සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 6 December 2012

Backup your important data


දත්ත කියන්නේ පරිගණක බාවිතා කරන ලොකු කුඩා කාටත් වැදගත් වෙන දෙයක්. වටිනා දත්ත නැතිවීම කියන්නේ ඉතාමත් කණගටුදායක අවස්තාවක්. ඉතින් මෙතරම් වැදගත් දත්ත සුරක්ශිත කරගන්න අපිට එක් එක් ආකාරයේ ක්‍රියාමාර්ගයින් ගන්න පුලුවන්. 


දත්ත සුරක්ශිත කිරීම CD/DVD වල තැම්පත් කිරීමෙන්, දෘඩ තැටි වල ගබඩා කර තැබීමෙන් කරගන්න පුලුවන්. නමුත් තාක්ශණයේ දියුණුවත් එක්ක නවීණ ක්‍රම මේ වෙනුවෙන් බාවිතයට ගන්නවා. ඒතමයි ඔන්ලයින් ක්‍රමයට දත්ත සුරක්ශිත කිරීම. ඒ කියන්නේ ලෝකයේ වෙනත් කොහෝ හෝ රටක තියන සර්වර් පරිගණකයක අපේ දත්ත නොමිලේ රදවා තැබීමයි. ක්ලවුඩ් කොම්පියුටින් තාක්ශණය බාවිතයට ගන්නා මේ ඔන්ලයින් දත්ත සුරක්ශිත කිරීම නොමිලේම කිරීමට අවස්තාව ලබාදෙන වෙබ් අඩවි මෘදුකාංග අන්තර්ජාලයේ ඕනේ තරම් දකින්න පුලුවන්. මේ කියන්න යන්නෙත් එසේ ඔන්ලයින් ක්‍රමයට දත්ත සුරක්ශිත කරන්න පහසුකම් දෙන සේවාවක් ගැනයි. 

මේ පහසුකම ලබාදෙන වෙබ් අඩවිය වන්නේ 


මුලින්ම මේ වෙබ් අඩවියට පිවිසෙන්න. 


මේ වෙබ් අඩවියේ 5GB ධාරිතාවයක් නොමිලේ ලබා දෙනවා. 


වෙබ් අඩවියේ ඉහලින් ඇති Download වලට යන්න. එහිදී මේ සේවාවaට දාල කුඩා මෘදුකාංගයක් බාගත කරගන්න ඕනේ. ඒ හරහායි ඔන්ලයින් බැකප් කිරීම කරන්න පුලුවන් වන්නේ. ඊමේල් ලිපිනයක් ලබදී මේ මෘදුකාංගය බාගත කරගන්න. 


ඉන්පසුව එය පරිගණකයට ස්තාපිත කරගන්න. එය විවෘත කරගන්න. පහල රූපයේ ආකාරයෙන් එයි විවෘත වෙයි. 



බැකප් කිරීමට ඕනේ කරන පෝල්ඩරයන් පහල රූපයේ ආකාරයෙන් තෝරාගන්න. 



ඒ වගේම මෙහි දත්ත බැකප් වෙන්න් ඕනේ වෙලාවන් පවා සකසන්න හැකියාව පවතිනවා. එවිට අපි ලබාදුන් වෙලාවට දත්ත බැකප් වෙන්න පටන් ගන්නවා.



ඉතින් ඔයාලගේ වැදගත් දත්තයන් පහසුවෙන් මේ කුඩා මෘදුකාංගයි හරහා විශ්වාසනීයව ඔන්ලයින් ආකාරයෙන් බැකප් කරගන්න පුලුවන්. ඒ වගේම ලෝකයේ ඕනේම තැනක සිට ඒ දත්ත ආපසු ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඔයාලත් මේ අලුත් තාක්ශණය බාවිතා කරලා බලන්න. සුබ දවසක්...! 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive