සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 18 December 2012

"Your System Is Low On Virtual Memory"

පරිගණකයට මතකය කියන්නේ ඉතාමත් වටිනා දෙයක්. තාවකාලික මතකය එහෙම් නැත්නම් විදුලිය සපයලා තියනකන් බාවිතා කරන මතමය කියන්නේ අපි පරිගණකයට සවිකරන මතක පත් වල ධාරිතාවය. ඒ වගේම වර්චුවල් මතකය කියන්නේ පරිගණකය බාවිතා කරන අතරතුර අපේ දෘඩ තැටියෙන් මතකය වෙනුවෙන් වෙන් කරගන්නා ඉඩ ප්‍රමාණයෙන් ලබාදෙන ධාරිතාවය. ඉතින් මේ වර්චුවල් මතකය පරිගණකයේ දෘඩ තැටියේ ප්‍රමාණය මත තිරණය කරගන්න පුලුවන්. ඕනේ නම් වැඩි කරගන්නත් පුලුවන්.
ඉතින් මේ වර්චුවල් මතකය කියන එක පරිගණකයේදී දකින්න ලැබෙන්නේ page file හෝ swap file එකෙක් ලෙසින්. එය සාමානයෙන් පිහිටන්නේ C:\pagefile.sys නමින් සැගවුන ගොනුවක් ලෙසිනුයි. සාමානයෙන් වර්චුවල් මතකය එහෙම නැත්නම් පේජ් ෆයිල් එක වෙනුවෙන් වෙන් කරන්නෙ අපේ තාවකාලික මතකය මෙන් 1.5 ප්‍රමාණයක්. ඒ කියන්නේ උදාහරණයක් ලෙසින් පරිගණකයේ තාවකාලික මතකය 512 MB නම් වර්චුවල් මතකය ලෙසින්  768 MB ලබාදෙන්න් ඕනේ. ඒ කියන්නේ අවසානයේ පරිගණකයේ සම්පූර්ණ මතකය 1.25 GB ලෙසින් ප්‍රයෝජනයට ගන්නවා. තාවකාලික මතකය + වර්චුවල් මතකය 

ඉතින් මේ කියන්න යන්නේ මේ වර්චුවල් මතකය මදියි කියලා මෙහෙයුම් පද්දතිය මගින් දක්වන දෝෂ පණිවිඩය ගැනයි. පරිගණකයෙන් මහාපරිමාණ මෘදුකාංගයක් බාවිතා කරද්දි හරි මතකයට දරගැනීමට අමාරු ක්‍රියාකාරකමක් සිදු වෙන අවස්තාවකදී වර්චුවල් මතකය මදි නම් ඒ බව පහල රූපයේ ආකාරයෙන් දක්වනවා. 



ඉතින් මේ වර්චුවල් මතකය වැඩි කරගන්නේ හෝ වෙනස් කරගන්නේ කොහොමද? අපිට පුලුවන් My Computer වල රයිට් ක්ලික් කරලා properties ගන්න. ඒකේ තියනවා Advanced කියලා එකක්. පහල රූපය බලන්න. 


එතනින් පිට යන්න පුලුවන් Change කියන එකට.

එතනදී Custom Size මගින් ලබාදෙන්න ඕනේ වර්චුවල් මතක ප්‍රමාණයි ලබාදෙන්න පුලුවන්. ඒ කියන්නේ අපේ තාවකාලික මතකය වගේ 1.5 ප්‍රමාණයක්.



















ඉතින් මේ ආකායරෙන් ලබාදෙන වර්චුවල් මතකය බාවිත කරන්නේ මොන මොන වැඩසටහන් වලින්ද කියන එකත් බලාගන්න පුලුවන්. 

ඒ Windows Task Manager එක් හරහා. Windows Task Bar එක මත රයිට් ක්ලික් කර Windows Task Manager ලබාගන්න. එහෙම නැත්නම් Ctrl+Alt+Del එකවර එබීමෙනුත් Windows Task Manager ලබාගන්න පුලුවන්. එහිදී Processes වලට යන්න. මෙතන පෙන්නන්නේ දැනට පරිගණකයේ ක්‍රියාත්මක වන වැඩසටහන් සියල්ල. ඊලගට View වලට යන්න. එතන ඇති Columns කියන එක තෝරන්න. 



දැන් විවෘත වෙන කොටසින් Virtual Memory කියන ටික් එක දමා ඕකේ කරන්න ඉන් පසුව Processes තුලදී VM Size ලෙසින් වර්චුවල් මතකය බලාගන්න පුලුවන්. 



දැන් බලාගන්න හැකියාව තියනවා තාවකාලික මතකයෙන් කොපමන බාවිතා කරනවද වර්චුවල් මතකයෙන් කොපමන බාවිතා කරනවාද කියන එක. ඉතින් තාවකාලික මතකය මදි උන ගමන් අර ඉහලින්ම දක්වපු දේෂ පණිවිඩය දකින්න සලස්වනවා, ඒ දේෂය වර්චුවල් මතකය වැඩිකරගැනීමෙන් මගහරවා ගන්න පුලුවන්. සුබ දවසක්....!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

6 comments:

sampath said...

ela ela aiya...

Anonymous said...

me windows 8 wala hoyaganne kohomada?

Anonymous said...

Niyanam... yaluwa.... ටබාහෝම ස්තූතියි....

Damith Sriyantha said...

නියම ලිපියක්....
ජයම වේවා !!!

chathuran said...

වටිනා ලිපියක් ස්තුතියි!

Anonymous said...

නියමයි ජයැව්වා

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive