සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 1 January 2013

Windows 8 vs OS X Mountain Lion


එක් එක් කාල වලදී එක් එක් නිර්මාණාත්මක අදහස් සහ අලුත් පහසුකම් සමගින් විවිද මෙහෙයුම් පද්දති ලෝකයට දායද උනා. මේ මෙහෙයුම් පද්දති කොටස් දෙකකට බෙදීමක් දකින්න ලැබුනා. සරලවම කියනවා නම් මිලදී ගත යුතු හා නොමිලේ බාවිත කල හැකි කියන කාණ්ඩ දෙක.  නොමිලේ ගන්න තියන මෙහෙයුම් පද්දති වලට ඕපන්සෝස් මෙහෙයුම් පද්දති කියලත් කියනවා. ඉතින් මේ මෙහෙයුම් පද්දති කාණ්ඩ දෙක අතර නිරන්තර තරගයක් පවතිනවා. තරගයක් කිවුවට මේක යුද්දයක්. ඉතින් මේ මෙහෙයුම් පද්දති වර්ග දෙකින් මේ තරගයට ප්‍රශිද්දියේම ඉදිරිපත් වෙල ඉන්නේ මයුක්‍රොසොෆ්ට් සමාගම හා ඕපන්සෝස් මෙහෙයුම් පද්දති  නිර්මානය කරන සමාගම් කීපයක්.

ඉතින් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතිය ඉදිරිපත් කර් වසර 3 කට පසුව මයුක්‍රොසොෆ්ට් සමාගම විසින් සිය නවතම මෙහෙයුම් පද්දතිය වින්ඩෝස් 8 ඉදිරිපත් කල. ඉතින් වින්ඩෝස් 8 බාවිතා කරන අයට අලුත් අත්දැකීමක් උන බොහොමයක් අලුත් යෙදවුම් මේ සමග එලි බැස්සා. මේ මෙහෙයුම් පද්දතිය තිබෙන පරිගණකයක් හරියට ඩෙස්ක්ටොප් එකක් වගේම ටැබ්ලට් එකක් ලෙසිනුත් දැකින්න පුලුවන්. ඒ කියන්නේ hybrid කියන ආකාරයෙන්. ඉතින් මේ සමගම ඉදිරිපත් උන Mac මෙහෙයුම් පද්දතියේ OS X Mountain Lion සංස්කරණයත් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියත් අතර අද ඇති වෙලා තියන තරගය නිස පරිගණක බාවිත කරන්නම් කුමන මෙහෙයුම් පද්දතිය තෝරා ගන්නවාද කියන් එක අතර දෝලනය වෙමින් ඉන්නවා. ඉතින් අපි බලමු මේ Windows 8 සහ  OS X Mountain Lion කියන මෙහෙයුම් පද්දති දෙක අතර පවතින මූලික සමනකම් හා වෙනස්කම මොනවාද කියන එක.


පහල රූපය උපකාර කරගම්මු. මේ තියෙන්නෙ වින්ඩෝස් 8 හා ලයන් මෙහෙයුම් පද්දති 2 ප්‍රදාන මුහුණත. මේ මුහුණත් දෙකම විචිත්‍රවත් අතුරු මුහුණත් වගෙ පෙනුනට මෙහු ප්‍රදාන වෙනස්කම් කීපයක්ම තියනවා. මූලික වෙනස තමයි වින්ඩෝස් 8 වලදී මේ අතුරු මුහුනතේ සිට ඩෙක්ස්ටොප් එකට යාමට තවත් පියවරක් ක්ලික් කරන්න ඕනේ වීම හා ලයන් වලදී කෙලින්ම ඩෙක්ස්ටොප් එක ලෝඩ් වීමයි. Mountain Lion මෙහෙයුම් පද්දතිය මූලික වශයෙන් සමානකම් දක්වන්නේ iOS වලටයි. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය  Windows mobile වලට සමානකම් දක්වනවා. 



ඇත්තෙන්ම වින්ඩෝස් 8 අතුරුමුහුණත අලුත්ම නිර්මානයක්. ටයිල් ආකාරයෙන් නිර්මාණය උන මෙය පහසුයි වගේම වේගවත්ව ක්‍රියාකරනවා. නමුත් මැක් මෙහෙයුම් පද්දති වල ඩෙක්ස්ටොප් එකේ වෙනසක් සිදු වී නෑ. ඒ කියන්නේ සියලුම මැක් මෙහෙයුම් පද්දති වලදී අපිට දකින්න් ලැබෙන්නේ ඉහල රූපයේ දකින්න ලැබෙන ආකාරයේ ඩෙක්ස්ටොප් එකක්. නමුත් වින්ඩෝස් XP 7 වැනි  මෙහෙයුම් පද්දති වලදී වගේම 8 වලදීත් ඒකාකාරීව ඩෙක්ස්ටොපයේ හැඩය වෙනසට බදුන් වෙමින් පවතිනවා. 

එසේම වින්ඩෝස් 8 වලදී Start Screen එකක් දකින්න ලැබුනත් Mountain Lion වලදී එය LaunchPad එකක් ලෙසිනුයි හදුන්වා දෙන්නේ. පහල රූපය බලන්න.



වින්ඩෝස් 8 වලදී අලුත් ඇප්ප්ලිකේශන් එකක් විවෘත කර ගැනීමට ඕනේ නම් ටයිල් ආකාරයෙන් පවතින කොටස බාවිතා කරන්න වෙනවා. නමුත් Mountain Lion වලදී ඩෙක්ස්ටොප් එක මතම ඇප්ලිකේශන් වල කෙටි මං දක්වලා තියනවා.ඉතින් ඇත්තටම වින්ඩෝස් 8 වලදී ලැබෙන ඩෙක්ස්ටොප් එක මතටත් ඇප්ලිකේශන් වල් කෙටි මං ලබාගැනීමේ හැකියාව පවතිනවා. 

ඉතින් මේ ආකාරයෙන් මෙහෙයුම් පද්දති දෙකේම අතුරුමුහුණතට පිවිසි විට වින්ඩෝස් 8 වලදී නම් Menu Bar ද  Mountain Lion වලදී නම් Charms Bar එකද දැකගන්න පුලුවන්. පහල රූපය අවදානයෙන් බලන්න. ඉහලින් ඇත්තේ Charms Bar නම් වන කොටස. පහලින් ඇත්තේ වින්ඩෝස් වල Menu Bar එක. 



වින්ඩෝස් 8 වලදී  volume, brightness, internet connections, power options, notifications, devices වැනි දේවල් අඩංගු කල පොප් අප් මෙනුවක් නිර්මාණයි කරලා තියනවා. 

අනාගත පරිගණක සියල්ලම වාගේ ක්ලවුඩ් කොම්පියුටිං තාක්ශණයෙන් බලගැන්වෙන බවට දැනටමත් අනාවැකි පලවෙලා තියන බව ඔයාලා දන්නවා. ඉතින් වින්ඩෝස් 8 වලදී SkyDrive සහ Windows Live ID කියන පහසුකමුත් Mountain Lion වලදී ICloud කියන පහසුමකත් බාවිතා වෙනවා. 




cloud කියන දේ විශේෂයෙන් බාවිත කරන්නේ දත්ත උපස්ත කිරීමට එහෙම නැත්නම් බැකප් කිරීමට. ඒ නිසා වින්ඩෝස් වගේම ලයන් මෙහෙයුම් පද්දති දේකේම සැකසුම් දත්ත සියල්ලමත් මේ  cloud  තුලට බැකප් කරලා තබලා පසුව බාවිතා කිරීමේ හැකියාව පවතිනවා. පොදුවේ මෙසේ කිරීම syncing කියලයි හදුන්වන්නේ. 

ලයන් මෙහෙයුම් පද්දතියේ වගේම වින්ඩෝස් මෙහෙයුම් පද්දතියටත් අදාල අලුත් ඇප්ලිකේශන් බාගත කරගැනීම වෙනුවෙන් මෙහෙයුම් පද්දති මගින්ම සපයන සේවාවන් දෙකක් තියනවා. Mac App Store සහ Windows Store කියන්නේ ඒ සේවාවන් දෙක. පහල රූපයේ බලන්න.



ඇප්ලිකේශන් දිනපතාම කවුරුන් හෝ විසින් මේ මෙහෙයුම් පද්දති දෙකටම අදාලව නිර්මාණය කරමින් පවතිනවා. ඉතින් මේ නිර්මාණය කරන ඇප්ලිකේශන් එකම තැනකදී බාගත කරගැනීමට හැකියාව ලබාදීමයි Mac App Store සහ Windows Store වල අරමුණ. 

සොයාගන්න බැරි දෙයක් සොයාගන්න සෙවුමක් කිරීම කාටත් පොදු දෙයක්. ඉතින් මෙහෙයුම් පද්දති දෙකෙන්ම මේ වෙනුවෙන් යෙදවුම් 2 ක් බාවිතා කරනවා. එය Mountain Lion වලදී නම් Finder ලෙසත් වින්ඩෝස් 8 වලදී  File Explorer ලෙසත් හදුන්වලා තියනවා. 



කලින් windows explorer ලෙසින් අදුන්වා දුන් නමුත් වින්ඩෝස් 8 වලදී එයි File Explorer ලෙසින් නම් කර තිබෙනවා. ඉතින් වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය තුල සෙවුම් කිරීම වෙනුවෙන් තියන File Explorer  Mountain Lion වල Finder වලට වඩා ඉතාමත් සාර්තක යෙදුමක් කියලයි හැමෝම වගේ කියන්නේ. එතනදී සියලුම ගොනු සෙවීමකට ලක් කරනවා. ඒ අතර ඔබේ ඊමේල් පවා සෙවුමට ලක් කරනවා. උදාහරණයක් ලෙසින් අපි Head Office කියලා සෙවුමක් කලොත් පරිගණකයේ පමණක් නොව ඊමේල් ඉන්බොක්ස් එකේ පාවා සෙවුම් කර ප්‍රතිඵල ලබා දෙනවා.. 

ඇප්ලිකේශන් අතර මාරු වීම වෙනුවෙන් මෙහෙයුම් පද්දති දෙකෙන්ම පහසුමක් සලසා දෙනවා. වින්ඩෝස් වලදී Switch List සහ ලයන් වලදී  App Switching කියන්නේ මේ පහසුමක් දෙකයි. පහල රූපය බලන්න. වින්ඩෝස් වලදී මවුස් පොයින්ට් එක ඉහල කෙලවරට ගෙන ගිය විට පහලට හැලෙන මෙනුවක් ලෙසින් වින්ඩෝස් 8 වලදී  Switch List  එක දැකගන්න පුලුවන්. ලයන් වලදී එය ඩෙක්ස්ටොප් එක මතම පිහිටනවා. 



වින්ඩෝස් වලදී SmartScreen වගේම ලයන් වලදී Gatekeeper කියන්නෙත් අලුතින් එකතු උන පහසුකමක්. එක් එක් ඇප්ලිකේශන් බාගත කරගත් පසුව එය ස්තාපිත කර ගැනීම වෙනුවෙන් එක් එක් පහසුකම් සපයන සේවාවන් තමයි මේ මගින් සලසා දෙන්නේ. ඒ අතර තුරදී මැල්වෙයාර් වැනි නරක වැඩසටහන් තියනවාද කියන එකත් පරීක්ශා කරනවා.



ගේම් සෙල්ලම් කරන්න කවුරුත් කැමති. ඉතින් මේ මෙහෙයුම් පද්දති දෙකෙන්ම එ වෙනුවෙන් වැඩි   පහසුකම් සහිත යෙදවුම් 2ක් ඉදිරිපත් කරලා තියනවා. ඒ වින්ඩෝස් 8 වලදී Game Center ලෙසත් ලයන් වලදී  Xbox Games ලෙසත්. පහල රූපය බලන්න. දැනට ඉතාමත් ජනප්‍රිය ගේම් එකම තැනකින් බාගත කර ගැනීමට මේ යෙදවුම් බාවිතා කරන්න පුලුවන්.



වින්ඩෝස් ටාක්ස් මැනේජරය ඔයාලට මතක ඇති. පරිගණකයේ ක්‍රියාත්මක වන් සියලුම ක්‍රියාකාරකම් මේ මගින් බලාගන්න පුලුවන්. ඉතින් Activity Monitor කියන්නේ වින්ඩෝස් 8 වලදී ටාක්ස් මැනේජරයට අලුතින් එක් උන යෙදුමක්. ලයන් වලදී මෙය Process Manager ලෙසිනුයි දක්වන්නේ. එයිනුත් සිදු වනේ වින්ඩෝස් ටාක්ස් මැනේජරයෙන් සිදුවන දේම තමයි. පහල රූපය බලන්න.



වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය බාවිත කරන අයට අන්තර්ජාල පිවිසුම වෙනුවෙන් බාවිතා කරන්න පුලුවන් මෘදුකාංගය වන්නේ Internet Explorer මෘදුකාංගයයි. එහි 10 වැනි සංස්කරණය වින්ඩෝස් 8 සමග නොමිලේම ලබාදෙනවා. ලයන් වලදී Safari 6.0.2 මෘදුකාංගය නොමිලේම් ලබාදෙනවා. වඩා වේගවත් වන්නේ කුමද්ද කියන එක බාවිතා කරන අයට අත්දැකීම් ඇති.



ඉතින් ඉහලින් දක්වපු මේ වෙනස් කම් වලින් ලැබෙන එක් එක් අත්දැකීම් එකිනෙකට වෙනස්. ඒ වගේම වින්ඩෝස් බාවිත කල කෙනෙක්ට ලයන් බාවිතා කිරීම එකවරම අපහසු වෙන්න පුලුවන්. මොකද වෙනස්කම් ගනනාවක්ම දකින්න ලැබෙන නිසා. මේ පහසුමක් මේ ලියන තප්පරයේදීත් යාවත්කාල වෙමින් වැඩි දියුණු වෙමින් පවතින නිසා මෙ මෙහෙයුම් පද්දති දෙක අතර ඉදිරියේදීත් හොද තරගයක් දැකගන්න හැකියාව ලැබේයි.  සුභ දවසක්......!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive