සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 30 December 2012

Windows 8 File Sharing


වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය මේ වෙනකොට බොහොමයක් දෙනා බාවිතා කරනවා. ඉතින් මෙහෙයුම් පද්දතිය අලුත් නිසා මෙහි පවතින සමහර පහසුකම් බොහොමයක් දෙනා බාවිත කරන්නේ නෑ. නමුත් ඉතාමත් සරලව බාවිතා කරන්න පුලුවන් වැදගත් යෙදුම් බොහොමයක් වින්ඩෝස් 8 සමග පවතිනවා. ඉතින් වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය සමග මුල් කාලයේ සිටන්ම පවතින යෙදුමක් තමයි ගොනු හුවමාරුව එහෙම නැත්නම් File Sharing  කියන්නේ.  ගොනු හුවමරුව ඉතාමත් වැදගත් වන්නේ පරිගණක ජාලයක ඉන්නා සාමාජිකයින්ටයි. ඉතින් අපි බලමු වින්ඩෝස් 8 හරහා File Sharing  කරන්නේ කොහොමද කියලා 


ඔයාලා දන්නවා වින්ඩොස් බාවිත කරලා ගෘප් නිර්මානය කරනවා කියලා. උදාහරණ ලෙස Homegroup සහ Workgroups දක්වන්න පුලුවන්. ඉතින් මේ ගෘප් හරහා ඕනේම ගොනුවක් ආරක්ශිතව හුවමාරු කරගන්න බාවිතා කල හැකි සාර්තක ක්‍රමය තමයි File Sharing  කියන්නේ. ඒ වගේම වෙනස් වෙනස් වින්ඩෝස් මෙහෙයුම් පද්දති අතර ගොනු හුවමාරු කරන්නත් මෙ පහසුමක බාවිතා කරන්න පුලුවන්. ඒ වගේම පරිශීලකයින් අතර ගොනු හුවමාරුවේදී එකිනෙකාට වෙනස් පහසුකම් ලබාදීමටත් මේ හරහා හැකියාව පවතිනව. 

ඉතින් File Sharing  කරන්න කලින් පරිගණකයේ ඇඩ්මින් ලෙසින් ලොග් වෙලා ඉන්න ඕනේ. ඒ වගේම ලෝකල් නෙට්වර්ක් එකට පරිගsණකය සම්බන්ද කරලා තියෙන්න ඕනේ. වින්ඩෝස් 7 වලට වඩා වින්ඩෝස් 8 වලදී පොඩි වෙනස්කම් තිබුනත් සරලව මේ දේ කරගන්න පුලුවන්. මුලින්ම පරිගණකයේ Computer Properties වලට යන්න. ඊලගට බලන්න workgroup කියන ස්තානයේ කිසියම් workgroup එකකට ඇඩ් කරලා තියනවාද කියලා. 

ඉතින් ඉහල රූපයේ ආකාරයෙන් workgroup  කියන නම් ඕනේ නම් වෙනස් කරගන්න පුලුවන් ඒකට System Properties වලදී Change වලට ගිහින්  workgroup එකට කැමති නමක් දෙන්න. හැබැයි මේ ආකාරයට මේ workgroup එකට එකතු කරන හැම පරිගනකයකම වෙනස්කම් කරන්න ඕනේ. 


ඊලගට අපි බලමු කොහොමද පෝල්ඩරයක් Sharing  වලට යොමු කරන්නේ කියලා. අදාල පෝල්ඩරයේ රයිට් ක්ලික් කර Properties ගන්න.එතනදී එන මෙනුවෙන් Sharing තෝරගන්න. 


ඊලගට Share වලට යන්න.

එතන්දී අපිට එක් එක් ආකාරයේ Permission තත්වයන් යටතේ මේ පෝල්ඩරය ශෙයාර් කරන්න පුලුවන්. Every one ආකාරයෙන් ශෙයාර් කිරීමෙන් පරිගණක ජාලයේ ඕනේම කෙනෙකුට මේ ගොනුව බාවිතා කරන්න පුලුවන්. Everyone  තෝරා Add ක්ලික් කරන්න.

ඊලග පියවර වන්නේ මේ ගොනුවේ කියවීමේ හා ලිවීමේ පහසුකම සක්‍රීය කිරීම. පහල රූපය බලන්න. 



Read මගින් කියවීම පමණක්මද read and write මගින් කියවීම හා ලිවීම යන පහසුමක් දෙකමද ලබාදෙන්න පුලුවන්.


ඉන්පසුව මේ පෝල්ඩරය File Sharing  තත්වයට පත් වෙනවා. දැන් බලමු මේ පෝල්ඩරය වෙනත් පරිගණකයකින් බාවිතාවට ගන්නේ කොහොමද කියලා.ඊට් පලමුව පොඩි සැකසුම් කීපයක් කරගන්න තියනවා. මුලින්ම නෙට්වර්ක් අයිකනය උඩ රයිට් ක්ලික් කර Open Network and Sharing Center වලට යන්න. පහල රූපය බලන්න.



ඉහල රූපයේ රතු පැහැයෙන් දක්වලා තියන HomeGroup  ස්තානයේ ක්ලික් කරන්න. 


ඉන්පසුව Join now ක්ලික් කරන්න. පහල රූපයේ ආකාරයෙන්.


ඉතින් මුරපදයක් ලබාදී මේ පෝල්ඩරය සුර්ක්ශිත කරන්නත් පුලුවන්. වෙනත් පරිගනකයකින් මේ පෝල්ඩරය වෙත පිවිසීමේදී මේ මුරපදය ලබාදෙන්න ඕනේ. 

ඉතින් මේ ආකාරයෙන්  Homegroup එකට සම්බන්ද වන පරිශීලකයින්ට තමන්ට කැමති ආකාරයේ ගොනු මේ හරහා හුවමාරු කරගන්න පුලුවන්. 


ඉතින් වෙනත් පරිගණකයකින් මේ පෝල්ඩරය වෙත පිවිසෙන්න හැකියාව නොමැති නම් ‘Windows cannot access the <shared folder name>’’ කියන දෝෂ පනිවිඩය එනවා. එවිට දාල පරිගණකයේ Network Discovery සහ File Sharing පහසුකම් ස්ක්‍රීයද බලන්න ඕනේ. එය Advanced Sharing වලදී පහල් රූපයේ ආකාරයෙන් සදා ගන්න පුලුවන්
සුබ දවසක්....!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive