වින්ඩෝස් මෙහෙයුම් පද්දතියත් සමග ලැබෙන අනර්ග සේවාවක් තමයි IIS එහෙම නැත්නම් Internet Information Services කියන්නේ. ඉතින් මේ සේවාව එක් එක් ඒකාරයෙන් බාවිතා කරන්න පුලුවන්. වෙබ් අඩවි පාලනය කිරීමට වගේම ආරක්ශිත ක්රමවේද බාවිතා කරමින් ඉතාමත් ක්රමාණුකූලව ජාලය තුල ගොනු හුවමාරු කිරිම වෙනුවෙන් පහසුවෙන් මේ සේවාව බාවිතා කරන්න පුලුවන්. ඉතින් සරල ආකාරයෙන් ගොනු හුවමාරු සර්වරයක් එහෙම නැත්නම් FTP server එකක් IIS බාවිතා කරමින් නිර්මාණය කරගන්නා ආකාරය මේ ලිපිය මගින් විස්තර කරනවා.
මේ ලිපිය සැකසීමට බාවිත කරන්නේ වින්ඩෝස් XP මෙහෙයුම් පද්දතිය සහිත පරිගණකයක්. එහි Control Panel එකට යන්න. ඊලගට Add/Remove Programs වලට යන්න. එහි දැකින්න ලැබෙන Add/Remove Windows Components වලට යන්න. පහල රූපයේ ආකාරයෙන්.
එතනදී පහල රූපයේ ආකාරයෙන් IIS සේවාව තෝරා එය ටික් කරන්න.
ඒ සමග පහලින් ඇති Details වලට යන්න. එහිදී විවෘත වන සංවාද කොටුවෙන් FTP සේවාව ටික් කරන්න.
ඉතින් මේ සේවාව ක්රියාත්මක කරන පරිගණකය ඉබේම වෙබ් සර්වරයක් බවට පත් වෙනවා. default FTP site මත රයිට් ක්ලික් කල විට Play, Stop, සහ Pause කියන් බටන් දකින්න ලැබේවි. Play බටනය ක්රියාත්මක කලහොත FTP server ක්රියාත්මක වීම ඇරබෙනවා. දැන් FTP server එක රන් වෙන අවස්තාවයි. ඉතින් දැන් මේ වෙබ් සර්වරයට ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා හෝ වෙනත් බ්රවුසරයක් හරහා ලොග් වෙන්න පුලුවන්. මුලින්ම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා හෝ වෙනත් බ්රවුසරයක් විවෘත කරගෙන එහි localhost ලෙසින් හෝ ftp://127.0.0.1 ලෙසින් සටහන් කර සෙවුමක් කරන්න. එවිට Anonymous ලෙසින් සටහන් කර ලොග් වෙන්න. මේ ලොගින් නේම් එක පසුව මාරු කරන්න හෝ ඒ වෙනුවෙන් අලුත් ලොගින් නේම් නිර්මාණය කරන්න මුර පද යොදන්න හැකියාව තියනවා. ඉතින් එතනදී හිස් folder එකක් විවෘත වේවි.
C:\Inetpub\ftproot
මේ තමයි FTP server එකක ගොනු තැම්පත් කරන ස්තානය. මෙතෙන්ට දාන ඕනේම ගොනුවක් වෙබ් බ්රවුසරය හරහා බලාගන්න වගේම බාගත කරගන්නත් පුලුවන්.
ඉතින් ඔන්න අපිට දැන තියනවා රන් වෙන FTP server එකක්. ඉතින් ඊලගට අපි බලමු මෙහි සැකසුම් කීපයක් සකසා ගන්නා ආකාරය. මුලින්ම මේ ඇතුලත් කල ගොනු වෙනත් පරිගණකයකින් බලාගන්න නම් අපේ පරිගණකයේ Windows Firewall සැකසුම් සකස් කරන්න ඔනේ. එසේ නොකල විට වෙනත් පරිගණක වලින් ඔබේ පරිගණකයට සම්බන්ද වීම ප්රතිශ්යප කරනවා. Control Panel එකේ ඇති Windows Firewall. වලට යන්න.එහිඇති Advanced ටැබ් එකට යන්න.
Start වලට ගොස් Run වලදී CMD ටයිප් කර ඩොස් මෙහෙයුම් පද්දතියට යන්න. එහි IPCONFIG ලෙසින් සටහන් කර එන්ටර් කරන්න. පහල රූපයේ ආකාරයෙන් IP Address එක බලාගන්න පුලුවන් වේවි.
දැන් වෙනත් පරිගණකයකිනුත් FTP එකට ලොග් වෙන්න් පුලුවන්. ඊලගට බලමු කොහොමද අලුත් පෝල්ඩරයක් මෙයට එක් කරන්නේ කියලා.IIS වලදී Default FTP Site මත රයිට් ක්ලික් කරන්න. ඊලගට New තෝරන්න එහි ඇති VirtualDirectory තෝරන්න.







3 comments:
නියම පෝස්ට් එක අයියා තැන්ක් යූ.. :D
watina post ekak,
meken email yawanna puluwanda
(email server ekak widihata)
(email sever ekak widihata use karanna puluwan deyak nedda windows wala)
ඊමේල් සර්වරයක් විදියට මේක බාවිත කරන්න නම් බෑ. ඊ මේල් සර්වරයක් සකසා ගන්නා විදිය මේකේ කියලා දෙනවා http://helpitlanka.blogspot.com/2012/09/email-server-setup-server-2003.html
Post a Comment