සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 2 December 2012

Driver Genius 12

පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අදාල වන බාහිර කොටස්  පොදුවේ දෘඩාංග ලෙසින් හදුන්වන්න පුලුවන්. මේ දෘඩාංග වල බාවිතා වන භාෂාව හා පරිගණක භාෂාව අතර පවතින අසමානතා දුරු කිරීම වෙනුවෙන් සහය දක්වන භාෂා පරිවර්තකයා වන්නේ ඩ්‍රයිවර්ස් ලෙසින් හදුන්වන කුඩා මෘදුකාංගයි. ඉතින් පරිගණක දෘඩාංග සම්බන්දයෙක් කටයුතු කරන අයට ඉතාමත් වැදගත් දෙයක් තමයි මේ ඩ්‍රයිවර්ස් කියන්නේ. නමුත් මේ ඩ්‍රයිවර්ස් සොයා ගැනීම හා නියම ඩ්‍රයිවර්ස් ගලපා ගැනීම ගැන නම් ගැටලු රාශියක් පවතිනවා.
ඩ්‍රයිවර්ස් සොයා ගැනීම එක ගැටලුවක්. දෘඩාංග නිර්මාණය කරන සමාගම් තම දෘඩාංගයට අදාල ඩ්‍රයිවර්ස් සිඩී එකක් රදවා අදාල දෘඩාංගය සමගම ලබා දෙනවා. ඒ වගේම අන්තර්ජාලය හරහාත් අදාල නිශ්පාදකයාගේ නිල වෙබ් අඩවියෙන් මේ ඩ්‍රයිවර්ස් බාගත කරගන්න පුලුවන්. ඉතින් පරිගණකයක පවතින ඩ්‍රයිවර්ස් සොයාගෙන ඒවා යාවත්කාල කරදෙන හොදම මෘදුකාංගයක් තමයි Driver Genius කියන්නේ. මේ මෘදුකාංගය මගින් පහත දේවල් කරගන්න පුලුවන් 

Scan - මෘදුකාංගය ස්තාපිත කල සැනින් අදාල ඩ්‍රයිවර්ස්  ගොනු සොයගෙන යාවත්කාල කිරීම් ඇත්නම් ඒ බව දක්වනවා.
Download - බාගත කල යුතු ඩ්‍රයිවර්ස්  වල නිල වෙබ් අඩවි වල ලින්කු දක්වමින් සහය දක්වනවා. 
Install - බාගත කරගත් ඩ්‍රයිවර්ස්  මෘදුකාංගයි හරහාම නිසි ආකාරයෙන් ස්තාපිත කර දීම. 

ඉතින් මේ මෘදුකාංගය දැනට බාවිතයේ පවතින ඩ්‍රයිවර්ස් 60,000 වඩා වැඩි ප්‍රමාණයකට සහය දක්වනවා ඒ වගේම Digital Cameras, MP3 Players, Motherboards, VOIP Phones, Video Cameras, Modem Cards, Printers, CD/DVD Drives, Video & Sound cards, Network Cards, Keyboard & Mouse, Hard Drives වැනී ඕනේම දෘඩාංගයකට සහය දක්වනවා. 

එසේම මේ මෘදුකාංගයි හරහා ඩ්‍රයිවර්ස්  Backup කිරීම, ඒ ඩ්‍රයිවර්ස් Restore කිරීම හා නොගැලපෙන ඩ්‍රයිවර්ස් Remove කිරීම කරගන්න පුලුවන්. 




ඉතින් මේ මෘදුකාංගය පහල ලින්කු මගින් බාගත කරගන්න පුලුවන්. 






ටොරන්ට් වලින් බාගත කරන්න කැමති අයට ක්‍රැක් එකක් සමගම,


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

chathura said...

ගොඞක් වැදගත් ලිපියක් ස්තුතියි!

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive