සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 3 December 2012

uTorrent Remote

බොහොමයක් දෙනා අන්තර්ජාලය හරහා බාගත කිරීම් කරනවා නම් යොමු වන්නේ ටොරන්ට් අඩවි වලට. ටොරන්ට් අඩවි කියන්නේ ලෝකයේ පවතින දත්ත ගබඩාවන් කිවුවොත් නිවැරදියි. ඉතින් මේ ටොරන්ට් හරහා බාගත කිරීම පරිගණකය හරහා කරන අතරතුර බාගත කිරීම දුරස්තව පාලනය කිරීමට හැකියාවක් පවතිනවා නම් එය වැදගත් නේද?


අපි හිතමු අපිට පවතින සීමිත අන්තර්ජාල පහසුකම බාවිතා කරමින් ටොරන්ට් ගොනුවක් බාගත කරනවා කියලා.හදිසි අවශ්‍යතාවයකට අපිට නිවසින් පිටට යන්න වෙනවා. ටොරන්ට් ගොනුව බාගත වෙලා අවසන් උනාට පස්සේ මොකද පරිගණකයට වෙන්න ඕනේ අන්තර්ජාල සබදතාවයට මොකද වෙන්න ඕනේ කියන ඒවා අපට දුරස්තව පාලනය  කිරීමට හැකියාව පවතිනවා නම් ඒ වගේ අවස්තාවකදී වටිනවා නේද? 

ඒ වගේම වෙනත් පරිගණකයක සිට ඔබේ පරිගණකයේ ඇති ටොරන්ට් මෘදුකාංගය බාවිත කරමින් බාගත කිරීම් කරන්න පුලුවන් නම්? 

අපි බලමු එහෙනම් කොහොමද ටොරන්ට දුරස්තව පාලනය කරන්නේ කියලා ටොරන්ට බාගත කරන්න බාවිතා කරන්නේ Utorrent හා BitTorrent කියන මෘදුකාංගයන්. මේ දෙකින් එකක් ඔබේ පරිගණකයට ස්තාපිත කර ඇත්නම් ටොරන්ට්  ගොනු ඒ හරහ බාගත කරන්න පුලුවන්. මුලින්ම් මේ මෘදුකාංග දෙකින් එකක්   විවෘත කරගන්න.  මං උදාහරණයට ගන්නේ utorrent මෘදුකාංගයයි. 

මෘදුකාංගයේ preferences->remote වලට යන්න. එතන තියනවා UTorrent remote access  කියන එක. ඒ ටික් එක දාන්න



computer name කියන තැනට ඔයාලට කැමති නමක් වගේම password වලදි කැමති මුරපදයක් ලබාදෙන්න. ඊලගට security question එක වෙනුවෙන් කැමති එකක් ලබා දීල ඒ වෙනුවෙන් අදාල උත්තරයත් ලබාදෙන්න. එහෙම security question  ලබා දෙන්න ඕනේ කමක් නැත්නම් No Thanks ක්ලික් කරන්න.



ඉන්පසුව මෙ සැකසුම් සකස් කල පරිගණකය අන්තර්ජාල පහසුකම් සහිතව switched on තත්වයෙන් තබන්න. ඊලගට් අපි හිතමු අපි ඉන්නෙ වෙනත් තැනක එහෙම නැත්නම් ඉන්ටර්නෙට් කැෆේ එකක කියල. දැන් මේ වෙබ් අඩවියට යන්න. 




ඊලගට අපි කලින් මෘදුකාංගයට ලබාදුන් username සහ passwords ලබා දී මේ වෙබ් අඩවියට පිවිසෙන්න.එතනදී අපේ පරිගණකයේ ටොරන්ට් ගොනුවක් බාගත වෙමින් පවතිනවා නම් ඒ ගැන විස්තර අපි ලොග් උන වෙබ් අඩවියෙන් පහල රූපයේ ආකාරයට පෙන්නනවා. ඒ වගේම වෙබ් අඩවිය හරහා යම් ටොරන්ට් ගොනුවක් බාගත වෙන්න කියල ලබා දුන්නොත් එය අපේ පරිගණකයෙන් බාගත වීම ඇරබෙනවා.



ඉතින් ඉහල රූපයේ ආකාරයෙන් මේ දුරස්ත පාලන කටයුතු සිදු කරනවා වගේම ටොරන්ට් ගොනු බාගත වී අවසන් උන පසු පරිගණකය shutdown වෙන්න හදන්නත් පුලුවන්.


Preferences-> Run Program වලට යන්න. එතනදී shutdown -p විදානය ලබා දෙන්න. ඉතින් මෙයින් පසුව ටොරන්ට බාගත වී අවසන් උනම ඔබ පරිගනකය ලග උන්නත් නැතත් පරිගණකය shutdown වෙනවා. උත්සාහා කරලා බලන්න. සුභ දවසක්....! 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

2 comments:

Anonymous said...

thanx bro....godak watinawa

Nishan de siva said...

මාත් ටොරන්ට් පරිශීලකයෙක්.ඔබේ දැනුවත් කිරීම වටිනවා මට ස්තුතියි,

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive