සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 7 December 2012

Online Photoshop

ජායාරූප සංස්කරණය කිරීමට තියන හොදම මෘදුකාංගය මොකද්ද කියලා ඇහුවොත් කවුරුත් කියන්නේ Photoshop කියලයි. ඉතින් Photoshop බාවිතා කරන්න නම් පරිගණකයක එය ස්තාපිත කරලා තියෙන්න ඕනේ. පරිගණකයක ස්තාපිත කරලා නැති වෙලාවක Photoshop ඕනේ උනොත්? මොකද කරන්නේ? ස්තාපිත කරගන්න සෙටප් ගොනුවකුත් නැති නම්?

ඔන්න ඒකට අලුත් විසදුමක් තියනවා. ඒතමයි Photoshop ඔන්ලයින් ආකාරයෙන් බාවිතා කිරීමට හැකි ලෙස  පහසුකමක් ලබාදෙන වෙබ් අඩවියක් නිර්මාණය කර තිබීම. ඉතින් මේ ඔන්ලයින් Photoshop හරහා Photoshop මගින් ලබාදෙන් පහසුකම් වලින් 60% වඩා වැඩි ප්‍රමාණයක් අත්විදීමේ හැකියාව පවතිනවා.

මුලින්ම මේ ලින්කුවට යන්න.

http://pixlr.com/editor/

වෙබ් අඩවියට පිවිසුන පසුව පහල රූපයේ ආකාරයෙන් මෙනුවක් දිස් වේවි. ඒ හරහා,

  • අලුත් ඉමේජයක් සෑදීම 
  • පරිගණකයේ ඇති ඉමේජයක් සංස්කරණය කිරීම 
  • වෙබ් අඩවියක පවතින ඉමේජයක සංස්කරණයට ලබා ගැනීම
  • පරිගණකයේ ලයිබ්‍රරිය හරහා ඉමේජයන් සංස්කරණයට ලබා ගැනිම 
 කරගන්න පුලුවන්.




ඉතින් මේ හරහා ප්‍රදාන වශයෙන්
- image format conversion
- Cropping of the images
- Flip / Rotate
- Plenty of filters
- Clone stamp / blur / Hue – Saturation / Brightness / contrast adjustments.

වගේ වෙනස්කම් කරගන්න පුලුවන්.



ඉතින් සංස්කරණය කිරීම් අවසන් උනාට පස්සෙ Photoshop වලින් ජායාරූපයක් සුරක්ශිත කරන අකාරයටම මේ මගිනුත් අපේ පරිගණකයටම අදාල ජායාරූපය සුරක්ශිත කරගන්න පුලුවන්. උත්සාහා කරලා බලන්න් ඔයාලත්. සුබ දවසක්....!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

PiRe - පිරේ said...

thanks අයියා. තව ඉස්සරහට ඒකත් හොඳට දියුනු වෙලා එයි......... installed photoshop වලින් දාන ඕනෑම සෙල්ලමක් එතකොට online පුලුවන් වෙයි.........

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive