සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 2 January 2013

A+ Folder Locker

පරිගණක බාවිතයේදී පුද්ගලික දත්ත සුරක්ශිත කිරීම කියන්නෙ ඉතාමත් අපහසු කරුණක්. කීපදෙනක් බාවිතා කරන පරිගණකයක නම් මේ දේ ඉතාමත් අපහසු දෙයක්. ඉතින් පුද්ගලික දත්ත සුරක්ශිත කිරීම වෙනුවෙන් පෝල්ඩර් ලොක් එකක් බාවිතා කිරීම බොහෝ දෙනා බාවිතා කරන උපක්‍රමයක් උනත් ඒවයේ යම් යම් අපහසුතා පවතිනවා. එකක් තමයි මේ වෙනුවෙන් බාවිතා කරන මෘදුකාංග පරික්ශා කිරීමේ පිටපත් හෝ තාවකාලික පිටපත් වීම. කාලය අවසන් උන් පසුව මෘදුකාංගය අක්‍රීය වීම නිසා ඒ තුල රැදවූ දත්ත පවා අහිමි උන අවස්තාවන් නැතුවාම නොවේ.


ඉතින් වින්ඩෝස් මගින් දත්ත සැගවීම් කරන්න පුලුවන් ක්‍රම බොහොමයක් පවතිනවා. නමුත් නොමිලේ දෙන මෘදුකාංගයක් වන A+ Folder Locker මෘදුකාංගය කලින් පැවසූ දුර්වලතාවයන් මගහැර සාර්තකව බාවිතා කරන්න හැකියාව පවතිනවා. පහල ලින්කුවෙන් මෙ මෘදුකාංගය බාගත කරගන්න පුලුවන්.


සරල පියවර කීපයකින් මේ මෘදුකාංගය ස්තාපිත කරගන්න පුලුවන්. ඉන් පසුව පහල රූපයේ ආකාරයෙන් මෘදුකාංගය විවෘත කරගන්න පුලුවන්.



අලුත් ලොක් එකක් දන්න උත්සාහා කරමු.මෘදුකාංගයේ වෙති Create New Locker කියන ස්තානයට යන්න. එතනදී Locker Name එකක් ලබාදෙන්න. ඊලගට Category යටතේ ඕනේ කරන Category එක තෝරන්න. ඊලගට Location එක වෙනුවෙන් මේ ලොක් කරන ගොනුව් තැම්පත් කරන ස්තානයත් ඒ වෙනුවෙන් වෙන් කරන ඉඩ Size යටතේත් තෝරන්න. ඊලගට Next කරන්න. පහල රූපයේ ආකාරයෙන්.



ඒ වගේම මේ මෘදුකාංගයි හරහා දත්ත encrypt කරන්නත් පුලුවන්. එතනදී encryption algorithms ගනනාවක් දකින්න ලැබේවි. ඒ අතර 3DES, Blowfish, Cast128, Ice, RC2. RC4, Twofish, Thinice, Tea යනදී වශයෙන් තියනවා. ඊලගට මුරපදයක් තෝරන්න.



මෘදුකාංගයි හරහා ලබාදෙන විශේෂ පහසුකමක් තමයි Anti-Hacking Protection කියන්නේ. එය බාවිත කිරීමෙන් ඇතුලත ඇති ගොනු වල ආරක්ෂාව වඩාත් තහවුරු වෙනවා. ඊලගට Finish කිරීමෙන් locker drive එක නිර්මාණය වෙනවා.



ඊලගට පහල රූපයේ ආකාරයෙන locker manager යටතේ නිර්මාණය කල ලොක් පෝඩරය දකින්න ලැබේවි.






TFile Shredder මගින් ඕනේ කරන ගොනු සෑදූ ලොකර් එකට එක් කරගන්න් පුලුවන්.



ඉතින් මේ මෘදුකාංගයේ නොමිලෙ සංස්කරණය වගේම සල්ලි දීල ගන්න තියන Standard සංස්කරනයකුත් පවතිනවා. නොමිලේ සංස්කරණයෙන් අපට් ඕනේ කරන දේ කරගන්න පුලුවන් කිසිම කරදරකින් තොරව. සුබ දවසක්....! 


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

PiRe - පිරේ said...

මේකනම් ගොඩක් වටිනවා. ස්තූතියි අයියේ.

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive