අන්තර්ජාලය තුල වෙබ් අඩවි වලට පිවිසීමේදී එසේ පිවිසිය නොහැකි බව දක්වමින් එන දෝෂ පණිවිඩ වලට ඔබත් එක වතාවක් හෝ මුහුණ දී ඇති. මොනවද මේ ආකාරයෙන් එන දෝෂ පණිවිඩ හා ඒවාට බලපාන හේතු මොනවාද යන්න සොයා බලමු.
- 100 Continue
- මේ දේෂයට හේතුව වන්නේ අදාල වෙබ් සර්වරය මගින් ඉල්ලුම් කරන්නාගේ request headers නිසි ආකාරයෙන් හදුනා නොගැනීමයි. එසේ නොමැති නම් අදාල ඉල්ලුම වෙබ් සර්වරයට දරා ගැනීමට නොහැකි ආකාරයෙන් දිගින් දිගටම ඉල්ලීම් කිරීමයි.
- 101 Switching Protocols
- මේ දේෂයට හේතුව වන්නේ වෙබ් සර්වරය ඉල්ලුම් කරන ප්‍රොටෝකෝලය මාරු කරන ලෙස වෙබ් සර්වරයේ සැකසුම් සකසා තිබීමයි.
- 102 Processing
- වෙබ් අඩවියේ ලිපිනය මගින් ඉල්ලුම් කරන request සහ sub-requests ප්‍රමාණය වෙබ් සර්වරයට දරා ගැනීමට නොහැකි අවස්තා වලදී මේ දෝෂ පණිවිඩය දක්වයි. නමුත් මෙහිදී වෙබ් සර්වරය නිරන්තරයෙන් ඉල්ලුම ඉටු කිරීමට උත්සාහා කරයි. උත්සහය සාර්ථක නොවූ තැන මේ දේෂ පණිවිඩය දක්වයි
- 202 Accepted
- වෙබ් අඩවි ඉල්ලුම වෙබ් සර්වරය මගින් පිලිගත්තද වෙබ් අඩවිය ඉල්ලුම් කරුට ලබා නොදෙන අවස්තා වලදී මේ දෝෂය දක්වයි. බොහොමයක් ඉන්ට්‍රානෙට් වලදී වෙබ් පිටුව වෙත ලැබෙන ඉල්ලුම් ප්‍රමාණය වැඩි අවස්තා වලදී මේ ආකාරයෙන් දෝෂ පණිවිඩ දක්වයි.
- 203 Non-Authoritative Information
- වෙබ් සර්වරය මගින් සාර්ථකව ඉල්ලීම පිලිගන්නා නමුත් ලබාදීමට නිවැරදි දත්ත නොමැති අවස්තා වලදී මේ දෝෂ පණිවිඩය දක්වයි.
- 301 Moved Permanently
- ඉල්ලුම් කරන වෙබ් අඩවි ලිපිනය සම්පූර්ණයෙන්ම වෙනත් ලිපිනයකට මාරු කර ඇති අවස්තා වලදී මේ දෝෂ පණිවිඩය දක්වයි.
- 305 Use Proxy
- ප්‍රොක්සි ආකාරයේ වෙබ් සැමසුම් බාවිතා කරමින් අදාල වෙබ් ලිපිනයන් ඉල්ලුම් කරන අවස්තා වලදී ඒ සැමසුම් වලට අනුගත වෙමින් වෙබ් අඩවි ලබාදීම හෝ නොදීම නිසා මේ දෝෂය දක්වයි.
- 307 Temporary Redirect
- තාවකාලිකව ඉල්ලුම් කරන වෙබ් ලිපිනය වෙනත් ලිපිනයකට මාරු කර ඇති අවස්තාවකදී මේ දෝෂ පණිවිඩය දක්වයි.
- 308 Permanent Redirect
- සම්පූර්ණයෙන්ම ඉල්ලුම් කරන වෙබ් ලිපිනය වෙනත් ලිපිනයකට මාරු කර ඇති අවස්තාවකදී මේ දෝෂ පණිවිඩය දක්වයි.
- 400 Bad Request
- ඉල්ලුම් කරන වෙබ් ලිපිනය නිවැරදි ආකාරයෙන් නොමැති අවස්තාවලදී මේ පණිවිඩය දක්වයි.
- 401 Unauthorized
- ඉල්ලුම් කරන වෙබ් ලිපිනයට පිවිසීම වෙනුවෙන් අවසර නොමැති අවස්තා වලදී මේ දෝෂය දක්වයි. ඉන්ට්‍රානෙට් වලදී පරිශීලක නාම හා මුරපද නිසි ආකාරයෙන් ලබා නොදී කරන ඉල්ලීම් වලදී මෙය දක්වයි
- 403 Forbidden
- ඉල්ලුම් කරන වෙබ් ලිපිනයට පිවිසීම වෙනුවෙන් අවසර නොමැති අවස්තා වලදී මේ දෝෂය දක්වයි.
- 404 Not Found
- ඉල්ලුම් කරන වෙබ් ලිපිනයට අදාල සර්වරය සොයා ගැනීමට නොහැකි අවස්තා වලදී මේ දෝෂය දක්වයි.
- 407 Proxy Authentication Required
- යම් වෙබ් අඩවියකට පිවිසීමේදී ප්‍රොක්සි ආකාරයේ වෙබ් සැකසුම් වල බලතල ඕනේ කරන අවස්තාවලදී ඒ ආකාරයෙන් බලතල නොමැති නම් මේ දෝෂ පණිවිඩය දක්වයි.
- 408 Request Timeout
- වෙබ් සර්වර වල පවතින සැකසුම් වලට අනුව ඉල්ලුම් කරන වෙබ් අඩවිය වෙත ලගාවීම හා ඒ වෙබ් අඩවියෙන් ප්‍රතිචාර ලැබීමේ කාලය ඉක්මවීම හේතුවෙන් මේ දෝෂය දක්වයි.
- 429 Too Many Requests
- වෙබ් සර්වරයට දරාගැනීමට නොහැකි ප්‍රමාණයේ ඉල්ලුම් පවතින අවස්තා වලදී මේ පණිවිඩය දක්වයි.
- 500 Internal Server Error
- ඉන්ට්‍රානෙට් වලදී සර්වර්ස් වල පවතින දෝෂ හේතුවෙන් මෙය දක්වයි.
- 505 HTTP Version Not Supported
- අන්තර්ජාලයට පිවිසීමට බාවිතා කරන මෘදුකාංගය ඉල්ලුම් කරන වෙබ් අඩවියේ HTTP සංස්කරණයට සහය නොදක්වන අවස්තා වලදී මේ දෝෂය දක්වයි.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
2 comments:
ඇත්තටම හරි වටින post එකක්.thanks අයියා.
ඇත්තටම වටිනවා සහෝ.. ජය වේවා!!!
Post a Comment