සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 26 December 2012

FTP server in Windows using IIS

වින්ඩෝස් මෙහෙයුම් පද්දතියත් සමග ලැබෙන අනර්ග සේවාවක් තමයි IIS එහෙම නැත්නම් Internet Information Services කියන්නේ. ඉතින් මේ සේවාව එක් එක් ඒකාරයෙන් බාවිතා කරන්න පුලුවන්. වෙබ් අඩවි පාලනය කිරීමට වගේම  ආරක්ශිත ක්‍රමවේද බාවිතා කරමින් ඉතාමත් ක්‍රමාණුකූලව ජාලය තුල ගොනු හුවමාරු කිරිම වෙනුවෙන් පහසුවෙන් මේ සේවාව බාවිතා කරන්න පුලුවන්. ඉතින් සරල ආකාරයෙන් ගොනු හුවමාරු සර්වරයක් එහෙම නැත්නම් FTP server එකක් IIS බාවිතා කරමින් නිර්මාණය කරගන්නා ආකාරය මේ ලිපිය මගින් විස්තර කරනවා.
මේ ලිපිය සැකසීමට බාවිත කරන්නේ වින්ඩෝස් XP මෙහෙයුම් පද්දතිය සහිත පරිගණකයක්. එහි Control Panel එකට යන්න. ඊලගට Add/Remove Programs වලට යන්න. එහි දැකින්න ලැබෙන Add/Remove Windows Components වලට යන්න. පහල රූපයේ ආකාරයෙන්. 

එතනදී පහල රූපයේ ආකාරයෙන් IIS සේවාව තෝරා එය ටික් කරන්න. 


ඒ සමග පහලින් ඇති Details වලට යන්න. එහිදී විවෘත වන සංවාද කොටුවෙන් FTP සේවාව ටික් කරන්න. 


 Next ක්ලික් කිරීමත් සමග වින්ඩෝස් මෙහෙයිම් පද්දතිය මගින් අවශ්‍ය ගොනු පරිගණකයට ස්තාපිත කරගන්නවා. සමහර අවස්තා වලදී වින්ඩෝස් XP සිඩී එක ඉල්ලන අවස්තාත් දකින්න ලැබෙනවා. ඒ නිසා වින්ඩෝස් XP සිඩී එක ලග තියාගන්න එක කෝකටත් හොදයි. අවසානයේ IIS configuration panel එක විවෘත කරගන්න පුලුවන්. ඒ සදහා Control Panel එකේ ඇති Administrative Tools වලට යන්න.එතනදී Internet Information Services ලෙසින් නව අයිකනයක් දකින්න ලැබේවි. 


ඒ මත ක්ලික් කරන්න. විවෘත වන සංවාද කොටුවෙන් + සංකේතය මත ක්ලික් කිරීමෙන් අනෙකුත් කොටස් විවෘත කරගන්න පුලුවන්. මෙහි දක්නට ලැබෙනවා Web Sites, FTP Sites යනදී වශෙයන් කොටස් කීපයක්ම. FTP Sites මත ඇති + සංකේතය මත ක්ලික් කිරීමෙන් Default FTP Site ලබාගන්න පුලුවන්. 


ඉතින් මේ සේවාව ක්‍රියාත්මක කරන පරිගණකය ඉබේම වෙබ් සර්වරයක් බවට පත් වෙනවා. default FTP site මත රයිට් ක්ලික් කල විට Play, Stop, සහ Pause කියන් බටන් දකින්න ලැබේවි. Play බටනය ක්‍රියාත්මක කලහොත FTP server ක්‍රියාත්මක වීම ඇරබෙනවා. දැන් FTP server එක රන් වෙන අවස්තාවයි. ඉතින් දැන් මේ වෙබ් සර්වරයට ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා හෝ වෙනත් බ්‍රවුසරයක් හරහා ලොග් වෙන්න පුලුවන්. මුලින්ම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා හෝ වෙනත් බ්‍රවුසරයක් විවෘත කරගෙන එහි localhost ලෙසින් හෝ ftp://127.0.0.1 ලෙසින් සටහන් කර සෙවුමක් කරන්න. එවිට Anonymous ලෙසින් සටහන් කර ලොග් වෙන්න. මේ ලොගින් නේම් එක පසුව මාරු කරන්න හෝ ඒ වෙනුවෙන් අලුත් ලොගින් නේම් නිර්මාණය කරන්න මුර පද යොදන්න හැකියාව තියනවා. ඉතින් එතනදී හිස් folder එකක් විවෘත වේවි.


හොදයි. දැන් පලමු පියවර ඉවරයි. ඊලගට අපි බලමු මේ හිස් පෝල්ඩරයට කොහොමද ගොනු ඇතුලත් කරන්නේ කියලා මුලින්ම පහල පෝල්ඩරයට යන්න. 

C:\Inetpub\ftproot

මේ තමයි FTP server එකක ගොනු තැම්පත් කරන ස්තානය. මෙතෙන්ට දාන ඕනේම ගොනුවක් වෙබ් බ්‍රවුසරය හරහා බලාගන්න වගේම බාගත කරගන්නත් පුලුවන්. 


දැන් වෙබ් බ්‍රවුසරයෙන් පහල රූපයේ ආකාරයෙන් අපි C:\Inetpub\ftproot වලට දාපු ගොනු බලාගන්න පුලුවන්. 


ඉතින් ඔන්න අපිට දැන තියනවා රන් වෙන FTP server එකක්. ඉතින් ඊලගට අපි බලමු මෙහි සැකසුම් කීපයක් සකසා ගන්නා ආකාරය. මුලින්ම මේ ඇතුලත් කල ගොනු වෙනත් පරිගණකයකින් බලාගන්න නම් අපේ පරිගණකයේ  Windows Firewall සැකසුම් සකස් කරන්න ඔනේ. එසේ නොකල විට වෙනත් පරිගණක වලින් ඔබේ පරිගණකයට සම්බන්ද වීම ප්‍රතිශ්‍යප කරනවා. Control Panel එකේ ඇති  Windows Firewall. වලට යන්න.එහිඇති Advanced ටැබ් එකට යන්න. 


එහි ඇති Network Connection Settings වලදී Settings බටනය ක්ලික් කරන්න. මෙතනදී පරිගණකයේ විවෘතව ඇති පෝට් පෙන්නුම් කරනවා. එතනින් FTP server කියන එක ටික් කරන්න. 


ඉන්පසුව OK කරන්න. දැන් වෙනත් පරිගණකයකින් ඔබේ FTP එක වෙත ලොග් වෙන්න උත්සාහ කරන්න. එහිදී බාවිතා කරන්න ඕනේ ඔබේ පරිගණකයේ ලෝකල් ඒරියා නෙට්වර් එක වෙනුවෙන් බාවිත කරන IP ලිපිනයයි. එය බලාගන්නේ කොසේද? 

Start වලට ගොස් Run වලදී CMD ටයිප් කර ඩොස් මෙහෙයුම් පද්දතියට යන්න.  එහි IPCONFIG ලෙසින් සටහන් කර එන්ටර් කරන්න. පහල රූපයේ ආකාරයෙන් IP Address එක බලාගන්න පුලුවන් වේවි. 


ඉතින් මේ ලිපිනය වෙනත් පරිගණකයකදී ftp:// සමග බාවිතා කිරීමෙන් ඔබේ පරිගණකයේ FTP එක වෙත ලොග් වෙන්න පුලුවන්. 

දැන් වෙනත් පරිගණකයකිනුත් FTP එකට ලොග් වෙන්න් පුලුවන්. ඊලගට බලමු කොහොමද අලුත් පෝල්ඩරයක් මෙයට එක් කරන්නේ කියලා.IIS වලදී Default FTP Site මත රයිට් ක්ලික් කරන්න. ඊලගට New තෝරන්න එහි ඇති VirtualDirectory තෝරන්න. 


එතනදී අපිට අලුත් virtual directory එකක් IIS මත නිර්මාණය කරගන්න හැකියාව ලැබෙනවා. පහත පියවර අනුගමනය කිරීමෙන් සරලව මේ දේ කරගන්න පුලුවන්.


මෙතන්දී අපිට එක් කරන්න් ඕනේ කරන පෝල්ඩරය තෝරා දෙන්න. 


ඊලග පියවරේදී  ඇක්සස් ලබාදීමේ හැකියාව එහෙම නැත්නම් Read access හරි  Read සහ Write කියන දෙකම හරි ලබාදෙන්න පුලුවන්


Finish කරන්න. ඊලගට අපිට Virtual directory එක FTP එක තුල දැකගන්න පුලුවන් කාටද මේ පෝල්ඩරය බාවිතා කරන්න පුලුවන් කියන එක අපිට Login Type වලින් සකසන්න පුලුවන්. එ කියන්නෙ එක් එක් පරිශීලක නාම සදා ඒවාට Read සහ Write කියන බලතල දෙන්න් පුලුවන්. 


ඉතින් FTP server එකක් සරලව නිර්මාණය කරගන්නෙ මේ ආකාරයටයි. ඉතින් ජාල කරණය පිලිබද තව දැනුමක් තියනවා නම් රවුටරය හරහා වෙනත් පරිගණක ජාලයකටත් මේ FTP server එක ඇක්සස් කිරීමේ හැකියාව ලබාදෙන්න පුලුවන්. එතනදී  Port Forward වගේ තාක්ශණික යෙදුමක් බාවිතා කරලා ඒක කරගන්න පුලුවන්. උත්සාහා කරලා බලන්න. සුබ දවසක්.....!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

3 comments:

sampath said...

නියම පෝස්ට් එක අයියා තැන්ක් යූ.. :D

Anonymous said...

watina post ekak,

meken email yawanna puluwanda
(email server ekak widihata)

(email sever ekak widihata use karanna puluwan deyak nedda windows wala)

Anonymous said...

ඊමේල් සර්වරයක් විදියට මේක බාවිත කරන්න නම් බෑ. ඊ මේල් සර්වරයක් සකසා ගන්නා විදිය මේකේ කියලා දෙනවා http://helpitlanka.blogspot.com/2012/09/email-server-setup-server-2003.html

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive