සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 3 December 2012

Convert video Using VLC Player

විඩියෝ නොබලන කෙනෙක් හොයාගන්න නැ නේද? නමුත් එක එක ආකාරයේ විඩියෝ පෝමැට් නිසා විඩියෝ බලන අවස්ත වලදී අපහසුතාවයට පත්වෙන වෙලවලුත් තියනව නේද? මොකද එක් එක් ආකාරයේ විඩියෝ ප්ලේයරයන් සහය දක්වන විඩියෝ පෝමැට් එකිනෙකට වෙනස් නිසා. ඉතින් අපි බලමු ජනප්‍රිය VLC ප්ලේයරය හරහා කොහොමද එක් විඩියෝ පෝමැට් එකකින් වෙනත් විඩියෝ පෝමැට් එකකට විඩියෝ එකක් හරවා ගන්නේ කියලා.

ඉතින් මේ වෙනුවෙන් මුලින්ම VLC ප්ලේයරය පරිගණකයේ ස්තාපිත කරලා තියෙන්න ඔන්නේ. ස්තාපිත කරලා නැත්නම්  ලින්කුවෙන් එහි නවතම සංස්කරණයේ පිටපතක් බාගත කරගන්න පුලුවන්.

ඉතින් ඊලගට VLC ප්ලේයරය විවෘත කරගන්න. එහි media මෙනුවේ ඇති Convert / Save කියන ස්තානයට යන්න.



පහල රූපයේ ආකාරයෙන් Add බටන් එක ක්ලික් කර අපිට පෝමැට් එක වෙනස් කරගන්න ඕනේ කරන විඩියෝ එක තෝරාගන්න. ඊලගට Convert / Save ක්ලික් කරන්න



ඊලගට Browse කියන ස්තානයෙන් අපි තෝරාගත් විඩියෝව නැවත් සුරක්ශිත කල යුතු ස්තානයක් ලබා දෙන්න ඊලගට Profile හරහා ඕනේ කරන විඩියෝ ආකාරය තෝරාගන්න. Start ක්ලික් කරන්න.



අවසානයේ අපි තෝරපු පෝමැට් එකට විඩියෝ එක මාරු වෙලා සුරක්ශිත වෙනවා. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න සරලව ඉක්මනින් විඩියෝ එකක් කන්වර්ට් කරගන්න පුලුවන්. සුභ දවසක්...!

 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive