සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 4 December 2012

Speed Firefox

අන්තර්ජාල පිවිසුමට බාවිතා කරන මෘදුකාංගය පොදුවේ බ්‍රවුසරයක් ලෙසින් හදුන්වනවා. ඉතින් ජනප්‍රිය බ්‍රවුසර් ගනානාවක් මේ කාලයේ බාවිතා වෙනවා. ඒවායේ පවතින් පහසුකම් එකිනෙකට වෙනස්. Firefox කියන්නෙත් ඒ ආකාරයේ ජනප්‍රිය වෙබ් බ්‍රවුසරයක්. ඉතින් මේ බ්‍රවුසරය හරහා අන්තර්ජාලය පරිශීලනය කිරීමේදී ටිකක් හරි වේගවත් බාවය වැඩි කරගන්න මොනවද කරන්න පුලුවන් කියලා අපි බලමු.
Firefox කියන්නේ cross-platform ආකාරයේ බ්‍රවුසරයක්. එය ඕනේම වින්ඩෝස් මෙහෙයුම් පද්දතියකට වගේම මැක්, ලිනක්ස් වැනි විවෘත කේත මෙහෙයුම් පද්දති වලටත් ඉතාමත් හොදින් සහය දක්වනවා. ඒ වගේම එතරම් ජනප්‍රිය නැතත් FreeBSD,OS/2, Solaris, SkyOS, BeOS වැනි මෙහෙයුම් පද්දති වලටත් සහය දක්වනව. ඉතින් පහල පියවර කීපයෙන් අපිට හැකියාව තියනවා අපගේ අඩු වේගවත් අන්තර්ජාල පහසුකම් බාවිතා කරලා උපරිම වේගවත් අන්තර්ජාල පිවිසුමක් ලබාගන්න. 

Firefox විවෘත කරගන්න. පහල රූපයේ ආකාරයෙන් පිටුව විවෘත උනේ නැතිනම් සෙවුම් තීරයේ about:config ලෙසින් සටහන් කර එන්ටර් කී එක එබීමෙන් මේ සැකසුම් පිටුවට පිවිසෙන්න පුලුවන්.



මේ සැකසුම් පිටුවේ සිටයි අපි සියලු වෙනස්කම් කරන්නේ. ඔයාලට පේනවා ඉහල රූපයේ "Filter" ලෙසින් සටහන්ව ඇති කොටසක්. පහලින් දක්වලා තියන කේත කොටසක් නිවැරදිව එම ස්තානයේ සටහන් කර එන්ටර් කී එක ඔබන්න. 

1. network.http.pipelining




මෙහි "false" ලෙසින් දක්වා ඇති කොටස මත Double click කර එය "true" ලෙසින් වෙනස් කරන්න. වෙනස් වූ පසුව පහල රූපයේ ආකාරයෙන් දිස් වෙන්න ඕනේ. 



2. network.http.pipelining.maxrequests



4 ලෙසින් දක්වා ඇති අගය 8 ලෙසින් වෙනස් කරන්න. වෙනස් වූ පසුව පහල රූපයේ ආකාරයෙන් දිස් වෙන්න ඕනේ. 




3 network.http.proxy.pipelining



මෙහි "false" ලෙසින් දක්වා ඇති කොටස මත Double click කර එය "true" ලෙසින් වෙනස් කරන්න. වෙනස් වූ පසුව පහල රූපයේ ආකාරයෙන් දිස් වෙන්න ඕනේ. 




4. network.dns.disableIPv6




මෙහි "false" ලෙසින් දක්වා ඇති කොටස මත Double click කර එය "true" ලෙසින් වෙනස් කරන්න. වෙනස් වූ පසුව පහල රූපයේ ආකාරයෙන් දිස් වෙන්න ඕනේ.



5. plugin.expose_full_path




මෙහි "false" ලෙසින් දක්වා ඇති කොටස මත Double click කර එය "true" ලෙසින් වෙනස් කරන්න. වෙනස් වූ පසුව පහල රූපයේ ආකාරයෙන් දිස් වෙන්න ඕනේ.



6. Filter කිරීමකින් තොරව පහල රූපයේ ආකාරයෙන් Right click කර  New > Integer වලට යන්න. 



එහිදී පහල රූපයේ ආකාරයෙන් අලුත් සංවාද කොටුවක් විවෘත වේවි



එතැනට නිවැරදිව nglayout.initialpaint.delay ලෙසින් ටයිප් කර ok කරන්න.



එහි value එක ලෙසින් 0 දමා ok කරන්න.



ඒ සැකසුම් අවසන් වූ පසුව පහල රූපයේ ආකාරයෙන් දකින්න ලැබේවි.



7. Filter කිරීමකින් තොරව පහල රූපයේ ආකාරයෙන් Right click කර  New > Integer වලට යන්න. 




එහිදී පහල රූපයේ ආකාරයෙන් අලුත් සංවාද කොටුවක් විවෘත වේවි



එතැනට නිවැරදිව content.notify.backoffcount ලෙසින් ටයිප් කර ok කරන්න. 



එහි value එක ලෙසින් 5 දමා ok කරන්න.



ඒ සැකසුම් අවසන් වූ පසුව පහල රූපයේ ආකාරයෙන් දකින්න ලැබේවි. 



8. Filter කිරීමකින් තොරව පහල රූපයේ ආකාරයෙන් Right click කර  New > Integer වලට යන්න. 



එහිදී පහල රූපයේ ආකාරයෙන් අලුත් සංවාද කොටුවක් විවෘත වේවි 



එතැනට නිවැරදිව ui.submenuDelay ලෙසින් ටයිප් කර ok කරන්න. 



එහි value එක ලෙසින් 0 දමා ok කරන්න.



ඒ සැකසුම් අවසන් වූ පසුව පහල රූපයේ ආකාරයෙන් දකින්න ලැබේවි. 



ඉතින් මේ සැකසුම් වලින් පසුව අපිට හැකි වෙනවා වෙනදාටත් වඩා වේගවත්ව අන්තර්ජාලයේ සැරිසරන්න. එසේම වෙබ් බ්‍රවුසරය වෙනුවෙන් වෙන් කරලා තියන කෑෂ් මතකයත් පොඩ්ඩක් වැඩි කරගන්න විදියත් කියලා දෙන්නම්. මුලින්ම "about:config" ලෙසින් සටහන් කර සැකසුම් පිටුවට යන්න. Filter කිරීමකින් තොරව පහල රූපයේ ආකාරයෙන් Right click කර New > Integer වලට යන්න. එතනදී මතුවන සංවාද කොටුවට පහලින් තියන කේතය නිවැරදිව සටහන් කරන්න. 

browser.cache.memory.capacity

දැන් OK කරන්න. ඉතින් බ්‍රවුසරය වෙනුවෙන් වෙන් කරන්න පුලුවන් කෑෂ් මතක ප්‍රමාණය තීරණය වන්නේ ඔබේ පරිගණකයේ තාවකාලික මතක ප්‍රමාණය මතයි. සාමානයෙන්  8MB මතකයක් මේ වෙනුවෙන් වෙන් වෙනවා. ඉතින් මේ ප්‍රමාණය දෙගුණ කරන්න පුලුවන්ද බලමු. ඉතින් ඉහල කේතයෙන් පසු මතුවන් සංවාද කොටුවට 16384 ලෙසින් සටහන් කර ඕකේ කරන්න. ඇයි මේ 16384 කියලා දාන්නේ? ඔයාලා දන්නවා පරිගණකය බාවිතා කරන්නේ බයිට්ස් ප්‍රමාණ වලින් කියලා. 16 megabytes කියන්නේ  16384 bytes කියන එක. එහෙම නැත්නම් 1024 x 16 = 16384 පැහැදිලි නේද? ඉතින් ඔයාලට 32MB බ්‍රවුසරයට ලබාදෙන්න ඕනේ නම් 32768 ලෙසින් සටහන් කරන්න. (1024 x 32 = 32768)

ඉන්පසුව ඕකේ කරන්න. දැන් ඔයාලා ලබාදුන්න මතක ප්‍රමාණයෙන් වෙබ් බ්‍රවුසරය ක්‍රියාත්මක වෙයි. මේ සැකසුම් වලින් පසුව වෙබ් බ්‍රවුසරය ක්ලෝස් කර නැවත විවෘත කරන්න. වේගවත් බව අත්විදින්න ලැබේවි. උත්සාහා කරලා බලන්න. සුබ දවසක්....! 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive