35MB පමණයි. 


ඊලගට මේ පහල දක්වලා තියන ලින්කුවෙන් IDM crack for life.exe කියන ගොනුව බාගත කරගන්න.


ඉතින් මේ ලිපිය ගැන අවධානය යොමු කරපු මගේ සහෘද මිතුරෙකුත් මේ වෙනුවෙන් බාවිතා කරන්න පුලුවන් පැච් ගොනුවක ලින්කුවක් ලබා දුන්නා. ඒ ගොනුව පහලින් බාගත කරගන්න් පුලුවන්. 


ඊලගට දැනට බාවිතා කරන IDM සංස්කරණයක් තියනවා නම් එය Uninstall කරලා පරිගණකය රීස්ටාට් කරලා එහෙම අලුත් IDM ගොනුව පරිගණකයට ස්තාපිත කරන්න. ඊලගට IDM crack for life.exe ගොනුව  ක්‍රියාත්මක කරන්න. පහල රූපයේ ආකාරයෙන් එය විවෘත වේවි 



මෘදුකාංගය මත දක්නට ලැබෙන Update කියන අයිකනය ක්ලික් කරන්න. ඉන්පසුව ඒ මෘදුකාංගය ක්ලෝස් කරන්න. ඊලගට IDM මෘදුකාංගය විවෘත කරගෙන එහි Help > Check for Update කියන පාත් එකට යන්න. පහල රූපයේ ආකාරයට.



ඊලගට ආයෙමත් IDM crack for life.exe මෘදුකාංගය විවෘත කරගන්න. එතනදී පහල රූපයේ දකින්න ලැබෙන ආකාරයට Start ක්ලික් කරන්න.


මේ  ක්‍රියාවලියාව අවසන් උන පසුව IDM මෘදුකාංගයේ Help වල About IDM ක්ලික් කරන්න. පහල රූපයේ ආකාරයට IDM මෘදුකාංගය full version එකක් එහෙම නැත්නම් ලයිසන් සංස්කරණයක් ආකාරයෙන් වෙනස් වී තියේවි.


අවධානයට.... මේ ආකාරයෙන් IDM මෘදුකාංගය වෙනස් කරගත් පසුව කිසිම් දිනක Update කරන්න යන්න නම් එපා. 

උත්සාහා කරලා බලන්න. මොනවා හරි ගැටලුවක් මතු උනිත් කමෙන්ටුවක් දමන්න. සුභ දවසක්...! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive