සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 9 December 2012

Configure Proxy Server

අන්තර්ජාල පහසුකම් ආයතනයකට, ඉන්ටර්නෙට් කැෆේ එකකට ලබා දීමේදී යම් යම් සීමාවන් පැනවීම කරන්න සිදු වන අවස්තාවන් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් එවැනි අවස්තා වලදී ජාල කළමණාකරුවන් වෙනුවෙන් බාවිතා කරන්න පුලුවන් අනගි යෙදුමක් තමයි Proxy Server කියන්නේ. Proxy Server එකක් මගින් මූලිකව සිදු වන්නේ යම් යම් වෙබ් අඩවි වලට පිවිසීමේ බාධාවන් ඇති කිරිමයි. එසේම බාගත කිරීම සිදු කිරීමේ සිමාවන පැනවීමයි. එය පරිශීලකයාගෙන පරිශීලකයාට වෙනස් වෙනස් ආකාරයේ රූල් ලෙසින් හෝ පොදුවේ සියල්ලටම එකම රූල් එක ලෙසින් හෝ ලබාදීමේ අවස්තාව මේ Proxy Server මගින් ලබා දෙනවා.



ඉතින් helpITLanka පාඨක මිතුරෙකුගෙන් ඉල්ලීමක් තිබුණා Proey Server එකක් ස්තාපිත කරගන්නා ආකාරය ගැන් සටහනක් කරන්න කියලා. ඉතින් ඒ ඉල්ලීමට එකග වෙමින් අන්තර්ජාල පරිහරණයේදී බාවිතා කල හැකි Proxy Server ස්තාපිත කරගන්නා ආකාරය මේ මගින් සරලව පැහැදිලි කරන්නයි සූදානම. 



Proxey Server මෘදුකාංගයන් අන්තර්ජාලය තුලුන් බාගත කරගන්න පුලුවන්. විවෘත කේත ආකාරයේ මෘදුකාංගයන් බොහොමයක් නොමිලේම අන්තර්ජාලයෙන් ලබාගන්න පුලුවන්. නමුත් ක්‍රියාකාරීත්වයේ යම් යම් වෙනස්කම් තියෙන්න පුලුවන්. ඉතින් මේ උදාහරණයේ මං බාවිතා කරන්න උත්සාහා කරන්නේ ccproxey  නම් වන මෘදුකාංගයයි. එහි නොමිලේ බාගත කර ගැනීමේ සංස්කරණයක් පහල ලින්කු වලින් ලබ ගන්න පුලුවන්. 

http://www.easy-share.com/1903913449/CCproxy 6.63.rar

http://kewlshare.com/dl/1fa04f075e28/CCproxy_6.63.rar.html

ඉතින් මෙය බාගත කරගත්තාම අපිට ලැබෙනවා ccproxysetup.exe කියලා ගොනුවක්. එය ක්‍රියාත්මක කරවන්න.



ඉතින් මේ සරල පියවර කීපයෙන් පසුව Proxy Server එක ස්තාපිත විම අවසන් වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ Proxy Server එකේ සැකසීම් කරන්නේ කොහොමද කියලා.

මුලින්ම බලමු කොහොමද මේ මෘදුකාංගයට IP ලිපිනයක් එකතු කරන ආකාරය.

මුලින්ම පරිගණක ජාලයේ IP ලිපිනයන් සකසා ඇති ආකාරය පිලිබදව හොද අවබෝධයක් ගන්න. ඊලගට මේ  Proxy Server එක වෙනුවෙන් බාවිතා කල හැකි ලිපිනයක් තෝරාගන්න. මං මේ උදාහරණයේදී බාවිත කරන්නේ 192.168.1.3 කියන IP ලිපිනය. විවෘත කරගත් CCProxy ප්‍රධාන මෙනුවේ "Account" වලට යන්න. එතනදී "Account Manager" සංවාද කොටුව විවෘත වෙනවා.



"Permit Category" වල ඇති "Permit Only" කියන කොටස තෝරන්න. පහල රූපය බලන්න. "Auth Type" වලට "IP Address" කියන එක තෝරා "New" වලට යන්න. එතනදී "192.168.1.3" ලෙසින් ලබාදී "Save" කර "OK" කරන්න.


දැන් මූලික සැකසුම වන IP ලිපිනයන් ලබාදීම අවසානයි. ඊලගට අපි මේ CCProxy සර්වරය වින්‍යාශගත කරන්න උත්සාහා කරමු. මේ මගින් මූලික වශයෙන් අන්තර්ජාල පහසුකම කලමණාකරණය කිරීම කරන්න පුලුවන් කියලා අපි මුලින්ම සදහන් කලා.



අන්තර්ජාල කලමණාකරණයට පෙර මෘදුකාංගයේ ඇති මූලික කොටස් ටික අදුනා ගමු.

Start: CCProxy සර්වරය ක්‍රියාත්මක කිරීම.
Stop: CCProxy සර්වරය ක්‍රියා විරහිත කිරීම.
Options: options සංවාද කොටුව විවෘත කර ගැනීමට.
Account: account සංවාද කොටුව විවෘත කර ගැනීමට.
Register: මෘදුකාංගය වෙනුවෙන් ඇති registration code එක ලබාදීමට.
Monitor: online logging monitor පහසුකම ක්‍රියාත්මක කිරීමට.
Hide: interface එක නැත්නම් අතුරු මුහුණත සගවා තැබීම.
Help: උදවු ලබ ගැනීම.

අපි Configuration පිටුවට යමු. එතනදී පහල රූපයේ ආකාරයෙන් සැකසුම් සකස් කල හැකි ආකාරයේ සංවාද කොටුවක් දකින්න ලැබේවි


Mail: ඊමේල් වෙනුවෙන් proxy service එක ආරම්භ කිරීම.
DNS: DNS සේවාව වෙනුවෙන් proxy service එක ආරම්භ කිරීම.
Auto Start up: වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය ආරම්භයේදීම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම
Port Map: port map සේවාව ආරම්භ කිරීම "E" බටනය එබීම මගින් port map rules වෙනස් කල් හැකිය.
HTTP/RTSP: HTTP සහ RTSP proxy සේවාවන් වෙනුවෙන් ලබාදෙන port අගය.
Secure: secure එහෙම නැත්නම් HTTPS, SSL ආකාරයේ වෙබ් සැකසුම් වෙනුවෙන් අදාල සේවාවන් ක්‍රියාත්මක කිරීම
FTP (Web): web ftp proxy සේවාව ක්‍රියාත්මක කිරීම හා අදාල පෝට් එක සැකසීම.
Gopher: gopher proxy සේවාව ක්‍රියාත්මක කිරීම හා අදාල පෝට් එක සැකසීම.
SOCKS/MMS: SOCKS සහ MMS proxy සේවාව ක්‍රියාත්මක කිරීම හා අදාල පෝට් එක සැකසීම.
FTP: FTP proxy සේවාව ක්‍රියාත්මක කිරීම හා අදාල පෝට් එක සැකසීම.
Telnet: Telnet proxy සේවාව ක්‍රියාත්මක කිරීම හා අදාල පෝට් එක සැකසීම.
News: News සහ NNTP proxy සේවාව ක්‍රියාත්මක කිරීම හා අදාල පෝට් එක සැකසීම.
Notes: FTP (Web) proxy සේවාව ක්‍රියාත්මක කිරීම හා අදාල පෝට් එක සැකසීම.
Local IP Address: local IP address එක වෙනුවෙන් "Auto Detect" සලකුණු කලහොත් CCProxy මෘදුකාංගය මගින් පරිගණක ජාලයේ ඇති සියලුම ලිපින ස්වයංක්‍රීයවම combox list එකක් ලෙසින් ඇතුලත් කරගන්නවා.
NT Service: මෙයි සලකුණු කලොත් CCProxy සේවාව Windows service එකක් ලෙසින්ම ක්‍රියාත්මක වෙයි.
Advanced: advanced options සංවාද කොටුව විවෘත කිරීම

ඉන්පසුව අපි බලමු Advanced Options වල ඇති සැකසුම් මොනවාද කියලා.



Dial-up: dial-up සේවාව වින්‍යාශගත කිරීම.
Cache: web-cache සැකසුම් සකස් කිරීම.
Cascading: cascading proxy එහෙම නැත්නම් parent proxy සේවාවන්ට අදාල සැකසුම්.
Log: proxy logging සේවාවන් වලට් අදාල සැකසුම් උදාහරණ log size, log type.
Mail: mail proxy සේවාවන් වලට් අදාල සැකසුම්
Network: proxy network සැකසුම්. උදාහරණ P address binding, socket idle timeout
Others: අනෙකුත් සැකසුම් උදාහරණ interface language, remote admin.

ඉතින් මූලික සැකසුම් සකස් කිරීම අවසන් උනාට පස්සෙ අපිට හැකියාව පවතිනවා මේ Proxy Server එක පරිශීලකයින්ගේ වෙබ් අඩවි බාවිතාව වෙනුවෙන් යොදාගන්න. ඒ වෙනුවෙන් වෙබ් බ්‍රවුසරයන් වල සැකසුම් සාදන ආකාරය බලමු.

Internet Explorer 

Internet Explorer වල  properties වලට යන්න.



"Connections" ටැබ් එකේ  "LAN Settings" වලට යන්න. එතනදී විවෘත වෙනවා "Local Area Network(LAN) Settings" සංවාද කොටුව.



"Use a proxy server for your LAN" කියන ටික් එක දමා එහි ලිපිනය ලෙසින් අපි සැකසුම් සකස් කිරීමේදී ලබාදුන් "192.168.1.3" ලිපිනය ලබාදෙන්න.  ඉහල රූපය බලන්න. එහි පෝට් එක ලෙසින් සැකසුම් වලදී ලබාදුන් "808" ලබාදෙන්න. "OK" කරන්න.


Firefox


Tools වලදී Options වලට යන්න.



Advanced වලදී  General තෝරා Connections Settings වලට යන්න.



 "Manual proxy configuration" තෝරා SOCKS Host: වලට 192.168.1.3 ලෙසත් පෝට් එක 1080 ලෙසත් සකසන්න. පහලින් ඇති "SOCKS v5" තෝරන්න. ඉතුරු සියල්ල හිස්ව තබන්න.

Google Chrome 

"Customize and Control Google Chrome" එහෙම නැත්නම් යතුරක් වගේ තියන තැනින් "Options" තෝරා ගන්න







එහිදී මතුවන "Google Chrome Options"  වලින්  'Under the Hood" ටැබ් එකට යන්න.




එතනදී 'Network' වලින් "Change proxy settings" තෝරාගන්න.




"Internet Properties" තෝරා "Lan settings" තෝරන්න.



"Local Area Network (LAN) Settings" තෝරා Proxy server for your LAN කියන ටික් එක දාන්න. ඊලගට අපි කලින් ලබාදුන් සැකසුම් යොදන්න.



OK කරන්න.

ඉතින් මේ ආකාරයට වෙබ් බ්‍රවුසර වල සැකසුම් සකස් කිරීමෙන් පසුව එක් එක් පරිශීලකයාගේ අන්තර්ජාල බාවිතය පිලිබද ලොග් සටහන් මෘදුකාංගය මගින් බලාගන්න පුලුවන්. සුබ දවසක්...!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

අකලංක said...

බොහොම ස්තුතියි එරන්ද ඉල්ලන පරක්කුවට අපිට මේ දේවල් දෙනවට..
නොදන්න දේ මෙහෙම කියලා දෙන්නේ බොහොම ටික දෙනයි..
ඔයාට තව තව හරියන්න ඕන..
ජය වේවා!

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive