සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 7 November 2012

What is "con" Folder?

පරිගණකයේ පෝල්ඩරයක් හදාගන්න එක ඒ තරම් දෙයක් නෙමෙයි. නමුත් con නමින් පෝල්ඩරයක් හදාගන්න නම් බෑ. මං පහුගිය දවසක දැක්කා පෝස්ට් එකක් මයික්‍රොසොෆ්ට්ට බැරි උන con පෝල්ඩරය ලංකාවේ කොල්ලෙක් හදයි කියලා.. ඉතින් බොහොමයක් දෙනා වැරදි වැටහීමකින් ඉන්න බව තේරුන නිසයි මේක ලියන්න හිතුවේ.

මෙහෙයුම් පද්දතියක් නිර්මාණය කරනවා කියන එක ලේසි දෙයක් නම් නෙමෙයි. ඉතින් අපහසුවෙන් පරීක්ශණ කරලා නිර්මාණයි කරන මේ මෙහෙයුම් පද්දතිය 100% ක්ම නැතත් 99% නිවැරදියි. ඔයාලා දන්නවා මෙහෙයුම් පද්දතියට අදාල පද්දති ගොනු, පෝල්ඩරයන් ලක්ෂ ගණනක් මේ තුල අඩංගු වෙනවා. එහෙවු එකේ සුද්දට මේ con පෝල්ඩරය විතරක් හදන්න බැරි වෙයිද? අමතක වෙයිද? නෑ. මයික්‍රොසොෆ්ට් සමාගමට වැරදීමක් වෙලා නෑ. පරිගණකයේ con නමින් පෝල්ඩරයක් හදන්න බැරි හේතුවක් තියන නිසා. මොකද්ද මේ හේතුව?


Reserved name warning

con කියන්නේ ඩොස් වල බාවිතා කරන විශේෂ device එකක නමක්. reserved keywords  කියලත් කියනවා. con කියන්නේ Console කියන එක නිසයි අපිට con කියන අකුරු ටික පෝල්ඩරයක නමක් ලෙස බාවිත කරන්න නොදෙන්නේ. con විතරක් නෙමෙයි. තව නම් ගොඩක් තියනවා මේ ආකාරයෙන් බාවිතා කරන්න නොදෙන. 

  • CON
  • PRN
  • AUX
  • NUL
  • COM1
  • COM2
  • COM3
  • COM4
  • COM5
  • COM6
  • COM7
  • COM8
  • COM9
  • LPT1
  • LPT2
  • LPT3
  • LPT4
  • LPT5
  • LPT6
  • LPT7
  • LPT8
  • LPT9

මේ සියල්ලම පරිගණකයේ පෝල්ඩර වල නම් ලෙස බාවිතා කරන්න බැරි වචන. ඉතින් මේ හැම වචනෙකින්ම කුමක් හෝ විදානයක් ක්‍රියාත්මක වෙනවා. 

ඒ වගේම වැරදි දේකුත් සමහරු කියගෙන යනවා. ඒ තමයි con පෝල්ඩරයක් හදාගන්න ආකාරය. මයික්‍රොසොෆ්ට්ට බැරි උනා අපි හැදුවා කියන අය කියන්න මෙන්න මේ ක්‍රමය. ඒකට ඔවුන් බාවිතා කරන්නේ ඩොස් මෙහෙයුම් පද්දතියමයි.මුලින්ම Start -> Run වලදි cmd ලෙසින් ටයිප් කරලා ඩොස් වලට යන්න. ගිහින් පහල විදානය ටයිප් කරන්න. 

C:\> md \\.\c:\con


ඊලගට මම dir විදානය බාවිත කරලා බලද්දි c: වල con නමින් පොල්ඩරයක් හැදිලා තියනවා. ඕනේ නම් my computer ගිහින් c: ඇතුලට ගිහිනුත් මේ පෝල්ඩරය බලාගන්න පුලුවන්. නමුත් මේ අපි හැදුවේ පෝල්ඩරයක්මද? 

ඩොස් ගැන වගේම නෙට්වර් ගැනත් පොඩි අදහසක් තියනවා නම් ඕනේම් කෙනෙක් දන්නවා මේ හැදුවේ ශෙයාර් පෝල්ඩරයක් කියලා. සාමානයෙන් පෝල්ඩරයක් උනොත් ඒකට NTFS ආරක්ශිත උපක්‍රම බාවිත කරන්න පුලුවන් වෙන්න ඕනේ. නමුත් මේ හදපු පෝල්ඩරයට එහෙම NTFS බාවිතා කිරීමේ හැකියාවක් නෑ. \\ බාවිතා කරන්නේ මොනවටද කියලා ඔයාලා දන්නවනේ. අපි මේකට කියනවා Universal Naming Convention එහෙම නැත්නම් UNC පාත් එකක් කියලා. සාමානයෙන් UNC පාත් එකක් \\RemoteHost\sharedfolder\resource ලෙසින් දක්වන්න පුලුවන්. අපි බාවිතා කල විදානය මේ ඇසුරින් පැහැදිලි කරගන්න උත්සාහා කරමු

\\.\c:\con

. = RemoteHost

c: = sharedfolder

con= resource

\\RemoteHost\sharedfolder\resource

ඉතින් ඔයාලට පැහැදිලි නේද මෙ කතාව? "." එකෙන් දක්වන්නේ local server එක. සාමානයෙන් ඩොස් වලින් පෝල්ඩරයක් හදන්නේ මේ විදානය බාවිත කරලා 

C:\> md c:\abc

නමුත් අපි con පෝල්ඩරය හදද්දි නම් බාවිත කලේ වෙනත් විදානයක්. ඉතින් පැහැදිලි නේද වෙනස? 

ඉතින් ඊලගට බලන්න මේ con පෝල්ඩරය මකන්න පුලුවන්ද කියලා? බෑ.. ඒක මකන්න බෑ. එතනදී අපිට නැවතත් වෙනත් විදානයක් බාවිත කරන්න වෙනවා 

C:\> rd \\.\c:\con

දැන් පුලුවන් con පෝල්ඩරය මකන්න. ඉතින් මෙ ටික පැහැදිලි කලේ ඔයාලගේ දැනුම වර්ධනය කරන්න මිසක් කාගේවත් දැනුමට අභියෝග කරන්න වත්, කාගේවත් පෝස්ට් එකකට වැරදි කියන්නවත් නෙමෙයි. ඉගෙන ගද්දි හරි දේ ඉගෙන ගත්තොත් තමයි බය නැතුව ෆීල්ඩ් එකෙ ඉන්න පුලුවන්. ඒ නිසා කොහේ කොහොම ලියලා තිබුනත් ඒවා ක්‍රියාවට නංවලා හරියි කියලා අවබෝධ උනාට පස්සේ ඔලුවට දාගන්න. සංවාදයට විවෘතයි....! සුබ දවසක්...!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

7 comments:

Anonymous said...

Good article. Good effort to explain this. Idea is clear.

Technical Specialist said...

ela machan ela.. :)
තව විදියකට CON හදන්න පුලුවන්.. ;)
Folder 1ka rename කරන්න..
ALT Press type 0160, then type Con...!

Anonymous said...

නීයමයි අයියා.. අපි හිතන් උන්න විදිය වැරදි...

Sampath said...

ගොඩක් ස්තුති එරන්ද මේක කියලා දුන්නට. ඔයා කියන එක ඇත්ත කවුරු මොනව කිවුවත් තමන්ම කරලා හරි නම් තමයි ඔලුවට ගන්න් ඕනේ.. නියමෛ.. තව් ලියන්න

Madhawa Habarakada said...

වටිනා පෝස්ට් එකක්. කට්ටිය වැරදියි කියල හිතන් ඉන්න දෙයක් හරි ගැස්සුවට.
මමත් එක පාරක් කට්ටියට කියල තියෙනව reserved keywords ගැන, මේල් එකකින් මේක ආපු වෙලාවක. :)

PiRe - පිරේ said...

Thanks eranda ayya. apita thawath widiyakata "con" folder ekak hadanna puluwan. yohan bashitha post karala thiyena comment eke widihata "Alt+0160" wagema "Alt+255" type karalath itapasse (nathnam ita kalin unath) con type karala normal folder ekak rename karaganna puluwan. ehema hadana "con" folder delete karannath puluwan. mokada kiyanawanam ehema rename kalama folder eka con kiyala penunata aththatama eka " con" nathnam "con ". ekiyanne ahata nopenana tharam punchiyata space ekak ekka thamai con thiyenne. ehemath onama keyword ekakin folder rename karaganna puluwan. neda eranda ayya.

PiRe - පිරේ said...
This comment has been removed by the author.

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive