සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 28 December 2012

Troubleshooting Internet Connection Problems

පරිගණක ජාලයක් නිසි ආකාරයෙන් ගොඩනගනවා කියන කරුණ ජාල කරණයේ මූලික දෙයක්. නිසි අකාරයෙන් වින්‍යාශගත නොකරගත්ත පරිගණක ජාලයක් පාලනය කිරීම වගේම එවැනි ජාලයක වැඩ කිරීමත් හරිම ගැටලු සහගතයි. ඉතින් මීට කලින් ගොඩක් පෝස්ට් වල මං පරිගණක ජාලකරණය ගැන කිවුවා. අද කියන්න යන්නේ පරිගණක ජාලයක ජාලකරණ ගැටලුවක් විසදීමේදී අවධානය යොමු කරන්න ඕනේ මූලික් කරුණු ගැනයි.



මෙතනදී මං උදාහරණයට ගන්නේ අන්තර්ජාල පහසුමක සහිත පරිගණක ජාලයක්. අපි බලමු අන්තර්ජාල පහසුකම් නෑ කියලා පරිගණක බාවිතා කරන්නා විසින් අපිට දන්වන අවස්තාවකදී පොදුවේ අනුගමනය කරන්න පුලුවන් කරුණු මොනවාද කියලා. 

1. නිසි ආකාරයේ ක්‍රියාත්මක වන IP ලිපිනයක් පවතිනවාද යන්න. 
2. ඒ ලිපිනයට අදාල සැකසුම් නිවැරදිද යන්න. 
3. රවුටරයට හා ලෝකල් නෙට්වාර්ක් සබදතා පවතිනවාද යන්න. 
4. අන්තර්ජාල පිවිසීමට බාවිත කරන බ්‍රවුසරයේ සැකසුම් නිවැරදිද යන්න. 

ඉතින් මේ කරුණු සියල්ල අපි සොයා බලන්න ඕනේ. කරුණු එකින් එක අපි දීර්ඝව සලකා බලමු. 

1. නිසි ආකාරයේ ක්‍රියාත්මක වන IP ලිපින

මේ කරුණේදී මුලින්ම ජාල කලමණාකරුවෙක් හෝ වේවා ජාල පරිපාලකයෙක් හෝ වේවා ඔහුට හෝ ඇයට තමන්ගේ ජාලයේ පවතින IP කොටස් එහෙම නැතිනම් LAN කඩා ඇති ආකාරය, ඒ ඒ LAN වලට IP ලබාදී ඇති ආකාරය, VLAN කැඩීම් කර තිබෙනවාද වැනි කරුණු පිලිබද පූර්ණ සර්ව සම්පූර්ණ අදහසක් පැවතිය යුතුය. ඉතින් මේ කරුණු ගැන අවදානයෙන් අදාල පරිශීලකයාගේ IP සැකසුම් වලට යොමු වන්න. 

එතනදී පරිශීලකයාගේ 

IP Address
Subnet Mask
Default Gateway
DNS Servers

කියන සැකසුම්  නිසි ආකාරයෙන් පවතිනවාද යන්න සොයා බලන්න ඕනේ. වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේදී එක් එක් ආකාරයෙන් මේ ගැන සොයා බලන්න පුලුවන්. පහලින් ඒ සැකසුම් වෙත යන ආකාරය කෙටියෙන් දක්වලා තියනවා. 

Windows XP TCP/IP settings


Network Connections >  local area connection > Internet Protocol (TCP/IP) > Properties.

Windows 7 TCP/IP settings


Start button  > Control Panel > Network and Sharing Center > View network connections > Right-click the connection that you want to change > Properties.

Click the Networking tab. Under This connection uses the following items, click either Internet Protocol Version 4 (TCP/IPv4) or Internet Protocol Version 6 (TCP/IPv6), and then click Properties.

Windows 8 TCP/IP settings

Network and SharingCenter




change adapter settings






properties > Internet Protocol Version 4(TCP/IPv4) > properties



ඉතින් මේ මෙහෙයුම් පද්දති 3ට අමතරවත්  අනෙක් මෙහෙයුම් පද්දති වලත් මේ ආකාරයටම IP සැකසුම් සකසා ගන්න පුලුවන්. මේ කරුණයි මූලික වෙනවා වගේම අපි බලමු දැනට ක්‍රියාත්මව වන ලිපිනය ඩොස් හරහා බලන්නෙ කොහොමද කියලා.

2. ඒ ලිපිනයට අදාල සැකසුම් 


මුලින්ම් ඩොස් වල්ට යන්න. එක් එක් මෙහෙයුම් පද්දති වල ඩොස් වලට යන ආකාරය මෙහෙමයි.

Win9x - Start > Run > command
Windows2000/XP/Vista - Start > Run > cmd
Windows7 - Start > CMD

ඊලගට මේ ඩොස් මෙහෙයුම් පද්දතියේ සිට IPCONFIG /ALL කියන විදානය ලබාදෙන්න. පහල රූපයේ ආකාරයට බලගන්න් පුලුවන්. . 


IP Address

ජාලයේ ක්‍රියාත්මක වන IP ලිපිනයක්. ඔයාල දන්නවා IP ලිපින ආකාරයන් 5ක් තියනවා කියලා. එහෙම නැත්නම් පන්ති 5ක් තියනවා කියලා. ඒතමයි ClassA, ClassB, ClassC, ClassD, ClassE ඉතින් මේ පන්ති වලින් මොන පන්තියේ ලිපිනයක් බාවිතා කරනවද කියන එක ඔයාලට අවබෝදයක් තියෙන්නෙ ඕනේ. 
මේ පහල තියෙන්නේ එක් එක් පන්තිය අනුව ලිපිනයක් ආරම්බ වන හා අවසාන වන ආකාරය. උදාහරණයක් ලෙස 192.168.20.46 කියන්නේ C පන්තියට අයිති IP ලිපිනයක්. තේරුණා නේද? 

A1 – 126*
B128 – 191
C192 – 223
D224 – 239
E240 – 254


Subnet Mask:

IP ලිපින පන්තියට අදාලව නිවැරදි Subnet Mask ලබාදෙන්න ඕනේ. 

A10.0.0.0255.0.0.010.0.0.0 - 10.255.255.255
B172.16.0.0 - 172.31.0.0255.240.0.0172.16.0.0 - 172.31.255.255
C192.168.0.0255.255.0.0


Default Gateway:
පරිගණක ජාලයේ රවුටරයක් බාවිතා වෙනවා නම් එහි ලිපිනය තමයි Default Gateway එක ලෙසින් බාවිතා වන්නේ. 

3. රවුටරයට හා ලෝකල් නෙට්වාර්ක් සබදතා 


අදාල පරිගණකයේ සිට වෙනත් පරිගණකයකට සබදතා පවතිනවාද යන්න සොයා බලන්න ඕනේ. ඒ වෙනුවෙනුත් බාවිතා කරන්න වන්නේ ඩොස් මෙහෙයුම් පද්දතියයි 

ping 192.168.1.1

ඉතින් මේ අවස්තාවේදීම අපිට හැකියාව තියනවා වෙනත් වෙබ් අඩවියකට සම්බන්දතා පවතිනවාද කියලා මේ විදායෙන්ම බලාගන්න. 

ping www.yahoo.com

පහල රූපයේ මේ විදානයන් දෙක ක්‍රියාත්මක කරන ආකාරය දක්වලා තියනවා 


ඉතින් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන ජාලයකදී Reply From ලෙසින් සාර්ථක පිලිතුරක් ලැබෙන්න ඕනේ. මේ සැකසුම් නිසි ආකාරයෙන් පවතිනවාද යන්න සොයා බැලීමෙන් පසුව තවමත් දෝෂ සහගත නම් පරිගණකයේ පවතින ජාලකරණ දෘඩාංග ගැන අවදානය යොමු කරන්න. ඒ කියන්නේ නෙට්වර්ක් කාඩ් එක ගැන. දෘඩාංග වල දෝෂ සමනය කරන ආකාරය වෙනත් පෝස්ටුවකින් ලියන්නම්. සුබ දවසක්....!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive