සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 13 December 2012

1GB to 10 MB - KGB Archive

ප්‍රමාණයෙන් වැඩි දත්ත සහිත ගොනු හැකිලීම වෙනුවෙන් බාවිත කරන වටිනා මෘදුකාංගයක් තමයි KGB Archive  කියන්නේ. මේ විවෘත කේත මෘදුකාංගය හරහා ඉහල ප්‍රමාණයේ දත්ත ගොනුවක් ඉතාමත් කුඩා ප්‍රමාණයේ ගොනුවක් බවට පත් කරගන්න පුලුවන්.


අපි මුලින්ම් මේ මෘදුකාංගය බාගත කරගම්මු. ඒ වෙනුවෙන් වෙබ් අඩවි ගනනාවක් අපිට හොයාගන්න පුලුවන්. පහලින් දක්වලා තියෙන්නේ විශ්වාසවන්ත වෙබ් ලින්කු කීපයක්. 




මේ මෘදුකාංගය බාවිතා කිරීමට අවම වශයෙන පහල දක්වලා තියන පද්දති පහසුකම් තියෙන්න ඕනේ. 
  • 256 MB RAM
  • 1.5 GHz Processor
බාගත කරගත්ත පසුව ලැබෙන .exe ගොනුව ඩබල් ක්ලික් කරගන්න. මෙ උදාහරණයේ මං බාවිතා කරන්නේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය නිසා දකින්න ලැබෙන ඉමේජ් වල වෙනස්කම් ඔබේ මෙහෙයුම් පද්දතියත් එක්ක නොගැලපෙන්න නම් පුලුවන්. නමුත් මූලික පියවර එක සමානයි Microsoft Windows Installer කියන කුඩා සහයක මෘදුකාංගයත් පරිගණකයට ස්තාපිත කරලා තියනවා නම් මේ මෘදුකාංගය කරදරයකින් තොරව ස්තාපිත කරගන්න පුලුවන්. 






KGB Archiver ස්තප්ත වී අවසන් උන පසුව මෘදුකාංගය විවෘත කරගන්න. පහල රූපයේ ආකාරයෙන් විවෘත එයි. මේ මෘදුකාංගයේ නිර්මාපකයින් දක්වන ආකාරයටෙ 1 GB ප්‍රමාණයේ දත්ත 10 MB ප්‍රමාණයට හැකිලවීමේ හැකියාව මෙයට පවතිනවා. ඇත්තටම එය විශ්වාස කල නොහැකි දෙයක් නේද? ඒ වෙනුවෙන් ඔවුන් බාවිතා කරන්නේ PAQ6 කියන ඇල්ගෝරිදමය හා AES-256 කියන එන්ක්‍රිප්ශන් ආකාරයයි.

kgb archiver Compress 1 GB File to 10 MB with KGB Archiverඉතින් බාවිතා කරලම බලන්න. සුබ දවසක්...! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

9 comments:

Madhawa Habarakada said...

මම දන්නෙ නම් නෑ මේකෙන් එච්චර කම්ප්‍රෙස් කරන්න පුළුවන් මොන ජාතියෙ ෆයිල්ද කියල. මම මේක ට්‍රයි කළා. jpg, .iso, .mp4, සහ තවත් ෆයිල් ටයිප් කිහිපයක් එක්ක. 10%කට වඩා කම්ප්‍රෙස් කරන්න බැරි උනා. 100MB ගොනුවක් 92-98MB වගේ ප්‍රමාණෙකට වඩා කම්ප්‍රෙස්ස් කරන්න මේකට බැරි උනා. :(

Madhawa Habarakada said...

ඔය සෝස්ෆෝර්ජ් ලින්ක් එකේ තියෙන්නෙ සොෆ්ට්වෙයා එක නෙමෙයි, language pack එකක් විතරයි.

Anonymous said...

kollo mamath try kara 1GB
files 10 Mb karana Bari una
plzz Help

නිහඬ සිතිවිලි (Indrachapa) said...

මෙතන පොඩි වැරදීමක් තියෙනව යාළුව. ඔයා ඒක කියල නොතිබීම වැරද්දක්. file compress කරද්දි එව්ව ඩැමේජ් වෙනව ඉතින් KGB වල ඒ හැකියාව ගොඩාක් වැඩී කියල කියන්නම ඕන. අකුලපු ‍ෆිලෙ එකක් ආයෙ වැඩට ගන්නව කියන එක එච්චර විස්වාස කරන්න බෑ.

උත්සාහය අගය කරනව. මේකත් ගොඩක් හොඳ පොස්ට් එකක්. දිගටම හොඳින් කරන්න සුබ පතනව

පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

Anonymous said...

install කරන්න බැ windows installer එකක් ඉල්ලනව windows 7 වලට එක install කරන්නත් බැ

Madhawa Habarakada said...

මටත් ඔය ප්‍රශ්නෙ ආව. 7 වලට එතන තියෙන කිසිම එකක් දාන්න බෑ. error එකක් එනව. සමහරක් install කරද්දි. සමහරක් run කරද්දි.
xp වලට දැම්මැකි. ඒත් වැඩක් නෑ ඉතින්. WinRAR 7Zip ඔයිට වඩා හොදයි.

PiRe - පිරේ said...

මට හම්බවුනා win7 වල වැඩකරන එකක්. කොහෙන්ද කියලානම් ඇත්තටම මතක නෑ. ඒකෙත් එච්ච හොඳට compress කරන හැටි තවම හොයාගන්න බැරි වුනා.

Madhawa Habarakada said...

ඇත්ත. එහෙම ක්‍රමයක් නෑ. මොකද එහෙම කරන්න බෑ. :D

Anonymous said...

මේකෙන් compress කරපු file එකක් ආයෙ decompress කරන්න හුගක් වෙලා යනවා. මේ site එකේ admin කියල තියන විදිහට file එකක් 10MB වෙනකන් compress karanna නම් එවා KGB ෆොමෑට් එකට හරවන්න ඔනෙ.

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive