සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 2 November 2012

Private Browsing


අන්තර්ජාල බාවිතයේදී පුද්ගලිකත්වය ආරක්ශා කරගැනීම ඉතාමත් වැදගත් කරුණක්. බොහොමයක් දෙනා නොසිත මේ පැත්ත නිසා වාසි ලාබාගන්න අය බොහොමයක් ඉන්නවා. ප්‍රදාන වශයෙන් හැකින් කරන අය. එයාලගේ අවධානය මූලිකව යොමු වන ස්තානයක් තමයි අන්තර්ජාලයට පිවිසීමට බාවිතා කරන මෘදුකාංගය. අපි අන්තර්ජාලය තුල කරන කියන සියලු දේම බිදක් නෑරම මේ මෘදුකාංගයන් තුල තැම්පත් වෙනවා. මං කලින් පෝස්ට් එකක පෙන්නුවා මේ මෘදුකාංගයන් මත තැම්පත් වන ඔයාලගේ මුරපද ඉතාමත් සරලව හොයාගන්න ආකාරය. ඒක කියෙවුවේ නැති අය මෙතනින් ඒක බලන්න.

ඉතින් මේ සියලුම මෘදුකාංග තුල පවතින නමුත් අපි බාවිත නොකරන ඉතාමත් ආරක්ශිත ක්‍රමවේදයක් තමයි private browsing කියන්නේ. තමන්ගේ කම රැකගෙන අන්තර්ජාලය තුලදී අපිට කරගන්න ඕනේ දේත් කරගෙන ඇග බේරාගන්න කොහොමද මේ private browsing බාවිත කරන්නේ කියලා බලමු. 

මේ පහසුකමේදී සිදු වනේ අන්තර්ජාලය තුලදී අපි බාවිත කරන කිසිදු තොරතුරක් අපගේ පරිගණක තුල නොරැදීමයි. ඒවා අතර අපේ browsing history, temporary Internet files, form data, cookies, පරිශීලක නාම හා මුරපද කියන ඒව තියනවා. ඉතින් දැනට ජනප්‍රිය අන්තර්ජාල මෘදුකාංග කීපයක් හරහා මේ ආකාරයෙන් private browsing කරන ආකාරය බලමු.

Internet Explorer 8

මුලින්ම ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ තියන IE shortcut එක මත රයිට් ක්ලික් කරන්න. ඊලගට Properties ගන්න. එවිට ඔයාලට පේනවා shortcut කියන තැන Target ලෙසින් කිසියම් පත් එකක්. එහි දැනට තියන පාත් එක අවසානයට -private කියන් කොටස ඇතුලත් කර OK කරන්න. 


Firefox 3.6

පලමු ආකාරය : Firefox විවෘත කරන්න. Tools > Options  වල ඇති History කියන drop-down box එක තෝරා එහි ඇති Use custom settings for history කියන එක තෝරන්න. එතනදී දකින්න ලැබෙන toggle Automatically start Firefox in a private browsing කියන එක ක්ලික් කරලා OK කරන්න.

දෙවන ආකාරය : Firefox විවෘත කරන්න. එහි bout:config ලෙසින් සටහන් කර එන්ටර් කරන්න. එවිට address bar එකේ  filterbrowser.privatebrowsing.autostart කියන් කොටස තෝරන්න. ඉහල රූපය බලන්න. ඒ මත double click කරන්න. ඉන්පසු එන් සංවාද කොටුවේ true ලෙසින් සටහන් කර tab එක ක්ලෝස් කරන්න.

තුන්වන ආකාරය : Firefox shortcut එක මත රයිට් ක්ලික් කරන්න. Properties වලදී පාත් එක අවසානයට -private ලෙසින් සටහන් කරන්න. OK කරන්න.


Chrome 5


Chrome shortcut එක මත රයිට් ක්ලික් කරන්න. Properties වලදී පාත් එක අවසානයට -incognito ලෙසින් සටහන් කරන්න. OK කරන්න.

Safari 5




අවාසනාවකට Safari වල නම් මේ පහසුකම නෑ. අලුතින් එන සංස්කරනයක තියෙන්න පුලුවන්. නමුත් විවිද script solutions අන්තර්ජාලය තුලින් හොයාගන්න පුලුවන්.


Opera 10.5

Opera shortcut එක මත රයිට් ක්ලික් කරන්න. Properties වලදී පාත් එක අවසානයට -newprivatetab ලෙසින් සටහන් කරන්න. OK කරන්න.

මේ බ්‍රවුසර් වල් බාවිතා වන කෙටි මං කීපයක්,

Chrome Shotcut Key Ctrl+Shift+N
Firefox Shotcut Key Ctrl+Shift+P
Internet Explorer Shotcut Key Ctrl+Shift+P


ඔන්න ඉතින් මේ බ්‍රවුසර්  බාවිතා කරන ආයට මෙ සැකසුම් හදා ගත්තට පස්සෙ හිතේ නිදහසින් අන්තර්ජාලයේ සැරිසරන්න පුලුවන්. මින් පස්සේ කිසිම දත්තයම් මේ බ්‍රවුසර් වල රැදෙන්නේ නෑ. කරලම බලන්න. සුබ දවසක්...!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

3 comments:

Technical Specialist said...
This comment has been removed by the author.
Technical Specialist said...

Nice Post.. Keep It Up Machan..! :)
Chrome Shotcut Key Ctrl+Shift+N
Firefox Shotcut Key Ctrl+Shift+P
Internet Explorer Shotcut Key Ctrl+Shift+P... :)

Anonymous said...

බොහොම ස්තුතී.. මං මේ ටික පෝස්ට් එකට එකතු කරන්නම්,,

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive